• Ada Derana BIZ Sinhala
  • ADB
  • AIIB
  • IMF
  • sri lanka
  • WB

ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍යයි – ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීහු තීරණය කරති

December, 6, 2022

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) නියෝජිතයින් තීරණය කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද (06) කොළඹදී පැවති දීර්ඝ වට මේස සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹිණි.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය කිරීම ඇතුළත් දීර්ඝකාලීන සංවර්ධන දැක්ම” සම්බන්ධ ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන මෙහිදී ඉදිරිපත් කරනු ලැබීය.

ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser), ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් (Shixin Chen), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් (Peter Breuer), ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ආචාර්ය උර්ජිත් පටෙල් (Dr. Urjit Patel) යන මහත්වරු සමග පැවති මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති උපදේශක දිනේෂ් වීරක්කොඩි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • Fitch Ratings
  • sri lanka

ලෝක ආර්ථික වර්ධන වේගය මන්දගාමී වන ලකුණු

December, 6, 2022

ලොව පුරා මහ බැංකු උද්ධමනයට එරෙහි සටන තීව්‍ර කිරීම සහ චීනයේ දේපල වෙලඳපොල සඳහා ඉදිරි දැක්ම පිරිහීමට ලක්වීම හේතුවෙන් 2023 සඳහා ලෝක දළ දේශීය නිෂ්පාදිතයේ පුරෝකථනයන් යලිත් සංශෝධනය වී ඇති බව Fitch Ratings නිවේදනය කර සිටී.

Fitch Ratings විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම Global Economic Outlook (GEO) වාර්තාවේ මේ බව සඳහන් වේ.

මේ අනුව 2023 වසරේ ගෝලීය වර්ධන වේගය පසුගිය සැප්තැම්බර් මාසයේ දී කළ 1.7% ක වර්ධන පුරෝකථනය 1.4% ක් දක්වා සංශෝධනය කිරීමට Fitch Ratings කටයුතු කර තිබේ.

 

  • Ada Derana BIZ Sinhala
  • Apartments
  • Clients
  • Iconic Galaxy
  • sri lanka

Iconic Galaxy සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය පාරිභෝගිකයින් අතට පත්කරයි

December, 6, 2022

Iconic Galaxy මෑතකදී 2022 ඔක්තෝම්බර් මාසයේදී ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු ඔවුන්ගේ සුඛෝපභෝගී මහල් නිවාස පාරිභෝගිකයින්ට භාරදීම ආරම්භ කළේය.

මෙම ව්‍යාපෘතිය නිදන කාමර දෙකේ සිට පහ දක්වා වූ මහල් නිවාස 269 කින් සමන්විත වේ. අංක 110, පාර්ලිමේන්තු පාරේ දී ඉදිකර නිම කරන ලද මහල් නිවාස සංකීර්ණය පාරිභෝගිකයින් වෙත භාරදීමෙන් පසුව Iconic Developments සිය ඊළග ව්‍යාපෘතිය සඳහා රාජගිරිය ප‍්‍රදේශය තෝරා ගත්තේය. New city center (නව නගර මධ්‍යස්ථානය) ලෙස ජනප‍්‍රිය මෙම පරිශ‍්‍රය හරිත තෝතැන්නක් වන අතර ඊට බටහිරින් කොළඹ රාජකීය ගොල්ෆ් ක‍්‍රීඩා සමාජය, දකුණින් පිහිටි දියවන්නා වැව සහ උතුරු හා නැගෙනහිරින් කඩොලාන වලින් ගැවසී ගිය ඇළ මාර්ග ද ඇත. මෙහි සිට රාජගිරිය අවට පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික පාසල්, රෝහල් සහ මූල්‍ය ආයතන මෙන්ම සුඛෝපභෝගී හෝටල් සහ සුපිරි අවන්හල් වෙත පහසුවෙන් ලගා විය හැකිය.

”Iconic Galaxy මහල් නිවාස සංකීර්ණය සියලූ පහසුකම්වලින් සමන්විත වන අතර නිර්මාණශීලීත්වය සහ ගුණාත්මකභාවය සහතික කර තිබෙනවා. අපි අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් උපරිම සේවාවක් සහ පහසු වාරික ගෙවීමේ ක‍්‍රම පිරිනැමීමට කැපවී සිටින අතර ඔවුන් ඒ හරහා ඉහළ ප‍්‍රතිලාභ ලබාගනු ඇතැයි අපේක්ෂා කරනවා. Iconic යනු ස්වභාව ධර්මය සමඟ සමීපව බැඳෙමින් සියලූ අතිනවීන පහසුකම්වලින් සපිරි සුඛෝපභෝගී මහල් නිවාස ඉදිකිරීමට ප‍්‍රසිද්ධියක් උසුලන ආයතනයක් ලෙස Iconic හඳුන්වා දිය හැකියි. නිස්කලංක වටපිටාවක් සහ සුවපහසු ජීවන අත්දැකීමක් බලාපොරොත්තු වන පුද්ගලයින්ට මෙම සුඛෝපභෝගී මහල් නිවාස කදිම තෝතැන්නක්.” යනුවෙන් Iconic Developments හි සභාපති රොහාන් පරික් මහතා අදහස් දක්වුවේය.

