Top News

ඩොලරයේ මිල තවත් ඉහළට. විකුණුම් මිල රු. 161 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා විය. මේ අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 157.8084 ක් හා විකුණුම් මිල රු. 160.0082 ක් ලෙසින් වාර්තා වී තිබේ.

(0)Comments | June 18, 2018 12:50 pm

රාජ්‍ය සේවයේ අනුමත සංඛ්‍යාවට වඩා වැඩි 7,500 කගේ, පඩි ගෙවීමේ වගකීම ආයතනවල ලොක්කන්ට පැවරෙයි

රාජ්‍ය ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම් භාරගත යුතුයැයි රජය තීරණය කර ඇත. එමෙන්ම, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සම්පූර්ණෙයන් රජය සතු සමාගම්වල අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල වැනි ව්‍යවස්ථාපිත ගෙවීම් නිශ්චිත කාලය තුළ ගෙවීමද අදාළ ආයතන ප්‍රධානීන්ගේ වගකීම යැයි අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ….

(0)Comments | June 18, 2018 12:13 pm

බෝට්ටු අපනයනය සියයට 50% කින් වැඩි වෙලා

බෝට්ටු නිෂ්පාදනය හා අපනයනය ඉදිරියටම පැමිණෙමින් තිබෙන බවත්, එසේම නාවික හා සමූද්‍ර සංචාරක ක්‍ෂේත්‍රයේ සංවර්ධනය කැපී පෙනෙන බවත්, අප මේ වන විට 2016 ට සාපේක්ෂව 2017 වසරේ දී බෝට්ටු නිෂ්පාදන අපනයනය සියයට  50% කින් වැඩි කර ගෙන, ඩොලර් මිලියන 97 ක (රුපියල් මිලියන 15,520) ආදායමක් උපයා තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා…

(0)Comments | June 18, 2018 10:19 am

හෙට රට යනවා නම් පැය 4 කට කලින් එන්න

හෙට (18) සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ආරම්භ කිරීමට නියමිත අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 4 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය සිය මගීන් වෙත දන්වා සිටී. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ කවුළු ආශ්‍රිතව මෙම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන බැවින්, මගීන් හට සිදුවිය හැකි…

(0)Comments | June 17, 2018 9:02 pm

2020 දී රබර් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 03ක ආදායමක්

අපගේ කර්මාන්තකරුවන් නවීන තාක්ෂණයෙන් සවිමත් කර අගය එකතු කළ රබර් නිෂ්පාදන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත්, ඒ සඳහා ඔවුන් ජාත්‍යන්තර ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදන ප්‍රදර්ශනය සඳහා යොමු කරන බවත්, ඔවුන්ට දක්වන රාජ්‍යමය අනුග්‍රහයක් වශයෙන් ගුවන් ටිකට්පත් සඳහා සියයට 50% ක වියදමක් අමාත්‍යාංශය දරණ බවත්, මේ මඟින් අපේක්ෂා කරන්නේ 2020 වන විට අපේ රබර් කර්මාන්ත…

(0)Comments | June 15, 2018 11:19 am

චීනයේ “කුන්මින්” නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත් එක්වෙයි

චයිනා , කුන්මින් ආනයන – අපනයන අපනයන වෙළද ප්‍රදර්ශනය, චීනයේ , යුනාන් පලාතේ , කුන්මින් නගරයේ දී ඊයේ ( 14) ආරම්භ විය. මෙවර එය පැවැත්වෙන්නේ විසිපස්වන වරටයි. ප්‍රදර්ශනය සදහා සහභාගී වී සිටින රටවල් සංඛ්‍යාව 86කි. චින- දකුණු ආසියා වෙළද ප්‍රදර්ශනය ද මීට සමගාමීව පැවැත්වේ. එය මෙවර පැවැත්වෙන්නේ පස්වන වරටයි. මීට අමතරව චීන – දකුණු ආසියා සහයෝගීතා සම්මේලනයේ ආරම්භය ද…

(0)Comments | June 15, 2018 10:34 am

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සඳහා ෆින්ලන්ත රජයේ සහය

ෆින්ලන්ත නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය පෙට්රි පෙල්ටෝනස් මහතා සහ මෙරට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතර විශේෂ හමුවක් පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමට අදාළ පියවර සහ සැලසුම් පිළිබඳව මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර නවීන අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ මෙරට සිසුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක බව උසස් කිරීමට අදාළ…

(0)Comments | June 15, 2018 10:28 am

පින්ලන්තයට සිහිනයක් වුවත් ශ්‍රී ලංකාවට සැබෑවක් වූ දෙයක් ගැන තානාපතිවරයා කියූ කතාව

පින්ලන්ත වැසියන්ට සිහිනෙන් පමණක් දැකිය හැකි ස්වභාවික සම්පත් රැසක් ශ්‍රී ලංකාව තුළ ඇති බවත් පසුගිය වසර 10 ක කාලපරිච්ඡේදය තුළ දී ඉතා සීඝ්‍ර දියුණුවක් අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බවත් ශ්‍රී ලංකාවේ පින්ලන්ත තානාපති Harri Kämäräinen පවසයි. පසුගිය දා කොළඹ දී පැවති උත්සව අවස්ථාවක දී අද දෙරණ වෙත අදහස් දක්වමින් තානාපතිවරයා මේ…

(0)Comments | June 14, 2018 4:14 pm

සෙරමික් ආනයනයේ දී සෙස් බදු වෙනුවට රේගු බද්දක්

ජාතික ආර්ථික සභාව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) උදෑසන රැස්විය. මෙහිදී දේශීය කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටළු 6 ක් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත. ආනයනික සෙරමික්, සනීපාරක්ෂක භාණ්ඩ සඳහා පනවා තිබූ සෙස් බද්ද ඉවත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙන අතර සෙස් බද්දට සමාන අගයකින් රේගු බද්දක් පැනවීමට අවධානය යොමුව තිබේ. සෞඛ්‍ය සේවාවන…

(0)Comments | June 14, 2018 1:57 pm

පුද්ගලික රෝහල්වල උපරිම චැනලින් ගාස්තුව රු. 2,000 කට සීමාවෙයි

පුද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් චැනල් කිරීමේ දී රෝගීන්ගෙන් අය කළ හැකි උපරිම චැනල් ගාස්තුව රුපියල් 2,000 කට මේ වන විට සීමා කර ඇති බවත් වෛද්‍යවරයෙකු විසින් රෝගියෙක් පරීක්ෂා කළ යුතු අවම කාලසීමාව මිනිත්තු 10 ක් බවට තමන් විසින් නිර්දේශ කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඊයේ (13) පැවති කැබිනට්…

(0)Comments | June 14, 2018 11:45 am