Top News

දිගින් දිගටම පහළ ගිය රන් මිල අද රු. 20,000කින් ඉහළට

දිගින් දිගටම පහළ ගිය රන් මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් අද (24) දක්නට ලැබුණි. ඒ අනුව අද පස්වරුව වන විට පෙර දිනයට සාපේක්ෂව මෙරට රන් මිලෙහි රු. 20,000ක ඉහළ යාමක් දක්නට ලැබුණු බව GOLDCeylon වාර්තා කරයි. එහි දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 24” රන් පවුමක මිල රුපියල් 385,000ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර “කැරට්…

(0)Comments | March 24, 2026 4:42 pm

කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩි දියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව MAGA ට

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මරදාන අන්තයේ සහ බම්බලපිටිය අන්තයේ මගී පාලම් ඉවත් කර විශේෂ අවශ්‍යතා ප්‍රවේශය සහිත නව පාලම් ඉදිකිරීම හා මගී පාලම් සමඟ නව ප්‍රවේශපත්‍ර කවුළු ඉදිකිරීම සහ තෙමහල් සේවා ගොඩනැගිල්ල ඉදිකිරීම ඇතුළත් කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව,…

(0)Comments | March 24, 2026 2:45 pm

රු. 5,000ට අඩු QR ගෙවීම් සඳහා ගාස්තු අය නොකිරීමට තීරණයක්

ආර්ථික කාර්යක්ෂමතාව, මූල්‍ය අන්තර්ගතභාවය (Financial Inclusion) සහ මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම රජය විසින් ජාතික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. රට තුළ එදිනෙදා සිල්ලර ගනුදෙනු සඳහා අධික ලෙස මුදල් නෝට්ටු (Cash) භාවිත කරන අතර, එමඟින් විනිවිදභාවය සහ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සීමා වී ඇත. LankaQR යටිතල පහසුකම් මේ වන විට මුල්‍ය ආයතන…

(0)Comments | March 24, 2026 2:29 pm

බලශක්ති ආර්ථිකය සංවර්ධනයට අවශ්‍ය රාමුව සකස් කිරීමට ආචාර්ය හාන්ස් විජේසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක්

ජාතික ආර්ථිකයේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සහ එය පවත්වාගෙන යාම සඳහා නව්‍ය මෙන්ම පුරෝකථනය කළ අනාගත ප්‍රවේශයන් ගවේෂණය කිරීමෙහි සහ ක්‍රියාවට නැංවීමෙහි වැදගත්කම රජය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව, ප්‍රමුඛ ක්ෂේත්‍රයක් වශයෙන් බලශක්ති ආර්ථීකය හඳුනාගනු ලැබ ඇති නමුත්, ප්‍රධාන ආර්ථික අංශ අතර ඒකාබද්ධතාවයේ පවතින දුර්වලතා හේතුවෙන් එම ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ඉදිරිපත් වීමේ පසුබෑමක් දක්නට ලැබේ….

(0)Comments | March 24, 2026 2:10 pm

දකුණු පුරවරයට නවමු වූ අත්දැකීමක් ලබා දෙමින් Galle City Center එලඹෙන 28 වන දා ජනතා අයිතියට

ශ්‍රී ලංකාවේ දකුණු පුරවරයේ අගනගරය වූ ගාල්ලට නව යුගයක ඇරඹුමක් ලබා දෙමින් Galle City Center (GCC) නමින් අති නවීන සාප්පු සංකීර්ණ අත්දැකීමක් එළඹෙන 28 වන දා සිට ජනතාව වෙත විවෘත වන බවට වාර්තා වෙයි. වර්ග අඩි 135,000ක් වටා විහි දී ඇති මෙම ව්‍යාපෘතිය එක් වාණිජමය අරමුණකින් පමනක් නිර්මාණය වූවක් නොවන අතර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වන…

(0)Comments | March 24, 2026 1:19 pm

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට සාර්ථකව එකඟ වෙයි

ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දෙවන වටය, 2026 මාර්තු 20 වැනි දින, කොළඹ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, එය දෙරට අතර දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය. මෙම රැස්වීම සඳහා අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා සහ බ්‍රසීලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් ලේකම්,…

(0)Comments | March 24, 2026 11:00 am

ඇඟළුම් ක්ෂේත්‍රයේ කුසලතා සංවර්ධනයට නවීන බහුකාර්ය ගොඩනැඟිල්ලක් සිසු අයිතියට

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයයේ (SLITA) ඉදිකරන ලද නව තෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ල කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සිසු අයිතියට පත්කරන ලදී. පේෂකර්ම හා ඇඟළුම් ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හා පුහුණුව වර්ධනය කරමින් ක්ෂේත්‍රය තුළ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් ඉදිකළ නවීන…

(0)Comments | March 24, 2026 8:25 am

කොටස් වෙළෙඳපොළ ඒකක 274කින් පසුබසී. පිරිවැටුමත් අඩුවෙයි

2026 මාර්තු මාසයේ සිව්වන සතිය සඳහා අද (23) දින ගනුදෙනු සඳහා විවෘත වූ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා විය. එහිදී පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය 1.33%කින් හා S&P SL20 දර්ශකය ඒකක 1.14%කින් පහළ යන ලදී. සියලු කොටස් මිල දර්ශකය ඒකක 274.76කින් පහළ ගොස්…

(0)Comments | March 23, 2026 4:14 pm

මර්බන් බොරතෙල් මිල ඉතිහාසයේ ඉහළම අගයට පැමිණෙයි

ගෝලීය ඉන්ධන වෙළෙඳපොළේ WTI සහ බ්‍රෙන්ට් යන බොරතෙල් වර්ගයන් හා සමාන වැදගත්කමක් ඇති මර්බන් බොරතෙල් මිල අද (23) ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කරන ලදී. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30 පමණ වන විට මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 157.90ක් ලෙසින් වාර්තා වී තිබුණි. මේ අතර අද දිනය තුළ මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 160 මට්ටම ද…

(0)Comments | March 23, 2026 3:53 pm

පෙබරවාරි මාසයේ ජාතික උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 1.6% ක් දක්වා පහළ ගොස් ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2026 ජනවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූයේ 2.4% ක් ලෙසයි. ජනවාරි මාසයේ දී 3.4% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය…

(0)Comments | March 23, 2026 3:44 pm