• Ada Derana BIZ Sinhala
  • Great Place to Work®
  • Rhino
  • sri lanaka

රයිනෝ වසර 60 ක් සපුරයි, Great Place to Work® පිළිගැනීම අත්පත් කරගනී

June, 10, 2022

වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන රයිනෝ, මෙම වසරේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ වසර 60ක් සපුරන්නේය. ඒ හා සමාන්තරව සමාගමේ සේවක ප්‍රජාවගේ මනාප ප්‍රකාශ කිරීමක් හරහා Great Place to Work® ආයතනයෙන් ලබාදෙන විශිෂ්ට සේවා ස්ථානයක් යන පිළිගැනීමත් අත්පත් කරගැනීමට සමත්වී ඇත. යහපත් ආයතනික පුරවැසියෙකු ලෙස කැපී පෙනෙන රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම, මෙම නවතම පිළිගැනීමත් සමඟින් විශිෂ්ට සේවා සංස්කෘතියක් සහිත වටිනාකම් මත පදනම් වූ සංවිධානයක් ලෙස තවදුරටත් ගෞරවයට පාත්‍ර වෙයි.

ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 24 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2020/21 කාලසීමාව සඳහා අගය එකතු කළ ඛනිජ අංශයේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයෙන් පිදුම් ලද රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම, පසුගිය දශක හය තුළ ව්‍යාපාරයේ යෙදෙමින් ආර්ථිකයට සුවිශාල දායකයෙකු ලෙස රට තුළ සිය ස්ථාවරය තහවුරු කර ඇත. මෙවසර මැයි මාසයේදී 60 වන සංවත්සරය සමරන Rhino, 100% ශ්‍රී ලාංකික සමාගමක් වන අතර දශක ගණනාවක් තිස්සේ හොඳම තත්ත්වයේ නිෂ්පාදන වෙළඳපොළට සැපයීම කෙරෙහි අවධානය යොමු කර ඇත. එමෙන්ම, ගුණාත්මක සෙවිලි නිෂ්පාදන සඳහා ඉල්ලුමක් ඇති කරමින්, ගෝලීය ක්‍රීඩකයන්ට එරෙහිව තරඟ කිරීමට ද උපායශීලීව ස්ථානගත වී ඇත.

රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ E. J. ඥානම් මහතා මෙම සන්ධිස්ථානය සහ පිළිගැනීම පිළිබඳව අදහස් දක්වමින්, “උදාර ආයතනික පුරවැසියෙකු ලෙස හැට වසරක් සමරන අවස්ථාවේ Great Place to Work පිළිගැනීම ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. අපගේ දිවංගත සභාපති දේශමාන්‍ය A.Y.S. ඥානම් මහතාගේ 100 වැනි උපන්දිනය අපි මේ මැයි මාසයේදී සැමරූ අතර, සියල්ලන්ටම එකසේ සලකන අපගේ සේවා සංස්කෘතියේ ධනාත්මක බලපෑම සහ නිවැරදි සාරධර්ම පිළිබිඹු කරන මෙම ප්‍රධාන සන්ධිස්ථානයට සමගාමීව අප ආයතනය කෙරෙහි අපගේම සේවකයින් තබා ඇති විශ්වාසය ගැන මම සතුටු වෙමි.” යයි ඔහු ප්‍රකාශ කළේය.

2022 ජූනි මාසයේදී 60 වැනි සංවත්සරයට සමගාමීව රයිනෝ වෙත Great Place to Work පිළිගැනීම පිරිනමන ලදී. Great Place to Work® ආයතනය, සේවා ස්ථානයේ සේවක අත්දැකීම් පිළිබඳව සියලු අංශ පරීක්ෂා කරන ශක්තිමත් සමාලෝචන පද්ධතියක් අනුගමනය කරමින්, වෙළඳපොලේ හොඳම සේවා යෝජකයන් හඳුනා ගනී. Rhino,  ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ සේවා ස්ථානයක්  ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය ගෝලීය ඇගයීම් ප්‍රමිතීන් සියල්ල සපුරාලීය.  පුද්ගල මූල සංස්කෘතියක් තිබීම, සේවා යෝජකයා සහ සේවකයා අතර අන්‍යොන්‍ය සහයෝගීතාවය සහ වඩාත්ම වැදගත් වශයෙන් තමන් විශිෂ්ට ස්ථානයක සේවය කරන බවට සේවකයින් තුළ ඇති විශ්වාසය මෙහිදී සලකා බලනු ලැබිණි.

“තමන්ගේ මානව සම්පත් සංවර්ධනය කිරීමට අදිටන් කරන අනෙකුත් දේශීය සමාගම්වලට ආදර්ශයක් වීමට රයිනෝ රූෆිං සැමවිට උත්සහ කරයි. සේවකයින් රැකබලා ගැනීම ඔවුන් තුළ හිමිකාරීත්වය පිළිබඳ හැඟීමක් ඇති කරන අතර, ආයතනික වටිනාකම් මෙන්ම සේවා යෝජකයාගේ සහ සේවකයින්ගේ උනන්දුව ආරක්ෂා කරන අතරම කාර්ය සාධනය මත පදනම් වූ සංස්කෘතියක් ඇති කරයි. අපේ අවුරුදු 60ක උරුමය දේශසීමාවලින් ඔබ්බට ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යන මේ අවධියේ, අපි ක්ෂේත්‍රයේ මිණුම් දඬු වලින් ඔබ්බට යන උසස් ප්‍රමිතීන් සකසා ඇත්තෙමු. ප්‍රත්‍යස්ථභාවය සහ අඛණ්ඩතාව සමඟින් අපගේ මූලික වටිනාකම්වලින් එකක් වන ගුණාත්මක භාවයෙන් ද අපි අද්විතීය වෙමු. අප ප්‍රදර්ශනය කරන ඉහළ වෘත්තීයභාවය සහ අපගේ දිවංගත සභාපතිවරයා තුලින් උරුමවූ අපගේ කීර්තිය අපට අඛණ්ඩව මඟ පෙන්වනු ඇත.” ඥානම් වැඩිදුරටත් පැවසීය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ ආර්ථික පසුබෑම මධ්‍යයේ රයිනෝ සිය සේවකයින් රැකබලා ගැනීමට පරිශ්‍රමයක් දැරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අභියෝගාත්මක කාලවලදී පවා ආයතනික කාර්ය සාධනය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට මග පෑදූ සේවක පක්ෂපාතීත්වයක් ඇති විය. Great Place to Work විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීමෙන් සේවකයින් සමාගම කෙරෙහි ඔවුන්ගේ පක්ෂපාතිත්වය සහ කෘතඥතාව හෘදයාංගමව සහතික කර ඇත.

  • Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • Vision Care

විෂන් කෙයා විසින් ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි සඳහා පහසු ගෙවීමේ සැලසුම් හඳුන්වා දෙයි

June, 10, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, තම පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙන් ප‍්‍රමුඛ පෙළේ බැංකු සහ ගෙවීම් වේදිකා කිහිපයක් සමඟ එක්වී පහසු ගෙවීමේ සැලසුම් හඳුන්වා දෙයි.

විෂන් කෙයා ආයතනය, ප‍්‍රමුඛ පෙළේ බැංකු සමඟ එක්වී හඳුන්වා දෙන ලද මෙම පහසු ගෙවීමේ සැලසුම් හරහා පාරිභෝගිකයින්ට ඇස් කණ්නාඩි සහ අව් කණ්ණාඩි මිලදී ගෙන එය මාසික ගෙවීම් වාරික 3, 6 හෝ 12ක් ඇතුලත දී පියවිය හැකිය. මෙම විශේෂ ක්‍රෙඩිට් කාඞ් දීමනා ජුනි මස 30 වනදා දක්වා වලංගු වන අතර දිවයින පුරා පිහිටි සියලූම විෂන් කෙයා ශාඛාවලින් මෙම පහසු ගෙවීමේ ක‍්‍රම යටතේ මිලදී ගැනීම සිදු කළ හැකිය.

සියලූම විෂන් කෙයා ශාඛා අති නවීන උපකරණ භාවිතා කරමින්, මනා පුහුණුවක් ලැබූ පළපුරුදු දෘෂ්ටි විශේෂඥයින් කණ්ඩායමක් හරහා, ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන සහ සේවා පාරිභෝගිකයන් වෙත සපයනු ලබයි. මේ වන විට, විෂන් කෙයා වෙතින් සෑම ජීවන රටාවකටම ගැලපෙන පරිදි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච, වෙනත් දෘශ්‍ය නිෂ්පාදන සහ ශ‍්‍රවණාධාර විවිධ මිල ගණන් යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී. ඍ්හ-ඊ්බල ඪදටමැල ෑපචදරසද ්රප්බසල ඡුදකද ඍ්කචය ඛ්මරුබ වැනි තවත් බොහෝ ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි ඕනෑම විෂන් කෙයා ශාඛාවක් මඟින් ලබා ගැනීමේ හැකියාව තිබේ. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හොඳම ඇස් කණ්ණාඩි වර්ග දේශීය වෙළෙඳපොළට හඳුන්වාදීමේ පුරෝගාමිත්වයට අමතරව විෂන් කෙයා විසින් උසස් තත්ත්වයේ අක්ෂි පරීක්ෂණ මෙන්ම ශ‍්‍රවණ පරීක්ෂණ ද පිරිනමයි.

  • Ada Derana BIZ Sinhala
  • Alumex
  • Alumex Lumin fabricator
  • Lumin
  • sri lanaka

Alumex Lumin fabricator ජාලය 15,000 දක්වා වර්ධනය වෙයි

June, 9, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Alumex, Lumin විශේෂඥයින් 2,000 ට අමතරව තවත් විශේෂඥයින් පිරිසකගේ සහභාගිත්වයෙන් මෑතකදී සිය ගෘහස්ථ ඇලූමිනියම් නිෂ්පාදක ජාලය 15,000කට වඩාත් පුළුල් කරන ලදී.

දශක දෙකකට පෙර ආරම්භ කරමින් Alumex දේශීය ඇලූමිනියම් නිෂ්පාදකයින් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා අංග සම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කළේය. ශ‍්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ගේ දැනුම වැඩි දියුණු කිරීමට අමතරව සමාගම කාර්මික විද්‍යාලයෙන් විසිර ගිය සහ ති‍්‍රවිධ හමුදා කාර්මික අංශය පුහුණු කිරීම අඛණ්ඩව කි‍්‍රයාත්මක කරනු ලබයි.

”Alumex සෑම විටම පාරිභෝගිකයින්ට හැකි හොඳම නිෂ්පාදන ලබාදෙනවා. මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි දිවයින පුරා සිටින ඇලූමිනියම් නිෂ්පාදකයින්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතර ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දෙමින් සහ සහතික පිරිනමමින් සමස්ත දේශීය කර්මාන්තයේ ගුණාත්මකභාවය සහතික කිරීමට උපකාරී වෙනවා. මේ සඳහා අප සාර්ථක, උද්යෝගිමත් Lumin නිෂ්පාදක ප‍්‍රජාවක් ද ස්ථාපිත කර තියෙනවා.”

”සුදුසුකම් ලත් ඇලූමිනියම් fabricator වරුන් සඳහා වැඩිවන ඉල්ලූම නිසා අපි මෙම ජාලය පුළුල් කරමින් දැනුවත් කිරීම් සහ සුදුසුකම් සපුරාලීමට අවශ්‍ය පුහුණුව ලබාදෙනවා. අපි Lumin නිපදවන්නන් අගය කරන අතර සුවිශේෂී සේවාවක් සමඟින් විකාශනය වන ඉල්ලූම සපුරාලීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය අගය කරමින් ප‍්‍රතිලාභ පිරිනමනවා.” යනුවෙන් Alumex හි කළමණාකාර අධ්‍යක්ෂක ප‍්‍රමුක් දැදිවෙල මහතා ප‍්‍රකාශ කරන ලදි.

සමාගම වාර්ෂිකව නිෂ්පාදකයින් 2000 කට අධික සංඛ්‍යාවක් පුහුණු කරයි. ඒ හරහා ඔවුන්ව ගෝලීය ප‍්‍රවණතා සමඟ යාවත්කාලීන කර වාණිජමය වශයෙන් තිරසාර ව්‍යාපාරයක් කරගෙන යාමට ඔවුන්ගේ ප‍්‍රායෝගික කුසලතා වැඩි දියුණු කරයි.

ඉතා මෑතක දී Alumex විසින් ඇලූමිනියම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ වර්ධන අවස්ථා පිළිබඳ සම්මන්ත‍්‍රණයක් සඳහා දිවයින පුරා සිටින ලියාපදිංචි Lumin විශේෂඥයින්, පුහුණුව ලත් සහ සහතික ලත් fabricator මහතුන් එක් කර ගත් අතර පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව සේවා ගුණාත්මක බව සහතික කිරීමට සහ වෙළඳපොළ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නවකයන්ව පුහුණු කිරීමට කටයුතු කළහ. එමෙන්ම ඉදිරි මාසවලදී ද එවැනිම වැඩසටහන් දිවයින පුරා සංවිධානය කරනු ඇත.

සේවා තත්ව ප‍්‍රමිතීන් ජාත්‍යන්තර මට්ටමින් සහතික කිරීම සඳහා Alumex විසින් Lumin ඇලූමිනියම් නිෂ්පාදකයින් අඛණ්ඩව ඇගයීමට ලක් කරන අතර කළමනාකරණ කුසලතා, ගෝලීය මට්ටමින් පවත්වාගෙන යාම සහ කර්මාන්තයට හඳුන්වා දී ඇති උසස් තාක්ෂණික ක‍්‍රම වැඩිදියුණු කිරීම සඳහා ධාරිතා ගොඩනැගීමේ සම්මන්ත‍්‍රණ සංවිධානය කරනු ලබයි.

ඇලූමිනියම් නිෂ්පාදකයින් විවිධ පරිමාණයේ ඉදිකිරීම් ව්‍යාපෘති භාර ගන්නා අතර ඉදිකිරීම් කර්මාන්තයේ වැදගත් කොටස්කරුවන් වේ. වසර ගණනාවක් පුරා මෙම ප‍්‍රජාව දේශීය වෙළඳපොළට උසස් තත්වයේ සේවාවන් සැපයීමට වෙහෙස නොබලා කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් අපි සැබවින්ම කෘතඥ වෙමු. අපගේ මුලපිරීම තුළින් කර්මාන්තය තව තවත් පෝෂණය කිරීමට අප බලාපොරොත්තු වන්නේ නව්‍ය සහ නිර්මාණාත්මක බව ඔප්නංවමින් යනුවෙන් දාමුක් දැදිවෙල මහතා අදහස් දැක්වුවේය.

එපමණක් නොව තිරසාර නිෂ්පාදනය සඳහා වන සිය ප‍්‍රයත්නයන් ඇගයීමට ලක් කරමින් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් Alumex PLC හි සමස්ත ඇලූමිනියම් නිෂ්පාදන සඳහා Alumex PLC වෙත GREEN Labeling Council මගින් Eco-Label සහතිකය පිරිනමා ඇත.

1986 දී ආරම්භ කරන ලද Alumex PLC යනු ශ‍්‍රී ලංකාවේ බහුජාතික සහ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Hayleys සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සමාගම වසර ගණනාවක් පුරා විවිධ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් සිය පාරිසරික කැපවීම්වලට මෙන්ම තිරසාර නිෂ්පාදන ක‍්‍රමෝපායන් ඇති කිරීමට විවිධ උත්සාහයන් ගෙන තිබේ.

  • 5G
  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanaka

SLT-MOBITEL තම 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරයි

June, 9, 2022

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. මෙය ජංගම සහ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වලදී 5G තාක්ෂණයේ සුවිශේෂී බලය අත්විඳීමට පාරිභෝගිකයන්ට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

කොළඹ, මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශ වල වෙසෙන, 5G තාක්ෂණය අන්තර්ගත සහ SLT-MOBITEL 5G පර්යේෂණ ජාලයට අනුකුල ජංගම දුරකථන හෝ  අන්තර්ජාල  උපාංග (Internet Devices) හිමි පාරිභෝගිකයන්ට මෙය අත්විඳීමට අවස්ථාව ලැබේ. මීට අමතරව මෑතකදී කොළඹ ප්‍රදේශයේ නව 5G යටිතල පහසුකම් ස්ථාපිත කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය.

https://5g.sltmobitel.lk වෙත පිවිසීම මගින් පාරිභෝගිකයන්ට තම උපාංග (Device) වල 5G තාක්ෂණ පහසුකම් තිබේද යන්න පරීක්ෂා කළ හැකි වේ. 5G තාක්ෂණය භාවිතා කළ නොහැකි උපාංග (Device) හිමි පාරිභෝගිකයන්ට, තෝරාගත් SLT-MOBITEL මධ්‍යස්ථාන වෙත පැමිණීමෙන් 5G තාක්ෂණයේ මහිමය අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

අධිවේගී දත්ත සම්ප්‍රේෂණය, Latency අවම වීම, වැඩි  සම්බන්ධතා ධාරිතා හැකියාව සහ අන්තර්ජාල අත්දැකීම් ඉහළ  නැංවීමේ   හැකියාව යනාදී ගුණාංග සහිත 5G තාක්ෂණය, රැහැන් රහිත සන්නිවේදනයේ නවතම තාක්ෂණික පෙරලිය  ලෙස සැලකේ. පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාර වලටද වැදගත් වන HD video streaming, augmented reality, virtual reality, factory automation, remote operations, mission critical communications, massive IOT වැනි තාක්ෂණයන් හා හැකියාවන් රාශියක් 5G මගින් බලගැන්වේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ නියමුවා වශයෙන් SLT-MOBITEL විසින් පසුගිය කාලය තුළ දිවයින පුරාම 5G ජාලය ව්‍යාප්ත කිරීමේ හැකියාව සහ අවශ්‍යතාව දැඩිව පෙන්වා දෙන ලදි. 2019 වසරේ සිටම SLT-MOBITEL දිවයින පුරා ප්‍රදර්ශන ආදිය පවත්වමින්, ජනතාව 5G තාක්ෂණය පිළිබද දැනුවත් කරමින්, 5G ක්‍රියාවට නැංවීමේ මෙහවරට නායකත්වය දී ඇත. 2019 වසරේ අප්‍රේල් මාසයේදී දකුණු ආසියාවේ ප්‍රථම වරට ජංගම දුරකථන ජාලයක් තුළ 5G තාක්ෂණය ක්‍රියාත්මක කරමින්, ස්මාර්ට් දුරකථනයක් තම 5G ජාලයට සම්බන්ධ කර වාර්තාගත වේගයක් සනිටුහන් කිරීමට SLT-MOBITEL සමත් විය.

මේ වනවිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව රට තුළ වාණිජ 5G තාක්ෂණය සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටී. වාණිජ 5G බලපත්‍ර ලත් විගස තම 5G ජාලය තවදුරටත් පුළුල් කරමින් රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට මෙන්ම වඩාත් ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමට SLT-MOBITEL තම උපරිම දායකත්වය ලබාදෙනු ඇත.

SLT-MOBITEL සෑම විටම 5G, Narrowband Internet of things (NB-IoT), Mission Critical Communications (MCPTT), සහ Artificial Intelligence (AI) වැනි නවීන තාක්ෂණයන් ගෙන් යුතු සන්නිවේදන විසඳුම් රටට හඳුන්වා දීමට කටයුතු කරයි.

2019 වසරේ සිට 2021 වසර දක්වා අඛණ්ඩව වසර 3ක්, ලොව අන්තර්ජාල සම්බන්ධතා වේගයන් පරීක්ෂා කිරීමේ ප්‍රමුඛයා වන Ookla® වෙතින් ශ්‍රී ලංකාවේ වේගවත්ම ජංගම ජාලය යන ඇගයීම හිමිකර ගැනීමට SLT-MOBITEL සමත් විය.

  • Ada Derana BIZ Sinhala
  • smartphones
  • sri lanaka
  • vivo

vivo හි කැමරා තාක්‍ෂණය තුලින් ජංගම දුරකථන ඡායාරූපකරණය සහ වීඩියෝකරණයෙහි නව ප්‍රවණතාවක්

June, 9, 2022

වෙනස්වීම ජීවිතයේ එකම ස්ථිරතාවය වන අතර ස්මාර්ට්ෆෝන් කර්මාන්තයටද  එහි වෙනසක් නොමැත. ගතවන සෑම දිනයක් පාසාම ස්මාර්ට් ජංගම දුරකතනයන්හි විවිධ නවෝත්පාදනයන් රැසක් සිදුවන බව අපට දැකගත හැකිය. ප්‍රමුඛතම ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක්  වන vivo, ජංගම දුරකථන තාක්‍ෂණයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියෙකු ලෙස බොහෝ කලක සිට කටයුතු කරනු ලබයි. ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තයට vivo විසින් ප්‍රථම වරට හඳුන්වා දුන් බොහෝ තාක්ෂණික නවෝත්පාදන හේතුවෙන් අද වන විට පරිශීලකයන්ට ඡායාරූප ස්ටූඩියෝවක් තුලින් ලබා ගත හැකි ආකාරයේම ගුණාත්මක ඡායාරූප තම ජංගම දුරකථනය මගින් ලබා ගැනීමට අවස්ථාව සැලසී ඇත.

vivo විසින් ජංගම දුරකථන වෙත රැගෙන ආ සුවිශේෂී වැඩිදියුණු කිරීම් කිහිපයක් පහත දැක්වේ.

