Top News

සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක්

ශ්‍රී ලංකාවේ සංචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. රාජ්‍ය අංශයේ ආයතන සහ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව සංවිධාන සංචාරක ව්‍යාපාරය උත්ශ්‍රේණිගත කිරීමේ දී ප්‍රධාන උත්ප්‍රේරක කාර්යභාරයක් ඉටු කරන හෙයින් පවතින ආයතන නිසි ලෙස සම්බන්ධීකරණය සහ අංශයේ වේගවත් පරිවර්තනයක් උත්ප්‍රේරණය කිරීම සඳහා රජයත්, පළාත්,…

(0)Comments | August 26, 2025 6:01 am

කොටස් වෙළෙඳපොළ අදත් පහළට

අද (25) කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ අඛණ්ඩව දෙවන දිනයටත් මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 73.61කින් පහළ ගොස් ඒකක 20,575.59ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 47.33කින් පහළ ගොස් ඒකක 6,042.51ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 76ක පමණක් කොටස් මිල ගණන් සියලු කොටස් මිල…

(0)Comments | August 25, 2025 4:52 pm

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට අති නවීන ගිලන් රථ 20 ක්

මෙරට රජයේ රෝහල් 20 කට අති නවීන ගිලන් රථ 20 ක් එක් ගිලන් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 257 ක් මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් රෝහල් පද්ධතියෙ හි භෞතික සම්පත් ඉහළ නැංවීමට අති නවීන තාක්ෂණයෙන් යුත් ගිලන් රථ 20 ක් රජයේ රෝහල් වෙත බෙදා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය…

(0)Comments | August 25, 2025 3:55 pm

2025 මුල් මාස හතේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 10ට ආසන්න වෙයි

2025 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරමින් මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9,992.53 ක් ලෙසින් වාර්තා වී ඇති බවත් එය 2024 එම කාලයට සාපේක්ෂව 7.79% ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක…

(0)Comments | August 25, 2025 2:22 pm

රාජ්‍ය ව්‍යවසාය 41ක් ගැන තීරණයක් ඉදිරියේ දී

රාජ්‍ය ව්‍යවසායයන් බදු සහ ලාභාංශ ගෙවීම හරහා රජයේ අයවැයට දායක වේ. මෙහෙයුම්වලින් ලාභ උපයන, හොඳින් ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යවසාය අංශයන්. කාලයත් සමඟ රජයට ශුද්ධ මූල්‍ය දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජ්‍ය ව්‍යවසායන් හි පාඩු ලබන ක්‍රියාකාරකම් සඳහා සහනාධාර ලබා දීමට හෝ වෙනත් ආකාරයකින් ඔවුන්ගේ මූල්‍ය ශක්‍යතාව සහතික කිරීමට රජයට මූල්‍ය දායකත්වයන් ලබා දිය හැකිය….

(0)Comments | August 25, 2025 11:41 am

ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණ ගිවිසුමකට එළඹෙයි

මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය හා උතුරු අයර්ලන්ත රජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීම අද සිදුකෙරුණු අතර, මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය…

(0)Comments | August 22, 2025 6:43 pm

කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

අද (22) දිනයේ ගනුදෙනු අවසානයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 66.29කින් පහළ ගොස් ඒකක 20,649.20ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 18.65කින් පහළ ගොස් ඒකක 6,089.84ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 107ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල…

(0)Comments | August 22, 2025 4:49 pm

රාජ්‍ය ආයතන 2,000ක් විගණනය කරන්න ජාතික විගණන කාර්යාලයේ ඉන්නේ වරලත් ගණකාධිකාරීන් 35යි

ජාතික විගණන කාර්යාලයේ 2026 වසර සඳහා වූ අයවැය ඇස්තමේන්තුව පසුගියදා (19) රැස්වූ මුදල් කාරක සභාවේ දී සළකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ යෝජනා සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමතිය හිමිවිය. 2018 අංක 19 දරන විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව මෙම සළකා බැලීම සිදුවිය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා…

(0)Comments | August 22, 2025 4:17 pm

චෙක් රිටන් වුණොත් වැඩ වරදියි. නව නීති සම්මතයි

2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත විය. මෙම විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත  සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  පසුගිය අගෝස්තු 15 දින සිය සහතිකය සටහන් කළ අතර ඒ අනුව මෙම විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත  2025 අංක 13  දරන…

(0)Comments | August 22, 2025 11:21 am

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා වන කැපවීම පෙන්නුම් කරමින් HNB පළමු අර්ධයේදී ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කරයි

2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 42.5% කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා වර්ධනය වී ඇති අතර බැංකුවේ බදු පසු ලාභය 37.9% කින් වර්ධනය වී රුපියල් බිලියන 21.19 ක් බවට පත්ව ඇත. පොලී සීමාවන්ට එරෙහි පීඩනයක්…

(0)Comments | August 22, 2025 10:57 am