ප්රමාණවත් තොග පැවතීම නිසා බොරතෙල් ආනයනය නොකිරීම සහ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන පරිමාව අඩුවීම හේතුවෙන් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඉන්ධන ආනයන වියදම පහළ ගිය ශ්රී ලංකා මහ බැංකුව පවසයි. 2021 සැප්තැම්බර් මාසයේ විදේශීය අංශ ක්රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ. “කෙසේ වෙතත් ආනයන පරිමාවන් පහළ ගිය ද, 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී ආනයන…
මොස්කව්හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ රුසියානු ස්වර්ණාභරණ වෙළඳ සමාජය සමඟ එක්ව ශ්රී ලංකාවේ වටිනා පාෂාණ වර්ග රුසියාව තුළ ප්රවර්ධනය කිරීමේ අරමුණින් ශ්රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් සහ රුසියානු ස්වර්ණාභරණ සමාගම් අතර B2B අතථ්ය හමුවක් 2021 නොවැම්බර් මස 11 වන දින සංවිධානය කරන ලදි. අතථ්ය ආකාරයෙන් පැවැත්වුණු මෙම B2B ප්රවර්ධන වැඩසටහන සඳහා රුසියානු…
2021 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී. රටේ නිෂ්පාදන ක්රියාකාරකම් ඉහළ වේගයකින් යථාවත් වීම පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 7ක් තුළ ලබාගත් ඉහළම අගය 2021 ඔක්තෝබර් මාසයේදී වාර්තා කරන ලදී. සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 ඔක්තෝබර් මාසයේදී 57.9ක දර්ශක අගයක් දක්වා ඉහළ ගිය අතර, ඒ…
පෙර වසරට සාපේක්ෂව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්රේෂණ අඩු වී තිබේ. 2021 සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්රී ලංකා මහ බැංකුව මේ බව පවසයි. මෙම වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. “2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 703 ක් වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්රේෂණවලට සාපේක්ෂව 2021…
ශ්රී ලංකාවේ සිනමා කර්මාන්තය තුළ කැපී පෙනෙන චිත්රපට රාශියක් නිෂ්පාදනය වී ඇති අතර ජාත්යන්තර කීර්තියට පත් දක්ෂ සිනමාකරුවන් බොහෝ දෙනෙක් ශ්රී ලංකාව වෙතින් ලෝක සිනමාවට දායක කර තිබේ. එහෙත්, දේශීය සිනමා කර්මාන්තය, කර්මාන්තයක් ලෙස නීත්යානුකූලව ප්රකාශයට පත් කර නොමැති වීම තුළ එහි ප්රමාණය හා වර්ධනය කුඩා දේශීය වෙළඳපොළට සීමා වී තිබේ. එමෙන්ම, කොවිඩ් – 19…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඒකක 11,000 සීමාව අද දින ඉක්මවා යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,008.33 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 255.51 ක් හෙවත් 2.38% ක ඉහළ යාමක් වේ. මේ අතර S&P SL20 දර්ශකය අද දිනයේ…
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා අද (16) දින අයවැය විවාදයට එක්වෙමින්, පවතින මූල්ය අර්බුදයට පිළියමක් ලෙස ජාත්යන්තර මූල්ය අරමුදල වෙත යා යුතු බව කියා සිටියේය. “IMF එකට යන්න. මම නං කියන්නේ නැහැ යන්න එපා කියලා. එතන්ට ගියාම කොන්දේසි තියෙයි. රැකියා ඉවත් කරන එක කරන්නේ නැහැ. යම්කිසි විනයක් ඇති කරයි. මූල්ය විනයක්. එක්…
යෝජිත සුරැකුම්කරණ මූල්යන වැඩපිළිවෙල යටතේ විදේශගත ශ්රමිකයන්ගේ ප්රේෂණ බලහත්කාරයෙන් ශ්රී ලංකා රුපියල් බවට පරිවර්තනය කෙරෙනු ඇතැයි යන්න මුළුමනින්ම අසත්යයක් සුරැකුම්කරණ මූල්යන වැඩපිළිවෙල (Securitised Financing Arrangement-SFA) සම්බන්ධයෙන් මෑතකදී ප්රකාශයට පත් කරන ලද යෝජනා සඳහා වූ ඉල්ලීම (Request for Proposals-RFP) මගින් බලපත්රලාභී බැංකු වලට ලැබීමෙන් පසු විදේශගත ශ්රමිකයන්ගේ සියලුම ප්රේෂණ ශ්රී ලංකා රුපියලට පරිවර්තනය කිරීම අරමුණු කර…
තැපැල් කාර්යාල ඉදි කිරීම සඳහා වෙන් කර දී ඇති ඉඩම්වල බහුකාර්ය ව්යාපෘති ක්රියාත්මක කිරීම ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ප්රධාන තැපැල් කාර්යාල 654කින් හා උප තැපැල් කාර්යාල 3,410කින් සමන්විත ජාලයකින් යුක්ත වන අතර මේ වන විට එකී ප්රධාන තැපැල් කාර්යාල 654න් 154ක් ම කුලී පදනම මත පුද්ගලික ගොඩනැඟිලිවල පවත්වාගෙන යනු ලබයි. තැපැල් කාර්යාල ගොඩනැඟිලි ඉදි කිරීම…
ශ්රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්යෝන්ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම ශ්රී ලංකා රජය සහ රුසියානු රජය අතර පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡා මාලාවකින් අනතුරුව පාරදෘශ්ය හා පුරෝකථනය කළ හැකි රේගු ක්රියාපටිපාටියක් ඔස්සේ නෛතික වෙළෙඳ කටයුතු සඳහා පහසුකම් සැලසීම පිණිස දෙපාර්ශවය අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබීමට එකඟ වී ඇත. වෙළෙඳ ගනුදෙනු…
Video Story