  1. Gimbal තාක්ෂණය සහ ZEISS සමඟ සහයෝගීතාවය

Optics සහ Optoelectronics අංශයෙන් ගෝලීය ප්‍රමුඛයෙකු වන ZEISS සමඟ සහයෝගිතාවයක් ගොඩනගා ගැනීම තුලින් Gimbal කැමරා තාක්‍ෂණය, ජංගම දුරකථන ඡායාරූපකරණ අත්දැකීම උපරිම ලෙස පරිශීලකයන්ට සැපයීම උදෙසා නිර්මාණය කර ඇත. එමගින් සමස්ත light sensing ක්‍රියාවලිය වඩාත් හොඳ කාර්ය සාධනයකින් සපයන අතර අඩු ආලෝකයකදී වුවද පැහැදිලි ඡායාරූප ගැනීමට හැකිවන පරිදි විශාල ප්‍රමාණයේ සෙන්සරයක් සමගින් ultra-HD ගනයේ ඡායාරූප ලබා දෙයි.

  1. ZEISS T* ආලේපනය

vivo's premium range flagship හි සහතික කරන ලද ZEISS T* Coating මගින් දෘශ්‍ය ආලෝක සම්ප්‍රේෂණය වැඩි දියුණු කිරීම, පරාවර්තනය අඩු කිරීම  සහ ඡායාරූප වල වර්ණ නිවැරදිව පිළිබිඹු කිරීම සිදු කරනු ලබයි. තවද එමගින් ආලෝකය, පරාවර්තනය  සහ අනෙකුත් දෑ තුලින් ඇතිකල හැකි  අහිතකර බලපෑම් අඩු කරන අතර ඡායාරූප වල ගුණාත්මකභාවය මෙන්ම ආලෝකය සම්ප්‍රේෂණය ද සැලකිය යුතු ලෙස වැඩි කරයි.

  1. Eye Autofocus

vivo විසින් හඳුන්වා දුන්, මෙම විශේෂාංගය මගින් අස්ථායී කැමරා චලනය නිසා ඇති වන නොපැහැදිලි, සෙලවෙන ඡායාරූප සහ වීඩියෝ හේතුවෙන් පරිශීලකයන් පත් වූ අපහසුතාවයට විසඳුමක් ලබා දෙයි. Eye Autofocus මගින්  චලනයේදී  පවා ඡායාරූප බාධාවකින් තොරව ග්‍රහණය කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙයි. Autofocus (AF) සහිත ඉදිරිපස කැමරාවක් පැවතීම ඉතා සුවිශේෂී අංගයකි.

  1. Optical Image Stabilization (OIS)

Vivo හි  OIS ඉදිරිපස කැමරා තාක්‍ෂණය මගින් අනාගත ස්මාර්ට්ෆෝන් ඉදිරිපස කැමරා සඳහා, ප්‍රමිතිය සැකසීමේ වැදගත් පියවරක් සනිටුහන් කරන ලදී. OIS මගින්  මෘදුකාංග-දෘඪාංග සහයෝගීතාවයක් නිර්මාණය කරන අතර එමගින් handheld සහ motion shots සඳහා අතිශය ස්ථායීකරණ හැකියාවන් ලබා දෙයි. OIS යනු දුරකථනයේ චලනය හඳුනා ගනිමින් ඒ අනුව  ඡායාරූපයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ස්වයංක්‍රීයව කැමරාව සැකසීමට උපකාරී වන දැවැන්ත තාක්‍ෂණයකි. එමගින් පරිශීලකයාට විශිෂ්ට සමස්ත ඡායාරූප අත්දැකීමක් ලබා දෙයි.

  1. Pop-up සහ Dual pop-up කැමරා

vivo,  pop-up කැමරාව වෙළඳපොළට ගෙන ආ ප්‍රථමයා වූ අතර ඉන්පසු අනෙකුත් වෙළඳනාම එය අනුගමනය කිරීම අරඹන ලදී. vivo හි ඉංජිනේරු කණ්ඩායම විසින් සැබවින්ම පහසු, ක්‍රියාකාරී සහ කල් පවතින කැමරාවක් නිර්මාණය කිරීම සඳහා pop-up කැමරාව සඳහා අවශ්‍ය සියලු  අධ්‍යයනයන් සිදු කරන ලදී.

  1. Selfie Spotlight

ඉදිරිපස පවතින Dual LED spotlight සතුව ක්ෂණිකව ආලෝක වැඩි කිරීමේ හැකියාව පවතී. පවතින ආලෝක තත්ත්වයන් නොතකා සෑමවිටම සුපැහැදිලි selfie ඡායාරූප ලබා දීම එමගින් සිදු කරයි. vivo විසින් නව්‍ය ලෙස සිය ජංගම දුරකථන වල ඉදිරිපස පුවරුව යටට OLED ස්පොට් ලයිට් දෙකක් එකතු කර ඇති අතර, එමගින් රාත්‍රියේදී පවා ඡායාරූප ස්ටූඩියෝවකින් ලබා ගත හැකි ආකාරයේ  ආලෝකයක්  සමගින්  ඡායාරූප  සහ වීඩියෝ පටිගත කිරීම් සිදු කිරීමට සහ අතිශය පැහැදිලි selfie ලබා ගැනීමට අවස්ථාව ලබා දේ.

  1. Dual-View Video

මෙම විශේෂාංගය මගින් ඉදිරිපස කැමරාව සහ පසුපස කැමරාව මගින් සිදුවීමට අවශ්‍ය කටයුතු එකවර ලබා ගැනීමට අවස්ථාව සලසා දේ. පරිශීලකයින්ට single tap එකක් මගින් එකවර, පසුබිම සහ ඔවුන්ව පටිගත කළ හැකිය. එය නිර්මාණකරුවන්ට සහ Live පටිගතකිරීම් ලබා දෙන්නන්ට ලැබෙන කදිම අවස්ථාවකි.

  • Ada Derana BIZ Sinhala
  • DOK
  • DOK Solutions Lanka
  • ISO 27001
  • sri lanaka

DOK Solutions Lanka, ISO 27001 සහතිකයෙන් පිදුම් ලබයි

June, 9, 2022

DOK Solutions Lanka යනු, සිය තොරතුරු කළමනාකරණ සේවාවන් සහ ලේඛන සංරක්ෂණ සේවාවන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත සපයනු ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන අතර ඔවුන් සිය උසස් ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ තොරතුරු ආරක්ෂණයේ හොඳම භාවිතයන් යොදාගැනීම හේතුවෙන් ISO 27001 සහතිකයෙන් පිදුම් ලබන ලදී. ISO 27001 යනු තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර සම්මතයක් වන අතර ගනුදෙනුකරුවන්ගේ දත්ත/තොරතුරු හසුරුවන සමාගම් සඳහා උපකාරී වන හොඳම මෙවලම් වලින් එකකි.

