Top News

ලෝකයේ වාහන මිල වැඩිම රටවල් අතර තෙවැනි තැන ශ්‍රී ලංකාවට

2021 ලෝක බැංකු වාහන මිල මට්ටම් දර්ශකයට අනුව, වාහනයක් මිලදී ගැනීමට වඩාත්ම මිල අධික රටවල් අතර ප්‍රමුඛ ස්ථානයකට ශ්‍රී ලංකාව පත්ව තිබේ.  මෙම දර්ශකය උපුටා දක්වමින් ඇඩ්වොකාටා ආයතනය පවසන්නේ 2021 දී ශ්‍රී ලංකාව, වාහන මිල ගණන් සඳහා ලෝකයේ 3 වන ඉහළම ස්ථානයට පත්ව ඇති බවයි. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ සිංගප්පූරුව සහ මාලදිවයින පමණි….

(0)Comments | August 11, 2025 2:59 pm

එලිෆන්ට් හවුස්, Reliance Consumer Products සමඟ එක්ව Campa සිසිල් බීම සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාගමක් වන Ceylon Cold Stores, ඉන්දියාවේ Reliance Consumer Products Limited (RCPL) සමඟ හවුල්කාරිත්වයකට එළඹෙමින්, ජනප්‍රිය Campa සිසිල් බීම සන්නාමය අගෝස්තු 12 දින ශ්‍රි ලංකාවට හඳුන්වා දෙයි. මෙම හවුල්කාරිත්වය ආයතන දෙක අතර සබඳතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර, පසුගිය වසරේ Reliance සමූහය හරහා එලිෆන්ට් හවුස් පාන වර්ග ඉන්දියානු වෙළඳපොළට සාර්ථකව හඳුන්වා දීමේ  සහයෝගීතාවයේ…

(0)Comments | August 11, 2025 2:24 pm

ශ්‍රී ලංකාවේ රෙදිපිලි හා ඇඟලුම් ක්ෂේත්‍රය පාරිසරික, සමාජ සහ පාලන සංකල්පයන් හි  විනිවිද බව ශක්තිමත් කිරීමට ගෝලීය වාර්තාකරණය තුළින් නව ප්‍රවේශයකට එළැඹෙයි

ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වෙමින් ඔරොත්තු දීමේ හැකියාව, තරගකාරීත්ව වර්ධනය කරගැනීම සඳහා නව තිරසාර ප්‍රවේශයකට එළැඹී ඇත. දකුණු ආසියාවේ තිරසාර ව්‍යාපාරික වැඩසටහන්වල විනිවිද බව වර්ධනය කිරීම  සඳහා වන ඒකාබද්ධ ගෝලීය වාර්තාකරන ප්‍රවේශය (ITSB) , ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය යන ආයතනයන් ශ්‍රී…

(0)Comments | August 11, 2025 11:36 am

ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අභිබවමින් LOLC සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතා, ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් කිරුළ පැළඳ ඇති බව Gulf News පුවත් සේවය සඳහන් කරයි. Gulf News පුවත් සේවය පවසන පරිදි ඉෂාර නානායක්කාර මහතාගේ වත්කම මේ වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.6ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇත. මේ වන විට රටවල්…

(0)Comments | August 10, 2025 5:59 pm

වරායේ සිරවූ BYD රථ එළියට

මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටින BYD රථ වාහනයන් හි තෝරාගත් මාදිලි කිහිපයක් මුදා හැරීම සඳහා, අතුරු සහනයක් ඉල්ලමින් BYD රථවාහනවල මෙරට බලයලත් බදාහරින්නා වන John Keells CG Auto (Pvt) Ltd (JKCG) විසින් පසුගිය අගෝස්තු 04 දින අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණි. එහිදී රේගුව විසින් රඳවා තබාගෙන ඇති එම…

(0)Comments | August 8, 2025 2:03 pm

2025 මුල් මාස 07දී රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 4.43ක්. සංචාරක ආදායම ඩොලර් බිලියන 2 පනී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජූලි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 697.3 ක් ලෙසින් වාර්තා වී ඇත. ඒ අනුව වසරේ මුල් මාස 07 තුළ දී ලද මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන ඩොලර් බිලියන 4.43 ක් දක්වා…

(0)Comments | August 7, 2025 6:46 pm

විදෙස් සංචිතය 1%කින් ඉහළට

2025 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.14 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 ජූනි මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.08ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 1%ක වර්ධනයකි. මේ අතර මහ බැංකුව පවසන්නේ 2025 පළමු භාගය තුළ දී දේශීය විදේශ විනිමය…

(0)Comments | August 7, 2025 6:18 pm

2025 මුල් මාස 06 දී ඩොලර් මිලියන 500 ඉක්ම වූ සෘජු විදෙස් ආයෝජන මෙරටට

මෙම වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 507ක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එය 2024 වසරේ පළමු මාස 6 තුළ වාර්තා වී ඇති සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය වූ ඩොලර් මිලියන 252 හා සැසදීමේ දී 101%ක වර්ධනයක් බවයි. තව ද මෙම…

(0)Comments | August 7, 2025 2:27 pm

බදු පොලු තැබූ ප්‍රධාන 200 දෙනාගේ ලැයිස්තුව ජනපති අතේ

බදු ගෙවීම මග හැර සිටින පිරිස් බදු ගෙවීම සඳහා පෙළඹවීම වෙනුවෙන්, මෙරට රාජ්‍ය ආදායමට දායකත්වය ලබාදෙන ප්‍රධාන ආයතන තුන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගතකරණය කරමින් කාර්යක්ෂම කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (07) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන…

(0)Comments | August 7, 2025 1:45 pm

ඩොලරය ගැන අවිනිශ්චිතතාවක් නැහැ – ජනපති සහතික වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරය වසරක කාලයක් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (07) පාර්ලිමේනතුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශයක් අතරතුර ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙලෙස වසරකට ආසන්න කාලයක් පුරා රුපියල් 300ක් වැනි ස්ථාවර මට්ටමක ඩොලරය පවත්වා ගෙන යෑමට හැකි වීම මෙරට ආර්ථිකය තුළ වැදගත් සාධකයක්…

(0)Comments | August 7, 2025 1:24 pm