පසුගිය 2025 ජූනි මාසය තුළ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ වර්ධනයක් සිදුව ඇති බව වාර්තා වේ. එහිදී 2025 මැයි මාසයේ දී මෙරට මුළු සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 2,064810 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර එය 2025 ජූනි මාසයේ දී 2,075,744ක් දක්වා කාඩ්පත් 10,934කින් ඉහළ ගොස් ඇත. මේ අතර 2025 ජූනි මාසය අවසානයේ දී මෙම මුළු…
එළබෙන අගෝස්තු 24 වැනි දා ගෝල්ෆේස් පිටියේ දී පැවැත්වීමට නියමිත කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට ඉතාමත් හොඳ අවස්ථාවක් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (20) කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වූ අවස්ථාවේදී යි. ශ්‍රී ලංකාව තුළ City Branding…
මෙරට විරැකියා අනුපාතිකයෙහි වාර්තාගත පහළ යාමක් දක්නට ලැබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2024 වසරේ පළමු කාර්තුවේ දී 4.5% ක් ලෙසින් වාර්තා වී තිබුණු මෙරට විරැකියා අනුපාතිකය 2025 පළමු කාර්තුවේ දී 3.8% ක් දක්වා පහළ ගොස් ඇති බව, 2025 පළමු කාර්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාවක් නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2024…
ගීතය කියන මෙවලම වෙළඳභාණ්ඩයක් ලෙස භාවිතා කරන්නේ නම් එයට හිමි කර්තෘභාගය ගෙවීමට කාරුණික වන ලෙස ගීතය උපයෝගි කරගන්නා වූ සෑම තලයකම පුද්ගලයින් ඉල්ලා සිටින බව ප්‍රවීණ ගීත රචක නිලාර් එම්. කාසිම් මහතා පවසයි. ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේ ය. තව ද එම සංගමය…
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ (ICT) සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM) කර්මාන්තය ජපන් වෙළදපල තුල ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) යන දෙපාර්ශ්වයන් අතර ඇතිකරගෙන තිබූ එකගතාවය දීර්ඝ කිරීමක් පසුගියදා කොළඹ දී සිදුකෙරිණි. අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට JICA ශ්‍රී ලංකා කාර්යාලයේ…
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ…
2025 වර්ෂයේ ගතවූ මාස 8ට ආසන්න කාලය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 2522 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. දකුණු කොරියාවේ නිශ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 60 දෙනෙකු ඊයේ (19) ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 470 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගිය…
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් සුවිශේෂී මංසළකුණක් තබමින්, ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය ඒකක 6,000 සීමාව අද (19) දිනයේ දී ඉක්මවා යන ලදී. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී ඒකක 58.46ක වර්ධනයක් සනිටුහන් කරමින් S&P SL20 දර්ශකය ඒකක 6,055.92ක් ලෙසින් සටහන් විය. මේ අතර අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ද මෙතෙක් ඉතිහාසයේ…
ලංකා බැංකුවේ ප්‍රාග්ධන ව්‍යූහය පුළුල් කිරීම, අවසරලත් කාර්යයන් පුළුල් කිරීම, බැංකුවේ සාමාන්‍ය පාලන ව්‍යූහය ශක්තිමත් කිරීම ආදී කාර්යයන් ඉටු කර ගත හැකි වන පරිදි (397 අධිකාරය වූ) 1938 අංක 53 දරන ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස්…
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන කොටසේ (පොතුහැර සිට ගලගෙදර දක්වා) පළමු අදියරේ පැකේජ 03ක් සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පොතුහැර සිට රඹුක්කන දක්වා වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන කොටසේ පළමු අදියර පැකේජ 19කට බෙදා ඇත. එම මාර්ගයේ පළමු අදියර (කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 13+800 දක්වා කොටස) මෙහෙයුම් කටයුතු කළ හැකි මට්ටම තෙක් ගෙන ඒම පිණිස…
Video Story