Emirates සහ Qatar Airways ගුවන් සේවා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකල්ප ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ වෙනුවෙන් මූලික මට්ටමේ සාකච්ඡා මේ වන විට පවත්වා ඇති බව වාර්තා වේ. ඩොලර් මිලියන ගණනක් වැය කරමින් 2013 වසරේ දී…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශක අද (20) දිනයේ වර්ධනයක් වාර්තා කර තිබේ. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 375.72ක වර්ධනයක් දිනය තුළ අත්පත් කර ගත් අතර S&P SL20 දර්ශකය ඒකක 105.30ක වර්ධනයක් වාර්තා කරන ලදී ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,639.73ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය…
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත, ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතා මෙරට ප්‍රමුඛතම ආර්ථික නායකයින් කිහිප දෙනෙකු හමුවී තිබේ. භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා…
අද (20) පෙරවරුව වන විට ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල කැපීපෙනෙන උච්ඡාවචනයන් නිරීක්ෂණය කළ හැකි වූ අතර එහිදී ප්‍රධාන බොරතෙල් වර්ග දෙක වන WTI හා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයන් හි මිල පහළ යාමක් ඊයේ (19) දිනයට සාපේක්ෂව දක්නට ලැබුණි. මේ අතර WTI හා බ්‍රෙන්ට් බොරතෙල් මෙන්ම සමාන වැදගත්කමක් දරන මර්බන් බොරතෙල් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මාර්තු 26 වැනිදා සිට අප්‍රේල් 9 වනදා දක්වා මෙරට සංචාරයක නිරත වන බවට වාර්තා වෙයි. ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 5වන හා 6වන සමාලෝචන සම්පූර්ණ කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
අපනයනය ප්‍රමුඛ ලෙස සලකා ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට රජය උපරිමයෙන් මැදිහත් වෙනවා – ජනපති අපනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවේදී අවධාරණය කරයි අපනයනය ප්‍රමුඛ ලෙස සලකා ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන්…
ඉන්ධන සහ බලශක්ති සම්පත් භාවිතය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති පිළිවෙත් මධ්‍යයේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස බැංකු සේවාවන් සතියේ දින පහේම ක්‍රියාත්මක කරන බව (SLBA) මහජනතාවට දැනුම් දී ඇත. ඒ අනුව, බදාදා ඇතුළුව සඳුදා සිට සිකුරාදා දක්වා බැංකු විවෘතව පවතින අතර බදාදා දිනවල මෙහෙයුම් පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා සීමා වේ. එබැවින් ගනුදෙනුකරුවන්ට සතිය…
2026 මැද භාගය වන විට වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි ඉදිකරමින් පවතින කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෝටලයේ ඉදිකිරීම් සහ වර්තමාන පරිපාලන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පසුගිය දා (17/03/2026) විශේෂ නිරීක්‍ෂණ චාරිකාවකට එක්විය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ වැඩ බලන සභාපති ඩ්බ්.ඩ්බ්.එස්….
ඊයේ සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කළ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද (19) යලිත් දක්නට ලැබුණි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 376.62කින් පහළ ගොස් ඒකක 20,264.01ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 114.16කින් පහළ ගොස් ඒකක 5,651.41ක් ලෙසින් සටහන් විය. අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 3.94ක්…
මේ වන විට ගෝලීය ඉන්ධන වෙළෙඳපොළෙ හි බොරතෙල් මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.30 පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 116 සීමාව ඉක්මවා ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය. මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිල ද මෑත ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් බැරලයක් ඩොලර් 126 සීමාව ඒ වන…
Video Story