June, 3, 2026
ප්‍රයිම් රෙසිඩන්සීස් පීඑල්සී (Prime Lands Residencies PLC - CSE: PLR.N) 2026 මාර්තු 31 න් අවසන් වූ මූල්ය වර්ෂය සඳහා විශිෂ්ට ප්රතිඵල වාර්තා කර ඇත. වෙළඳපල අපේක්ෂාවන් අභිබවා යන ඉහළ ආදායමක් ලබමින්, පුළුල් ව්යාපාරික ජාලය සහ සාර්ථක ව්යාපෘති හරහා ශ්රී ලංකාවේ ප්රධානතම දේපල වෙළඳාම් සමාගම ලෙස ඔවුන් සිය ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන තිබේ.
මෙම සුවිශේෂී සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් සමූහ සභාපති ප්‍රේමලාල් බ්රාහ්මණගේ මහතා පැවසුවේ, මෙම 2026 ප්රතිඵල හරහා පාරිභෝගිකයින් Prime සන්නාමය කෙරෙහි තබා ඇති ඉහළ විශ්වාසය මනාව තහවුරු වන බවයි.
කොළඹ 07 ප්රදේශයේ 'The Elizabeth' ව්යාපෘතිය සඳහා ඓතිහාසික Otters Club රථගාල පිහිටි භූමිය මිලදී ගැනීම සහ The Colombo Border ව්යාපෘතියේ Tower Cosmos හි ප්රධාන ප්රධාන ව්යූහාත්මක ඉදිකිරීම් කල්තියා නිම කිරීම වැනි සුවිශේෂී පියවර හරහා සමාගම නාගරික ජීවන රටාවට නව මුහුණුවරක් ලබා දී ඇති අතර, සිය ව්යාපෘති ජාලයද විශාල වශයෙන් ශක්තිමත් කර ඇත.
උසස් තත්ත්වයේ නිවාස ලබා දීම, පදිංචිකරුවන් සඳහා නවීන තාක්ෂණික පහසුකම් හඳුන්වා දීම සහ කොටස්කරුවන්ගේ ප්රතිලාභ අඛණ්ඩව ඉහළ නැංවීම සඳහා මනා මූල්ය කළමනාකරණයකින් යුතුව කටයුතු කිරීම කෙරෙහි සමාගම දැඩි අවධානයක් යොමු කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සමාගමේ මෙම සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරමින්, 2026 Real Estate Asia Awards සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වසරටත් ශ්රී ලංකාවේ හොඳම දේපල වෙළඳාම් සමාගම ("Developer of the Year - Sri Lanka") ලෙස Prime Lands Residencies සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම කීර්තිමත් සම්මානය සමාගම ක්ෂේත්රයට හඳුන්වා දුන් නවීන සංකල්ප, මහල් නිවාස ව්යාපෘති 50 කට වඩා අරඹා ඉන් 45 කට වැඩි ප්රමාණයක් මේ වන විටත් නිම කර තිබීම සහ කොළඹ කොටස් වෙළඳපොලේ ඔවුන් සතු ප්රමුඛස්ථානය සඳහා ලැබුණු කදිම සාක්ෂියකි.
තවද, යහපත් ව්යාපාරික පිළිවෙත් සඳහා සමාගමේ ඇති කැපවීම ඇගයීමට ලක් කරමින්, ඉඩම් සහ දේපල සමාගම් කාණ්ඩය යටතේ අඛණ්ඩව සිව්වන වසරටත් 2024/25 TAGS සම්මානය දිනා ගැනීමටද ඔවුන් සමත් විය. විනිවිදභාවයෙන් යුතු වාර්තාකරණය, අඛණ්ඩව ලාභාංශ ගෙවීම සහ බදු ගෙවීමෙන් පසු ලාභය සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති විශාලතම දේපල වෙළඳාම් සමාගම ලෙස Prime Lands තවදුරටත් ඉදිරියෙන්ම සිටී.
සමාගමේ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් විධායක සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය ප්‍රකාශ කළේ, "Prime Lands Residencies PLC හි අපගේ මූලික අරමුණ වන්නේ නාගරික නිවාස ඉදිකිරීමේදී පාරිභෝගිකයින් බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළ සුවපහසු ජීවන අත්දැකීමක් සහ ඉහළ වටිනාකමක් ලබා දීමයි" යනුවෙනි. ශ්රී ලංකාවේ දේපල වෙළඳාම් ක්ෂේත්රයේ පුරෝගාමියා ලෙස, දේශීය අත්දැකීම් සහ ජාත්යන්තර ප්රමිතීන් එකට මුසු කරමින් දිගුකල් පවතින නිවාස සහ ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමට සමාගම නිරන්තරයෙන් කටයුතු කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
කොටස්කරුවන් වෙත ඉහළ ප්‍රතිලාභ ලබා දීමට ඇති කැපවීම සහ මූල්ය ශක්තිය මනාව පෙන්නුම් කරමින්, 2026 මාර්තු 31 න් අවසන් වූ වර්ෂය සඳහා සාමාන්ය කොටසකට රු. 0.80 ක (ශත අසූවක) අතුරු ලාභාංශයක් ලබා දීමට අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. ලාභාංශ රහිත දිනය (ex-dividend date) 2026 ජූනි 09 ලෙසත්, ලාභාංශ ගෙවන දිනය 2026 ජූනි 26 ලෙසත් නියම කර තිබේ.
ප්රධාන මූල්ය ජයග්රහණ
මෙහෙයුම් සාර්ථකත්වය සහ අනාගතය
ආදායම විශාල වශයෙන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ, ක්රියාත්මක වෙමින් පවතින ව්යාපෘතිවල ඉදිකිරීම් කඩිනම් වීම සහ මැරීන් ඩ්රයිව් හි 43 by the Sea වැනි සුඛෝපභෝගී ව්යාපෘති මෑතකදී නිම කර එහි ආදායම් වාර්තා කිරීමයි.
ඒකක 484 කින් යුත් The Colombo Border ව්යාපෘතියේ Tower Cosmos හි ප්රධාන ඉදිකිරීම් නියමිත කාලයට මාස හතරකට පෙර නිම කිරීම, සහ J’adore Negombo, MON VIE Colombo 05, The Prime Colombo 09, The Golf – Colombo 08 සහ The Elizabeth - Colombo 07 වැනි ව්යාපෘති කඩිනමින් ඉදිවීම හේතුවෙන් පාරිභෝගික උනන්දුව ඉතා ඉහළ මට්ටමක පවතී. සමාගමේ ආදායම් වාර්තා කිරීමේ පිළිවෙතට අනුව, අලුතින් අරඹන ලද The Elizabeth වැනි අති සුඛෝපභෝගී ව්යාපෘතිවල ආදායම තවමත් මූල්ය වාර්තාවලට ඇතුළත් කර නොමැති අතර, එමඟින් ඉදිරි වසර සඳහා විශාල ආදායමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඡායාරූප සටහන්
Video Story