Creative Information Technologies සමාගම සිය නවතම ප්‍රිමියම් ප්‍රදර්ශනාගාරය Unity Plaza හි  දී විවෘත කරයි

    May, 28, 2026

    වසර 18කට අධික විශ්වසනීය විශිෂ්ටත්වයක් හිමි ක්‍රියේටිව් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් (පුද්ගලික) සමාගම (Creative Information Technologies (Pvt) Ltd), ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සපයන්නෙකි. එම සමාගමේ සිය නවතම ප්‍රිමියම් ප්‍රදර්ශනාගාරය පසුගියදා එනම්, 2026 මැයි 25 වන දින යුනිටි ප්ලාසා (Unity Plaza) හිදී විවෘත කෙරිණි. මෙමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ICT සහ තාක්ෂණික වෙළෙඳපොළ තුළ සිය පාරිභෝගික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.

    මෙම නව ප්‍රදර්ශනාගාරය විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන් වෙත නවෝත්පාදන සහ ලෝක මට්ටමේ තාක්ෂණික විසඳුම් ලබා දීම සඳහා වන Creative Information Technologies සමාගමේ අඛණ්ඩ ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. 2008 වසරේ සිට ශ්‍රී ලංකාවේ ICT ක්ෂේත්‍රය තුළ විශ්වාසදායක නාමයක් ලෙස Creative Information Technologies සමාගම පිළිගැනීමට ලක්ව ඇත. එසේම ගුණාත්මකභාවය, පාරිභෝගික තෘප්තිය සහ තාක්ෂණය පදනම් කරගත් විසඳුම් සඳහා වන ඔවුන්ගේ කැපවීම තුළින් ශක්තිමත් කීර්ති නාමයක් ගොඩනඟා ගැනීමට ද අද වන විට හැකියාව ලැබී තිබේ.

    Creative Information Technologies සමාගම ජාත්‍යන්තරව පිළිගත් සන්නාමයන් වන Amida, HAVIT සහ PNY සඳහා වන බලයලත් බෙදාහරින්නා සහ නියෝජිතයා ලෙස කටයුතු කරනු ලබයි. තව ද, සිය වෙළඳ හා බෙදාහැරීමේ ජාලය හරහා HP, Dell, Asus, MSI සහ අනෙකුත් ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණික සන්නාමයන් ද පාරිභෝගිකයන් වෙත සමීප කරයි. ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පරිගණක, ප්‍රින්ටර් උපාංග, gaming උපාංග, CCTV විසඳුම්, ජාලකරණ පද්ධති (networking systems), දත්ත ගබඩා කිරීමේ උපාංග (storage devices) සහ ජංගම දුරකථන උපාංග ඇතුළු පුළුල් පරාසයක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන සහ සේවාවන් Creative Information Technologies සමාගම විසින් සපයනු ලබයි.

    මෙම ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් Creative Information Technologies සමාගමේ සභාපති සුබ්‍රමනියම් සුරේෂ් මහතා මෙසේ ප්‍රකාශ කළේය. "Creative Information Technologies හි අපගේ දැක්ම වන්නේ මිනිසුන් තාක්ෂණය සමඟ සම්බන්ධ කරන වඩාත්ම කැමති සහ විශ්වාසවන්ත සැපයුම්කරු ලෙස අපගේ සේවාව සැපයීමයි. අපගේ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම හරහා ශ්‍රී ලංකාව පුරා සිටින පාරිභෝගිකයන්ට ලෝක මට්ටමේ ICT නිෂ්පාදන සහ විසඳුම් වඩාත් පහසුවෙන් ඔවුන් වෙත ළඟා කරවීමට අරමුණු කරනවා. එසේම ඔවුන්ගේ ජීවිත නංවාලීමේ අපගේ මෙහෙවර සමඟ ද එය සමපාත වෙනවා. තව ද, නවෝත්පාදනය, විශ්වසනීයත්වය සහ විශිෂ්ට සේවාවක් අඛණ්ඩව ලබා දීමට ද අපි නිරන්තරයෙන් කැපවී සිටින බව මතක් කළ යුතුයි."

    සමාගමේ දැක්ම වන්නේ "මිනිසුන් තාක්ෂණය සමඟ සම්බන්ධ කිරීම සඳහා වඩාත්ම කැමති සහ විශ්වාසවන්ත සැපයුම්කරු වීම" වන අතර, එහි මෙහෙවර වන්නේ " ගෝලීය මට්ටමේ ICT නිෂ්පාදන සහ සේවාවන් සඳහා පුළුල් ප්‍රවේශයක් ලබා දීමෙන් මිනිසුන්ගේ ජීවිත ඉහළ නංවාලීමයි. " යි.

    දිවයින පුරා වර්ධනය වන පාරිභෝගික පදනමක්, ශක්තිමත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සහ අඛණ්ඩ නවෝත්පාදනයන් සඳහා වන කැපවීම සමඟින්, Creative Information Technologies සමාගම ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක සහ ප්‍රගතිශීලී ICT සමාගමක් ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරනු ලබයි.

    වැඩිදුර තොරතුරු සඳහා Creative Information Technologies වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.