March, 1, 2022
Softlogic Holdings PLC, හි පූර්ණ අනුබද්ධිත Softlogic Retail (Pvt) Ltd. මඟින්, මනා නිමාවකින් යුක්ත, විදුලි පිරිමැසුම්දායක, වායු සමීකරණ යන්ත්‍රයක් වන MAXMO වායු සමීකරණ යන්ත්‍රය, 2022 පෙබරවාරි 27 වන දින, හඳුන්වා දුන් අතර, දිවයින පුරා Softlogic හා Softlogic Max ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම අන්තර්ජාලය හරහා mysoftlogic.lk. වෙත පිවිසීමෙන්ද MAXMO වායු සමීකරණ යන්ත්‍රය මිලදී ගත හැක.
Softlogic Retail (Pvt) Ltd ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මොහමඩ් රිස්වි මහතා අප හා අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය: “MAXMO සන්නාමය ගෘහස්ථ උපකරණ සහ උපාංග සඳහා වඩාත් ජනප්‍රිය තේරීමක් ලෙසට තිරසාරව වර්ධනය වීම පාරිභෝගිකයන් තුළ Softlogic කෙරෙහි ඇති විශ්වාසයට සාක්ෂියකි. සිල්ලර වෙළඳ අවකාශය තුළ, පුළුල් වපසරියක ව්‍යාප්ත ව්‍යාපාර සමඟින්, අපි ශක්තිමත් සහ විශ්වාසවන්ත පාරිභෝගික සබඳතාවයක් ගොඩනඟා ගෙන ඇති අතර අපගේ පාරිභෝගිකයින් සිය ජීවන රටාව ගොඩ නගා ගැනීමේදි තෝරාගන්නා සන්නාම අතරට අපව ඇතුලත් කර තිබීම සතුටට කරුණක්. MAXMO යනු මේ වන විට පාරිභෝගිකයින් අතර විශාල ආකර්ෂණයක් අත්කර ගෙන ඇති එවැනි සන්නාමයකි. අප ආයතනය දැනට MAXMO සන්නාමය යටතේ රෙදි සෝදන යන්ත්‍රවල සිට ඉතා කුඩා ගෘහ උපකරණ දක්වා පුළුල් පරාසයක ගෘහ උපකරණ සිල්ලරට අලෙවි කරන අතර MAXMO පවුලට නවතම එකතු කිරීම ලෙස MAXMO වායු සමීකරණ හඳුන්වාදීමට සතුටු වෙනවා.”
MAXMO විසින් සිය පාරිභෝහිකයින්ට මේ වන විට වායු සමීකරණ වර්ග දෙකක් හඳුන්වා දී ඇත.
Inverter වායු සමීකරණ (ධාරිතාව 12000/18000/24000 BTU යන විකල්ප 3ක් සහිත) සහ Inverter නොවන වායු සමීකරණ (ධාරිතාව - 9000/12000/18000/24000 BTU විකල්ප 4) වශයෙනි.
MAXMO 12000 BTU විකල්පය වර්ග අඩි 500-600 වැනි ප්‍රමාණයක කුඩා වාසස්ථාන, පන්ති කාමර හෝ භෝජනාගාර සඳහා යෝග්‍යය. MAXMO 24000 BTU විකල්පය ආසන්න වශයෙන් වර්ග අඩි 1,000 - 1,200 පමණ විශාල ප්‍රදේශ සඳහා යෝග්‍ය වේ.
