Design Square Academy, ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ අභ්‍යන්තර නිර්මාණකරුවන් බිහිකිරීම සඳහා ආධුනිකත්ව පාදක පුහුණු ආකෘතියක් හඳුන්වා දෙයි

    June, 18, 2026

    Design Square ඇකඩමිය අභ්‍යන්තර සැලසුම්කරණ අධ්‍යාපනයේ නව යුගයක් සනිටුහන් කරමින් සිය ගමන නිල වශයෙන් ආරම්භ කළේය. කටුනායක Ramada හෝටලයේ පැවැති උත්කර්ෂවත් උත්සවයකදී එළිදැක්වුණු මෙම නව අධ්‍යාපන ආකෘතිය, සාම්ප්‍රදායික න්‍යායන්ගෙන් ඔබ්බට යමින් ප්‍රායෝගික කර්මාන්ත අත්දැකීම්, ප්‍රවීණයන්ගේ මඟපෙන්වීම සහ සැබෑ ව්‍යාපෘති අත්දැකීම්වලට මුල්තැන ලබාදෙයි.

    මෙම ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රධානතම අභියෝගයක් වන පන්තිකාමර අධ්‍යාපනය සහ වෘත්තීය ප්‍රායෝගික භාවිතය අතර පවතින පරතරය පියවීම සඳහා සකස් කරන ලද මෙම නව අධ්‍යාපන ආකෘතිය එළිදැක්වීමේ අවස්ථාවට ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, අධ්‍යයන හවුල්කරුවන්, මාධ්‍ය නියෝජිතයන් සහ නැගී එන නිර්මාණකරුවන් රැසක් එක්ව සිටියහ.

    ආයතනික, නේවාසික සහ වාණිජ ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘති නිම කිරීම සම්බන්ධයෙන් දශකයකට අධික විශ්වාසනීය ඉතිහාසයක් හිමි, මෙරට ප්‍රමුඛ පෙළේ අභ්‍යන්තර සැලසුම්කරණ ආයතනයක් වන Design Square පුද්ගලික සමාගමේ පුහුණු අංශය ලෙස මෙම ඇකඩමිය ක්‍රියාත්මක වේ. සජීවී ව්‍යාපෘති ඇසුරින් ලබාදෙන ආධුනිකත්ව පුහුණු ක්‍රමවේද හරහා, වර්තමාන ව්‍යාපාරික ලෝකයේ ඉල්ලුමට සරිලන ඉහළ වෘත්තීය නිපුනතාවයකින් යුතු අභ්‍යන්තර සැලසුම්කරුවන් පිරිසක් ක්ෂේත්‍රයට දායාද කිරීම මෙහි මූලික අරමුණයි.

    සාම්ප්‍රදායික පාඨමාලා බොහෝ විට න්‍යායාත්මක දැනුමට වැඩි අවධානයක් යොමු කළද, Design Square ඇකඩමිය සිසුන්ට සජීවී ව්‍යාපෘති පරිසරයන් තුළ සෘජු අත්දැකීම් ලබාදීම කෙරෙහි ප්‍රමුඛතාවය ලබා දෙයි. එමඟින් අභ්‍යන්තර නිර්මාණ සහ නිමවුම් (fit-out) ක්‍රියාවලියේ සියලු අදියරයන් පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට සිසුන්ට හැකි වේ. බිම් සැකසීමේ පද්ධති, සිවිලිම් ස්ථාපනය, අවකාශ සැලසුම්කරණය, නිමවුම් තේරීම්, ව්‍යාපෘති සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මක කිරීම ඇතුළු වෘත්තීය ක්ෂේත්‍රයේ සැබෑ අභියෝගවලට ඔවුන් ආරම්භයේ සිටම මුහුණ දෙයි.

    Design Square ඇකඩමියේ පුහුණු ප්‍රවේශය හැඩගැසී ඇත්තේ, ව්‍යාපෘති, සේවාදායකයින්, ද්‍රව්‍ය සහ ඉදිකිරීම් පරිසරයන් සමඟ සජීවීව නිරත වීමෙන් සිසුන්ට වඩාත් ගැඹුරු සහ අර්ථවත් ඉගෙනුමක් ලබාගත හැකි බවට ඇති විශ්වාසය මතය. ක්‍රමවත් න්‍යායාත්මක උපදෙස් සහ වැඩබිම් ආශ්‍රිත ප්‍රායෝගික පුහුණුව ඒකාබද්ධ කිරීම හරහා, නිර්මාණශීලී චින්තනය මෙන්ම තාක්ෂණික කුසලතාව ද වර්ධනය කිරීමට මෙම වැඩසටහන අපේක්ෂා කරයි.

