Top News

විදේශ ප්‍රේෂණ පහසු කිරීම සඳහා “SL-Remit”

විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන්ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව, නව ප්‍රේෂණ ක්‍රමවේද අධ්‍යනය කරමින් ශ්‍රී ලංකාවට අඩු පිරිවැයක් සහිතව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කරනු ලැබීය. මෙම ක්‍රියාකාරී කමිටුව ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල්…

(0)Comments | October 8, 2021 6:15 pm

මොණරාගල සූර්ය විදුලි බලාගාරයේ වැඩ අද සිට ඇරඹෙයි

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සිය මොණරාගල සූර්ය විදුලි බලාගාරයේ මෙහෙයුම් අද (08) දින සිට ආරම්භ කරන බව දැනුම් දී සිටී. විදුල්ලංකා පීඑල්සී සිය අනුබද්ධිත සමාගමක් වන Orik Corporation (Pvt) Ltd හරහා මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත. මෙය සමාගම විසින් දියත් කරන ලද පළමු පොළොවෙහි ස්ථාපිත කරන ලද (ground mounted) සූර්යබල ව්‍යාපෘතිය වේ….

(0)Comments | October 8, 2021 3:59 pm

කිරිපිටි මිල සියයට 36 කින් ඉහළට

පාලන මිල ඉවත් කිරීමත් සමඟ ආනයනික කිරිපිටි සඳහා අලෙවි කළ යුතු නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අනුව පවතින මිලට වඩා සියයට 36.8 කින් කිරිපිටි මිල ඉහළ නංවා තිබේ. එහිදී රු. 950 ක්ව පැවති  කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් සහ රු. 380 ක්ව පැවති ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් ලෙස මිල…

(0)Comments | October 8, 2021 1:10 pm

නාමල් ගේ ක්‍රිප්ටොකරන්සි යෝජනාවට මහ බැංකුවේ සහාය ලැබේවි ද?

ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බව පසුගිය දා (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී නිවේදනය කරන ලදී. ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන්…

(0)Comments | October 8, 2021 12:58 pm

ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් අත්සන පිළිගන්නා පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්වෙයි

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අනුකූල වන මෙරට තිබෙන එකම වාණිජමය මෙහෙයුම් සහතිකකරණ අධිකාරිය වන ලංකා ක්ලියර් ආයතනය විසින් මෙහෙයවන LankaSign භාවිතා කරන ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් ඩිජිටල් ආකාරයෙන් අත්සන් කළ ලේඛන පිළිගන්නා බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර තිබේ. මේ අනුව, ඩිජිටල් අත්සන් පිළිගැනීමේ පළමු පියවර ලෙස බැංකුව පසුගියදා මෙයට අදාළ වන අවබෝධතා ගිවිසුම ලංකා ක්ලියර් ආයතනය සමග අත්සන්…

(0)Comments | October 8, 2021 12:55 pm

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සාකච්ඡා

බංග්ලාදේශය සමඟ සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා දෙන වැදගත්කම විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් අවධාරණය කර තිබේ. බංග්ලාදේශ මහකොමසාරිස් තාරෙක් එම්. අරිෆුල් ඉස්ලාම් මහතා සමඟ ඔක්තෝබර් 07 දින විදේශ අමාත්‍යාංශයේ දී සිදු කළ සුහද හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා…

(0)Comments | October 8, 2021 12:50 pm

පැල්වත්ත කිරි නිෂ්පාදන ධාරිතාව ඉහළට

දේශීය ඉල්ලුම සැපිරීමට පැල්වත්ත කිරි සමාගම නිෂ්පාදන හැකියාව තවත් ශක්තිමත් කරයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මෙරට දේශීය කිරි කර්මාන්තය සවිබල ගන්වමින් දිරිමත් කිරීම සඳහා විශේෂ සැලසුමක් දියත් කර තිබේ. ඒ අනුව දේශීය කිරි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීමත් ගොවි ප්‍රජාවට සහය දැක්වීම මෙන්ම රටේ…

(0)Comments | October 8, 2021 10:14 am

විවිධ අභියෝගයන් මධ්‍යයේ ශ‍්‍රී ලංකා ආර්ථිකය 2021 වසරේ 3.3% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි

සේවා අංශය මුල් කරගත් ක්‍රමෝපායන් මඟින් ආර්ථිකය වඩාත් හොඳින් යථාතත්වයට පත්කර ගත හැක. 2021 වසරේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 3.3% කින් වර්ධනය වන බවට පුරෝකථනය කර තිබේ. එහෙත් කාලයක් තිස්සේ පැවති ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා සහ කොවිඩ්19 වසංගතයේ බලපෑම මධ්‍යකාලීනව වැදගත් අභියෝග රාශියක් මතු කරනු ඇත. ආර්ථිකය නැවත සාමාන්‍යකරණය වනවිට ක්‍රමිකව ශ්‍රම වෙළඳපළ ද යථාතත්වයට පත්වනු ඇත….

(0)Comments | October 7, 2021 6:24 pm

ශ්‍රී ලංකා මහ බැංකුව – ආසියානු සංවර්ධන බැංකු ආයතනය – ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සම-සත්කාරකත්වය දරයි

ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2021 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දින පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒකාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව දෙවන වසර සඳහාත්…

(0)Comments | October 7, 2021 6:01 pm

2021 සැප්තැම්බරයේ දී සංචාරකයින් 13,547 ක් ඇවිත්. වැඩිම පිරිස ඉන්දියාවෙන්

පසුගිය 2021 සැප්තැම්බර් මාසයේ දී විදෙස් සංචාරකයින් 13,547 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය 2021 වසරේ තනි මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් ගණන වේ. මේ අනුව වසරේ මුල් මාස 09 තුළ දී මෙරටට පැමිණ  ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 37,924 කි. මෙම සංචාරකයින්ගෙන් 63% ක් ඉන්දියාවෙන්…

(0)Comments | October 7, 2021 1:54 pm

Video Story

Stock Market

Exchange Rates