Top News

දෙසැම්බර් තෙවන සතියේ 60,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට

2025 දෙසැම්බර් තෙවන සතිය තුළ 60,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ දෙසැම්බර් තෙවන සතිය තුළ 61,579ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. ඒ සමඟ දෙසැම්බර් මාසයේ පළමු දින 21 තුළ 154,609ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර…

(0)Comments | December 23, 2025 10:42 am

NIRDC යටතේ පළමු කාර්තුව තුළ තෝරාගත් ව්‍යාපෘති 09 ක් සදහා නවෝත්පාදකයන්‍ට රුපියල් මිලියන 227 ක මුල්‍ය පහසුකම්

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) යටතේ මේ වසරේ පළමු මාස 03 තුළ ඉදිරිපත් කළ යෝජනා අතරින් තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමට අදාළ සහතික පත් පිළිගැන්වීම සහ ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි. ඒඅනුව, රුපියල් මිලියන 227කට වැඩි මූල්‍ය පහසුකම් ලබා දීමට නියමිත අතර අදාළ…

(0)Comments | December 23, 2025 8:33 am

දිට්වා සුළිකුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය ඩොලර් බිලියන 4.1ක්- ලෝක බැංකුව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන්  මෙරට ගොඩනැගිලි හා ඒවායේ  අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතලපහසුකම්වලට සිදුකර ඇති භෞතික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් බවට ඇස්තමේන්තු කර ඇති බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකු සමූහය විසින් අද (22) දින ප්‍රකාශයට පත් කරන ලද Global Rapid Post-Disaster Damage Estimation (GRADE) වාර්තාවෙහි මේ…

(0)Comments | December 22, 2025 8:04 pm

කොටස් වෙළෙඳපොළ ඒකක 250කින් පහළට

අද (22) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන පහළ යාමක් වාර්තා විය. එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 250.89 ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 42.18කින් පහළ ගියේය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,898.20 ක් ලෙසත් S&P…

(0)Comments | December 22, 2025 4:25 pm

ජාතික උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 නොවැම්බර් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.4% ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ. 2025 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ 2.7% ක් ලෙසිනි. ඔක්තෝබර් මාසයේ දී 4.1% ක් ලෙස වාර්තා…

(0)Comments | December 22, 2025 3:52 pm

2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යන අතර, එම කාලය තුල 5.8% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන සඳහා වූ අපනයන ආදායමත්…

(0)Comments | December 22, 2025 3:02 pm

මගී සුවපහසුව ඉහළ නංවමින් ශ්‍රීලංකන් ගුවන් සේවය මාලේ වේලානා ගුවන්තොටුපළේ 1 වන පර්යන්තයේ මෙහෙයුම් නිල වශයෙන් අරඹයි

ශ්‍රීලංකන් ගුවන් සේවය, මාලදිවයිනේ මාලේ වේලානා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (Velana International Airport) සිය මෙහෙයුම් කටයුතු 2025 දෙසැම්බර් 17 දින සිට ක්‍රියාත්මක වන පරිදි නව “1 වන පර්යන්තය” (Terminal 1) වෙත නිල වශයෙන් මාරු කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් මාලදිවයින ගුවන් තොටුපළ සමාගම (MACL) විසින් 1 වන පර්යන්තය වෙත පැමිණි UL101 ගුවන් යානයේ මගීන්…

(0)Comments | December 22, 2025 10:30 am

ලෝක රන් මිල වාර්තාගත ඉහළම අගයකට පැමිණෙයි

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (22) පෙරවරු 7 පමණ වන විට අමෙරිකානු ඩොලර් 4,380 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මින් පෙර ලෝක රන්මිල 2025 ඔක්තොම්බර් 17 වන දා ඩොලර් 4,345 ලෙස ඉහළම අගයකට ලගා වූ අතර ඊට සමගාමීව මෙරට රන් මිල ද සීඝ්‍රෙයන් ඉහළ ගොස් කැරට් 24…

(0)Comments | December 22, 2025 9:17 am

දිට්වා සුළි කුණාටුවේ බලපෑමත් සමඟ මෙරට බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවු විනාශයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් ඉල්ලීමක් කර තිබේ. නොබෙල් ත්‍යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුලු ලොව ප්‍රමුඛ ආර්ථීක විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම ඉල්ලීම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු පාරිසරික විනාශයේ පරිමාණය…

(0)Comments | December 22, 2025 9:15 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා හදිසි මූල්‍යමය සහාය ලබා දීමට එ.ජ. ඩොලර් මිලියන 206ක මුදලක් අනුමත කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජා.මූ. අරමුදලේ) විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍යන උපකරණය (Rapid Financing Instrument) යටතේ ශ්‍රී ලංකාවට එ.ජ. ඩොලර් මිලියන 206ක පමණ මූල්‍යන පහසුකමක් වෙත ප්‍රවේශය ලබා දෙමින්, හදිසි මූල්‍යනය ලබා දීම අනුමත කරන ලදී. මෙම කඩිනම් මූල්‍යන උපකරණය මගින් ව්‍යසනකාරී දිට්වා සුළි කුණාටුවෙන් හට ගත් හදිසි අවශ්‍යතා සපුරා ගැනීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත…

(0)Comments | December 19, 2025 11:03 pm