    "වසර ගණනාවක් පුරා Design Square පුද්ගලික සමාගම තුළින් අප අත්පත් කරගත් දැනුම, අත්දැකීම් සහ වෘත්තීය ප්‍රවීණත්වය මීළඟ පරපුර වෙත දායාද කිරීමේ අරමුණින් Design Square ඇකඩමිය ස්ථාපිත කෙරුණා. වත්මන් අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉගැන්වීම් සහ සැබෑ කර්මාන්තයේ අවශ්‍යතා අතර පැහැදිලි පරතරයක් පවතින බව අප හඳුනා ගත්තා. අපගේ මූලික අරමුණ වන්නේ ප්‍රායෝගික, සෘජු පුහුණුවීම් (Hands-on training) මඟින් එම පරතරය සාර්ථකව පියවීමයි. නිර්මාණශීලිත්වය, තාක්ෂණික හැකියාව සහ සැබෑ ව්‍යාපාරික ලෝකයේ අත්දැකීම් අතර නිවැරදි සමතුලිතතාවයකින් යුත් මීළඟ පරපුරේ අභ්‍යන්තර සැලසුම්කරුවන් බිහිකිරීම කෙරෙහි මෙම ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම අවධානය යොමු කර තිබෙනවා," යැයි Design Square ඇකඩමියේ අධ්‍යක්ෂ දිල්ෂාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

    ඇකඩමියේ අධ්‍යාපන ආකෘතිය ප්‍රධාන කුළුණු තුනක් වටා ගොඩනැඟී ඇත.

    විස්තීර්ණ ප්‍රායෝගික අත්දැකීම් (Comprehensive Practical Exposure): නේවාසික, වාණිජ සහ ආයතනික අභ්‍යන්තර ව්‍යාපෘතිවල සම්පූර්ණ ක්‍රියාවලිය පුරා අත්දැකීම් ලබාදීමෙන්, සිසුන්ට සැලසුම්කරණය පමණක් නොව, එය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුමද ලබාගැනීමට හැකි වේ.

    ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මාර්ගෝපදේශනය: අභ්‍යන්තර සැලසුම්කරණය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව කටයුතු කරන පළපුරුදු වෘත්තිකයන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පුහුණුවීම් සිසුන්ට පිරිනැමේ.

    වෘත්තීයමය සූදානම (Career Readiness): පාඨමාලාව නිම කරන සිසුන්ට සිය රැකියා ජීවිතයේ පළමු දිනයේ සිටම සාර්ථකව වැඩකටයුතු කරගෙන යාමට හැකිවන පරිදි ප්‍රායෝගික දැනුම, තාක්ෂණික දක්ෂතාවය සහ වෘත්තීයමය විශ්වාසය ගොඩනැඟීම මෙහි විෂය මාලාවේ ප්‍රධාන අරමුණයි.

    වර්තමානයේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් (Real estate), ඉදිකිරීම් සහ අභ්‍යන්තර සැලසුම්කරණ ක්ෂේත්‍රයන් වේගයෙන් දියුණු වෙමින් පවතී. මේ නිසා ප්‍රායෝගික අත්දැකීම් ඇති සුදුසුකම් ලත් වෘත්තිකයන් සඳහා පවතින්නේ විශාල ඉල්ලුමකි. කර්මාන්තයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි අධ්‍යාපන ක්‍රමවේදය සකස් කරමින්, එම ඉල්ලුමට සරිලන දක්ෂ වෘත්තිකයන් පිරිසක් ක්ෂේත්‍රයට දායාද කිරීම Design Square ඇකඩමියේ අපේක්ෂාවයි.

    Design Square පුද්ගලික සමාගම සතු කර්මාන්ත විශ්වාසය, ක්‍රියාකාරී පළපුරුද්ද සහ සාර්ථක ව්‍යාපෘති ඉතිහාසය මෙම ඇකඩමියට ශක්තිමත් පදනමක් සපයයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික අභ්‍යන්තර සැලසුම්කරණ අධ්‍යාපනයේ ප්‍රමුඛ ආයතනයක් ලෙස ඉදිරියට පැමිණීමේ හැකියාව Design Square ඇකඩමිය සතුව පවතින අතර, නවෝත්පාදනශීලී හා උසස් තත්ත්වයේ අභ්‍යන්තර නිර්මාණ ඉදිරිපත් කළ හැකි වෘත්තිකයින් බිහිකිරීමට එය දායක වනු ඇත.

    නව පාඨමාලා ඇතුළත් කර ගැනීම්, පාඨමාලා විස්තර සහ ඉදිරි බඳවා ගැනීම් පිළිබඳ තොරතුරු දැනගැනීමට කැමති අයදුම්කරුවන්ට වැඩිදුර විස්තර සඳහා Design Square ඇකඩමිය ඇමතිය හැකිය.

    Video Story

    Stock Market

    Exchange Rates