ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙනු ලැබිණ. මෙම සංගණනය, ශ්‍රී ලංකාවේ 15වන ජන හා නිවාස සංගණනය වන අතර, ජාතික මට්ටමේ දත්ත රැස්කිරීමක් සඳහා සංගණන ඉතිහාසයේ ප්‍රථමවරට…
ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක්ද අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අද ආරම්භ කෙරුණු ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරී ඇති වගකීම මෙහිදී…
මැලේසියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන නියෝජනය කරන මැලේසියානු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (MICCI – Penang) ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජන (FDI) අවස්ථා සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නිල සංචාරයක නිරත වූහ. පිනෑන්ග්හි මැලේසියානු ඉන්දීය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති Dato’ S. Parthiban මහතාගේ නායකත්වයෙන් යුත් මෙම 15 දෙනෙකුගෙන්…
මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාව අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාව, කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණයි. මෙම වැඩසටහන, ශ්‍රී ලංකාව තාක්ෂණික වශයෙන් තබන ඉදිරි පියවරක් පමණක් නොව, අනාගත ගෙවීම් පද්ධතිය ඩිජිටල් ගෙවීම්…
ජාතික සංවර්ධන බැංකුව (NDB බැංකුව) විසින් මීට පෙර අනාවරණය කරන ලද වංචා සහගත සිදුවීම පිළිබඳව ගනුදෙනුකරුවන් සහ සියලුම පාර්ශවකරුවන් වෙත නිකුත් කරනු ලබන වැඩිදුර යාවත්කාලීන කිරීම. පසුගියදා වාර්තා වූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් සියලුම ගනුදෙනුකරුවන් සහ පාර්ශවකරුවන් වෙත පැහැදිලි සහතිකයක් ලබාදීමට ජාතික සංවර්ධන බැංකුව අපේක්ෂා කරයි. මෙම සිදුවීම හේතුවෙන් කිසිදු ගනුදෙනුකරුවකුගේ ගිණුම් ශේෂයන්ට බලපෑමක් සිදුව නොමැති බව…
නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බවත්, ඒ මඟින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදුවිය හැකි බවත්, එම බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇත. එසේම මෙම වංචාව නිසා, කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතුවලට, බලපෑම් සිදු වී නොමැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත…
රුපියල් 5,000 දක්වා වූ සියලුම Lanka QR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව අද (06) සිට ඉවත් කෙරේ. ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන…
ආසියාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් වරක් ලොව පුරා අවධානය දිනාගනිමින් සිටින පසුබිමක, හම්බන්තොට Shangri-La Hambantota Golf Resort & Spa නිවාඩු නිකේතනය මෙරට ජාත්‍යන්තර මංගල උත්සව සඳහා වන ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ ප්‍රබල බලවේගයක් බවට පත්ව තිබේ. විශාලත්වය, වටපිටාව සහ අසමසම අත්දැකීම් යන සියල්ලේ මනා සංකලනයක් ලෙස නැගී එන මෙම නිවාඩු…
නීතිවිරෝධී ලෙස බීඩි කොළ රට තුළට ගෙන ඒම හේතුවෙන් රජයට අහිමි වන ආදායම වැළැක්වීමට පියවර ගත යුතු අතරම, බීඩි කර්මාන්තයේ නියැලී සිටින අය ආරක්ෂා කිරීමට ද පියවර ගත යුතු බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අවධාරණය කරන ලදී. පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
එකතු කළ අගය මත බදු (VAT) පනත විධිමත් ලෙස සංශෝධනය කිරීමට යටත්ව ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ඩිජිටල් සේවා සැපයීම මත පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) ක්‍රියාත්මක වන දිනය 2026 ජූලි 01 තෙක් තවදුරටත් කල් දමනු ලබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. 2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන)…
Video Story