මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි දෙවන අදියර සංවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ දත්ත සහ තොරතුරු රැස් කිරීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් දියත් කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත. මූල්‍ය උපකරණ හා සේවා පිළිබඳ දැනුම්වත්භාවය, ඒවායේ භාවිතරටාවන් සහ මූල්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමට ඇති බාධාවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ…
මැදපෙරදිග යුද තත්වය හමුවේ ගත යුතු ඉදිරි පියවරයන් පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මැදපෙරදිග යුද්ධය හමුවේ ගල්අඟුරු, ගෑස්, තෙල් ආදී බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් සහ එම බාධාවන්ට මුහුණදෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් එක් එක් අංශයන්ගෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා යෝජිත විකල්ප පිළිබඳ මෙහිදී…
මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමේදී මතු වී ඇති ගැටලු පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමත්‍යංශ ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද (15) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී විශේෂයෙන් සෞඛ්‍ය, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර ආදී ක්ෂේත්‍රයන් පිළිබඳව අවධානය යොමු වූ අතර එක් එක් ක්ෂේත්‍රය තුළ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංචාරක සමාගමක් වන Connaissance De Ceylan ආයතනයේ සම්බන්ධීකරණයෙන් සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙරටට පැමිණි 11 දෙනෙකුගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා පැමිණියහ. ශ්‍රී ලංකාවේ ජන ඉතිහාසය, බුදුදහමේ ආගමනය සහ විකාශනය, පාරම්පරික සංස්කෘතිය, ආයුර්වේදය, සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, ආහාර රටාව, ආර්ථික බෝග ආදිය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ පිළිබඳ…
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගිය 12 වනදා පැවැත්විණි. ‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සබරගමුව පළාත් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහාය…
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට MAC HOLDINGS (PVT) LTD විසින් රුපියල් මිලියන 5ක මුදලක් පරිත්‍යාග කරන ලදී. ඊට අදාළ චෙක්පත MAC HOLDINGS (PVT) LTDහි කළමනාකාර අධ්‍යක්ෂ/සභාපති ඇන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා විසින් සිකුරාදා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමන ලදී. සමූහ අධ්‍යක්ෂ/ප්‍රධාන…
2026 ජනවාරි සහ පෙබරවාරි මාස 02 මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණි මාස 02 බවට වාර්තා පොත් අතරට එක්ව තිබේ. ඒ 2026 ජනවාරි මාසයේ 277,327 ක් සහ පෙබරවාරි මාසයේ 279,328 ක් ලෙසින් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමෙනි. එහිදී 2025 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි 252,761ක් වූ සංචාරකයින් පිරිසට වඩා 9.7%ක වැඩි ප්‍රමාණයක් 2026 ජනවාරි…
1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) වන රේගු ආඥා පනතේ 10 (අ) වගන්තිය යටතේ පනවන ලද 2026 ජනවාරි මස 31 දිනැති අංක 2473/31 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත නියමය, 2026 අප්‍රේල් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධනය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක…
2026 මාර්තු මාසයේ දී දෙවැනි සතියට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (13) දින නිමාවට පත් වූයේ ආයෝජකයින් හට දැඩි පීඩනයක් ඇතිකරමිනි. ඒ පූර්ව සතිය හා සැසඳීමේ දී 4.44%ක පහළ යාමක් මෙම සතිය තුළ දී වාර්තා වූ හෙයිනි. පසුගිය මාර්තු 06 සිකුරාදා දින කොටස් වෙළෙඳපොළ නිමාවේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,701.91ක් ලෙසින් වාර්තා…
බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට පත් කළ ආර්ථික අවේක්ෂණ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය. මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සිදු වන තෙල් මිල ඉහළ යාම, නාවික සැපයුම්වල බාධා ඇති වීම සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට ඇති…
Video Story