ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) තෝරාගත් අංශ වෙත IATA Travel Pass යෙදුම අත්හදා බැලීම 2021 ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම ඩිජිටල් බලපත්‍රය ක්‍රියාත්මක කරනු ලබන දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින ගුවන් සේවා අතරට ශ්‍රීලංකන් ගුවන් සේවය ද එක්වේ. ආසියාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය ගුවන් සේවය බවට පත් වීමේ ගුවන්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් ගරු තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් මහතා අතර හමුවක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ඊයේ දින (2021.09.24) පැවැත්වුණි. එහි දී ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් උපයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන පළමු විදුලි ත්‍රීරෝද රථය වන Vega ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය පසුගිය දා පන්නල පිහිටි ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ දී පරීක්ෂණ ධාවනයක් සිදුකර තිබේ. මෙම විදුලි ත්‍රීරෝද රථය 2022 අප්‍රේල් මාසය පමණ වන විට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් දැනට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර අලෙවි කරනු ලබන සාමාන්‍ය…
ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් වෙනුවෙන් සංවර්ධන බැංකුවල සහාය අත්‍යාවශ්‍ය බවත්, නව ක්‍රමවේදයක් හරහා සංවර්ධන බැංකු ඇතිකර ව්‍යවසායකයින් දිරිගැන්විය යුතු බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි. TV දෙරණ ‘එක්ව ජයගමු’ සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. එමෙන්ම එම බැංකු කටයුතු කළ යුත්තේ ව්‍යවසායකයාගේ හවුල්කරුවෙකු ලෙසින් බවත් ඒ මහතා මෙහිදී…
දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව රටේ ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශේෂී වැඩපිළිවෙලක් තමන් සතු බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය අධීක්ෂණය සඳහා එක්වෙමින් (22) අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව…
ශ්‍රී ලංකා ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් යුතුව, මොසැම්බික් සහ නැමීබියාවේ ධීවර අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකා බෝට්ටු කර්මාන්තය සඳහා විය හැකි ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම සඳහා ප්‍රිටෝරියා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය 2021 සැප්තැම්බර් 13 දින තොරතුරු සැපයීමේ…
හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෘෘප් (Hambantota International Port Group – HIPG) සහ Xiamen King Long United Automotive Industry සමාගම අතර අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදී. මෙය ශ්‍රී ලංකාවේ බස්රථ එකලස් කිරීමේ කම්හලක් ස්ථාපිත කිරීම සඳහා මඟ පාදන මූලික ගිවිසුමකි. චීනයේ ෆුජියාන් හිදී අත්සන් තබන ලද මෙම අවබෝධතා ගිවිසුම, චීනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය පාලිත…
කොමර්ෂල් බැංකුව, කවුන්සිල් ෆො බිස්නස් විත් බි‍්‍රට්න් (CBB) සමඟ සහයෝගිත්වයෙන් ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ අපනයනකරුවන් මෙන්ම එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, කටාර් සහ සිංගප්පූරුව වැනි රටවල ව්‍යාපාර ප්‍රවර්ධනය කරන්නන් 290කට අධික සංඛ්‍යාවක් සඳහා ‘මහා බි්රතාන්යයට අපනයන අවස්ථා’ නමින් නොමිලේ වෙබ් සම්මන්ත්‍රණයක් පසුගිය දා පැවැත්වීය. ‘සූම්’ හරහා ක්‍රියාත්මක වූ පැය දෙකක…
2021 සැප්තැම්බර් 09 සිට 12 දක්වා ඉස්තාන්බුල් හි පැවති ඉස්තාන්බුල් ලෝක ආහාර වෙළඳ ප්‍රදර්ශනයේ දී පිරිසිදු ලංකා තේ, අව්‍යාජ ශ්‍රී ලාංකික කජු සහ කුළුබඩු මඟින් අමුත්තන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය වෙත ආකර්ෂණය කළේය. අන්කරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය තුළ තම නිෂ්පාදන ප්‍රදර්ශනය කළ ශ්‍රී ලාංකික සමාගම් සඳහා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ප්‍රසිද්ධ තුර්කි සමාගම් සහ විදේශීය…
විදේශීය ආයෝජකයන් දිරි ගැන්වීමේ අරමුණින් වීසා බලපත්‍ර කාලසීමාව වසර 05 තෙක් වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් අරමුණු කර ගනිමින් ඉදිරිපත් කළ ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත සළකා බැලීම ඊයේ පැවති ( 22) ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සිදු විය. ඒ අනුව එය දෙවන වර කියැවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කාරක සභාවේ එකගතාවය…
Video Story