Top News

ශ්‍රීලංකන් යානාවල සඟරා සැපයීමට අයර්ලන්තයේ ඉන්ෆ්ලයිට් ඩබ්ලින්ට ඩොලර් මිලියන 5.92 ක කොන්ත්‍රාත්තුවක්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවල මගීන්ගේ විනෝදාස්වාදය සඳහා භාවිත කළ හැකි පහසුකම් පිළිබඳ පත්‍රිකා හා විස්තරාත්මක තොරතුරු ඇතුළත් සඟරා සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, 2018 10 01 දින සිට වසර 03ක කාලසීමාවක් සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 5.92ක මුදලකට සීමාසහිත ඉන්ෆ්ලයිට් ඩබ්ලින් සමාගම වෙත පිරිනැමීම පිණිස රාජ්‍ය…

(0)Comments | June 28, 2018 12:17 pm

ඉන්දියාවේ Tata Projects ශ්‍රී ලංකාවේ ජලාශයක් ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යයනයකට සැරසෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයට පානීය ජලය සැපයීමට මෙන්ම දැදුරුඔය ද්‍රෝණිය ආශ්‍රිතව ක්‍රියාත්මක වන සියලුම ජල සම්පාදන යෝජනා ක්‍රම සඳහා ජලය වඩා හොඳින් රැස් කර තබාගැනීමටද වඳුරපීනු ඇල්ල ජලාශය ඉදි කිරීම සුදුසුම විකල්පය බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිදු කළ අධ්‍යයනයක් අනුව හඳුනාගෙන තිබේ. එම යෝජිත ජලාශය ඉදි කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිළිබඳ ඉන්දියාවේ M/s…

(0)Comments | June 28, 2018 11:27 am

වාහන සඳහා භාවිතා කරන පෙට්‍රල් හා ඩීසල් මිල යාවත්කාලීන කිරීමට කමිටුවක්

ඉන්ධන මිලගණන් සඳහා පිරිවැය පාදක කරගත් මිල සූත්‍රයක් හඳුන්වා දීමටත් එය 2018 මැයි මස 11 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමටත්, පෙර මාස දෙකෙහි ජාත්‍යන්තර මිලගණන් මත පදනම්ව තුන්වන මාසයේ 5 දිනට ඉන්ධන මිල යාවත්කාලීන කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම මිල සූත්‍ර ක්‍රමවේදය වඩාත් විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම…

(0)Comments | June 28, 2018 10:23 am

ගුවන් තොටුපළ හෝටලය ඉදිකිරීම තිලංකා හා ස්ට්‍රයිඩර්ස් ට භාරයි

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි, ගුවන් තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගමට අයත් ඉඩමක හෝටලයක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවෙහි නිර්දේශ පරිදි, තිලංකා හෝටල් පුද්ගලික සමාගම හා ස්ට්‍රයිඩර්ස් කෝපරේෂන් සාමූහිකය වෙත පිරිනැමීම පිණිස වැඩබලන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක අබේසිංහ  ඉදිරිපත් කළ…

(0)Comments | June 28, 2018 10:10 am

රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා ජපන් රජයෙන් රු. මි. 374 ක ආධාර

රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2018 වසරේදී ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 265ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 374ක) ආධාරයක් ලබාදීමට එකඟ වී ඇත. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් ජපානයේ පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා වසරකට ශිෂ්‍යත්ව 15ක් බැගින් ඉදිරි වසර හතරක්ට ලබාදීම වෙනුවෙන් මෙම ශිෂ්‍යත්වය ප්‍රදානය…

(0)Comments | June 27, 2018 9:41 am

2018 දී කොටස් වෙළෙඳපොළ 2.85% කින් පහළට

2018 වසර ආරම්භයේ සිට 2018 ජූනි 26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 2.85% කින් පහළ ගොස් තිබේ. අද (26) දින ගනුදෙනු තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 32.08 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය දැක්වුණේ ඒකක 6,188.05 ක් ලෙසිනි. මේ අනුව 2018 වසර තුළ දී…

(0)Comments | June 26, 2018 6:34 pm

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹේ

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2018 ජූනි මස 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිනි. සුරැකුම්පත් අංශයට අදාළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අවදානම් මත පදනම් වූ…

(0)Comments | June 26, 2018 6:18 pm

කාසල් වීදිය කාන්තා රෝහලත් ඩිජිටල් වෙයි

කාසල් වීදිය කාන්තා රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ  රෝගී ප්‍රතිකාර සේවාවන්  රැසක් ඩිජිටල්කරණය කෙරේ. මේ අනුව රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාකෝඩ් පතක් ලැබෙන අතර මේ නිසා  රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම  ඇතුළු සියළු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකිවේ. එසේම නැවත වරක් රෝගියාට  රෝහල් ගතවීමට සිදු වුව‍හොත්  රෝගී ඉතිහාසය පිලිබද දත්ත බාකෝඩ්…

(0)Comments | June 26, 2018 12:58 pm

ශ්‍රී ලංකාවට ඩොලර් ගලා එයි. රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වන ලකුණු

පසුගිය සතියේ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සීඝ්‍රයෙන් පහළ ගිය ශ්‍රී ලංකා රුපියලේ අගය මේ වන විට ක්‍රමයෙන් ශක්තිමත් වන ලකුණු පෙන්නුම් කර තිබේ. ගෙවී ගිය සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා වූ ඉහළම රුපියල් අගය වාර්තා වූ අතර 2018 ජූනි 21 දින ඩොලරයක ගැනුම් මිල රු. 158.11 ක් හා විකුණුම් මිල රු. 161.31 ක් ලෙසින්…

(0)Comments | June 26, 2018 12:47 pm

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය 39%කින් ඉහළට

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනය 2017 වසරේදී සියයට 39කින් ඉහළ ගොස් ඇති අතර එය ඉකුත් වසර වලට වඩා සියයට 31ක වැඩිවීමක් බවත් සංස්ථාවේ නිෂ්පාදන අළෙවිය රට පුරා ව්‍යාප්ත කිරීම සඳහා “පුනරුදය – දින 60 මෙහෙයුම” වැඩසටහන යටතේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට යන බවත් සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න…

(0)Comments | June 26, 2018 11:25 am