Lead Story
ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇත. ඒ සඳහා ඉදිරිපත් කරන ලද අභිලාෂ ප්‍රකාශ කිරීම් කෙටි ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව, ආයතන 05ක් වෙතින්…
Featured
කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තාක්ෂණික පරිවර්තනය ලෝක ආර්ථිකයේ සහ වෘත්තීය ලෝකයේ නව අවකාශ නිර්මාණය කරමින් සිටින යුගයක, අනාගත පරපුරේ දැනුම, නිර්මාණශීලීත්වය සහ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම සඳහා අධ්‍යාපනයට සිදුකරන තාක්ෂණික ආයෝජන, තීරණාත්මක වැදගත්කමක් ගනී. එම දැක්ම පෙරදැරි කරගනිමින් Techzone Kandy සහ Lenovo එක්ව මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට නවීන AI තාක්ෂණයෙන් සන්නද්ධ පරිගණක විද්‍යාගාරයක් හඳුන්වා දී…
ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ ගෘහස්ත විනෝදාස්වාදයට නව අරුතක් එක් කරමින් ඉහළ තිර තාක්ෂණයකින්, Vision AI විශේෂාංගයන්ගෙන්, ආකර්ෂණීය ශබ්ද රටාවන්ගෙන් හා නවීන gaming හැකියාවන්ගෙන් යුත් සිය නවතම Mini LED TV නිෂ්පාදන පෙළ නිල වශයෙන් මෙරට වෙළෙඳපොලට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. Samsung සමාගමේ ඉහළම රූප රාමු ගුණාත්මකභාවය, ශබ්ද පාලනය සහ ස්මාර්ට් සන්නිවේදන පහසුකම්, නවීන නිවාසවලට ගැළපෙන…
මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී, මානසික යහපැවැත්ම වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කෙරේ. එය “Let’s TALK & Walk 2026” නම් වූ විවෘත පා ගමනක් වන අතර, කිසිවෙකු තනී නොකර ඔහු හෝ ඇයව දැකීම, ඇසීම හා අගය කිරිමෙන් කතා කිරීමට, එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහ සහාය පැතීමට මිනිසුන් දිරිමත් කිරීම එහි අරමුණයි. 2026…
ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රථම වරට SPAR Sri Lanka සුපිරි වෙළඳසැල් ජාලය විසින් SPAR පූර්ණ යොදය සහිත කිරිපිටි (SPAR Full Cream Milk Powder) නිෂ්පාදනයක් මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයින් අතර ඉහළ විශ්වාසයක් දිනාගත් SPAR සන්නාමය යටතේ හඳුන්වා දෙන මෙම නවතම නිෂ්පාදනය මඟින්, උසස්ම ප්‍රමිතියෙන් යුත් නවසීලන්ත කිරිපිටි ඉතා සහනදායී…
පාකිස්තානීය ආහාර සංස්කෘතියේ ඇති සුවිශේෂී රසයන් මෙරටට හඳුන්වා දුන් ප්‍රමුඛතම සූපශාස්ත්‍ර සන්නාමයක් වන Khayaban, සිය පස්වැනි ශාඛාව කොළඹ පිහිටි Arcade Independence Square පරිශ්‍රයේදී ආරම්භ කරමින්, සිය ව්‍යාපාරික ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. 1998 වසරේදී ආරම්භ වූ සිය සාම්ප්‍රදායික ආහාර වට්ටෝරු මත පදනම් වූ පාරම්පරික උරුමය ඉදිරියට ගෙන යමින්, පාකිස්තානයටම ආවේණික, විවිධාංගීකරණය වූ සුවිශේෂ රසයන්ගෙන් සමන්විත…
සෙලින්කෝ ලයිෆ් සමාගම අලෙවි කාර්ය සාධනය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිය අලෙවි කණ්ඩායමේ සාමාජිකයින් 80 දෙනෙකු සඳහා වියට්නාමය සහ චීනය වෙත විදේශ සංචාර පිරිනමමින් ඔවුන්ගේ අලෙවි සාර්ථකත්වයට ඇගයීමක් මෙන්ම අමතක නොවන අත්දැකීම් ලබා දී ඇත. 2025 වසරේදී දැක්වූ විශිෂ්ට අලෙවි කාර්ය සාධනය පදනම් කර ගනිමින් වියට්නාමය වෙත සංචාරය කළ අලෙවි ජයග්‍රාහකයින් 62 දෙනෙකුගෙන් සහ චීනය…
