LOLC සිය ‌ගෝලීය ව්‍යාපාර ජාලය තවදුරටත් පුළුල් කරමින් ටජිකිස්තානය, ටැන්සානියාව සහ මලාවි රාජ්‍ය වෙත පා තබයි

    August, 31, 2021

    සිය ක්ෂුදු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පදනම් කරගත් ව්‍යාපාර ජාලය තවදුරටත් ‌ගෝලීය වශයෙන් පුළුල් කරමින් මධ්‍යම ආසියාවේ ටජිකිස්තානය සහ නැගෙනහිර අප්‍රිකාවේ මලාවි හා ටැන්සානියාව යන රටවල සමගාමී ආයෝජන ත්‍රිත්වයක් දියත් කිරීමට මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන LOLC සමූහය පියවර ගෙන තිබේ.

    මධ්‍යම ආසියානු කලාපය තුළ සිය කුළුඳුල් ආයෝජනය සිදුකරමින් LOLC විසින් ටජිකිස්තානයේ ක්ෂුුුද්‍ර ණය හා රන් ණය ව්‍යාපාර බලපත්‍රධාරී Karat (LLC LTMKh සහ LLCTMKhL) හි 75% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ.

    මේ අතර එල්ඕඑල්සී සමූහයේ නයිජීරියාවේ සහ සැම්බියාවේ සාර්ථක ක්ෂුද්‍ර මුල්‍යකරණ මෙහෙයුම් මඟින් මලාවි සහ ටැන්සානියාවේ ඇති ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් දෙකක් උපාය මාර්ගිකව අත්පත් කර ගැනීම තුළින් අප්‍රිකානු මහාද්වීපය තුළ සිය පැවැත්ම තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශක්තියක් ලබා දී ඇත.

    මලාවි Express Credit Limited හි 100%ක කොටස් හිමිකාරීත්වය සහ ටැන්සානියාවේ Tujijenge Tanzania Ltd 96%ක කොටස් හිමිකාරීත්වය තහවුරු කර ගැනීමට ද LOLC  සමූහය විසින් මේ වන විට සමත් වී තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates