Lead Story
ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දී ඇති කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Process) දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (01) ශ්‍රී ලංකා…
Featured
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට ප්‍රථම සන්නාමගත ළමා ඉතුරුම් ගිණුම වන HNB සිඟිති හි 35 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ‘’සුපිරි වීර ජම්බෝ” නමින් නවතම කතා මාලාවක් එළි දැක්වීය. මෙය ශ්‍රී ලාංකීය බැංකුවක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම සජීවීකරණ වීර චරිතය සහිත කතා මාලාව වීම විශේෂත්වයකි. මෙම කතා මාලාවේ මංගල…
Uber Eats අඛණ්ඩ සේවා ව්‍යාප්තිය හරහා ශ්‍රී ලංකාවේ තවත් ප්‍රජාවන් රැසක් වෙත සමීප කිරීමට පියවර. Uber Eats මෙරට ජනතාව වෙත සිය සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරමින්, සිය ආහාර බෙදාහැරීමේ සේවාව බදුල්ල, බණ්ඩාරවෙල සහ ඇල්ල යන ප්‍රදේශ වෙත සාර්ථකව හඳුන්වා දී ඇත. ප්‍රසිද්ධ තේ වගා කලාපයක් මෙන්ම ආරුක්කු නවය පාලම වැනි ලෝක ප්‍රකට සංචාරක ආකර්ෂණීය ස්ථානවලින්…
Colombo Fashion Week සමඟ අඛණ්ඩව ගොඩනඟාගෙන යන සිය නිර්මාණ කේන්ද්‍රීය සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යමින්, CFW Couture + Trousseau 2026 සඳහා LANKATILES මෙවරද එක්විය. සාම්ප්‍රදායික භාවිතයන්ගෙන් ඔබ්බට ගොස්, LANKATILES පුළුල් නිර්මාණාත්මක අත්දැකීමක කොටසක් බවට පත් කළ හැකි ආකාරය මෙවර සහයෝගිතාව තුළින් නව අර්ථකථනයකට ලක් කෙරිණි. මෙවර LANKATILES විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද මොසැයික් ආවරණය කළ…
Barista Coffee Lanka පුද්. සමාගම සිය අධ්‍යාපනික, වෘත්තීය පුහුණු සහ මානව සම්පත් සංවර්ධන ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිය ප්‍රථම NVQ Level 4 සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා RNH ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වනු ලැබීය. මෙම සුවිශේෂී සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේදී NVQ Level 4 පාඨමාලාව සාර්ථකව අවසන් කළ වෘත්තීය බැරිස්ටා සේවකයන් 17 දෙනෙකු නිල ඇගයීමට හා සම්මානයට පාත්‍ර…
ශ්‍රවණ සෞඛ්‍යය පිළිබඳව සමාජයේ වඩාත් විවෘත හා ධනාත්මක සංවාදයක් ඇති කිරීමේ අරමුණින් Vision Care Hearing Solutions ආයතනය සිය නවතම Hearing Ambassador වැඩසටහන පසුගියදා නිල වශයෙන් දියත් කළේය. මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ Shangri-La හෝටලයේදී විශේෂ හමුවක් පැවැත්වුණු අතර, දිගුකාලීනව Oticon ශ්‍රවණ උපකරණ භාවිත කරන තෝරාගත් පාරිභෝගික පිරිසක් ඒ සඳහා එක්වූහ. Hearing Ambassador වරුන් ලෙස…
2026 ලෝක සංචාරක දිනයේ තේමාව වී ඇත්තේ Digital Agenda and Artificial Intelligence to redesign tourism යන්නයි. එනම් සංචාරක ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍රය සහ කෘතිම බුද්ධිය යොදා ගැනීමයි. ඉන් කියැවෙන්නේ අද වන විට පරිසරය, ඓතිහාසික උරුමයන්, දේශීය සංස්කෘතිය සහ ආයුර්වේදය වැනි සාම්ප්‍රදායික සංචාරක සාධකයන් අභිබවා යමින් ඩිජිටල්කරණය හා කෘතිම බුද්ධිය සංචාරක කර්මාන්තයේ සුවිසල්…
Vietjet සමාගම, සිය ගෝලීය ගුවන් සේවා සන්නාමය තවදුරටත් ශක්තිමත් කරමින් මාලදිවයිනේ පැවැති World Travel Awards සම්මාන උළෙලේ දී, Asia’s Leading Airline Brand 2026 ලෙස සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකාව ඇතුළුව නව ගමනාන්ත වෙත සිය ගුවන් මෙහෙයුම් පුළුල් කරමින්, ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගන්නා Vietjet සමාගමේ මෙම ජයග්‍රහණය, එහි ජාත්‍යන්තර…
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL එක්ව සංවිධානය කරන 2026 ශ්‍රී ලංකා AI සතිය (Sri Lanka AI Week 2026) වැඩසටහන් මාලාවේ ප්‍රධානතම වැඩසටහන්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද දින කොළඹ Monarch Imperial හිදී නිල වශයෙන් ආරම්භ විය. සැප්තැම්බර් 25 දින ආරම්භ වූ 2026 ශ්‍රී ලංකා AI සතිය වැඩසටහන් මාලාවේ ප්‍රධානතම අංග…
