ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා අද (2019 ඔක්තෝබර් 23) දින සිට බලපැවැත්වෙන පරිදි, ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම නිකුත් කිරීමට තීරණය කර ඇත. 79 වසරකට හිමිකම් කියනු ලබන ද ෆිනෑන්ස්…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මත පැටවී තිබෙන අධික බදු බර හේතුවෙන් 2019 දෙවන කාර්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට ආයෝජන සියයට 8 කින් හා පරිභෝජනය සියයට 25 කින් පහත වැටී ඇතැයි මෙරට ප්‍රමුඛතම ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා පවසයි. ඊයේ (22) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මහාචාර්යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…
දුම්කොළවලින් හෝ දුම්කොළ ආදේශකවලින් නිෂ්පාදිත සුරුට්ටු, කට තබන පැත්ත උල්වූ සුරුට්ටු, සිගාරිලෝස් සහ සිගරැට් සඳහා පනවා තිබූ නිෂ්පාදන බදුවල වෙනසක් සිදුකර තිබේ. මේ අනුව දිග මිලි මීටර 67 ට වැඩි නමුත් දිග මි.මි. 72ට නොවැඩි සිගරැට් කාණ්ඩය සඳහා සිගරැට් 1,000 ක් සඳහා වන නව නිෂ්පාදන බද්ද රු. 33,000 ක් ලෙසින් නියම කර තිබේ. 2113/9 දරන…
අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 34 දෙනෙකු වෙනුවෙන් නව ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමා ඇති බව අද දෙරණ Biz වෙත වාර්තා වේ. මෙම නව කොන්ත්‍රාත්තු එළඹෙන නොවැම්බර් මාසයේ සිට මාස 14 ක් සඳහා වලංගු වේ. මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 1.7 ඉක්මවනු ලබයි. හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් මේ අනුව වැඩිම…
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 අගෝස්තු මාසයේ පැවති සියයට 3.4 හි සිට 2019 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේ ය. 2019 සැප්තැම්බර් මාසයේ දී, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් වන පිළිවෙලින් සියයට 4.9 සහ සියයට 5.1…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදකයා වශයෙන් ක්‍රියා කරන මූල්‍ය කාර්ය සාධක බලකාය විසින්, “අළු ලේඛනය” (Grey List) ලෙස හඳුන්වනු ලබන මූල්‍ය කාර්ය සාධක බලකායේ අනුකූලතා ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරන ලදී. 2019 ඔක්තෝබර් 13 සිට 18 දක්වා පැරීසියේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේ දී මෙම තීරණය…
2019 ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේදී සමාජ සුභ සිද්ධිය සඳහා බල පෑමක් කළ හැකි නවෝත්පාදන හා නිපැයුම් 44 ක් ජාතික ඇගැයුමට ලක්කෙරුණි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් නමවන වරටත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබු අතර කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ මෙම සම්මාන ප්‍රදානය පැවැත්විණි. රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය, සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය,…
භාර ආඥාපනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකාවේ වනජීවී භාරය පරිසර සංරක්ෂණය කිරීම හා වනජීවී සංරක්ෂණයට අදාළව දැනට කිසිදු ක්‍රියාකාරකමක නොයෙදෙන අතර රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 02/2018 අනුව වසා දැමීම සඳහා හඳුනාගෙන ඇත. ඒ අනුව, එය වසා දැමීමෙන් අනතුරුව එය සතු ව පැවති සියලු වත්කම් හා වගකීම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමටත්, සේවයෙන් ඉවත්…
2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ ස්ථාපනය කොට ඇති බදු අභියාචනා කොමිෂන් සභාව හමුවේ මේ වන විට රුපියල් බිලියන 63 ක වටිනාකමක් සහිත අභියාචනා 495 ක් පවතින බැවින් අභියාචනා විසඳීම සඳහා වන මූල මණ්ඩල සංඛ්‍යාව වැඩි කිරීම සුදුසු බව හඳුනාගෙන ඇත. කෙසේ වුව ද, කොමිසමේ සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කිරීමකින් තොර ව…
Video Story