June, 12, 2026
ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් සහ සංවර්ධන ඉතිහාසයේ දැවැන්තම දියත් කිරීමේ උළෙල සනිටුහන් කිරීමට Home Lands සමූහය විසින් 'Central Park Boulevard Port City Colombo' ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීමට සූදානම් වේ. ඒ වෙනුවෙන් අද (12) සිට ජූනි 14 දක්වා මෙම සතිඅන්තයේ උත්සව මාලාවක් සංවිධානය කර ඇති අතර ‘Cinnamon Life at City of Dreams' හි 'Lumina' උත්සව ශාලාවේ පැවැත්වෙන මෙම උත්සව මාලාව “The Grand Launch Weekend” ලෙසින් නම් කර තිබේ.
මෙම සුවිශේෂී සති අන්තය අද (ජූනි 12) දින පැවැත්වෙන “The Night of Emeralds” සමාරම්භක උත්සවයෙන් ආරම්භ වන අතර, එහිදී 'Central Park Boulevard Port City Colombo' ව්‍යාපෘතිය නිල වශයෙන් එළිදැක්වීමට නියමිත ය. අති උත්කර්ෂවත් මෙම සමාරම්භක රාත්‍රිය සඳහා මෙරට සහ විදේශයන්හි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන්, කලාකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද ඇතුළු සුවිශේෂී ආරාධිතයන් රැසක් සමඟින් සුප්‍රකට බොලිවුඩ් තරු ද සහභාගී වීමට නියමිතය.
ජූනි 13 සෙනසුරාදා දින උදෑසන, සන්ධ්‍යා සහ රාත්‍රී භෝජන සංග්‍රහයන්ගෙන් සමන්විත විශේෂ හමුවීම් මාලාවකින් ද, ජූනි 14 ඉරිදා දින "The Boulevard Evening" විශේෂ රාත්‍රියෙන් ද මෙම උත්කර්ෂවත් උත්සව මාලාව සමන්විත වේ. මෙමඟින් පැමිණෙන අමුත්තන්ට ව්‍යාපෘතිය පිළිබඳව වඩාත් සමීපව අධ්‍යයනය කිරීමටත්, ඉතා සුහදශීලී වටපිටාවක Home Lands කණ්ඩායම සමඟ අදහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සැලසේ. මෙම ව්‍යාපෘතියේ සුවිසල් බව, වටිනාකම සේම වැදගත්කම ද මනාව පිළිබිඹු කරමින්, මෙම එළිදැක්වීම හුදෙක් ව්‍යාපෘතියක් හඳුන්වා දීමකට පමණක් සීමා නොවී, ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවන සුවිසල්ම නිවාස ව්‍යාපෘතියට ගැළපෙන ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සියල්ල සැලසුම් කර ඇත.
මෙම සුවිශේෂී ඉසව්ව වෙනුවෙන් එක්වීම සඳහා සුපිරි බොලිවුඩ් තරු ත්‍රිත්වයක් වන ශිල්පා ෂෙට්ටි, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලීන් ෆර්නැන්ඩස් අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ Silk Route හරහා පැමිණි මෙම බොලිවුඩ් තාරකාවන් උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබූ බව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල තැබූ සමාජ මාධ්‍ය සටහනක සඳහන් වේ.
Video Story