මෙම සහතිකය මගින්, DOK Solutions හි ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව පාරිභෝගිකයින්ගේ වටිනා තොරතුරු ආරක්ෂාව සහ රහස්‍යභාවය සුරැකීම පිළිබඳ සමාගමේ ප්‍රතිඥාව තවදුරටත් ශක්තිමත් කරයි. ISO 27001 සහතිකය ව්‍යාපාර පාලනය කරන අංගයක් ලෙස ක්‍රියා කරන අතර ප්‍රතිපත්ති, පාලන සහ සුදුසු අවදානම් තක්සේරු කිරීම් මගින් තොරතුරු වත්කම්/සංවේදී දත්ත අඛණ්ඩව වැඩිදියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම හරහා ව්‍යාපාරයට පහසුකම් සපයයි. මෙම සහතිකය මගින්, තොරතුරුවල සුරක්ෂිතතාව කළමනාකරණය කෙරෙහි සමාගම ඉහළ අවධානයක් යොමු කරන බවට සැපයුම්කරුවන්, පාර්ශ්වකරුවන් සහ ගනුදෙනුකරුවන් වෙත තවදුරටත් තහවුරු කරයි. තව ද, ව්‍යාපාරය අවදානමට නිරාවරණය වීමෙන් ආරක්ෂා කරන අතරම නව අවස්ථා රාශියක් පෝෂණය කරමින් සිය සේවාදායකයින්ගේ තොරතුරු වත්කම්/දත්ත සහ බුද්ධිමය දේපල කළමනාකරණය කිරීම සඳහා සංවිධානයක විශ්වසනීයත්වය තවදුරටත් ශක්තිමත් කරයි.

DOK Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී, ප්‍රබෝධනී වනිගසුන්දර මහත්මිය මෙසේ සිය අදහස් දක්වයි: “අප වෙළඳපලට පැමිණ වසර 11ක් ඇතුළත ISO 27001 සහතිකය ලබාගැනීමට හැකි වීම පිළිබදව අප බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙම සහතිකය මගින් පාරිභෝගිකයන්ගේ තොරතුරු ආරක්ෂා කිරීම පිලිබඳව අපගේ ඇති කැපවීම සහ අප ඉදිරිපත් කරන විසඳුම්වල ප්‍රායෝගික සහ නිවැරදි බව ද පෙන්වාදෙනවා. ව්‍යාපාරකින් තවත් ව්‍යාපාරයක් (B2B) සඳහා සපයන සේවාවලදී ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ වාර්තා වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට ඉඩ ලබාදීම පමණක් නොව, අවශ්‍ය පාලනයන් සහිත තොරතුරු ආරක්ෂණ කඩකිරීම් වැලැක්වීම ද වැදගත්වන බව අපි විශ්වාස කරනවා. පාරිභෝගික තොරතුරු ආරක්ෂා කිරීම උදෙසා අප පද්ධතිවල පවතින නිවැරදි බව මෙම  ISO 27001 සහතිකය මගින් පෙන්වාදෙනවා.”

DOK Solutions තත්ත්ව සහතික ප්‍රධානී ජනුක කුලරත්න මහතා පවසන්නේ “තොරතුරුවල ආරක්ෂාව ඕනෑම සංවිධානයකට ඉතා වැදගත් වන අතර, ප්‍රධාන වශයෙන් සේවාදායක තොරතුරු හසුරුවන සමාගමක් ලෙස, DOK Solutions වන අපි ඔවුන්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා හොඳම විසඳුම ලෙස ISO 27001 තෝරා ගත්තා. මෙය අප විසින් ලබාගත් තවත් එක් සහතිකයකට එහා ගිය, අපේ සේවාදායකයන් තුළ අප කෙරෙහි ඇති විශ්වාසය තව තවත් තහවුරු කිරීමේ මූලිකම අඩිතාලමයි.”

2010 දී පිහිටුවන ලද, DOK Solutions ශ්‍රී ලංකා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන සඳහා ලේඛන සංරක්ෂණය කිරීම (Physical archiving)" ලේඛන පරිලෝකනය සහ ඩිජිටල් ලේඛනගත කිරීම (Document Scanning and Digital Archiving)" දත්ත ග්‍රහණය කිරීම (Insurance Policy Management), රක්ෂණ ප්‍රතිපත්ති කළමනාකරණය (Data Capturing)" සහ සිය සේවාවන් වෙනත් ව්‍යාපාර සදහා සැපයීම ඇතුළුව පුළුල් පරාසයක ලේඛන කළමනාකරණ සේවා සපයයි. සමාගම සතුව, ISO 27001 සඳහා විගණනය කර, සහතික කර ඇති ලේඛන ඩිජිටල්කරණය සහ දත්ත ඇතුළත් කිරීමේ මධ්‍යස්ථානයක් ඇතුළු නවීනතම ලේඛන සංරක්ෂිත ගබඩා 03ක් සහ අංගසම්පූර්ණ ගබඩාවක් පවතියි. පසුගිය දශකය තුළ සමාගම සිය මෙහෙයුම් ක්‍රමයෙන් 21% ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් (CAGR) සමඟ ස්ථාවර ආදායම් වර්ධනයක් අත්කර ගනිමින් එහි පාරිභෝගික සේවා පදනම පුළුල් කර ඇත. සමාගම ප්‍රමුඛ පෙළේ බැංකු, රක්ෂණ සමාගම්, මුල්‍ය සමාගම්, පුද්ගලික රෝහල්, අධ්‍යාපන ආයතන, නිෂ්පාදන සමාගම්, සිල්ලර අංශය සහ අනෙකුත් ආයතන ඇතුළු පුළුල් පරාසයක ගනුදෙනුකරුවන්ට සේවය සපයයි.

  • Ada Derana BIZ Sinhala
  • CICT
  • CMF
  • Hope Village
  • sri lanaka

CICT සහ CMF ‘Hope Village’ ව්‍යාපෘතිය යටතේ පන්නිල ප්‍රදේශයට ප්‍රජා මධ්‍යස්ථානයක්

June, 9, 2022

කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (Colombo International Container Terminals Limited - CICT) සහ එහි මවු සමාගමේ ප්‍රජා සත්කාර අංශය වන චයිනා මර්චන්ට් පදනම (China Merchants Foundation - CMF) එක්වී, හොරණ ප්‍රදේශයේ පන්නිල ග්‍රාමයේ සියලු පහසුකම් වලින් සමන්විත මහල් දෙකකින් යුත් ප්‍රජා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කළේ ය.

