July, 31, 2026
දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක් ලෙස 2025 වසරේදී උත්සවාකාරයෙන් කොළඹදී ආරම්භ කරනු ලැබූ City of Dreams Sri Lanka මෙරට සංචාරක ආකර්ෂණයේ සුවිසල් ඉදිරි පියවරක් තබමින් පසුගියදා එහි පළමු වසර සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ දැවැන්තම පුද්ගලික අංශයේ ආයෝජනය වන මෙය මේ ආකාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ හෝටල් සංකීර්ණයද විය. ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයකට මුල පුරමින් ඇරඹි City of Dreams Sri Lanka වසරක ගමන සනිටුහන් කරනු ලබන්නේ සුවිශේෂී ජයග්‍රහණ රැසක්ද තමන් සතු කර ගනිමිනි.
ආරම්භයේ සිටම සුඛෝපභෝගී ආගන්තුක සත්කාරය, උසස් තත්වයේ ප්‍රණීත ආහාර පාන, විනෝදාස්වාදය, උසස් ජීවන රටා අත්දැකීම්, වෙළෙඳසැල් මෙන්ම ව්‍යාපාරික සමුළු හා ප්‍රදර්ශන (MICE) පහසුකම් සියල්ල එකම වහලක් යටදී අත්විඳීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දීමට සමත්ව සිටියි. ඒ නිසාම දේශීය මෙන්ම ජාත්‍යන්තර සංචාරකයන් වෙනුවෙන් නවතම අත්දැකීමක් ගෙන ඒමට ඊට හැකි වී තිබේ.
වසරක විශිෂ්ට ගමන පිළිබඳව අදහස් දක්වමින් City of Dreams Sri Lanka හි උප සභාපති සහ සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා පවසා සිටියේ “අපගේ කණ්ඩායමේ කැපවීම, අමුත්තන් අප කෙරෙහි තැබූ විශ්වාසය සහ අපගේ හවුල්කරුවන්ගේ සහයෝගය තුලින් සැබෑ කර ගැනීමට හැකි වූ විශිෂ්ට සැමරුමක් ලෙස අපගේ මෙම පළමු වසර සංවත්සරය පෙන්වා දිය හැකියි. විනෝදාස්වාදය සහ ආගන්තුක සත්කාරය ප්රමුඛ කොට ගත් සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුල විශිෂ්ටත්වයට පත් කිරීම උදෙසා අප ලබාදෙන දායකත්වය පිළිබඳව ඉතාමත් සතුටුයි. වසරක සැමරුම සනිටුහන් කරන මේ මොහොතේ අපගේ අමුත්තන් වෙනුවෙන් නවතම අත්දැකීම්, ජාත්‍යන්තර මට්ටමේ උත්සව සහ නවෝත්පාදන තව දුරටත් හඳුන්වා දෙමින් ශක්තිමත්ව ඉදිරියටම යාමට අප කැපවී කටයුතු කරනවා.” යනුවෙනි.
වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ජාත්‍යන්තර තත්වයේ විවිධ උත්සව අවස්ථාවන්, සුවිශේෂී ආහාර පාන අත්දැකීම් මෙන්ම විශිෂ්ට සංචාරක සේවාවන් සමඟින් විනෝදාස්වාදය හා නවීන අත්දැකීම් රැසක් අමුත්තන් වෙත ගෙන ඒමට City of Dreams Sri Lanka කටයුතු කර ඇත. එම සේවාවන් පරිපූර්ණ අයුරින් ඉටු කිරීම සඳහා සුඛෝපභෝගී හෝටල් දෙකක්, පුලුල් පරාසයක විහිදුණු භෝජනාගාර, විනෝදාස්වාද මධ්‍යස්ථාන, අති නවීන උත්සව ශාලා පහසුකම්වලින් සපිරි City of Dreams Sri Lanka කොළඹ නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම සංචාරක නවාතැනක් බවට පත් කිරීමට සමත්ව සිටියි.
සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ දායකත්වයක් ලබා දෙන City of Dreams Sri Lanka මෙම දැවැන්ත ව්‍යාපෘතිය හරහා ආගන්තුක සත්කාර, විනෝදාස්වාද, උත්සව සංවිධාන, සාප්පු සවාරි සහ ඒ ආශ්රිත අනෙකුත් අංශයන්හි විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් දායාද කිරීමටද සමත්ව සිටියි. විදේශීය ආයෝජන හා ජාත්‍යන්තර ආකර්ෂණය දිනා ගැනීමේ සුවිශේෂී අවස්ථාවක් වූ මෙය මෙරට ව්‍යාපාරික සංචාරක ක්ෂේත්රයේ, වර්ධනයට විශාල ශක්තියක් වනු ඇත.
ඉන්දියාව, චීනය සහ මැද පෙරදිග වැනි රටවලින් පැමිණෙන සංචාරකයන්ගේ සුවිශේෂී ආකර්ෂණයක් සහ උනන්දුවක් මේ වන විට මෙම සංකීර්ණය වෙත යොමුවෙමින් පවතී. ඒ සුඛෝපභෝගී නවාතැන්, විනෝදාස්වාදය සහ විවේකය යන සියල්ල එකම ස්ථානයකින් ලබාගැනීමට හැකි වීම හේතුවෙනි. තමන් සතු කලාපීය ආකර්ෂණය සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් උපයෝගී කරගනිමින්, ලොව පුරා සිටින සංචාරකයන්ගේ ප්‍රියතම ගමනාන්තයක් ලෙස කොළඹ නගරයේ නාමය තවදුරටත් ශක්තිමත් කිරීම City of Dreams Sri Lanka හි මූලික අරමුණයි.
තිරසාරභාවය සහ වගකීම් සහගත මෙහෙයුම් කටයුතු පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇති City of Dreams Sri Lanka, NUWA සහ Cinnamon Life යන හෝටල් දෙක හරහා, සම්පත් වගකීම් සහගතව කළමනාකරණය කිරීම, බලශක්ති කාර්යක්ෂමතාව, අපද්‍රව්‍ය අවම කිරීම, ජෛව විවිධත්ව වැඩසටහන්, ප්‍රජා දායකත්වය සහ වගකීම් සහගත ව්‍යාපාරික පිළිවෙත් කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන් සිය පාරිසරික, සාමාජීය සහ යහපාලන කැපවීම් අඛණ්ඩව ඉදිරියට රැගෙන යමින් සිටියි.
දකුණු ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සංකීර්ණය ලෙස ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාද අත්දැකීම් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම, සුඛෝපභෝගී ආහාර පාන සහ ජීවන රටා දීමනා පුළුල් කිරීම, MICE (ව්‍යාපාරික සමුළු හා ප්‍රදර්ශන) සහ උත්සව අවස්ථා ඉහළ නැංවීම, තාක්ෂණය මෙන්ම නවෝත්පාදනයන් සඳහා ආයෝජනය කිරීම සහ පාරිභෝගික සේවාවේ සෑම අංශයක් තුලින්ම වඩා වැඩි සේවාවක් ලබා දීම City of Dreams Sri Lanka හි අරමුණයි. එම අරමුණ ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුල වඩාත් ආකර්ෂණීය හා විශිෂ්ට සංචාරක ගමනාන්තයක් බවට තව දුරටත් ඔසවා තැබීමට ඔවුන් සමත් වනු ඇත.




Video Story