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වන සුමති හෝල්ඩින්ග්ස් හි තාක්ෂණික අංශය වන Sumathi Information Technologies (Pvt) Ltd මේ වසරේ දී සිය 25 වැනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. ජාලකරණ (Networking) සහ End Devices සැපයීමේ සිට පුළුල් පරාසයකින් යුත් ආයතනික විසඳුම් සහ පද්ධති ඒකාබද්ධකරණ සේවා සපයන්නෙකු වශයෙන් Sumathi IT ආයතනය,…
SLIC ලයිෆ්, දිවයිනේ සෑම ප්‍රදේශයකම 2026 ඔක්තෝම්බර් 01 වෙනි දා උපත ලැබූ සෑම දරුවෙකුගේම දෙමාපියන් වෙත රුපියල් මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ පිරිනමයි. රක්ෂණයේ වැදගත්කම සියලු දෙනාටම පසක් කර දෙමින් මෙම වැඩසටහන 2026 ඔක්තෝම්බර් 01 වෙනි දින සියලුම රෝහල් ආවරණය වන පරිදි දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. ලෝක ළමා දිනය 2026 සැමරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුඛෝපභෝගී ආගන්තුක සත්කාර සපයන්නෙකු වන Shangri-La හෝටල් සමූහය, තම ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් වන ‘Taste of Shangri-La 2026’ ඔක්තෝබර් 01 සිට 31 දක්වා කොළඹ සහ හම්බන්තොට පිහිටි Shangri-La හෝටල් පරිශ්‍රයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යුරෝපය, කැනඩාව, ඉන්දියාව, මැදපෙරදිග සහ ඉන්දියන් සාගර කලාපය ඇතුළු ලොව පුරා පිහිටි Shangri-La හෝටල් 11ක ආපනශාලා 25ක් ආවරණය කරමින්…
දිනපතා භාණ්ඩ තොග ප්‍රවාහනය කරන ව්‍යාපාරයකට වාහනයක් යනු හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොවේ. එය එම ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය කොටසකි. මෙම අවශ්‍යතාව හඳුනාගනිමින්, ටොයොටා ලංකා සමාගම විසින් Toyota LiteAce ලොරි රථය සහ Toyota LiteAce Panel වෑන් රථය ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත්තේ ව්‍යාපාර සඳහා විශ්වාසනීය භාණ්ඩ ප්‍රවාහන සහකරුවෙකු ලෙසිනි. LiteAce නිර්මාණය වී ඇත්තේ සරල සංකල්පයක් පදනම්…
Top News
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ සහ දෙරටේ පුරවැසියන්ගේ සංචාරක කටයුතු පහසු කිරීමේ අරමුණින් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. එම ගිවිසුම මඟින් වලංගු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් හිමි දෙරටේ පුරවැසියන්ට දින 180ක කාලසීමාවක් තුළ රැකියා, අධ්‍යාපන,…
ශ්‍රී ලංකාව සහ ලිතුවේනියා ජනරජය අතර ඩිජිටල් ආර්ථික, තාක්ෂණික සහ රාජ්‍ය පරිවර්තන ක්ෂේත්රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ ලිතුවේනියා ජනරජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විද්මන්තාස් වර්බික්ස් මහතා ඇතුළු ඉහළ පෙළේ ලිතුවේනියානු නියෝජිත පිරිසක් අතර ඊයේ (ඔක්තෝම්බර් 05) පස්වරුවේ කොළඹ පිහිටි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ පරිශ්‍රයේදී…
ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ළඟා වෙමින් සැලකිය යුතු සන්ධිස්ථානයක් සපුරාගෙන ඇති නමුත්, ගෘහස්ථ ආදායම් සහ ශ්‍රම වෙළඳපොළ ප්‍රතිඵල තවමත් සමස්ත ආර්ථික පුනර්ජීවනයට වඩා පසුපසින් සිටින බැවින් එම යථා තත්ත්වයට පත්වීම අසම්පූර්ණ හා අසමාන මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි. සිය නවතම අර්ධ වාර්ෂික වාර්තාව හරහා ලෝක බැංකුව මේ බව සඳහන් කරයි. ලෝක…
