Top News

සං‍ශෝධිත ඔට්ටු හා සූදු බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

2019 අයවැය සහ 2019 අගෝස්තු මස 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, රුජිනෝ හැර අනෙකුත් සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් වර්ෂයකට අය කරනු ලබන ගාස්තුව රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 400 දක්වා වැඩි කරමින් ද, රුජිනෝ සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් වන බද්ද වර්ෂයකට රුපියල් මිලියන 01ක් ලෙස නියම කරමින් ද, ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන්…

(0)Comments | October 16, 2019 10:29 am

වෙළෙඳ හිඟය අඩුවෙයි

ආනයන තවදුරටත් පහළ යෑම සහ පෙර මාසයට සාපේක්ෂව අපනයන අඩු වීම බොහෝදුරට යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් 2019 අගෝස්තු මස වෙළඳ හිඟය අඩු විය. 2019 අගෝස්තු මස ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 16.6 ක අඩුවීමක් වාර්තා කළ අතර ප්‍රධාන අපනයන කාණ්ඩවල මිල ගණන් පහළ යෑම හේතුවෙන් අපනයන ආදායම  පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව…

(0)Comments | October 15, 2019 5:00 pm

දකුණු ආසියාවේ ආර්ථික වර්ධනය – රටවල් 8කින් ශ්‍රී ලංකාව 7 වැනි තැනට

2019 වසරේ දී දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධන වේගය තරමක් දුරට මන්දගාමී වන බවත්, එය එළඹෙන වසරවල දී යථා තත්ත්වයට පත්වනු ඇති බවත් ලෝක බැංකුව පවසයි. දකුණු ආසියානු කලාපයේ මූර්ත දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින් ලෝක බැංකුව මේ බව කියා සිටී. මෙම ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව 2019 වසරේ දකුණු ආසියානු කලාපයේ ආර්ථික…

(0)Comments | October 15, 2019 2:21 pm

එක්ස්පෝ 2020 ඩුබායි හි ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරු ලෙස මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර පත්කෙරේ

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  විසින් රාජ්‍ය පෞද්ගලික සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස සංවිධානය කරන ලද එක්ස්පෝ 2020 ඩුබායි සඳහා ශ්‍රී ලංකාවේ සන්නාම තානාපතිවරුන් ලෙස මහලේ ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ කැපී පෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයින් වන ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනාම ක්‍රිකට් ක්‍ෂේත්‍රයෙන් ඔබ්බට තම නායකත්වය, කණ්ඩායම් හැඟීම…

(0)Comments | October 15, 2019 10:38 am

එලායන්ස් එයාර් චෙන්නායි සිට යාපනයට ගුවන් ගමන් අරඹයි

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ එළඹෙන ඔක්තෝබර් 17 වනදා ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කිරීමට නියමිතය. මේ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හැරුණු විට ජාත්‍යන්තරය සමඟ සම්බන්ධ වන මෙරට තෙවැනි ගුවන්තොටුපළ බවට යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පත්වනු ඇත. යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබානු ලබන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ලෙසින් ඉන්දියාවේ එලායන්ස් එයාර් ගුවන්…

(0)Comments | October 14, 2019 5:48 pm

ඩොලර් මිලියන 50ක ආයෝජනයක් – නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

නුවරඑළියේ ඉදි කිරීමට නියමිත  ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගිය දා (13) නුවරඑළිය මහ නගරසභා පරිශ්‍රයේදී සිදුවිය. ඒ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයක් සහිත නුවරඑළිය ප්‍රදේශය මෙරට උච්ඡත්වයෙන් ඉහළම ස්ථානයක පිහිටා තිබීම හා සුන්දර පරිසරයකට හිමිකම් කීම හේතුවෙන් එම ප්‍රදේශය සඳහා වන සංචාරක…

(0)Comments | October 14, 2019 3:11 pm

සැප්තැම්බරයේ දී විදෙස් සංචිතය ඩොලර් මිලියන 886කින් පහළට

2019 අගෝස්තු 30 දින වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 8,523.71 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2019 සැප්තැම්බර් 30 දින වන විට ඩොලර් මිලියන 7,637.6 ක් දක්වා ඩොලර් මිලියන 886කින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. මෙහිදී විදෙස් විනිමය සංචිතය සැප්තැම්බර් මාසය…

(0)Comments | October 14, 2019 12:17 pm

විදෙස් සමාගම්වල ආයෝජනයට ඇමතුමක් ඔබටත් ලැබුණා ද? – මෙන්න ඇත්ත

විදේශීය සමාගම් කොටස්වල ආයෝජනය සඳහා අවස්ථාව ලබා දෙමින් ඉහළ ප්‍රතිලාභයක් ලබා දෙන බවට, විදෙස් කොටස් තැරැව්කාර සමාගම්වල නියෝජිතයින් යැයි හඳුන්වනු ලබන පුද්ගල කණ්ඩායම් දුරකථන ඇමතුම් හරහා ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් යනු ලබන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ සොයා බැලීමක දී වාර්තා වූයේ එවැනි කාර්යාලයක් මේ වන විට කොළඹ කොටුව…

(0)Comments | October 14, 2019 11:32 am

ඉන්ධන පරිභෝජනය මත කාබන් බද්ද අය කිරීමේ තීරණයක්

2018 අංක 35 දරන මුදල් පනත යටතේ මෝටර් වාහන මත කාබන් බද්ද පනවා තිබේ. වාහනයේ ප්‍රථම ලියාපදිංචියේ සිට ගත වූ කාලය, එන්ජින් ධාරිතාව සහ ඉන්ධන වර්ගය අනුව අදාළ බදු බැඳියාව තීරණය වන නමුත්, මහජනයාගෙන් ලැබුණු ඉල්ලීම්, ක්ෂේත්‍රයේ නිපුණයින්ගේ නිරීක්ෂණ සහ ප්‍රාදේශීය ලේකම් මට්ටමෙන් එය ක්‍රියාත්මක කිරීමේ ඇති අසීරුතා සලකා බලා මෙම පදනම වෙනස් කිරීමට තීරණය…

(0)Comments | October 14, 2019 11:32 am

ලෝක සංචාරක සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස අඛණ්ඩව 3 වන වරටත් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපීය ප්‍රමුඛ ගුවන් සමාගමක් ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කරමින් ලෝක සංචාරක සම්මාන උළෙලෙ හි දී (World Travel Awards )  අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස (Asia’s Leading Airline to the…

(0)Comments | October 14, 2019 11:31 am