June, 5, 2026
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), සිය නවතම JAECOO J5 HEV රථය ශ්‍රී ලාංකික වෙළඳපොල වෙත හඳුන්වා දී ඇත.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ නව බලශක්ති වාහන (NEV) සඳහා වන ඉල්ලුම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක, පාරිභෝගිකයන්ගේ කාලීන අවශ්‍යතාවය සපුරාලමින් උසස් තාක්ෂණයෙන් යුත් හයිබ්‍රිඩ් SUV වාහන පෙළ පුළුල් කිරීම මෙම නව හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණයි.
නව පරපුරේ නාගරික ජීවන රටාවන් ගත කරන සහ සංචාරය සඳහා වැඩි උනන්දුවක් දක්වන ලාංකිකයන් වෙනුවෙන්ම සැලසුම් කර ඇති JAECOO J5 HEV රථය, දියුණු ස්මාර්ට් හයිබ්‍රිඩ් තාක්ෂණයකින් සමන්විතය. ඉහළම ආරක්ෂාව, උපරිම සුවපහසුව මෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාව සහ ඉහළ ක්‍රියාකාරීත්වය මැනවින් සමබර කරන මෙම මෝටර් රථය, නාගරික මාර්ග තදබදයකදී මෙන්ම දුර බැහැර ධාවනයේදී ද ඉතා සුමට අත්දැකීමක් සහතික කරයි.
JAECOO J5 HEV රථයේ ඇති ප්‍රධානතම අංගය වන්නේ එහි ඇති 1.5L Turbo GDI එන්ජිමයි. එය දියුණු විදුලි මෝටරයකින් සහ සුවිශේෂී හයිබ්‍රිඩ් ගියර් පද්ධතියකින් (DHT) සමන්විත වන අතර, අශ්ව බල 221ක සහ නිව්ටන් මීටර 295ක උපරිම බලයක් ලබා දෙයි. මේ නිසා, තත්පර 7.9ක් වැනි කෙටි කාලයකදී පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගයක් කරා ළඟා වීමේ හැකියාව පවතී.
මෙම හයිබ්‍රිඩ් පද්ධතිය මඟින් ලීටරයකට කිලෝමීටර 18.9ක (කිලෝමීටර 100කට ලීටර 5.3ක) කැපී පෙනෙන ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙන අතර, ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පිරවූ පසු කිලෝමීටර 950කට වඩා වැඩි දුරක් ධාවනය කළ හැකිය. මේ හේතුවෙන් දෛනික ධාවනයේදී ඉන්ධන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබේ.
JAECOO J5 HEV රථයේ කැපී පෙනෙන බාහිර පෙනුම සහ තියුණු LED ලාම්පු පද්ධතිය මඟින් එහි සුවිශේෂී ප්‍රිමියම් ස්වභාවය මැනවින් ඉස්මතු කරයි. එදිනෙදා භාවිතයේ පහසුව සහ වර්තමාන පවුල්වල අවශ්‍යතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙහි අභ්‍යන්තරය සැලසුම් කර ඇති අතර, ඕනෑම මාර්ග තත්ත්වයකදී උපරිම පාලනයකින් යුතුව ධාවනය කිරීම සඳහා උසස් ආරක්ෂණ පද්ධති (Advanced Safety Features) සහ ස්මාර්ට් ධාවන තාක්ෂණයන් ද මීට ඇතුළත් වේ.
මෙම නව හඳුන්වා දීම පිළිබඳව අදහස් දක්වමින් Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ ප්‍රකාශ කළේය,
"JAECOO J5 HEV රථය මෙරටට හඳුන්වා දීම හරහා නවීන තාක්ෂණයෙන් පිරිපුන්, අනාගතයට ගැළපෙන මෝටර් රථ විසඳුම් ශ්‍රී ලංකාවට ලබා දීම වෙනුවෙන් අප සතු කැපවීම තවදුරටත් තහවුරු වෙනවා. ඉහළ ක්‍රියාකාරීත්වය මෙන්ම උපරිම කාර්යක්ෂමතාවය අපේක්ෂා කරන, නවීන ජීවන රටාවක් ගත කරන සැමට JAECOO J5 HEV රථය වඩාත් ගැළපෙනම තේරීමක් වනු නොඅනුමානයි."
මෙම අවස්ථාවට එක්වෙමින් Hayleys Mobility Limited හි විධායක අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය මෙසේ අදහස් දැක්වීය.
"JAECOO J5 HEV රථය ශ්‍රී ලාංකික රියදුරන්ගේ ප්‍රායෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් වෙළඳපොලට හඳුන්වා දුන් මෝටර් රථයක්. Hayleys Mobility ආයතනය සතු ශක්තිමත් අලෙවියෙන් පසු සේවා ජාලය සහ තාක්ෂණික විශේෂඥතාව හේතුවෙන්, වාහනය මිලදී ගැනීමෙන් පසුව ද අපගේ පාරිභෝගිකයන්ට අඛණ්ඩ හා විශ්වාසනීය සේවාවක් පිළිබඳ සහතිකය අප වෙතින් හිමිවෙනවා."
Hayleys Mobility හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් ප්‍රනාන්දු මහතා ද සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය,
''JAECOO J5 HEV රථය, එහි විශිෂ්ට හයිබ්‍රිඩ් ක්‍රියාකාරීත්වයට එහා ගිය, පාරිභෝගිකයාට පූර්ණ විශ්වාසයකින් යුතුව භාවිත කළ හැකි වාහනයක්. මේ සඳහා වසර 7ක පුළුල් වගකීමක් සහ බැටරිය සඳහා වසර 8ක වගකීමක් හිමිවන අතර, දිවයින පුරා විහිදුණු Hayleys Mobility සේවා ජාලයේ ශක්තිමත් අනුග්‍රහයද ලැබෙනවා. ලංකාවේ වඩාත්ම විශ්වාසදායී ආයතනික සන්නාමයක් වන Hayleys Mobility වෙතින් පිරිනැමෙන J5 HEV රථය, දිගුකාලීන පැවැත්මක් සහිත අගනා ආයෝජනයක් වනු ඇතැයි අප විශ්වාස කරනවා.''
රුපියල් මිලියන 19.9ක මිලකට හඳුන්වා දෙන JAECOO J5 HEV රථය, කොළඹ පිහිටි OMODA & JAECOO ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් හෝ ඕනෑම Hayleys Mobility ප්‍රදර්ශනාගාරයකින් දැන් මිලදී ගත හැකිය.
මෙම සුවිශේෂී සමාරම්භය සනිටුහන් කරමින් Hayleys Mobility වෙතින් විශේෂ හඳුන්වාදීමේ දීමනාවක් ද පිරිනැමේ. මෙහිදී මුල්ම පාරිභෝගිකයන් 100 දෙනා සඳහා රුපියල් මිලියනයක සුවිශේෂී වට්ටමක් හිමිවන අතර, අනාගතයට ගැළපෙන නව පරපුරේ හයිබ්‍රිඩ් වාහනයක හිමිකරුවෙකු වීමට බලාපොරොත්තු වන අයට මේ හරහා අගනා අවස්ථාවක් හිමිවනු ඇත.
වැඩි විස්තර සඳහා 0112 222 222 අංකය ඔස්සේ Hayleys Mobility හා සම්බන්ධ වෙන්න. නැතහොත් www.hayleysmobility.com වෙත පිවිසෙන්න.
Video Story