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2026 ඔක්තෝබර් 01 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් (SME) දැනුවත් කිරීමේ සංසදයක් පවත්වන ලදී. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අපනයන හැකියාවන් සහිත ප්‍රාදේශීය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සහ ව්‍යවසායකයින්ට සහාය වීම සහ සංවර්ධනය කිරීම…
ප්රමුඛ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් හරහා ගල්ෆ් කලාපීය ආයෝජන උපායමාර්ග සහ කලාපීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කෙරේ කොළඹ වරාය නගරය විසින් සංවිධානය කරන ලද සුවිශේෂී ආයෝජක හමුවක් 2026 සැප්තැම්බර් 25 වන දින අබුඩාබි හි The St. Regis හෝටලයේ දී පැවැත්විණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික නායකයින්, ආයෝජකයින් සහ ආයතනික පාර්ශවකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම හමුවේ…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය පද්ධතීන් මුහුණදෙන වත්මන් සයිබර් ආරක්ෂක අභියෝග සහ ඒ සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වික සයිබර් සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර අද (05 ) ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙම නියෝජිත පිරිස සඳහා ඉන්දීය විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණ තිබේ. එම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 345කට ආසන්න මූල්‍ය පහසුකමක් ලබාගැනීමට හැකි වනු ඇත. ඒ සමඟ ඇමරිකානු…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු කඩා වැටීමක් අද (05) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 168.38ක පහළ යාමක් වාර්තා වීම කැපීපෙනුණි. සියලු කොටස් මිල දර්ශකයට ඉහළ සංවේදීතාවක් ඇති ඩයලොග් ආසියාටා, කොමර්ෂල් බැංකුව සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් අද දිනයේ දී සමස්ත කොටස් වෙළෙඳපොළ පහළයාමට බෙහෙවින්…
Analysis
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මන්දගාමී වීම සඳහා විදේශ සෘජු ආයෝජන (FDI) ගලා ඒමේ බාධා ප්‍රධාන හේතුවක් වි ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (U.S. Department of State) විසින් නිකුත් කරන ලද Investment Climate Statement for Sri Lanka 2026 නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව පසුගිය 2025 වසරේ දී සියයට…
පසුගිය දශක තුනක කාලය පුරා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට විශාල ශක්තියක් ලබාදුන් ප්‍රධානතම කර්මාන්තයක් වන්නේ ඇඟලුම් ක්ෂේත්රයයි. රටේ සමස්ත භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට ආසන්න කොටසක් අදත් මෙම ක්ෂේත්රයෙන් ලැබෙන අතර, පුද්ගලයන් ලක්ෂ තුනත් තුනහමාරත් අතර සංඛ්‍යාවකට සෘජු රැකියා සපයයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අද පවතින තත්ත්වයට පැමිණියේ අහම්බෙන් නොවේ. 1990 දශකයේ මුල් භාගයේ සිට…
ශ්‍රී ලංකාවේ උගත් තරුණ තරුණියන් අතර රැකියා වියුක්තිය 43%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නවතම වාර්තාවක් පෙන්වා දේ. ආසියාවේ උසස් අධ්‍යාපනයක් හෝ තෘතීයික අධ්‍යාපනයක් සහිත තරුණ තරුණියන් (වයස අවුරුදු 15-24) අතර ඉහළම රැකියා විරහිතභාවයක් ඇති රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වී ඇති අතර එහි දෙවන ස්ථානයට ඉන්දියාව පැමිණ ඇත්තේ…
Biz 24x7
Video story