විශාල ජනේල සහ එළිමහන් අංගන සහිත මෙය ආකර්ශණීයව, වාතාශ‍්‍රය සහිතව සහ උෂ්ණත්වය පාලනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ සැලසුමකට අනුව ඉදිකර ඇත. අසමසම දර්ශන තලයක් සහ හොඳම නිමාවෙන් යුක්ත වූ මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය ඔබට සහ ඔබගේ ප‍්‍රියතමයන්ට සුන්දර නිවහනක් තිළිණ කරනු ඇත. අති සුඛෝපභෝගී පහසුකම් සහ සේවාවන් සපයන මහල් 7 පුරාවටම ඔබට විශිෂ්ට විනෝදාත්මක ක‍්‍රියාකාරකම් රාශියක් සහ මෙහි පදිංචිකරුවන් සඳහා පහසු සේවාවන් රැසක් භුක්ති විදිය හැකිය. මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය අමුත්තන් සඳහා වෙන් වූ පුද්ගලික හමුවීමේ ස්ථාන සහ සුපිරි වෙළඳසැලක්, ව්‍යාපාරික මධ්‍යස්ථානයක් සහ ස්පා ඇතුළු ස්ථානීය පහසුකම් ද පිරිනමයි. මෙය ඔබ සහ ඔබේ පවුලේ අය සඳහා වූ අංග සම්පූර්ණ පරාසයකි.

Rooftop මත ඉදිකරන ලද එල්ලෙන උද්‍යාන ප‍්‍රජා ගොඩනැගිල්ල ඔබට විවේකී නිස්කලංක අත්දැකීමක් තිළිණ කරයි. එළිමහන් රඟහලේ, rooftop ආපනශාලාවේ සිට සෙන් උද්‍යාන දක්වා නිවැසියන්ට විවේක ගැනීමට සහ සුන්දර මතකයන් එකතු කර ගැනීමට බොහෝ මාවත් නිර්මාණය කර තිබේ.

”Iconic Galaxy සම්පූර්ණ කිරීම පිළිබඳව අපි සතුටට වන අතර එහි ප‍්‍රතිඵලය දැකීමෙන් අපි විස්මයට පත් වෙනවා. නගරය මධ්‍යයේ පිහිටා ඇති මෙම සුඛෝපභෝගී පහසුකම් සහිත අපගේ මහල් නිවාස සංකීර්ණය මෙතරම් අගනා අන්දමින් පාරිභෝගිකයින්ට භාරදීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.” යනුවෙන් Iconic Galaxy හි මෙරට අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ශිරාස් දාවුද් මහතා පැවසුවේය.

 

  • Ada Derana BIZ Sinhala
  • Maldives
  • sri lanka

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක්

December, 6, 2022

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආගමන කටයුතු සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ද්විපාර්ශ්වික සබඳතාවලදී ආගමන කටයුතු වෙනුවෙන් සහයෝගිතාවය සඳහා රාජ්‍යයන් දෙක අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා වී ඇත.
ඒ අනුව, අනෝන්‍ය ප්‍රතිලාභ සඳහා ප්‍රත්‍යන්ත සීමා පාලන කළමනාකරණයට සහාය වීම, මානව සම්පත් පද්ධති හා තාක්ෂණ යන අංශවල හැකියාවන් වර්ධනයට අනෝන්‍ය පහසුකම් සැපයීම, ආගමන නිලධාරින් අතර පුහුණු පහසුකම් හුවමාරුව, අවිධිමත් සංක්‍රමණය, මිනිස් ජාවාරම හා පුද්ගලයන් වෙළෙඳාම වැනි අන්තර්ජාතික අපරාධ වැළැක්වීම සහ අසාධු ලේඛනගත මගීන් පිළිබඳ ගැටලුවලට අදාළ සහයෝගිතාව ප්‍රවර්ධනය යන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස දෙරට අතර ආගමන කටයුතු පිළිබඳ සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
  • Ada Derana BIZ Sinhala
  • Fems
  • Fems Aya
  • period poverty
  • sri lanka

ශ්‍රී ලංකාවේ ඔසප් දරිද්‍රතාව තුරන් කිරීම සඳහා රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට්, ‘Fems ඇය’ සමඟ අත්වැල් බැඳ ගනියි

December, 6, 2022

ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට්, මෙරට ඔසප් දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘Fems ඇය’ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා හේමාස් සමාගමේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාරක සන්නාමය වන Fems සමඟ අත්වැල් බැඳගැනීම පසුගිය දා සිදුකෙරිණි.

මෙම සහයෝගීතාව නිල වශයෙන් සංකේතවත් කිරීම සනිටුහන් කරමින් රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්ක 3220 හි රොටරැක්ට් සහ Fems අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. Fems මෙරට ඔසප් දරිද්‍රතාව තුරන් කිරීමේ අරමුණින් 2021 මාර්තු මාසයේ සිට ‘Fems ඇය’ ව්‍යාපෘතිය දියත් කරයි.