මෙය විවෘත කිරීමේ උත්සවය 2022 මැයි 26 දින පැවති අතර, CICT හි ප්‍රධාන විධායක නිලධාරී ජැක් හුවෑන්ග් මහතා සහ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ, හොරණ ප්‍රාදේශීය ලේකම් කේ. ඩී. එස්. සජීවනා මහත්මිය විසින් එය විවෘත කරන ලදි. එමෙන්ම මෙම අවස්ථාවට අදාළ ප්‍රදේශයේ ජනතාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ CICT ආයතනික ප්‍රජා සත්කාර කණ්ඩායමේ සාමාජිකයන් ඇතුළු පිරිසක්ද එක් වූහ.

මෙම ප්‍රජා මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා සිදුකරන ලද ආයෝජනය ඇමරිකානු ඩොලර් 102,000 කි. මෙම මධ්‍යස්ථානය අදාළ ප්‍රාදේශීය බලධාරීන් සහ මහජනතාව අතර හමුවීම් සඳහා භාවිතා කෙරෙනු ඇත. මෙමගින් හොරණ ප්‍රදේශයේ පන්නිල සහ තලගල නැගෙනහිර ගම්වාසීන්ට ඉමහත් පහසුවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ප්‍රජා සත්කාරයට පෙර, ඇමරිකානු ඩොලර් 10,000 ක වියදමින් ප්‍රදේශයේ පාසල් දරුවන්ට ලිපිද්‍රව්‍ය සහ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආධාර බෙදා දීමටද CICT කටයුතු කළේ ය.

පන්නිල යනු CICT සහ CMF අතර හවුල්කාරීත්වයක් වශයෙන් ක්‍රියාත්මක වන ‘Hope Village’ ව්‍යාපෘතියට ඇතුළත් වූ ප්‍රථම ග්‍රාමයයි. ශ්‍රී ලංකාවේ සීමිත ආදායම් ලබන ග්‍රාමීය ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, CICT හි ප්‍රධාන විධායක නිලධාරී ජැක් හුවෑන්ග් මහතා කියා සිටියේ CICT සෑම විටම තම ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමට කැපවී සිටින බවයි. “අපගේ ප්‍රජාවන් අපට අතිශයින් වැදගත්. ඒ නිසා අත්වැලක් අවශ්‍ය පුද්ගලයන්ට එම අත්වැල ලබා දෙමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට අප සෑම විටම කටයුතු කරනවා. මේ දක්වා අප දරා ඇති උත්සාහයන් පිළිබඳව අපට ආඩම්බර වීමට පුළුවන්. ඉදිරියටත් චයිනා මර්චන්ට් පදනම සහ අපගේ මවු සමාගම වන චයිනා මර්චන්ට් සමූහ ව්‍යාපාරය සමග එක්වී මෙවැනි සත්කාරයන් ක්‍රියාවට නැංවීමට අප බලාපොරොත්තු වනවා.” ජැක් හුවෑන්ග් මහතා වැඩිදුරටත් පැවසී ය.

මීට පෙර CICT සහ CMF එක්ව, ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ රෝදපුටු ටෙනිස් වැඩසටහනට සහය දීමක් වශයෙන්, ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ ශ්‍රේණිගත වී සිටින ටෙනිස් ක්‍රීඩකයන් තිදෙනෙකුට ඇමරිකානු ඩොලර් 9,000 ක වටිනාකමකින් යුත් විශේෂ රෝදපුටු පරිත්‍යාගයක් සිදුකළේ ය. 2015 වසරේ සිට 2021 වසර දක්වා මෙම වැඩසටහන සඳහා  CICT සහ CMF විසින් පරිත්‍යාග කරන ලද මුදල රු. මිලියන 41 කි. මීට අමතරව ජාතික අක්ෂි රෝහල සමග එක්වී “C-Blue Restore Sight” ව්‍යාපෘතියට සහයෝගය දැක්වීමටද CICT සහ CMF කටයුතු කළේ ය. මෙමගින් ඇසේ සුද මතුවීමේ තත්ත්වයට මුහුණ දී සිටි රෝගීන් 400 කට අධික පිරිසකට නැවත පෙනීම ලබාගැනීමට අත්වැලක් ලැබිණි.

  • Ada Derana BIZ Sinhala
  • DFCC
  • DFCC Bank
  • sri lanaka

DFCC බැංකුව පසුගිය වෙසක් සමයේ වටිනා සමාජ සත්කාරයක නියැළෙයි

June, 9, 2022

DFCC බැංකුව තම තිරසාර සංවර්ධන වැඩසටහන් මාලාවේ එක් අදියරක් වශයෙන්, පසුගිය වෙසක් සමයේ දිවයින පුරා පවුල් රැසකට වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. ශ්‍රී ලාංකේය පුරවැසියන් මේ මොහොතේ මුහුණ දෙමින් සිටින දුෂ්කරතාවය සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ වෙසක් සැරසිලි සඳහා වෙන්කර තිබූ මුදල් DFCC බැංකුව විසින් මෙම ප්‍රජා සත්කාරය සඳහා යොදවන ලදි. ඒ අනුව, බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපායට අනුකූලව, කළමනාකාරීත්වය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනතුරුව, සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශාඛා 25 ක් තෝරාගැනුණු අතර, ඒ ඔස්සේ වෙසක් සමයේ ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන පවුල් 250 කට වියළි ආහාර කට්ටල ලබාදීම සිදුවිය.

මෙම වැඩසටහන යටතේ අදාළ ප්‍රදේශ වල රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, වියළි සලාක ලබාදීම සඳහා සෑම ශාඛාවක්ම පවුල් 10 බැගින් තෝරාගන්නා ලදි. මෙය හුදෙක් ගනුදෙනුකරුවන්ගෙන් ඔබ්බට ගොස් ප්‍රජාවට යහපතක් සිදුකිරීම සඳහා DFCC බැංකුව දැරූ තවත් සුවිශේෂී උත්සාහයක් විය. එමෙන්ම DFCC බැංකුව මෙම සත්කාරය තුළදීද තිරසාරත්වය සඳහා වන සිය කැපවීම නැවත වරක් ප්‍රදර්ශනය කරමින්, පොලිතීන් බෑග් හෝ කාඩ්බෝඩ් පෙට්ටි වෙනුවට මෙම වියළි ආහාර සලාක බෙදාදීම සඳහා පරිසර හිතකාමී සහ නැවත භාවිතා කළ හැකි බෑග් භාවිතා කරන ලදි.

“කාටත් ගැළපෙන බැංකුව වශයෙන් අප ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවන්ට අතිශයින් සංවේදීයි. ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ දී ඇති මේ මොහොතේ, අප සියලු දෙනාම අපගේ වගකීම ඉටුකළ යුතු වනවා. මේ අදහස මුල්කරගෙන, අපගේ තිරසාරත්ව ක්‍රමෝපායෙන් පන්නරය ලබමින්, වෙසක් සැරසිලි සඳහා වෙන්කර තිබූ මුදල් මේ අර්ථවත් සමාජ සත්කාරය සඳහා යෙදවීමට අප තීරණය කළා. වෙසක් මංගල්‍යයේ සැබෑ අරුත පරිද්දෙන්ම, අපට වඩා දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින මිනිසුන්ට පිරිසකට මෙලෙස පිළිසරණක් වීමට ලැබීම අපට මහත් සතුටක්. අපට හැකි පරිදි අප තෙමගුල සමරන අතරතුර, ආලෝකය, සාමය හා සෞභාග්‍යය සපිරි නව යුගයක් ඉතසිතින් ප්‍රර්ථනා කරමු.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ අංශ ප්‍රධානී (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

මෙම වැඩසටහන යටතේ මාතර, බදුල්ල, නාවල, මහනුවර, කදුරුවෙල, මීගමුව, යාපනය, ලේක් හවුස්, කළුතර, කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, රත්නපුර, ගම්පහ, බණ්ඩාරවෙල, ත්‍රිකුණාමලය, මඩකලපුව, දඹුල්ල, ගම්පොල, මාතලේ, නුවර එළිය, අම්පාර, ඇඹිලිපිටිය, මොණරාගල, සහ හම්බන්තොට යන ශාඛාවන් හරහා වියළි ආහාර සලාක බෙදාදීම සිදුකරන ලදි.

