කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තයට අදාළ ගිවිසුමට අද (30) දින අත්සන් තැබූ බවත් මෙහි ඉදිකිරීම් 2022 වසර මුල දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පවසයි. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගම මේ බව අනාවරණය කර සිටී. ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාපීය සමාගම සහ එහි මෙරට නියෝජිත ජෝන්…
ඉන්දියාවේ අදානි සමූහය විසින් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (WCT) ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා එහි දේශීය හවුල්කරු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා අයිතිය පැවරීම (BOT) ගිවිසුමකට අද (30) දින අත්සන් තබා ඇත. මෙම ගිවිසුම ඇමරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවන ආයෝජනයකි. මේ අනුව කොළඹ වරාය…
ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සමුළුව ලබන වසරේ (2022) මැයි මස 02 වනදා සිට 05 වනදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි. ඊට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද පස්වරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී සිදුවිය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාත් ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් දකුණු ආසියානු…
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සමග එක්ව ක්‍රියාවට නංවන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සහ eChannelling සේවාව එක්වී, 2021 සැප්තැම්බර් 24 දිනට යෙදුණු ජාතික ඖෂධවේදී දිනය වෙනුවෙන්, මෙරට ප්‍රථම වරට ජාතික මට්ටමේ ඖෂධ සහය සේවාවක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. පවතින තත්ත්වය හමුවේ රටේ ජනතාවට වඩාත්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම’ 2021 ඔක්තෝබර් මස 01 වන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ලැබේ. මෙම ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේ දී පැවැත්වෙන අතර එම කටයුතු පෙ.ව. 10.00ට ආරම්භ කෙරේ. පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය…
අද (29) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 364 බිල්පත් පොළී අනුපාතිකය 7.01% ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2020 මැයි 06 දිනෙන් පසු දින 364 බිල්පත් පොළිය 7% සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි. මීට අමතරව දින 91 බිල්පත් පොළී අනුපාතිකය 6.70% ක් සහ දින 182 බිල්පත් පොළිය 6.99% ක් ලෙසින් අද දින වාර්තා…
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අධ්‍යක්ෂවරයෙකු වන කමන්ත අමරසේකර මහතා විසින් තමන් සතුව තිබූ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් මිලියන 5 ක් ත්‍යාගයක් ලෙස හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය වෙත පිරිනමා ඇත. මෙය ඊයේ (28) දින කොළඹ කොටස් වෙළෙඳපොළ Crossing ගනුදෙනුවක් ලෙස හුවමාරු වූ අතර එහිදී එක් කොටසක් සඳහා මිල නියම වී තිබුණේ රු. 9.90 ක් වශයෙනි. මේ අනුව…
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වැඩි දියුණු කොට පුළුල් කිරීම සඳහා, බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පනි (CHEC) පෝර්ට් සිටි කලම්බු (ප්‍රයිවට්) ලිමිටඩ් සමඟ එක්ව, ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා තායිලන්තයේ ප්‍රමුඛ රේඛීය නියෝජිතායතන සහ වාණිජ වෙළඳ මණ්ඩලවලට ඇරයුම් කරමින් ඉහළ පෙළේ සංවාදයක්…
බර්සා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සාමාජිකයන් සමඟ පැවති තොරතුරු හුවමාරු කරගැනීමේ වට මේස හමුවක් අතරතුරදී, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. ආර්. හසන් මහතා පුළුල් පරාසයකින් යුක්ත ගුණාත්මක ලාංකික නිෂ්පාදන ගවේෂණය කිරීමට සහ ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සෙවීම සඳහා බර්සා හි මූලික ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය. බර්සා නුවර සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ කටයුතු, ආයෝජන…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම තැන යළිත් වරක් ඊයේ (28) දිනයේ දී අලුත් විය. ඒ අනුව කොටස් වෙළෙඳපොළෙ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය ඊයේ දින වාර්තා කරන ලදී. ඊයේ දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,339.28 ක් ලෙසින් වාර්තා වූ අතර පසුගිය සැප්තැම්බර් 02…
Video Story