May, 28, 2026
ඔබගේ සිහින මංගල්‍යය සැබෑ කර ගැනීමට අවශ්‍ය සියල්ල එකම ස්ථානයකින් අත්විඳීමට දැන් අවස්ථාව උදා වී ඇත. 2026 ජූනි 27 සහ 28 දෙදින පුරා DoubleTree by Hilton Weerawila හි පැවැත්වෙන The Rajawarna Wedding Experience 2026, විවාහ සැලසුම් කරන ඔබ සඳහාම නිර්මාණය කළ සුවිශේෂී අත්දැකීමකි.
විවාහ උත්සවයක් සැලසුම් කිරීමේදී අවශ්‍ය වන ප්‍රමුඛතම සේවා සපයන්නන් රැසක් මෙහි එක්වන අතර, මනාල මනාලියන්ගේ ඇඳුම්, ස්වර්ණාභරණ, ඡායාරූපකරණය, සැරසිලි, විනෝදාස්වාද සහ උත්සව සේවා ඇතුළු ක්ෂේත්රයේ ප්‍රවීණයන් සමඟ සෘජුවම හමුවී ඔබගේ අවශ්‍යතා සඳහා සුදුසුම විසඳුම් සොයා ගැනීමට මෙය කදිම අවස්ථාවකි.
මෙම විවාහ ප්‍රදර්ශනයේදී සහභාගී වන ප්‍රමුඛතම වෙළඳ නාම සහ සේවා සපයන්නන්ගෙන් සුවිශේෂී දීමනා සහ විශේෂ වරප්‍රසාද රැසක්ද අමුත්තන්ට හිමිවේ.
තවද, එදිනම අත්තිකාරම් ගෙවා තම විවාහ උත්සවය තහවුරු කරන යුවළයන්ට නොමිලේ ඉන්ධන වවුචරයක්, වටිනා ත්‍යාග රැසක් සහිත විශේෂ ත්‍යාග ඇදීමකට එක්වීමේ අවස්ථාව සහ ඔබගේ සිහින මංගල්‍යයට 50%ක් දක්වා වට්ටම් දිනාගැනීමේ සුවිශේෂී අවස්ථාවක් හිමි වේ.
DoubleTree by Hilton Weerawila Rajawarna Resort හි රමණීය පරිසරය මධ්‍යයේ පැවැත්වෙන The Rajawarna Wedding Experience 2026, සාමාන්‍ය විවාහ ප්‍රදර්ශනයකට වඩා වැඩි අත්දැකීමක් වන අතර, සුවිශේෂී දීමනා සමඟ රන් හූයෙන් දඟිලි බැඳෙන ඔබගේ සුභ දිවි ගමනට අවශ්‍යය සියලූම සේවාවාන් එකම වහලක් යටින් ලබා ගැනීමේ අනගි අවස්ථාවකි.
වැඩිදුර තොරතුරු සඳහා හෝ අප සමඟ සම්බන්ධ වීමට +94 77 120 1119 හෝ +94 76 336 9605 අංක අමතන්න.
Video Story