DFCC බැංකුවේ තිරසාරත්ව ක්‍රමෝපාය යටතේ එහි තිරසාරත්ව අරමුණ වන්නේ, අභියෝග වලට වඩාත් හොඳින් මුහුණ දිය හැකි ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම ය. මේ අනුව, බැංකුවේ 2030 තිරසාර ඉලක්ක සහ වැඩසටහන්, ඉදිරි දශකය තුළ මුහුණ දීමට සිදු විය හැකි අවිනිශ්චිතතාවන් සඳහා බැංකුව සහ දේශය සවිබල ගැන්වීමේ අරමුණින් සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ හරිත මූල්‍යකරණයට සම්බන්ධ පුරෝගාමී බැංකුවක් ලෙස ඉදිරියට ඒමට කටයුතු කරන අතරම, 2030 වර්ෂය වන විට තම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගනිමින් පුද්ගලික, ආයතනික සහ ජාතික මට්ටමින් අභියෝග වලට මුහුණ දීමේ හැකියාව වර්ධනය කිරීම බැංකුවේ අරමුණ වේ.

  • Ada Derana BIZ Sinhala
  • AIA
  • Poson Safety Programme
  • sri lanaka

AIA ඉන්ෂුවරන්ස් හි ජාතික රැකවරණ ව්‍යාපෘතිය, පොසොන් රැකවරණ වැඩසටහන අඛණ්ඩව 27ත් වෙනි වසරටත්

June, 9, 2022

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් 27 වන වතාවටත් ශ්‍රී ලංකාවේ දීර්ඝතම ආයතනික් සමාජමය මෙහෙවරක් වන AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය සුපුරුදු පරිදි මෙවර පොසොන් සමයේදීත් සිදු කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.  ජාතික පොසොන් උත්සවය සඳහා සහභාගී වීමට පුදබිම් වෙත ගමන් ගන්නා බැතිමතුන් වැව් වලින් දිය ස්නානය කිරීමේ දී ඇතිවිය හැකි අවදානම සැලකීමට ගෙන, අනුරාධපුර, පොලොන්නරුව, දඹුල්ල සහ මිහින්තලේ  පූජා නගර සියල්ල ආශ්‍රිතව පිහිටා ඇති වැව් 22ක්  ආවරණය වන අයුරින්  දින 3ක් පුරාවට,  500 කට අධික ජීවිත ආරක්ෂක නිලධාරී මහත්වරුන්ගේ සේවය ලබා ගනිමින්  බැතිමතුන්ගේ ජීවිත වලට දියේ දී වියහැකි අනතුරු සඳහා රැකවරණ තහවුරු කර ඇත.

විශේෂයෙන්ම මෙම අභියෝගාත්මක වසර තුල දී දැනට පවතින තත්ත්වය පිටුදැකීම සඳහා  ජනතාව විසින් මව්බිම වෙනුවෙන් සෙත් පැතීම උදෙසා විශාල වශයෙන් මෙම පුදබිම් වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙවරත් පොසොන් උත්සවය සඳහා වර්තමානයේ රටේ පවතින ගැටලුකාරී වාතාවරණය අතරේ වුවද විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව වැව් සහ ජලාශ රාශියකින් සමන්විත දේශයක් වන අතර මේවායින් බොහොමයක් අපට හමුවන්නේ උතුරු මද පළාත ආශ්‍රිතවයි.  පොසොන් සමය වනවිට මෙම ජලාශ පිටාර අවස්ථාවට ලඟා වනතුරු පිරී පවතින අතර පොසොන් උත්සවය සැමරීමට දිවයිනේ නන්දෙසින් පැමිණෙන බැතිමතුන්ගෙන් ද මෙම ප්‍රදේශ පිරී ඉතිරී යයි.  පුදබිම් කරා වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සිය ගමන් විඩාව නිවා ගැනීමටත් උඩමළුව පූජා කිරීමට පෙර පිරිසිදු වීමටත් මෙම ප්‍රදේශ පුරා පිහිටා ඇති වැව් සහ ජලාශ වලින් ස්නානය කිරීම පිළිවෙතක් ලෙස සිදු කරයි.  මේ කරුණු  සැලකීමට ගෙන AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම බැතිමතුන්ගේ වටිනා ජීවිත වලට රැකවරණය සැලසීමේ අරමුණින්, වර්තමානයේ පවතින අසීරු ආර්ථික අභියෝග අතරේ වුවද, මෙම ජීවිතාරක්ෂක පොසොන් රැකවරණ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු  සූදානම් කර ඇත.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් දක්වමින් කියා සිටියේ “මෙම ව්‍යාපෘතිය 1993 වසරේ සිට ජාතික වශයෙන් අදාළ සුවිශේෂී වැඩසටහනක් බවට පත්ව ඇති අතර පසුගිය වසර ගණනාව පුරාවට වටිනා ජීවිත 200 කට අධික ප්‍රමාණයක් බේරා ගැනීමට මේ ඔස්සේ අපට හැකියාව ලැබුනා.  පවුලක දරුවෙක්, මවක්, පියෙක් හෝ මුළු  පවුලක්ම රක්ෂා කරන සහෝදරයෙක් මෙම රැකවරණ වැඩසටහන ඔස්සේ ඒ බේරාගත් අය අතර සිටින්නට ඇති, ඒ හැම ජීවිතයක්ම ඔවුන්ගේ පවුල්වලට කෙතරම් වටිනවා ඇතිද.  මේ වසරේදීත් පවතින වර්තමාන ආර්ථික අර්බුදය අතරතුර වුවත් මෙම ජාතික වැඩසටහනට උරදීමට අප කැපවුණේ, යහපත් කාල තුලදී පමණක් නොව ජනතාව පීඩාකාරී කාලවකවානුවක් ගෙවමින් සිටින මෙම අවස්ථාවේ දී,  ඔවුන්ට අවශ්‍යම මොහොතේදී අපි ඔවුන් සමග සිටිය යුතු නිසයි ”.

