Top News

2025 අයවැය හිඟය 63%කින් පහළ යද්දී ප්‍රාථමික ගිණුමේ ශේෂය 170%කින් ඉහළට

2025 වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 744.86ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 වසරේ දී අයවැය හිඟය රු. බිලියන 2,039.93ක් ලෙසින් වාර්තා වී තිබුණි. ඒ අනුව සමස්ත අයවැය හිඟය පසුගිය වසරේ දී 63.48%ක කැපීපෙනෙන පහළ යාමක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. මේ අතර ප්‍රාථමික ගිණුමේ ශේෂය 2025 වසර අවසානයේ…

(0)Comments | March 23, 2026 2:05 pm

වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින් අසාධාරණයට ලක්වීම වැළැක්වීම සඳහා දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ වෙළෙඳපොළෙහි පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැළැක්වීමේ අරමුණින්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් විශේෂ වෙළෙඳපොළ වැටලීම් සහ විමර්ශන වැඩපිළිවෙලක් 2026 මාර්තු 20 වන දින සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. විශේෂයෙන්ම, වත්මන් මැදපෙරදිග අර්බුදය ඇතුළු ගෝලීය දේශපාලනික හා ආර්ථික අස්ථාවරත්වය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනිමින්, ඇතැම් වෙළෙඳුන්…

(0)Comments | March 23, 2026 1:40 pm

දිවයිනට පැමිණි ADB සභාපතිවරයා සහ ජනපති අනුර අතර හමුවක් හෙට

ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල හානිය නිරීක්ෂණය කිරීමේ අරමුණින් තෙදින නිල සංචාරයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda මහතා අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්…

(0)Comments | March 23, 2026 12:37 pm

“කැරට් 22” රන් පවුමක මිල රු. 340,200ක් දක්වා පහළට

අද (23) පෙරවරුව වන විට මෙරට රන් මිලෙහි රු. 7,000ක පහළ යාමක් දක්නට ලැබුණි. ඒ අනුව පෙර දිනයට සාපේක්ෂව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 24” රන් පවුමක මිල රුපියල් 370,000ක් දක්වා පහළ ගොස් ඇති අතර “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 340,200ක් දක්වා පහත වැටී ඇති ඇති බවට වාර්තා වෙයි. මේ අතර ගෝලීය රන් අවුන්සයක…

(0)Comments | March 23, 2026 12:36 pm

මාර්තු මාසයේ සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවයි

2026 වසරේ මාර්තු මාසයේ පළමු දින 18 තුළ 109,410ක සංචාරකයින් පිරසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 666,065ක් ලෙස වාර්තා වන බවයි. මාර්තු මාසයේ පළමු දින 18 තුළ 27,613ක එනම් 25%ක…

(0)Comments | March 23, 2026 12:00 pm

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව – 2026 තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), යුරෝපා සංගමය (EU), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) යන ආයතනවල සහයෝගීත්වයෙන් 2026 මාර්තු 30 වන දින පැවැත්වීමට නියමිතව තිබූ “ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026” තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඒ සඳහා ලියාපදිංචි වූ සාමාජිකයන්ට සහ…

(0)Comments | March 23, 2026 10:25 am

PickMe සහ Uber ඉන්ධන කෝටාව වැඩි කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටී

දැනට උද්ගතව ඇති ඉන්ධන සීමාකිරීමේ තත්ත්වය හමුවේ, සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ජංගම දුරකථන යෙදුම් මත පදනම් වූ ප්‍රමුඛතම සේවාවන් වන PickMe සහ Uber රජයෙන් ඉල්ලා සිටියි. ජනතාවට ප්‍රවාහන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා වෙත ප්‍රවේශය ලබා දීමේදී මෙම සේවාවන් ඉටු කරන වැදගත් කාර්යභාරය අවධාරණය කරමින්, වැඩි වශයෙන් ක්‍රියාශීලී රියදුරන්…

(0)Comments | March 23, 2026 9:49 am

ශ්‍රී ලංකා බෝතල් කළ පානීය ජල  සංගමය උපරිම සිල්ලර මිළ සහිත ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස ජනපතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා බෝතල් කළ පානීය ජල සංගමය (SLBWA) බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල (MRP) නියම කර ඇති ගැසට් නිවේදනය අවලංගු කිරීම හෝ තාවකාලිකව අත්හිටුවීම සිදු කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. කර්මාන්තය මුහුණ දෙමින් ඇති වියදම් සැළැකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා, කර්මාන්ත අමාත්‍යවරයා සහ පාරිභෝගික කටයුතු…

(0)Comments | March 23, 2026 8:55 am

නව සුඛෝපභෝගී බස් රථ 200ක් මිලදී ගැනීමට ලංගම ටෙන්ඩර් කැඳවයි

අධිවේගී මාර්ග සහ දුරගමන් බස් සේවාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) නව සුඛෝපභෝගී බස් රථ 200ක් සැපයීම වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ටෙන්ඩර් කැඳවා ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ පොදු ප්‍රවාහන සේවය නවීකරණය කරමින් මගී ජනතාවට වඩාත් සුවපහසු සහ උසස් ප්‍රවාහන සේවාවක් ලබා දීමයි. අධිවේගී මාර්ග සහ…

(0)Comments | March 20, 2026 6:01 pm

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑම් එල්ල විය හැකි ආකාරය ගැන IMF වෙතින් පුරෝකථනයක්

මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ගලා ඒම් සම්බන්ධයෙන් හා සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ගැටළුකාරීත්වයකට මුහුණ දෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් පවසා සිටියේ 5% ක ආර්ථික වර්ධනයක් 2025 වසරේ දී අත්පත් කරගනිමින් උද්ධමනය පෙබරවාරි මාසයේ දී 1.6%ක මට්ටමක් තුළ තබා ගැනීමට සමත්වීම හරහා ශ්‍රී ලංකා ආර්ථිකය…

(0)Comments | March 20, 2026 5:43 pm