වසර 10ක වගකීමක් සහිතව එන MAXMO වායු සමීකරණ එහි Flexible Inverter තාක්‍ෂණය ඔස්සේ, සමස්ථ විදුලි පරිභෝජනය අවම කරමින්, වැඩි වශයෙන් බලශක්තිය ඉතිරි කර කාර්යක්ෂමතාව ලබා දෙයි. Flexible Inverter තාක්‍ෂණය ස්වයංක්‍රීයව, එම මොහොතට ගැළපෙන උෂ්ණත්වයට හැඩගැසෙමින්, අදාල ස්ථානයේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව අනුව සිසිලනය කිරීමෙන්, ශක්තිය ඉතිරි කරයි. මෙම වායු සමීකරණ යන්ත්‍රයට, තඹ සංකෝචක, ප්‍රතිවිඛාදන Bluefin තාක්‍ෂණය සහ R32 පරිසර හිතකාමී ශීතකාරක වැනි විශේෂාංග ද ඇතුළත් ය. සෑම මිලදී ගැනීමකදීම අලවියෙන් පසු සවිකරන ස්ථානය පරීක්ෂාව සහ සවිකිරීම නොමිලේ සිදු කෙරෙන අතර, නොමිලේ සේවා වාර 3ක් සහ වසර 1ක පුළුල් වගකීම් කාලයක් සහ කොම්ප්‍රෙෂරය සඳහා වසර 10ක වගකීම් සහතිකයක්ද හිමි වේ.
අප හා අදහස් දැක්වීම අවසානයේ රිස්වි මහතා මෙසේ පැවසීය: “Softlogic හි සේවා සහතිකයට අනුකූලව, උසස් ගුණාත්මක සේවාවක් සපයමින්, පාරිභෝගිකයින්ට හොඳම මිලට ඉහළම පෙළේ නිෂ්පාදන ලබාදීමට, MAXMO සන්නාමය දැනට වෙළඳපොල පවත්නා Softlogic, Panasonic, Samsung සහ TCL වායු සමීකරණ යන්ත්‍ර අතරට සාදරයෙන් පිළිගන්නවා. MAXMO වායු සමීකරණ පෙළ එහි ඇති ආකර්ෂණීය සහ දැරිය හැකි මිල නිසා දැනට සම්ප්‍රදායික විදුලි පංකා මිලදී ගන්නා පාරිභෝගිකයින් අතරට යනු ඇත. මෙම එක් ඒකකයක ආරම්භක මිල මිල රු. 1,682 ක් පමණි.”
ප්‍රමුඛ පෙළේ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා මාස 60ක් දක්වා 0% පොලී රහිත වාරික යෝජනා ක්‍රම මෙන්ම Softlogic හි ‘පොලි ෆ්‍රී හිතට ෆ්‍රී’ යෝජනා ක්‍රමය යටතේ මාස 18ක පොලී රහිත වාරික ගෙවීම් සැලසුම් වැනි ආකර්ෂණීය දීමනා රාශියක් Softlogic Retail වෙතින් සිය පාරිභෝගිකයින්ට පිරිනැමේ.
Softlogic නම් දේශීය බලාගාරය Panasonic, Samsung, Dell, Nokia, Acer, Candy, Whirlpool, Softlogic Prizm, Apple, සහ TCL වැනි ලෝකයේ වඩාත්ම ආදරය කරන සන්නාම වලින් නවීන පන්නයේ රූපවාහිනී, හෝම් තියටර් පද්ධති, ශ්‍රව්‍ය පද්ධති, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, වායු සමීකරණ, ලැප්ටොප්, ජංගම දුරකථන, මුළුතැන්ගෙයි උපකරණ සහ කාය වර්ධන යන්ත්‍ර රාශියක් පාරිභෝගික ජනතාවට තිළිණ කරයි.
Softlogic Furniture මඟින් ඔබේ නිවස තෝතැන්නක් කර ගැනීම සඳහා සෝෆා, රෙක්ලයිනර්, ඇඳන්, මෙට්ට සහ නිදන කාමර කට්ටල, කෑම මේස, කණ්නාඩි මේස කට්ටල, පැන්ට්‍රි කබඩ් වැනි පුළුල් පරාසයකින් යුත් උසස් තත්ත්වයේ නවීන ගෘහභාණ්ඩ ලබා දෙන අතර කාර්යාල සඳහා අවශ්‍ය කාර්යාල පුටු, විධායක මේස, පොත් රාක්ක, ලාච්චු කට්ටල සහ තවත් දේ ඇතුළත් ගෘහභාණ්ඩ ඔබ අතට පත් කරයි.
Video Story