මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයෙකු වන MAS Holdings සිය තුල්හිරියේ පිහිටි MAS මෙත්ලිය කර්මාන්තශාලාවේ ඇඟලුම් නිෂ්පාදන මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර තිබේ. මේ බව MAS කළමනාකරණය විසින් පසුගිය පෙබරවාරි 19 දින එහි සේවකයින්ට දැනුම් දී ඇති අතර ඒ අනුව මෙතෙක් මෙත්ලිය කර්මාන්තශාලාවේ සිදුකරන ලද ඇඟලුම් නිෂ්පාදන කටයුතු සමූහයේ වෙනත් කර්මාන්තශාලා වෙත ගෙනයාමට කටයුතු කරනු ලබන අද…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් අපනයන විභවතාවක් ඇති අපනයනකරුවන් උදෙසා “Beyond Borders: Incoterms, Risk Management and Strategies for Competitiveness in International Trade” යන තේමාව යටතේ විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙහිදී අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ඉදිරි වසර පහ සඳහා වැඩිම දායකත්වයක්…
ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්ණ සඳහා පරිසර ලේබල් කිරීම (Ecolabel) හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ තිරසාර වෙළඳාම දියුණු කිරීම පිළිබඳව ඉහළ මට්ටමේ විධායක නිලධාරීන්ගේ සමුළුවක් පසුගියදා (11 ) කොළඹ NH Collection හෝටලේදී පැවැත්විණ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය හා ජපානයේ ඉකෝ මාක් (Eco Mark) ආයතනයේ සහාය ඇතිව ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය…
ගෝලීය වෙළෙඳ ආර්ථිකය වෙත තවත් ආන්දෝලනාත්මක බලපෑමක් ඇති කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, ආනයන සඳහා 10%ක නව අතිරේක තීරු බද්දක් අය කිරීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ. ආනයන සඳහා ඒකපාර්ශ්විකව තීරුබදු නියම කිරීමට තමාට බලයක් නොමැති බවට ඊයේ (20) දින ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට ආවේගශීලීව ප්‍රතිචාර දක්වමින් එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව…
මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවන ලද අනුකාරක සභා දෙකෙහි වාර්තා ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට මෝටර් වාහන පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන 2ක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු…
අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (20) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 96.43ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 21.72ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,773.64ක් ලෙසත් S&P SL20…
AI Impact 2026 සමුළුවට සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (20) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී (Hyderabad House) සිදු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම ආරාධනය පිළිගෙන AI Impact 2026 සමුළුවට සහභාගි වීම පිළිබඳ…
QR හරහා සිදුකරන ගනුදෙනුවල දී ඉදිරියේ දී රු. 5,000ට වඩා අඩු වටිනාකමින් යුතු ගනුදෙනු සඳහා අතිරේක ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුම්වත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන…
මෙරට ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම සුපිරි ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කිරීමට පුද්ගලයෙකු ඊයේ (19) සමත් වූ බවට වාර්තා වෙයි. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ‘කප්රුක‘ ලොතරැයියේ 2260 වන දිනුම් වාරයේ සුපිරි ත්‍යාගය වන රු. 629,855,919.60 ත්‍යාග මුදල දිනා ගනිමිනි. එම ජයග්‍රාහී ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ ඩබ්. රත්නසිරි සොයිසා නම් අලෙවි නියෝජිතවරයායි. මින් පෙර 2025 වසරේ…
මෙරට ලැයිස්තුගත සමාගමක් වන කළම්බු ඩොක්යාඩ් සමාගම සම්බන්ධයෙන් ප්‍රශ්න මාලාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් ඇසීමට විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (20) දිනයේ දී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණි. එම ප්‍රශ්න මාලාව පහත පරිදි වේ. 1. සීමාසහති කොළඹ නැව් තටාකාංගන සමාගමේ (Colombo Dockyard PLC) අයිතිය සම්පූර්ණයෙන්ම රජය සතුව පවතින්නේද? 2. එම සමාගමේ…
Video Story