Top News

2019 දෙවන කාර්තුවේදී ආර්ථික අපේක්ෂාව මෙන්න

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2019 දෙවන කාර්තුව (අප්‍රේල්, මැයි සහ ජුනි)   ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2019 අප්‍රේල්, මැයි සහ ජුනි මාස වලදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived…

(0)Comments | October 10, 2019 10:26 am

කොළඹ කොටස් ඒකක 70කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ඒකක 70.69කින් ඉහළ යන ලදී. මෙය පෙර (08) දිනයට සාපේක්ෂව 1.23%ක වර්ධනයකි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,809.59 ක් ලෙසින් වාර්තා විය. අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 951.26 ක් ලෙසින් සටහන් වූ අතර එය 2019 වර්ෂයේ සාමාන්‍ය දෛනික…

(0)Comments | October 9, 2019 4:16 pm

ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, සුරක්ෂිතතාව හා සංවර්ධනය සඳහා යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 40ක්

යුරෝපා සංගමය (EU) STRIDE ව්‍යාපෘතිය සඳහා (Strengthening Transformation, Reconciliation and Inclusive Democratic Engagement) ඒකාබද්ධව යූරෝ මිලියන 40ක් සම්පාදනය කරයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අද (2019 ඔක්තෝබර් 09) දින මෙම මූල්‍ය ගිවිසුමට අත්සන් තැබුවේය. මෙම අවස්ථාව පිළිබඳ අදහස් පළ කරමින් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ තානාපති…

(0)Comments | October 9, 2019 3:33 pm

ඩොලර් මිලියන 2.3ක ආයෝජනයකින් AmSafe Bridport නව කර්මාන්ත ශාලාව විවෘත වෙයි

ගුවන් යානා භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය කෙරෙන බඩු තොග දැල් සහ බැඳ තබන පටි නිෂ්පාදනය කරනු ලබන නවතම කර්මාන්ත ශාලාවක් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ දී පසුගිය දා විවෘත කරනු ලැබීය. Amsafe Bridport (Pvt) Ltd විසින් විවෘත කරනු ලැබූ මෙම නව කර්මාන්තශාලාව සඳහා සිදුකරන ලද ආයෝජනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2.3 ක් වන අතර එම…

(0)Comments | October 9, 2019 12:45 pm

හේලීස් පළමු තැනට. LMD ප්‍රමුඛතම සමාගම් 20 මෙන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන , 2018/19 වර්ෂය සඳහා මෙරට ප්‍රමුඛතම සමාගම් 20 නම් කර තිබේ. මෙම වර්ගීකරණයට අනුව පළමු තැන හේලීස් සමාගමට හිමිව ඇති අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් LOLC හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව හිමිකර ගෙන තිබේ. පසුගිය වසරේ ප්‍රමුඛතම 20 දෙනා අතර නොසිටි මෙල්ස්ටාකෝප් 8 වැනි ස්ථානයටත්,  හේමාස් හෝල්ඩිංග්ස් 18 වැනි…

(0)Comments | October 9, 2019 10:56 am

‘So Sri Lanka Pro 2019’ තරඟාවලියට නිල ගුවන් සේවා සත්කාරකත්වය ශ්‍රීලංකන් වෙතින්

ලෝක සර්ෆ් ලීගය විසින් අරුගම්බේ මුහුදු  තීරයේ සංවිධානය කරන ලද අන්තර්ජාතික සර්ෆින් තරඟාවලිය වන ‘So Sri Lanka Pro 2019’ අතිශය සාර්ථක ලෙස නිමාවට පත්වීම පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සේවය සතුටට පත්වන අතර මෙම තරඟාවලියේ නිල ගුවන් සේවා සහකරු ලෙස ජාතික ගුවන් සේවය වන  ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කරන ලදී.   ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වෙරළ තීරයේ සුන්දරත්වයත්,…

(0)Comments | October 8, 2019 10:45 am

විදෙස් ලේකම් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අමතයි

ශ්‍රී ලකාව නියෝජනය කරමින්, විශේෂ දූත පිරිසක් එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුවට පසුගිය දා එක්විය. මෙම දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්, රවිනාථ පී. ආර්යසිංහ මහතා විසිනි. එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව අමතමින් 2019 සැප්තැම්බර් 30 දින ඒ මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ. සභාපතිතුමණි, මහ ලේකම්තුමණි, සම්භාවණීය ප්‍රභූවරුනි, ගෞරවනීය…

(0)Comments | October 8, 2019 10:33 am

අතිසුඛෝපභෝගී Cinnamon Velifushi මාලදිවයිනේ දී විවෘත වෙයි

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි විවේකාස්වාද හස්තය වන සිනමන් හොටේල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් සිය නවතම හෝටල් සංකීර්ණය Cinnamon Velifushi Maldives විවෘත කරනු ලැබීය. Aarahveli  දූපතේ විවෘත කරන ලද මෙම නිකේතනයත් සමඟින් සිනමන් සමූහයට අයත් මාලදිවයිනේ පිහිටි හෝටල් සංඛ්‍යාව 4ක් වනු ඇත. එසේම මේ සමඟින් සිනමන් සමූහයේ සම්පූර්ණ හෝටල් සහ නිකේතන සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ යනු ඇත. එයට…

(0)Comments | October 7, 2019 4:37 pm

දකුණු ආසියාවේ පළමු වරට Asia Cash Cycle Seminar ශ්‍රී ලංකාවේ දී

2019 සැප්තැම්බර් 23 සිට 26 දක්වා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී පවත්වන ලද 10 වන ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය – 2019 (Asia Cash Cycle Seminar) සඳහා “කරන්සි රිසර්ච් (Currency Research)“ ආයතනය සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව සම-සත්කාරකත්වය දරන ලදී. ආසියා මුදල් චක්‍ර සම්මන්ත්‍රණය මීට ඉහත දී අන්තර්ජාතික වාණිජ මුදල් මෙහෙයුම්  සම්මන්ත්‍රණය (International Commercial Cash Operations Seminar…

(0)Comments | October 7, 2019 1:30 pm

2019 මුල් මාස 09දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දහතුන් ලක්ෂය ඉක්මවයි

2019 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 108,575 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මේ අනුව 2019 වසරේ මුල් මාස 09 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 1,376,312 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් 2018 වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේ දී පසුගිය මාසයේ සංචාරක පැමිණීම 27.2%කින් පහළ…

(0)Comments | October 7, 2019 12:32 pm