2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2019 ඔක්තෝම්බර් මස 11 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ජාත්‍යන්තර පොලීසිය කොළඹ ශාඛාව සමඟ ගිවිසුමකට එළැඹිණි. ජාත්‍යන්තර පොලීසියේ තොරතුරු පද්ධතිය වෙත සෘජු ව ම ප්‍රවිෂ්ඨ වීමේ අවකාශය ලබා ගැනීම මෙහි මූලික පරමාර්ථය විය. ජාත්‍යන්තර පොලීසිය…
Laugfs සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Laugfs Power ලිමිටඩ්, හඳුන්වා දීමේ (Introduction) ක්‍රමවේදයට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට නියමිතය. මේ අනුව Laugfs Power ලිමිටඩ් හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 335 ක් හා ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස් මිලියන 52 ක් ලැයිස්තුගත කෙරෙනු ඇත. 2019 මාර්තු 31 දිනට Laugfs Power ලිමිටඩ් හි ප්‍රකාශිත ප්රාග්ධනය…
Uber Eats සේවාව ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර වසරක් සම්පූර්ණ වී තිබේ. Uber Eats යනු ජංගම දුරකථන යෙදුමක් (App) භාවිතා කරමින් පාරිභෝගිකයන්ට ආහාරපාන ඇණවුම් කර ගෙන්වාගැනීමේ පහසුකම සලසන සේවාවකි. මේ වන විට එම සේවාව මෙරට තුළ ඇණවුම් මිලියන 3 කට අධික සංඛ්‍යාවක් සඳහා ආහාරපාන සපයා ඇති අතරල මෙම ක්ෂේත්රයේ වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත්වීමටද සමත් වී…
එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් දියත් කිරීම 2019 ඔක්තෝබර් 17 වන දින සිදු වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි ඉබ්රාහිම් අල් මුවල්ලා මහතා, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය, අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් නිෂ්පාදන…
ඉ-රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතිය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ තොරතුරු පද්ධතිය හා සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතිය ප්රමුඛ තොරතුරු පද්ධතීන් ලෙස හඳුන්වා දෙමින්, මධ්‍යම රජයේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා රජය, ලෝක බැංකුව සහ යුරෝපීය සංගමය විසින් සාමූහිකව රාජ්‍ය ආංශික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය…
ශ්‍රී ලංකාවේ නවතම ජාත්‍යන්තර ගුවන් තොටුපල, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ දී විවෘත කෙරිණි. මේ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසරිස් තරංජිත් සිං සන්ධු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ. මෙය ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කෙරෙන තෙවැනි ගුවන් තොටුපල වන…
යාපනය අර්ධද්වීපය තුළ ගංගා නොමැති බැවින්, එහි ජල හිඟය මඟහැරවීම හා වඩමාරච්චි කලපුවට මායිම්ව පිහිටි ළිංවල ලවණතාවය අඩු කිරීම, එම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා වන ජල සම්පාදනය වසරකට මිරිදිය ජල ඝනමීටර මිලියන 08ක ප්‍රමාණයකින් ඉහළ නැංවීම, මිරිදිය ජල සුලභතාවය ඇති කිරීම මඟින් පානීය හා ගෘහ අවශ්‍යතා සඳහා අවශ්‍ය ජල සැපයුම ඉහළ නැංවීම අරමුණු කොටගෙන අදියර…
ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් ලෙසින් යුනයිටඩ් ඩේරීස් ලංකා (පුද්) සමාගම ලියාපදිංචිය සඳහා අනුමැතිය ලැබී තිබේ. යුනයිටඩ් ඩේරීස් ලංකා (පුද්) සමාගම යනු ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමකි. දේශීය වෙළෙඳපොළ සඳහා අවශ්‍ය නිෂ්පාදිත වෙනුවෙන් කිරි ගොවිපළක් අඹේවල දී පිහිටුවීම සඳහා යුනයිටඩ් ඩේරීස් ලංකා (පුද්) සමාගම ස්ථාපිත කර තිබේ. මෙය එක්සත් ජනපද ඩොලර් මිලියන 17…
මෙතෙක් කලක් මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා පමණක් භාවිතයට ගැනුණු ගුවන් තොටුපල 3 ක් ජාත්‍යන්තර ගුවන් තොටුපල බවට පත්කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. ඊට අනුව යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල, මඩකළපුව ජාත්‍යන්තර ගුවන් තොටුපල හා රත්මලාන, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල, ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ඇතුළුවීමේ සහ පිටවීමේ අනුමත තොටුපල ලෙසින් අභ්‍යන්තර…
අවසර ලබා දී ඇති ආයෝජනයන්ට අදාළ විදේශ විනිමය ප්‍රාග්ධන ගනුදෙනු පන්ති එහි සීමාවන් සහ අදාළ වෙනත් කොන්දේසි සම්බන්ධයෙන් බලය පවරා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි 7 වන වගන්තිය යටතේ 2017 නොවැම්බර් මස 17 දිනැති නියෝග අංක 01 සකස් කර ඇත. එම නියෝගය අනුව, අපනයනකරුවන් විසින් තම අපනයන…
Video Story