May, 13, 2026
ශ්‍රී ලාංකේය ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැලකෙන සීඝ්‍රයෙන් සංවර්ධනය වන කොළඹ වරාය නගරයේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, වරාය නගරයේ Central Park District හි අක්කර 40ක හරිත උද්‍යානය හා සම්බන්ධ කෙරෙමින් ඉදිකෙරෙන සුවිසල් ද්විත්ව කුළුණු ගොඩනැගිලි ව්‍යාපෘතිය වෙනුවෙන් Home Lands සමූහයට අනුබද්ධිත Home Lands Port City (Pvt) Limited සමාගම CHEC Port City Colombo (Pvt) සමග අලෙවි සහ මිලදී ගැනීමේ ගිවිසුමකට (Sales and Purchase Agreement/SPA) එළඹෙන ලදි.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් Home Lands සමූහය සිදුකරන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 150ක් වන අතර එය මෙරට දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ තනි ශ්‍රී ලාංකික සමාගමක් සිදුකරන ලද විශාලතම තනි ආයෝජනයයි. මෙලෙස ඉදි කෙරෙන මෙම සුවිසල් ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 300කට අධික වටිනාකමකින් යුක්ත වන අතර එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙත විශාල විදේශ විනිමයක් ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂාවයි.
පසුගියදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම ව්‍යාපෘතිය සඳහා නිල වශයෙන් කැබිනට් අනුමැතිය හිමි වූ බව සඳහන් කළ අතර ඒ අනුව Home Lands Port City Ltd විසින් වරාය නගරය තුළ පරිසර හිතකාමීත්වයෙන් යුත් අධි සුඛෝපභෝගී ද්විත්ව කුළුණු ආකෘතියේ නේවාසික ගොඩනැගිලි ව්‍යාපෘතියක් දියත් කරනු ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. මෙම ද්විත්ව කුළුණු ආකෘතියේ මහල් ගොඩනැගිල්ල, ලොව අනර්ඝතම තත්ත්වයේ පහසුකම් සියල්ලක්ම පාහේ ලබා දෙමින්, අසමසම නේවාසික, වාණිජ්‍ය සහ විනෝදාත්මක අවකාශයන්ගෙන් සමන්විත අති සුඛෝපභෝගී නේවාසික ඒකක 600 කට අධික ප්‍රමාණයකින් සමන්විත වනු ඇත. එම අති සුඛෝපභෝගී නේවාසික අවකාශයන් 1BR, 2BR & 3BR apartments, premium villas and penthouses වලින් සමන්විත වේ. සියල්ල මැනවින් සැලසුම් කරන ලද කොළඹ වරාය නගර Central Park District කලාපයේ උස් ගොඩනැගිලි සැලසුම නිසා, Home Lands විසින් ඉදිකරනු ලබන මෙම ද්විත්ව කුළුණු මහල් ගොඩනැගිල්ලට කිසිදු බාධාවකින් තොරව ඉන්දියන් සාගර තීරයේ හිරු බැස යන මනරම් දසුන් සේම වරාය නගරය පුරා දිවෙන සුන්දර ජල මාර්ගයන්ගේ දසුන්ද අත්විඳීමට අවකාශය සලසා දේ.
ශ්‍රී ලාංකේය දේපළ වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ නවෝත්පාදනය පෙරටු කරගත් අංක එකේ සහ විශ්වසනීයම සන්නාමය වන Home Lands ආකර්ෂණීය තේමාවන් ඔස්සේ සුවපහසුවත්, නිර්මාණශීලීත්වයත් මුසු වූ අසම සම නිවාස ව්‍යාපෘතීන් ගොඩනගමින් resort-style නව්‍ය ජීවන රටාවන් මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමී සන්නාමයයි. ක්ෂේත්‍රයේ සියලුම අංශ ආවරණය වන පරිදි පැතිරුණු සමාගම් 14කින් සමන්විත Home Lands සමූහයට ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) ඉහළම CS2 ශ්‍රේණිගත කිරීම හිමිකරගත් Heyraa Construction ඉදිකිරීම් සමාගම ද ඇතුලත් වන අතර එමගින් නිවාස සංකීර්ණයන් සැලසුම් කිරීමේ සිට ඉදිකිරීමත්, එම දේපළ කළමණාකරණය කිරීමත් හරහා නවමු ජීවන රටාවන් නිර්මාණය කරමින් උසස් ප්‍රමිතියත්, නවෝත්පාදනයත් සේම පාරිභෝගික තෘප්තිමත්භාවයත් අඛණ්ඩව පවත්වාගැනීමට සමත්ව තිබේ.
ජාතික තලයෙන් ජාත්‍යන්තරය වෙත ද ප්‍රවිෂ්ඨ වූ Home Lands, ඕස්ට්‍රේලියාව, ඩුබායි සහ ලන්ඩන් යන නගරවල පිහිටි සිය ශාඛාවන් හරහා දේශීය සේම ජාත්‍යන්තර සේවාදායකයින් වෙත ද නොවෙනස්ව සේවාවන් සපයනු ලබයි. ඒ සෑමවිටම විශ්වසනීයත්වය, වගකීම්සහගත බව හා සබැඳි ස්වකීය විශිෂ්ටත්වය පවත්වාගනිමිනි.
ජාතික සේම ජාත්‍යන්තර තලයේ ද අඛණ්ඩව සම්මානනීයයත්වයට පාත්‍ර වෙමින් PropertyGuru Asia Property Awards හි දී "Best Developer – Sri Lanka" සම්මානය වසර තුනක් පුරා අඛණ්ඩව හිමිකරගත් Home Lands, 2025 වසරේ දී Superbrands තත්ත්වය ද හිමි කර ගනිමින්, ශ්‍රී ලංකාවේ එකම "Real Estate Superbrand" සන්නාමය බවට ද පත්විය.
තවද, නියමිත කාලසීමාව තුළ ඉහළම තත්ත්වයේ ප්‍රමිතීන් පවත්වා ගනිමින් ව්‍යාපෘති නිමකර භාරදීම පිළිබඳව කීර්තියක් උසුලන Home Lands, මේ වනවිටත් resort apartments සහ villas 3,750ක සියලු ඉදිකිරීම් අවසන් කොට ඒවායේ හිමිකාරීත්වය සාර්ථකව භාරදී ඇත. එමෙන්ම ඉදිරි මාස 6 තුළ තවත් ඒකක 500කට අධික ප්‍රමාණයක් භාරදීමට සූදානම් වන අතර, දැනටමත් futuristic mega lifestyle development ව්‍යාපෘතීන් 8ක් යටතේ 2,200කට අධික ඒකක ප්‍රමාණයක ඉදිකිරීම් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. මෙය Home Lands සමූහය සතු ධාරිතාවයත්, අඛණ්ඩ වෙළඳපොළ ප්‍රමුඛත්වයත් නැවත නැවතත් තහවුරු කරයි.
Video Story