Top News

තෙවන ජපන් – ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සංවාදය කොළඹ දී

තෙවන ජපන්-ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සංවාදය 2025 ජූලි 30 වැනි දින කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම සංවාදය දෙරට අතර විදේශ ප්‍රතිපත්තිවලට අදාළ කරුණු සහ පුළුල් පරාසයක විහිදුණු ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම සඳහා සාධනීය වේදිකාවක් වූ අතර එමඟින් සහයෝගීතාව වැඩිදියුණු කිරීමට අවස්ථාව සැලසුණි. ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙන්ම විශේෂයෙන් වෙළෙඳාම සහ ආයෝජන ක්ෂේත්‍රයේ…

(0)Comments | July 31, 2025 10:27 am

ධීවර ප්‍රජාවටත් රක්ෂණ යෝජනා ක්‍රමයක්

තම ජීවනෝපාය ලෙස කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින්නා වූ ධීවර ප්‍රජාව වෙනුවෙන් හදිසි අනතුරු රක්‍ෂණ යොජනා ක්‍රමයක් කෘෂිකාමික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් හඳුන්වාදී තිබේ. මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් අයහපත් කාලගුණික/දේශගුණික තත්ත්වයන් හේතු කොටගෙන හෝ ධීවර රැකියාවේ නිරතව සිටින අතරතුර දී සිදුවන ඕනෑම හදිසි අනතුරකින් සිදුවිය හැකි ජීවිතය අහිමිවීම…

(0)Comments | July 31, 2025 9:00 am

කොටස් වෙළෙඳපොළ අද සෙමින් ඉදිරියට

අද (30) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු ඉහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 33.95කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 19,566.15 ක් ලෙසින් සටහන් වුණි. මෙයෙ මෙතෙක් ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වී තිබුණු ඉහළම අගයේ වාර්තාව නැවත වරක් අලුත් වීමකි. කෙසේවෙතත් S&P SL20 දර්ශකය අද…

(0)Comments | July 30, 2025 4:43 pm

ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුව මහනුවරින් ආරම්භ වෙයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025 ජූලි 29 වැනි අඟහරුවාදා මහනුවර කටුගස්තොට මහවැලි රීච් හෝටලයේදී සාර්ථකව පැවැත්වීය. මෙම සමුළුව මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල අපනයනකරුවන් එක් කරමින් ප්‍රාදේශීය අපනයන හැකියාවන් වර්ධනය කිරීම සහ ජාතික අපනයන උපායමාර්ගය සඳහා…

(0)Comments | July 30, 2025 4:41 pm

ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයිනෙන් නොමිලේ දින 90කට On-Arrival සංචාරක වීසා

සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට පිටත්ව යන ශ්‍රී ලාංකික පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින සංචාරයට සමගාමීව මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම 2025 ජූලි 29 වන දින සිට ක්‍රියාත්මක වන අතර,…

(0)Comments | July 30, 2025 4:13 pm

ඉහළ බදු පැනවීමෙන් නීත්‍යානුකූල ව්‍යාපාර නීති විරෝධී තත්ත්වයට යොමුවිය හැකියි

50%කින් වැඩි කළ බීඩි බද්ද ගැන මුදල් කාරක සභාවේ දී කතාබහක් පසුගිය වසරේ බීඩි බලපත්‍ර 1140ක් නිකුත් කොට ඇති අතර බලපත්‍ර 300ක් තවමත් අලුත් කර නැහැ – සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ඇතුළු නිලධාරීහු දැනුම් දෙති ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සෑම බීඩි වර්ගයක් සඳහාම අය කරනු ලබන දුම්කොළ බද්ද (Tobacco Tax) 2025 අප්‍රේල් 02 වන දින…

(0)Comments | July 30, 2025 2:47 pm

Instagram සඳහා වන දෙමව්පිය අධීක්ෂන යෙදවුම මෙටා සමාගම විසින් නිල වශයෙන් ලංකාවට හඳුන්වා දේ

පසුගිය දා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකින් අනතුරුව මෙටා සමාගම විසින් ශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් සඳහා දෙමාපිය අධීක්ෂණ යෙදවුම සක්‍රීය කිරීම පිළිබඳව නිවේදනය කළේය. මෙම හමුව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙටා කණ්ඩායම විසින් ඉන්ස්ටග්‍රෑම් යොවුන් ගිණුම් අධීක්ෂණ සඳහා වන යෙදවුම, මඟින් තම දරුවන්ගේ ඉන්ස්ටග්‍රෑම් ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අධීක්ෂණයක්…

(0)Comments | July 30, 2025 12:35 pm

එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව කළමනාකරුවෙකු පත්කරයි

2025 අගෝස්තු 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් ගුවන් සමාගමේ කළමනාකරු ලෙස ජාබර් මොහොමඩ් මහතා පත් කර ඇති බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත. එමිරේට්ස් හි වාණිජ අරමුණු සඳහා සහාය වීම, මෙම දූපත් රාජ්‍යයන් දෙක පුරා ගුවන් සමාගමේ මෙහෙයුම් අධීක්ෂණය කිරීම මෙන්ම විවිධ කොටස්කරුවන් සමඟ තීරණාත්මක සබඳතා පවත්වා…

(0)Comments | July 30, 2025 11:59 am

ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කරයි

2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර ඇත. ඒ ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලොව සුන්දරම දූපත් 50 ට අදාල නවතම වාර්තාවකට අනුවයි. එහි ශ්‍රී ලංකාවට 2025 වසර සඳහා ‘ලොව වඩාත්ම සුන්දර දූපත’ ලෙස පළමු ස්ථානය ලබා දී තිබේ. ලොව පුරා ගමනාන්ත ඇතුළත්…

(0)Comments | July 30, 2025 9:24 am

BYD වාහන ආනයනය ගැන John Keells CG Auto වෙතින් නිවේදනයක්

ඇතැම් BYD වාහන මාදිලි පිළිබඳ මෑතකාලයේ පළ වන පුවත් සම්බන්ධයෙන් BYD රථ වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto පහත නිවේදනය නිකුත් කර ඇත. මීට අදාල වාහන පිළිබඳ මතුව ඇති කාරණා කිහිපයක් නිරාකරණය කිරීම සඳහා අපි දැනටමත් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර මෙම ක්‍රියාවලියට සහාය වීම සඳහා…

(0)Comments | July 30, 2025 8:27 am