Top News

නවීනතම වෛද්‍ය උපකරණ වෙනුවෙන් අරමුදල් සපයා ගැනීමට ඔස්ට්‍රියාවේ Unicredit බැංකුව සමඟ සාකච්ඡා

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ රෝගාබාධ නිසා සිදුවන මරණ සඳහා හේතුවන දෙවන ප්‍රධාන සාධකය වශයෙන් පිළිකා රෝගය හඳුනාගෙන තිබේ. රෝගය පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් ශ්‍රී ලංකාව තුළ නොමැති වීම හේතුවෙන් ආර්ථික වශයෙන් හැකියාවක් සහිත රෝගීන් විදේශීය ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ලැබේ. පිළිකා රෝගය කල්තබා හඳුනාගත හැකි නම් ප්‍රතිකාර මඟින් රෝගීන්ගෙන් 1/3කට…

(0)Comments | June 6, 2018 1:04 pm

මර්චන්ට් බැංකුවේ ප්‍රධාන විධායක ඉවතට

2018 මැයි 11 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඩී.එම්.එන්.පී. කරුණාපාල, අදාළ තනතුරින් ඉවත් කර ඇති බව එම සමාගම් ලේකම්වරිය විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. ඔහුට ඇති විමර්ෂන කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව අදාළ දැනුම් දීමේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ…

(0)Comments | June 6, 2018 11:37 am

2018 මුල් මාස 05 දී දශලක්ෂයක විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙයි

මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා මාස 05 ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,017,819 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය පසුගිය වසරට වඩා 14.7% ක වර්ධනයකි. මෙහිදී 2018 මැයි මාසය තුළ දී 129,466 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර එය 2017 මැයි…

(0)Comments | June 6, 2018 10:41 am

රථවාහන ආනයන වියදම 100% කින් ඉහළට

2018 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද රථවාහනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 150.0 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2017 වසරේ මාර්තු මාසයේ දී දරනු ලැබූ ඩොලර් මිලියන 74.5 ක රථවාහන ආනයන වියදම හා සැසඳීමේ දී 101.3% ක ඉහළ යාමකි. මේ අතර 2018 ජනවාරි-මාර්තු කාර්තුව තුළ දී රථවාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව දරා ඇති මුළු…

(0)Comments | June 5, 2018 5:12 pm

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් රුපියල් බිලියන 6.8 ක දැවැන්ත ප්‍රසාද දීමනාවක් ප්‍රකාශයට පත් කරයි

ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය රුපියල් බිලියන 6.8 ක දැවැන්ත ජීවිත රක්ෂණ ප‍්‍රසාද දීමනාවක් මෙම වසර සඳහා ප‍්‍රකාශයට පත්කර ඇති අතර මෙය ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ මෙතෙක් කල් ප‍්‍රකාශ කර ඇති විශාලතම ප‍්‍රසාද දීමනාවයි. මෙම වාර්තාගත ප‍්‍රසාද දීමනාව ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් තම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ලබා දෙන්නේ වසර 2017දී ලබා දුන් ජීවිත රක්ෂණ ප‍්‍රසාද දීමනාව…

(0)Comments | June 5, 2018 4:29 pm

PickMe ට ඩොලර් මිලියන 2.5 ක ජාත්‍යන්තර ආයෝජනයක්

ලෝක බැංකුවේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (IFC) විසින්, මෙරට ප්‍රමුඛතම නව්‍ය තාක්ෂණය පදනම් කර ගත් ප්‍රවාහන සේවා සපයන ආයතනයක් වන PickMe හි ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක හිමිකම් ආයෝජනයක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටී. ස්මාර්ට් ජංගම දුරකතන ඇප් හරහා ත්‍රීරෝද රථයේ සිට සුඛෝපභෝගී මෝටර් රථ දක්වා විවිධ පරාසයන් හි ප්‍රවාහන විසඳුම් PickMe…

(0)Comments | June 5, 2018 1:33 pm

වසර තුනක් තුළ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල ඩොලර් බිලියනය ඉක්මවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් 2018 වසර සඳහා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ හතරවන වගන්තිය (Article IV) සම්බන්ධ සාකච්ඡා අවසන් කර, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774 ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 252 ක) පස්වන වාරිකය මුදා හැරීම අනුමත කළේ…

(0)Comments | June 5, 2018 1:31 pm

දෙහිවල, නාවල, රාජගිරිය ඉඩම් පර්චසයක මිල රුපියල් ලක්ෂ 50 ක් දක්වා ඉහළට

කොළඹ නගරය තුළ ඉහළම ඉඩම් වටිනාකමක් ඇති ප්‍රදේශ ලෙසින් දෙහිවල, නාවල හා රාජගිරිය හඳුනාගෙන තිබේ. LankaPropertyWeb.com විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකින් මෙම තොරතුරු අනාවරණය වේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ සාපේක්ෂව අඩුම ඉඩම් මිලක් පවතින ප්‍රදේශ ලෙසින් ඉංගිරිය, පාදුක්ක හා කොස්ගම වාර්තා වේ. මෙම අධ්‍යයනයට අනුව දෙහිවල, නාවල හා රාජගිරිය යන ප්‍රදේශවල ඉඩම් පර්චසයක මිල රුපියල්…

(0)Comments | June 5, 2018 10:55 am

40 ට අඩු ව්‍යවසායකයින් 100 කට රාජ්‍ය බැංකු හරහා සහන ණය

ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන මගින් ආරම්භ කොට ඇති තරුණ කිරි ගොවි ව්‍යවසායකයින් බිහිකිරිමේ ව්‍යාපෘතියේ පළමු පියවර යටතේ මධ්‍යම පලාතේ වයස අවුරුදු 40ට අඩු ව්‍යවසායකයින් සිය දෙනෙකු බඳවා ගැනීමට යයි. මේ සඳහා මහනුවර,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පදිංචි අවම වශයෙන් කිරි දෙනුන් 10 දෙනෙකු සහිත ගොවිපොළක් ආරම්භ කිරීමට කැමැත්ත…

(0)Comments | June 5, 2018 10:33 am

ඉ-චැනලින් සේවාව රජයේ රෝහල්වලටත්

ප්‍රතිකාර සදහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඉ-චැනලින් සේවාව( e channeling) රජයේ රෝහල් සඳහා ද හදුන්වා දීමට පියවර ගැනේ. දොම්පේ  දිසා රෝහල සදහා මෙය පළමු වරට හදුන්වා දුන් අතර අදියර කිහිපයක් ඔස්සේ දිවයිනේ සියළුම රජයේ රෝහල් වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ මෙය…

(0)Comments | June 4, 2018 11:53 am