ශ්රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපතිවරයා ලෙස තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (06) තේරී පත්විය. ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම ගරු කථානායක මහින්ද යාපා…
ශ්රී ලංකාවේ ප්‍රමුඛ කොරුගේටඩ් ඇසුරුම් (Corrugated carton) නිෂ්පාදන සමාගමක් වන Ex-Pack Corrugated Cartons සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව 2021 ඔක්තෝබර් 22 දින දියත් කිරීමට සැලසුම් කර තිබේ. එම කොටස් නිකුතුවට අදාළ සංස්ථා ප්‍රකාශය (Prospectus) මේ වනවිට කොළඹ කොටස් හුවමාරුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. Ex-Pack Corrugated Cartons සමාගම යනු Aberdeen Holdings සමාගමේ පූර්ණ අයිතිය…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය, ඉතිහාසයේ පළමු වතාවට ඒකක 9,600 සීමාව අද (06) දිනයේ දී අභිබවා යන ලදී. මේ අනුව කොටස් වෙළෙඳපොළ වාර්තා නැවත වරක් අලුත් කරමින් අද දිනයේ දී ඒකක 9,626.45 ක් දක්වා සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගියේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 92.81 ක වර්ධනයක් වාර්තා…
GSP+ වැඩසටහනට අදාළ අන්තර්ජාතික සම්මුතීන් ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සොයාබැලීම වෙනුවෙන් යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී කණ්ඩායමක් 2021 සැප්තැම්බර් 27 වැනිදා විශේෂ නිරීක්ෂණ සංචාරකයක් ආරම්භ කළ අතර, මානව සහ කම්කරු අයිතිවාසිකම්, පරිසරය හා දේශගුණය මෙන්ම යහපාලන මූලිකාංග පිළිබඳව ඇති කරගත් එම සම්මුතීන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ දායකත්වය එහිදී දැඩි සැලකිල්ලට බඳුන් විය. දින දහයකින් සමන්විත…
HCL ටෙක්නොලොජීස් ලංකා (පුද්ගලික) සමාගම ඉන්දියාවේ HCL ටෙක්නොලොජීස් ආයතනයේ පූර්ණ අනුබද්ධ සමාගමක් වේ. එම සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 10.5ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලාංකිකයින් 2,450ක් හා විදේශිකයින් 1,050ක් වශයෙන් රැකියා අවස්ථා 3,500ක් ඇති කරමින් මෘදුකාංග සංවර්ධනය කිරීම සහ තොරතුරු තාක්ෂණය ආශ්‍රිත සේවාවන් සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2020 ජනවාරි 08 දින ශ්‍රී ලංකා ආයෝජන…
ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම පිණිස ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් සහ අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. දකුණු ආසියාවේ බොහෝ රටවල් එම ක්ෂේත්‍රයන් ඇගයීම හා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර එම රටවල් සමඟ තරගකාරී පදනමින් කටයුතු කිරීමට හැකි වන…
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද පිරිපහදුව මඟින් LP ගෑස් මෙට්‍රික් ටොන් 70 සිට 90 දක්වා ප්‍රමාණයක් දිනකට නිපදවනු ලබන අතර එය රටේ ඉල්ලුමෙන් 5%ක් වේ. එසේම, දිනකට බැරල් 10,000ක ධාරිතාවයකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමට සහ දැනට පවතින පිරිපහදුව වැඩිදියුණු කිරීමට මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින අතර, එකී සංවර්ධන ව්‍යාපෘති කඩිනමින්…
ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාව වන “Ever Ace” ඊයේ (05) රාත්‍රියේ දී කොළඹ වරායට සේන්දු විය. කොළඹ වරාය ද ඇතුළුව, මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායන් 24කට පමණක්වීම විශේෂත්වයකි. එසේම දකුණු ආසියානු කලාපය තුළ මෙම නෞකාවට සේවා සැපයිය හැකි එකම වරාය වන්නේ ද කොළඹ වරාය යි. Evergreen සමාගමට අයත් මෙම Ever Ace නෞකාව TEU 24,000…
තේ කර්මාන්තය සඳහා භාවිතා කරනු ලබන සුදුසු පොහොර හිඟ වීම හේතුවෙන් කර්මාන්තය තුළින් 2021 වර්ෂය සඳහා අපේක්ෂිත අපනයන ඉපැයීම් ඉලක්කය සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවත්, උත්සන්න වෙමින් පවතින මෙම අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දෙන ලෙසත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) නැවත අවධාරණය කර සිටී. මෙම වසර මුලදී, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2021 වසර…
කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබා දෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා (Kenichi Yokoyama) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පවසයි. මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ඩොලර් මිලියන 750ක සහනදායී ණය මුදලක් ලබා දී තිබේ. එම මුදල ලබන වසරේදී ඩොලර් බිලියනයක් දක්වා වැඩි කිරීමට පියවර…
Video Story