1992 වසරේ දී සිදු වූ අවාසනාවන්ත වියෝවීමකින් පසුව පොසොන් උත්සව සමයේ දී, දියේ ගිලීමෙන් සිදුවන අනතුරු වළක්වාලමින් බැතිමතුන්ගේ ජීවිත සඳහා රැකවරණය තහවුරු කිරීමේ විසදුමක් ලෙස මෙම ව්‍යාපෘතිය අරඹනු ලැබුවා.  1993 වසරේ දී ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය සමගින් මෙම පොසොන් රැකවරණ ව්‍යාපෘතිය දියත් කරනු ලැබුවේ පොසොන් සමයේ දී දියේ ගිලීම නිසා සිදුවෙමින් පැවතුන විශාල අනතුරු ප්‍රමාණය වලක්වා ගැනීමේ අරමුණ ඇතිවයි.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, අනුරාධපුර පුදබිම් වටා පිහිටා ඇති වැව් සහ ජලාශ ආශ්‍රිතව ජීවිතාරක්ෂක සේවා සැලසීමට අමතරව රැකවරණ ප්‍රචාරණ පුවරු සවිකරමින් දියට බැසීමට සුදුසු සහ නුසුදුසු ස්ථාන මෙන්ම අනතුරු වියහැකි ස්ථාන පිළිබඳව දැනුවත් කිරීමද සිදු කරයි.  අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාවට මෙම රැකවරණ පුවරු සවිකරමින් වන්දනාකරුවන් දැනුවත් කරමින් වැව් සහ ජලාශ ආශ්‍රිතව සිදුවිය හැකි අනතුරු වලක්වා ගැනීම තහවුරු කෙරෙන  අතර   AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, සමාජ මාධ්‍ය හරහා ද පොසොන් උත්සවයට සහභාගී වීමට යන බැතිමතුන්හට වැව් සහ ජලාශ වලින් දිය නෑමේදී ආරක්ෂා වියයුතු ආකාරය පිළිබඳව දැනුවත්  කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත.

ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම වශයෙන් (ප්‍රදානය කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් වෙතින්, 2021) සහ ශ්‍රී ලංකාවේ සන්නාම වෙළෙඳපොල ප්‍රමුඛ සමාගම ලෙස(ප්‍රදානය තෝට් ලීඩර්ස් ඉන්ටර්නැෂනල් වෙතින්,2021) සම්මානයෙන් පිදුම් ලද AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ,  ශ්‍රී ලාංකික ජනතාවගේ රැකවරණ අවශ්‍යතා සපුරාලීමට කැප වූ මෙරට තුල ඉතා ශක්තිමත්ව මුල් බැසගත් දේශීය සන්නාමයක්.  AIA පොසොන් රැකවරණ ව්‍යාපෘතිය ද සමාගම සිදු කරන්නා වූ ජාතික මෙහෙවර පිළිබිඹු වන තවත් එක් මුලපිරීමක් වන අතර මේ සියල්ල ඔස්සේ ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීම සඳහා සහය වීමට සමාගමෙහි ඇති කැපවීම විදහා දැක්වෙනවා.

  • Ada Derana BIZ Sinhala
  • Hemas Consumer Brands
  • sri lanaka
  • Velvet

Velvet සබන් නව මුහුණුවරකින් වෙළෙඳපොලට හඳුන්වා දෙයි

June, 8, 2022

ශ්‍රී ලංකාවේ අංක 1 රූපලාවන්‍ය සබන් නිෂ්පාදනයක් වන Velvet විසින් සමේ වියළි බව සහ අඳුරු බව දුරලන Velvet සබන් පෙළක් නව මුහුණුවරකින් වෙළෙඳපොළට හඳුන්වා දෙයි.Hemas Consumer Brands වෙතින් හඳුන්වා දෙන ලද   Velvet සබන්,  වසර ගණනාවක් පුරා එහි නැවුම් බවින් යුක්තව,  ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණය සහ ගුණාත්මකභාවයෙන් යුතුව ප්‍රමිතීන්ට අනුකූලව සමට හිතකර ලෙස නිෂ්පාදනය කර ඇත. Velvet නිෂ්පාදන සැම විටම ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ සමේ ආරක්ෂාව   සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර, Velvet සබන් නිෂ්පාදන පරාසය තවදුරටත් ශක්තිමත්   කිරීමේ අරමුණින් Velvet සබන් පෙළ නැවත වෙළෙඳපොල වෙත දියත් කරන ලදී.

Velvet සබන් නිෂ්පාදන පෙළ සඳහා   විටමින්, ඛනිජ ලවණ සහ අනෙකුත් සමට හිතකර අමුද්‍රව්‍ය භාවිත   කර ඇති අතර එමඟින් ඔබේ සමේ මොයිස්චරයිසින් ගුණය සහ නැවුම් බව පැය 06ක් දක්වා පවත්වා ගනියි.

මෙහි අඩංගු නව ‘Moistureboost’ සහ විටමින් සංඝටකය තෙතමනය සහිත සුමුදු  සමක් ලබා ගැනීමට උපකාරී වේ.එය වෙළෙඳපොලේ පවතින අනිකුත්  සබන් වලට වඩා දිගු කාලයක් පවතින අතර නිරෝගී සමකට ද Velvet සබන් ඉවහල් වේ. ද්විත්ව අමුද්‍රව්‍ය භාවිතය හඳුන්වා දුන් පළමු නිෂ්පාදනය වන   Velvet සමට හිතකර ප්‍රතිලාභ වැඩි දියුණු කිරීම සඳහා ඉවහල් වේ. Velvet සබන් සඳහා භාවිතා කරන සෑම අමුද්‍රව්‍යයක්ම 100% ස්වභාවික වන අතර සමට අවශ්‍ය තෙතමනය සහ පෝෂණය එමගින් සපයයි.එමෙන්ම  ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මුරුංගා සහ සහල් කිරි ප්‍රභේදයෙන් යුතු Velvet සබන්   පෙළ ද මෙහිදී විශේෂයෙන් හඳුනා ගත හැකිය.

පාරිභෝගික අවශ්‍යතා මැනවින් අවබෝධ කර ගනිමින්, දැරිය හැකි මිලකට Velvet සිය නිෂ්පාදන පරාසය නිර්මාණය කර ඇත්තේ සමේ වියළි බව සහ අඳුරු බව වැනි  සම ආශ්‍රිත ගැටළු විසඳීම සඳහා ය.

ශ්‍රී ලාංකේය සමට ගැළපෙන පරිදි නිෂ්පාදන කරන ලද Velvet සබන් ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර එමගින් සෑම පුද්ගලයෙකුම  බලාපොරොත්තු වන ආකාරයේ සුසිනිදු සමක් ලබා ගැනීමට උපකාරී වේ. එමෙන්ම Velvet නිෂ්පාදනයන් NMRA, GMP, ISO සහ IFRA යන තත්ත්ව සහතික ලත් සන්නාමයක්   වශයෙන් එහි නිෂ්පාදන සඳහා භාවිතා කරන මෘදු සුවඳ විලවුන් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.Velvet වෙළෙඳ නාමය soap, body wash, hand wash සහ body lotion ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත වන අතර එම නිෂ්පාදනයන් අවශ්‍ය ආරක්‍ෂිත ක්‍රියාවලියන්ට අනුකූලව ඉහළම ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කෙරේ.