සිංගප්පූරුවේ සිට යුරෝපය දක්වා සූවස් ඇල මාර්ගය ඔස්සේ ගමන් කිරීමට තිබූ EVERGREEN නෞකා ජාලයට අයත් MV Thalassa Patris බහලු ප්‍රවාහන නෞකාවේ අන්තරායකර බහලුවකින් කාන්දුවන දුමාරයක් පිළිබඳව එහි කාර්ය මණ්ඩලයට 2021 සැප්තැම්බර් 30 වන දින අනාවරණය කර ගැනීමට හැකි විය. මෙම නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන EVERGREEN SHIPPING Agency Lanka (pvt) Ltd (හේමාස් සමූහය) විසින් මෙම අනතුරුදායක තත්ත්වය මත නෞකාව ඉදිරියට ගමන් කිරීමේ…
නිවාස නොමැති ජනතාවට නව නිවාස 3,000 ක් ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ මාළඹේ, මාකුඹුර සහ බොරලැස්ගමුව ප්‍රදේශවල ඉදිකෙරෙන මධ්‍යම පාංතිකයින් සඳහා වන නිවාස සංකීර්ණ තුනේ ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වඩාත් කාර්යක්ෂමව සිදු කරමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. නිවාස නොමැති…
සීඝ්‍රයෙන් වර්ධනය වන බ්‍රසීලියානු වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන සඳහා වැඩි ප්‍රවේශයක් ලබා ගැනීමට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා උත්සාහ දරා ඇත. අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ 2021 සැප්තැම්බර් 29 වැනි දින ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති සර්ජියෝ ලුයිස් කේනේස් මහතා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී ය. විදේශ අමාත්‍ය පීරිස් මහතා, තානාපති කේනේස් මහතා…
චීන සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කළේය. ශ්‍රී ලංකාව සතු විසල් වන වැස්ම, 7000 ක් පමණ වූ වන අලි ගහණය, ආසියාවේ ඉහළම දිවියන් එකතුව, දැවැන්ත…
2011 ලෝක කුසලාන තරඟාවලියේ දී තරඟ පාවා දීම් සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශයට අනුව පවත්වන ලද පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්නොවන බව එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. අද (05) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව පවසන ලදී. මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ දී දේශීය තරඟවල දී පවා තරඟ පාවාදීමේ සිද්ධීන් වාර්තා…
සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියැවීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟතාවය පළ විය. එසේම සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝගයක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එහිදී එකඟතාවය පළ විය. මෙම එකඟතාව පළ වූයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ…
ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ පිහිටි සිය පුද්ගලික නිවසේ ඊයේ (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. යුරෝපා සංගම් GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත්…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (04) දිනයේ දී තවත් එක් ඓතිහාසික මංසළකුණක් පසුකරන ලදී. ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,500 සීමාව අද දින අභිබවා ගිය අතර දිනය අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,542.33 ක් ලෙසින් වාර්තා විය. මේ අතර අද දිනයේ දී රු. බිලියන…
ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාවේ නාමය රැගෙන ගිය යොහානි ද සිල්වා කලාකාරිනිය හට රාජ්‍ය සම්මානයකින් ගෞරව පුද කිරීමට බලාපොරොත්තු වන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. යොහානි ද සිල්වා වෙනුවෙන් ආණ්ඩුවෙන් කළ යුතු යුතුකමක් තිබෙනවා නම් එසේ කිරීමට අදහස් කරන්නේ කුමක්දැයි යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
කෙරවලපිටිය LNG බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ලබා දීම කිසිදු ගැටළුවක් නොවන බවත් එය තමන්ගේ ප්‍රතිපත්තිවලට බාධාවක් නොවන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (04) දින පාර්ලිමේන්තුවේ දී යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. කෙසේවෙතත් බලශක්ති අමාත්‍යවරයා…
Video Story