Top News

ශක්තිමත් වර්ධනයක් සහ උපායමාර්ගික ජයග්‍රහණ සමගින් DFCC බැංකුව තෙවන කාර්තුවේදී සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි

DFCC බැංකුව, 2025 වසරේ තෙවන කාර්තුවේදී සිය ඉහළ වර්ධන ගම්‍යතාව අඛණ්ඩව පවත්වා ගනිමින්, ස්ථාවර ශේෂ පත්‍ර වර්ධනය, උපායමාර්ගික ණය දීම් සහ විනයානුකූල මෙහෙයුම් කළමනාකරණය මත පදනම් වූ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මාලාවක් වාර්තා කර ඇත. සමූහය, රුපියල් බිලියන 8.5 ක මූලික බදු පසු ලාභයක් වාර්තා කළ අතර, සමූහයේ වත්කම් 20% කින් වර්ධනය වී රුපියල් බිලියන 853…

(0)Comments | November 24, 2025 1:42 pm

බස් රථ හිමියන් සහ මගීන් සඳහා නව්‍ය ඩිජිටල් විසඳුම් රැගත් ‘බස් රථ ගාස්තු ඩිජිටල් ගෙවීම්’ ව්‍යාපෘතිය ඇරඹේ

2025 නොවැම්බර් මස 24 දින මාකුඹුර බහුවිධ මඟී ප්‍රවාහන පර්යන්තයේදී ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකත්වයෙන්, ප්‍රවාහන අමාත්‍යංශය මඟින් දියත් කරන ලද බස් රථ ගාස්තු බැංකු කාඩ්පත් භාවිතයෙන් ඩිජිටල් ලෙස ගෙවීමේ නියමු ව්‍යාපෘතියේ සාර්ථකව ඇරඹින. මෙම ව්‍යාපෘතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ ඩිජිටල්කරණ වැඩ පිලිවෙලේ පුළුල් ව්‍යාපෘතියක් වන අතර එය සමස්ත මගී ප්‍රවාහන ක්ෂේත්‍රය නවීකරණය…

(0)Comments | November 24, 2025 1:10 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයේ රියාද් අලෙවි කණ්ඩායම විසින් සංචාරක නියෝජිතයෝ පිරිසක් දිවයිනට රැගෙන එයි

ශ්‍රීලංකන් ගුවන් සේවයේ රියාද් අලෙවි කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විශේෂ සංචාරක වැඩසටහනක් පසුගිය දා පැවැත්වූ අතර, රියාද් හි ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිත ආයතන නියෝජනය කරමින් දිවයිනට පැමිණි පිරිසට ශ්‍රී ලාංකික උණුසුම් ආගන්තුක සත්කාර හා  අමතක නොවන සුවපහසු හා විනෝදාස්වාද අත්දැකීමක් ලබා දීමට කටයුතු කළේය. “Ahlan Wa Sahlan” (ආයුබෝවන්)…

(0)Comments | November 24, 2025 10:45 am

බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ අවස්ථාව අද සිට

මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර බැංකු කාඩ්පත් මගින් මිලදී ගැනීමේ හැකියාව අද (24) සිට මගීන් හට හිමි වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. බස් ගාස්තු ගෙවීමෙන් පසු ඉතිරි මුදල් යළි ලබා නොදීම ආදී ගැටලුවලට විසඳුමක් ලෙස මෙලෙස…

(0)Comments | November 24, 2025 8:31 am

කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට වාසිදායක නොවූ සතියක් අවසන්

ගෙවී ගිය සතිය තුළ සිව්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (21) දිනයේ දී වාර්තා වුණි. අද දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය නොවැම්බර් 04 දිනෙන් පසු ප්‍රථම වරට ඒකක 23,000 සීමාවෙන් මෙපිටට පැමිණ ඒකක 22,982.72 ක් ලෙසින් සටහන් වූයේ පෙර දිනයට සාපේක්ෂව ඒකක 122.24ක පහළ යාමක් සටහන් කරමිනි….

(0)Comments | November 21, 2025 6:30 pm

දුප්පත් නොවී මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය මුදල මෙන්න

2025 සැප්තැම්බර් මාසයට අදාළව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නවතම දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. මෙම සටහනට අනුව මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු. 16,413 ක් ලෙසින් සඳහන් වේ. ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට අනුව වෙනස් වනු ඇත. ඒ…

(0)Comments | November 21, 2025 3:48 pm

Hayleys Mobility ශ්‍රී ලාංකීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ අනාගතය නව මාවතකට යොමු කරයි

ශ්‍රී ලංකාවේ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රය නව මාවතක් වෙත යොමු කරවමින්, අති නවීන තත්ත්වයේ නව බලශක්ති වාහන සඳහා වන විසඳුම් සහ යටිතල පහසුකම් සපයන සිය නවතම ව්‍යාපාර අංශය වන ‘හේලීස් මොබිලිටි’ (Hayleys Mobility) හි සමාරම්භය සටහන් කළ බව හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) නිවේදනය කරන ලදී. ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර තිරසාර, සුහුරු…

(0)Comments | November 21, 2025 3:35 pm

ජාතික උද්ධමනය 2.7% ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ. 2025 සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 2.1% ක් ලෙසිනි. සැප්තැම්බර් මාසයේ දී 3.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය…

(0)Comments | November 21, 2025 3:13 pm

මහජන චීනයේ ධාරිතා සංවර්ධන වැඩසටහනට සහභාගී වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිලධාරීන් පිළිගැනේ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා අර්ධ-රාජ්‍ය ආයතනවල නිලධාරීන් 800කට අධික පිරිසක් වාර්ෂිකව මහජන චීනයේ ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වන අතර, මෙම වසරේ එම වැඩසටහන්වලට සහභාගී වූ නිලධාරීන්ගේ පිළිගැනීමේ උත්සවයක් ඊයේ (20) සවස නෙළුම් කුලුන මූන්වෝක් උත්සව ශාලාවේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ China Aid Training Alumni Association එක්ව සංවිධානය කළ මෙම උත්සවයට ශ්‍රී…

(0)Comments | November 21, 2025 2:08 pm

චීන නියෝජිත පිරිසක් වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට

චීනයේ ගුවැන්ඩොං පළාත කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් පිරිසක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු ඉහළ කළමණාකාරිත්වය සමඟ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මැතිතුමා විසින් දූත පිරිස පිළිගෙන ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, අපනයන සංවර්ධන ඉලක්ක හා එහි දිශානතිය, දේශපාලන ස්ථාවරත්වය සමඟ ඇති…

(0)Comments | November 21, 2025 1:16 pm