Top News

ගෙවල් කුලී පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

දිළිඳු තැනැත්තන්ගේ නිවාස අවශ්‍යතාවන් සපුරාලීම සඳහා සහ දිළිඳු කුලී නිවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත හඳුන්වා දෙනු ලැබූවද වර්තමානය වන විට ගෙවල් කුලී පනතේ යල් පැන ගිය විධිවිධාන මඟින් නිවාස ක්ෂේත්‍රයට, කුලී පදනම මත ලබා දී ඇති පරිශ්‍රයන්ට මෙන්ම දේපළ ගනුදෙනුවලට අහිතකර බලපෑම් එල්ල වී තිබේ. එබැවින්, වර්තමාන අවශ්‍යතාවයන්ට…

(0)Comments | September 28, 2021 1:28 pm

මත්තලට ගුවන් යානා ආකර්ශනය කරගැනීමට බදු සහන හා වට්ටම්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (MRIA) වෙත කාලසටහන්ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට ගුවන් සමාගම් ආකර්ශනය කර ගැනීම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර ගුවන් සමාගම් විසින් එම ගුවන්තොටුපොළ වෙත මෙහෙයුම් ආරම්භ කරනු ලබන දින සිට ගුවන්තොටුපොළ විගමන බද්ද වසර දෙකක (02) කාලයක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමටත්, ඉදිරි වසර 04ක කාලයක් සඳහ‍ා ගුවන්යානා…

(0)Comments | September 28, 2021 1:10 pm

එකම විකල්පය IMF – රනිල්

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා ගත හැකි එකම මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම පමණක් බවත්, එසේ නොමැතිව වෙනයම් මාර්ග තිබේ නම් ඒවා අනාවරණය කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ඊයේ (27) විකාශය වූ දෙරණ 360 වැඩසටහන හා එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය…

(0)Comments | September 28, 2021 12:40 pm

Lyca සභාපති අලිරාජා සුභාස්කරන් Jaffna Kings හි නව හිමිකරු බවට පත්වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සමාරම්භක තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වන යාපනය ස්ටැලියන්ස් හි නව හිමිකරු ලෙස අභිනවයෙන් තේරී පත්වූයේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් මහතාය. මොහු ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස දෙවන තරග වාරයට යාපනය කිංග්ස් හි හිමිකාරීත්වය ලබා ඇත. මෙම නව ව්‍යාපෘතිය ගැන කතා කරමින් සුභාස්කරන් මහතා පැවසුවේ, “ LPL…

(0)Comments | September 28, 2021 10:08 am

ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය සිය සේවක සේවිකාවන්ගේ ඉදිරි සෞඛ්‍යාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පියවර ගනී

කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහළ යන බවට පළවන මාධ්‍ය වාර්තා වැඩි වෙමින් පවතී. කොවිඞ්-19 වසංගතය ආරම්භ වූ 2020 දී සිටම ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) සහ සමාජික සමාගම් ඔවුන්ගේ කර්මාන්තශාලවල හා පහසුකම්වල මෙම වෛරසය පැතිරීමේ අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි. මේ සම්බන්ධව පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවීමට අප අදහස් කරන්නෙමු: සැප්තැම්බර් 09…

(0)Comments | September 27, 2021 9:32 pm

E M L Consultants Limited කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වෙයි

E M L Consultants Limited (EML-N-0000) කොළඹ කොටස් හුවමාරුවෙහි Empower පුවරුවෙහි ගනුදෙනු වීම අද දිනයේදී එනම් 2021 සැප්තැම්බර් 27 වන දින ඇරඹී මෙහි “2020 – වාණිජ හා වෘත්තීය සේවා” කර්මාන්ත ක්ෂේත්‍රය යටතේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 90,900,000 ක් ලැයිස්තුගත කරනු ලැබීය. මෙම සමාගම Empower පුවරුව සඳහා පිළිගනිමින් හා සුබ පැතුම් එක්කරමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන…

(0)Comments | September 27, 2021 8:48 pm

මෙරට වතු ප‍්‍රජාවෙන් 85% කට වැඩි ප‍්‍රමාණයකට පළමු මාත‍්‍රාව ද 63%කට මාත‍්‍රා දෙකම ද ලබා දී අවසන්

වතුකරයේ ජීවත් වන සියලූ ප‍්‍රජාවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය හා වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) ක‍්‍රියාත්මක කළ සාමූහික ප‍්‍රයත්නය විශාල ප‍්‍රගතියක් අත්කර ගනිමින් 2021 සැප්තැම්බර් 10 දින වන විට කලාප 7කට අයත් වතු ප‍්‍රජාවෙන් 85% කට වැඩි ප‍්‍රමාණයකට කොවිඞ් ප‍්‍රතිශක්තීකරණ එන්නතේ පළමු මාත‍්‍රවත් 63% ප‍්‍රමාණයකට සම්පූර්ණ ලෙස මාත‍්‍රා දෙකමත් ලබා දී අවසන් බව…

(0)Comments | September 27, 2021 10:14 am

විදේශීය අංශයේ ස්ථායීතාව සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සඳහා අපනයන ඉපැයීම් රට වෙත ගෙන්වා ගැනීමේ හා එම මුදල් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමේ වැදගත්කම

වසංගතයෙන් බලපෑමට ලක් වූ 2020 වසරට සාපේක්ෂ ව, 2021 වසරේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳ අපනයන අංශය සැලකිය යුතු වැඩිදියුණු වීමක් පෙන්නුම් කර තිබේ. නවතම රේගු දත්තවලට අනුව, 2020 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 837ක් වූ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍ය අගයට සාපේක්ෂ ව 2021 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වූ මාස අට තුළ අපනයන ඉපැයීම්වල මාසික සාමාන්‍යය…

(0)Comments | September 27, 2021 9:50 am

තිරසාර ආර්ථිකයක් සඳහා “පොදුජන ආර්ථික සමුළුව 2021”

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන කතිකාවත සමූපකාර ක්ෂේත්‍රය වෙත නැවත යොමු කිරීම සඳහා දායක වීමේ අරමුණින්, සණස ජාත්‍යන්තර සමාගම විසින් අන්තර්ජාල සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ‘පොදුජන ආර්ථික සමුළුව 2021’ යන තේමාව යටතේ පවත්වන  මෙම සමුළුව, 2021 සැප්තැම්බර් 29 වැනි දින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා අන්තර් ජාලය ඔස්සේ පැවැත්වීමට නියමිතය. සණස ජාත්‍යන්තර සමාගම මගින් …

(0)Comments | September 27, 2021 8:57 am

“ගෙදර කොත්තමල්ලි බීලා ලෙඩේ හොඳ වෙනවා නම් ඉස්පිරිතාලේ ගිහින් වෙන ලෙඩක් හදාගන්න අවශ්‍ය නැහැ” –  IMF නොයන්න හේතුව කබ්රාල් කියයි

ශ්‍රී ලංකාව දැනට සිටින මූල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ‌මේ අවස්ථාවේ දී අනවශ්‍ය බවත්, මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගත වුවොතින් එයින් ගැලවීමට වසර 10ක පමණ කාලයක් ගත වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. පසුගිය දා ඇඩ්වොකාටා ආයතනය මගින් සංවිධානය කළ අන්තර්ජාල සාකච්ඡාවක දී අධිපතිවරයා මේ බව…

(0)Comments | September 27, 2021 6:03 am

Video Story

Stock Market

Exchange Rates