සංවර්ධනය වෙමින් පවතින සහ නැගී එන රටවලින් යුරෝපයට ආනයනයන් සිදු කිරීම සඳහා පහසුකම් සැලසීම සහ තිරසර බව වැඩි කිරීමේ අරමුණින් ස්ථාපිත කරනු ලැබ ඇති ආයතනයක් වන ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ. එම ගිවිසුමට අත්සන් තැබීම මඟින් ස්වභාවික අමුද්‍රව්‍ය සහ තොරතුරු තාක්ෂණ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පසුබැස්මක් අද (24) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 92.40 කින් පහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 23,690.62ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 47.59කින් පහළ ගොස් ඒකක 6,681.12ක් ලෙසින් සටහන් වුණි. අද දින රු. බිලියන 3.68ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා…
ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Wiebe de Boer මහතා සහ කම්කරු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණ. මෙම හමුවේදී දෙරට අතර ආර්ථික සහයෝගීතාවය, ආයෝජන අවස්ථා සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කෙරිණ. විශේෂයෙන්ම ග්‍රාමීය මාර්ග පාලම් සහ බෝක්කු පිලිසකර කරදීම පිළිබඳවද අවධානය යොමු කෙරිණ. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික…
ශ්‍රී ලංකා රජය විසින් දේශීය වාණිජ බැංකු ඉලක්ක කරගනිමින්, විදේශ ව්‍යවහාර මුදල්වලින් නාමනය කරන ලද දේශීය ණය උපකරණ නිකුත් කිරීම පිණිස 2025-10-13 වන දින පවත්වනු ලැබූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එහි පළමු නිකුත් කිරීම 2025-12-10 වන දින සිදු කරනු ලැබ තිබේ. එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන සහ රාජ්‍ය මූල්‍ය අරමුණු සඳහා රුකුලක් සැපයීම පිණිස විනිවිදභාවයෙන් යුතු පුරෝකථනය කළ හැකි සහ සංගත (Coherent) තීරුබදු රාමුවක් ස්ථාපනය කිරීම පිණිස ජාතික තීරුබදු ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබ ඇත. අදාළ බදු සම්බන්ධිත අණපනත් සමඟ අනුකූලතාවය සහතික කිරීම සහ එකී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ආශ්‍රිත පැන නැගී ඇති ගැටලු විසඳීමේ අරමුණින් එම ප්‍රතිපත්තිය නැවත…
2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතිය මත රජයේ සංවර්ධන වැඩසටහන් සඳහා යොදා ගැනීම පිණිස මෝටර් ග්‍රේඩර් 75ක් මිල දී ගැනීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. ඒ අනුව ඉදිරිපත් කර තිබූ ලංසු 05ක් ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්…
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) සමග අත්වැල් බැඳ ගනිමින්, රක්ෂණ ක්ෂේත්‍රයේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් කරන, මධ්‍යගත රක්ෂණ දත්ත පද්ධතිය නිල වශයෙන් එළිදක්වන ලදී. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සුවිශේෂී දත්ත පද්ධතිය, ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍යගත රක්ෂණ දත්ත පද්ධතියද වෙයි. රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී පෙරළියක් සිදුකරන, මෙම සුවිශේෂී…
2026 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ පහේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම සංඛ්‍යාලේඛන වාර්තාවක දැක්වෙන්නේ 2026 ජනවාරි 01 සිට පෙබරවාරි 22 දක්වා මෙරටට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින් ප්‍රමාණය 505,751ක් බවයි. එහිදී 2026 පෙබරවාරි 01 සිට 22 දක්වා…
2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන සහ මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සේවා අපනයන පිළිබඳ ඇස්තමේන්තුගත දත්තවලට අනුව, මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,532.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ පිළිබඳව…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 ජනවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.4% ක් දක්වා පහළ ගොස් ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2025 දෙසැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වූයේ 2.9% ක් ලෙසයි. දෙසැම්බර් මාසයේ දී 4.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය…
Video Story