Top News

සංචාරක ආකර්ෂණයට පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්තශාලා පරිශ්‍ර යොදා ගැනීමේ සැලැස්මක්

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය විසින් සිදු කළ ශක්‍යතා අධ්‍යයනයක නිර්දේශ මත පදනම්ව හරිත සංචරණය (Eco Tourism), කෘෂි සංචරණය (Agro Tourism), සුවතා සංචරණය (Wellness Tourism) සහ සංරක්ෂණය පදනම් කර ගත් සංචරණය (Conservation based Tourism) වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ තෝරාගත් ස්ථාන 04ක් සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන ලෙස සංවර්ධනය…

(0)Comments | August 19, 2025 1:04 pm

තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් පවත්වාගෙන යන රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කිරීමේ තීරණයක්

රාජ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන ඉලක්ක කරගෙන එල්ල වන සයිබර් ප්‍රහාර හේතුවෙන් එම ආයතන මඟින් සපයනු ලබන අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවන් ඇති වීමේ අවදානමක් පවතී. එමෙන්ම, පෞද්ගලික හා සංවේදී දත්ත වෙනත් පාර්ශ්ව අතට පත් වීම, පුරවැසියන්ගේ පුද්ගලික ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථාවරත්වය, මහජන සෞඛ්‍යය සහ සමාජයේ යහපැවැත්ම සඳහා මෙන්ම, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මහජනයා තුළ පවතින විශ්වාසය…

(0)Comments | August 19, 2025 12:25 pm

ආණ්ඩුව සල්ලි අච්චු ගහලා නැහැ – ආචාර්ය අනිල් ජයන්ත

පසුගිය සතියේ රජය විසින් මුදල් මුද්‍රණය කර ඇති බවට මතයක් සමාජගත කිරීමට යම් සංවිධානයක් උත්සාහ කර ඇති බවත්, එය වැරදි තොරතුරක් බවත් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. අද (19) දින පාර්ලේමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය…

(0)Comments | August 19, 2025 11:26 am

ද්විපාර්ශ්වික වෙළඳ අවස්ථා ශක්තිමත් කරමින් අපනයන සංවර්ධන මණ්ඩලය සහ පලස්තීන තානාපතිවරයා අතර හමුවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ශ්‍රී  ලංකාවේ පලස්තින  තානාපති ඉහාබ් අයි. එම්. ඛලිල් (Ihab I. M. Khalil) මහතා සමග හමුවක් පසුගියදා අපනයන සංවර්ධන මන්ඩලය පරිශ්‍රයේදී සභාපති සහ පුධාන විධායක නිලධාරී මංගල විජජ්සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. එහි අරමුණ වූයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ නව වෙළඳ අවස්ථා සෙවීමයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ පැවති මෙම…

(0)Comments | August 19, 2025 11:10 am

කොමර්ෂල් බැංකුව රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පුද්ගලික අංශයේ පළමු බැංකුව ලෙස දෙවන කාර්තුවේදී ඓතිහාසික සංධිස්ථානයක

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතරින් වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවූ පළමු වන බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජූනි 30වන දායින් අවසන් වූ මාස 6 තුල සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත කොමර්ෂල්…

(0)Comments | August 19, 2025 10:33 am

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ අධිකාරියේ පළමු මාස 6 තුළ මෙහෙයුම් ලාභයේ 78%ක වර්ධනයක්

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි මෙහෙයුම් ලාභය 78% කින් ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. 2024 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 9,049 ක් ලෙස සටහන් වූ අතර 2025 පළමු මාස 06 තුළ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 16,133 ක් ලෙස සටහන් වී…

(0)Comments | August 19, 2025 8:38 am

අලුත්වැඩියාවට ලක් කළ චෝගම් බස් රථ 9 ක් යළි ධාවනයට

වසර ගණනාවකට ප්‍රථම මෙරටට ගෙන්වන ලද චෝගම් බස් රථ 35 ක් අතරින්, අලුත්වැඩියාවට ලක්කළ බස් රථ 9 ක් ධාවනයට එක් කිරීම ඊයේ (18) සිදු කෙරිණ. ඒ මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කටුබැද්ද අධි සුඛෝප‍භෝගී සංචාරක ඩිපෝවේ නඩත්තු අංශයේ දී යි. මෙම අලුත්වැඩියා කරන ලද බස් රථ 09 වෙනුවෙන් රු….

(0)Comments | August 19, 2025 8:25 am

කොටස් වෙළෙඳපොළෙන් අදත් වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (18) නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 252.16කින් ඉහළ ගොස් ඒකක 20,470.52ක් ලෙසින් සටහන් විය. එහි දී S&P SL20 මිල දර්ශකය ඒකක 102.62කින් ඉහළ ගොස් ඒකක 5,997.46ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 124ක කොටස් මිල ගණන්…

(0)Comments | August 18, 2025 4:33 pm

කටුනායකට එන ගුවන් මගීන්ට සහ අමුත්තන්ට වැදගත් නිවේදනයක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) කාර්යබහුල වේලාවන්හිදී ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීම සහ තදබදය කළමනාකරණය කිරීම වෙනුවෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම  විසින් ගුවන් මගීන්ට සහ අමුත්තන් දැනුවත් කිරීම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ දැක්වෙන්නේ බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 22:00 පැයේ සිට මධ්‍යම රාත්‍රිය…

(0)Comments | August 18, 2025 4:15 pm

සංචාරක පැමිණීම ලක්ෂ 15 ඉක්මවයි

2025 වස‌රේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 සිමාව ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව 2025 අගෝස්තු 18 වන දින දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,500,656ක් ලෙසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පස්වරු 3 දක්වා…

(0)Comments | August 18, 2025 3:36 pm