වෙනස් වන ව්‍යාපාරික පරිසරය තුළ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය කාලීන ආර්ථික විශ්ලේෂණයන්, ක්ෂේත්‍ර ප්‍රවීණයන්ගේ උපදේශන සහ ව්‍යාපාරික සබඳතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ‘Beyond Ordinary – Nations Business Advisory’ වැඩසටහන හරහා ව්‍යාපාරික නායකයින් සහ ව්‍යවසායකයින් අතර ධනාත්මක ව්‍යාපාරික සාකච්ඡා ඇති කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අඛණ්ඩව කටයුතු කරයි. ප්‍රධාන ආර්ථික සහ ව්‍යාපාරික වර්ධනයන් පිළිබඳව…
ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) මගින් සංවිධානය කරන ලද 4 වන ICC නැඟීඑන ආසියානු බැංකු සමුළුව සහ සම්මාන උළෙල – 2026 (4th ICC Emerging Asia Banking Conclave & Awards 2026) හිදී, DFCC බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් හිමිවන ප්‍රධානතම සම්මාන ද්විත්වයකින් පිදුම් ලබා ඇත. ඒ අනුව, “ශ්‍රී ලංකාවේ වර්ධනය වෙනුවෙන් ඉහළම කාර්යසාධනය” (Best Performance on Growth –…
Top News
අඛණ්ඩව මාස හතරක් මුළුල්ලේ හිඟයන් වාර්තා කිරීමෙන් අනතුරුව, විදේශීය ජංගම ගිණුම 2026 වසරේ අගෝස්තු මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 133ක අතිරික්තයක් වාර්තා කළේය. ආනයන වියදම් අඩුවීම හේතුවෙන් මෑත මාසවලට සාපේක්ෂව වෙළඳ හිඟය අඩුවීම මෙම අතිරික්තයට ප්‍රධාන වශයෙන් සහාය විය. මැද පෙරදිග ගැටුම් උත්සන්න වීම හේතුවෙන් විදේශීය අංශයට බලපෑ පීඩන පිළිබිඹු කරමින්, 2026 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය…
පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 59.4ක අගයක් වාර්තා කළේය. පවතින බිටුමන් (තාර) හිඟය හේතුවෙන් මාර්ග ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය අඩාල වී ඇති බවත්, එමගින් සමස්ත ඉදිකිරීම් ක්ෂේත්රයේ වර්ධනය සීමා වී ඇති…
2027 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2026 නොවැම්බර් 12 වැනිදා සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා විවාදය පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 අගෝස්තු මාසයට සාපේක්ෂව 2026 සැප්තැම්බර් මාසයේ දී සියයට 8.0හි නොවෙනස්ව පැවතුණි. මේ අතර, වාර්ෂික ලක්ෂ්යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2026 අගෝස්තු මාසයේ දී වාර්තා වූ සියයට 8.5හි සිට 2026 සැප්තැම්බර් මාසයේ දී සියයට 8.7 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික…
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් ශ්‍රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 600 ක් පිළිසකර කිරීම සහ නැවත ඉදිකිරීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් අනුමත කර ඇත. ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (International Development Association) අර්බුද ප්‍රතිචාර කවුළුව (Crisis Response Window) හරහා ලබා දී ඇති මෙම මූල්‍ය ප්‍රතිපාදන මගින්, සුළිකුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධ වැඩසටහන එළඹෙන 2027 මාර්තු මාසයේ දී අවසන් වීමට නියමිතය. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සමඟ එකඟවන්නේ ද, නැතහොත් මූල්‍ය අරමුදලේ වැඩසටහනින් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ ද යන කරුණු සම්බන්ධයෙන් සමාජය තුළ සංවාදයක් මේ වන විට ආරම්භ වී ඇත. මේ සම්බන්ධයෙන්…
Uber Moto සහ Tuk වැනි දැරිය හැකි ගමන් සේවාවල සිට ඉහළම මට්ටමේ (Premium) ගමන් අත්දැකීම් දක්වා, Uber සිය සේවා පරාසය තවදුරටත් පුළුල් කරයි. Uber සිය ප්‍රමුඛතම ගමන් අත්දැකීම වන Uber Black සේවාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව අද නිවේදනය කළේය. වැඩි පහසුවක්, උසස් ගුණාත්මකභාවයක් සහ ප්‍රිමියම් ගමන් අත්දැකීමක් අපේක්ෂා කරන මගීන් සඳහා නිර්මාණය…
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. 2026 වසරේ මැයි මාසයේ දී පූර්වෝපායික පියවරක් ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ක්‍රියාමාර්ගය මෙන්ම ඒ…
Analysis
පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්‍රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේදී ද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, වසරේ පළමු මාස හත තුළ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සන්ධිස්ථානය පසුකර යාමට සමත් විය. 2026 ජනවාරි-ජූලි කාලසීමාව තුළ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80 ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ…
Biz 24x7
Video story