‘Fems ඇය’ යනු කාන්තාවන්ගේ ඔසප් චක්‍රය හා ඒ ආශ්‍රිත දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙරට තුළ දියත් වන පළමු ජාතික ව්‍යාපෘතිය වන අතර, එමගින් කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ සංකල්ප සාමාන්‍යකරණය කිරීමට, ඒ පිළිබඳව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය ම දැනුවත් කිරීමට එමෙන්ම කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව ඊට මුහුණදීමේ හැකියාව වර්ධනය කිරීමට සහය වන සුවිශේෂී ව්‍යාපෘතියකි. ARKA initiative, Dilmah සමාගමට අනුබද්ධිත Merrill J. Fernando පදනම, Sarvodaya Women’s Movement සහ Sarvodaya-Fusion, වැනි සම අදහස් සහිත සංවිධානවල සහයෝගයෙන් ශක්තිමත් වූ ‘Fems ඇය’, වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් 15,000 කට අධික පිරිසක් සවිබල ගැන්වීමට හා දිරිගැන්වීමට කටයුතු කර තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • festive season
  • Seylan Cards
  • sri lanka

සෙලාන් කාඩ්පත් වෙතින් මෙවර උත්සවය සමය වෙනුවෙන් සුවිශේෂී වට්ටම් සහ දීමනා එකතුවක්

December, 6, 2022

ගනුදෙනුකරුවන්ගේ ‘අත්‍යවශ්‍ය අවශ්‍යතා උදෙසා අත්‍යවශ්‍යම කාඩ්පත’ ලෙස ඇගයීමට ලක් වී ඇති සෙලාන් කාඩ්පත් මෙවරත් උත්සව සමය වෙනුවෙන් සුවිශේෂී දීමනා එකතුවක් හඳුන්වා දීමට සූදානමින් සිටී. මේ යටතේ දැනටමත් අලෙවිසැල් 300 කට අධික සංඛ්‍යාවක් සමග අත්වැල් බැඳගැනීමට සෙලාන් බැංකුව පියවර ගෙන ඇති අතර, ඒ ඔස්සේ සෙලාන් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 50% ක් දක්වා වට්ටම් හිමිවනු ඇත.

ඇඟලුම්, පාවහන්, විලාසිතා උපාංග සහ ඇස් කන්නාඩි ඇතුළුව ගනුදෙනුකරුවන්ගේ ප්‍රියතම භාණ්ඩ සහිත අලෙවිසැල්, මාර්ගගත අලෙවිසැල්, සුපිරි වෙළඳසැල් ඇතුළු තවත් අලෙවිසැල් රාශියක් ඔස්සේ මෙම වට්ටම් හා දීමනා පිරිනමනු ලැබේ.

මෙම අලෙවිසැල් අතරට Softlogic Brands, Cool Planet, Fashion Bug, CIB, Hameedia, Sriyani Dresspoint, Samanmal, Nolimit, D Samson & Sons, Velona, Spa Ceylon සහ Thilakma ඇතුළු සුප්‍රකට අලෙවිසැල් රාශියක් ඇතුළත් වී ඇත. මෙම අලෙවිසැල් අතරින් බහුතරයක් තම වෙබ් අඩවි හරහාද මෙම දීමනාවන් ලබාගැනීමේ අවස්ථාව සලසා දී ඇති නිසා, සෙලාන් කාඩ්පත් හිමියන්ට ඉතා පහසුවෙන් එම දීමනා අත්විඳීමට හැකියාව ලැබේ.

විශේෂයෙන්ම Cargills, Glomark, Arpico සහ SPAR වැනි අලෙවිසැල් වෙතින් තෝරාගත් භාණ්ඩ සඳහා 30% ක් දක්වා වට්ටම් හිමිවීම, මෙවැනි ආර්ථික වශයෙන් දුෂ්කර කාලයක ගනුදෙනුකරුවන්ට අතිශයින් වැදගත් වනු නො-අනුමාන ය.

එමෙන්ම Kelly Felder, Saree Mandir, Dilly & Carlo සහ Diliganz වැනි තෝරාගත් අලෙවිසැල් සඳහා Happy Hour සංකල්පය මූලික කරගත් වට්ටම් ඇතුළුව තවත් ආකර්ෂණීය දීමනා එකතුවක් පිරිනැමීමට සැලසුම් කර ඇත. මීට අමතරව ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, අධ්‍යාපන සේවාවන්, රක්ෂණ සහ සෞඛ්‍ය සේවාවන් සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමටද පියවර ගෙන තිබේ.

“නත්තල යනු කවුරුත් එකමුතු වී ප්‍රීතියෙන් සමරන අවස්ථාවක්. මේ වසරේදීත් කාඩ්පත් හිමියන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභ හිමිවන වට්ටම් හා දීමනා එකතුවක් හඳුන්වා දීමට අප පියවර ගෙන තිබෙනවා. මේ සඳහා අප අලෙවිසැල් තෝරාගෙන තිබෙන්නේ, කාඩ්පත් හිමියන්ගේ හදවත් වල ඇති සැබෑම ආශාවන් සපුරාලන ආකාරයටයි. ඒ නිසා මෙය ඔවුන් අනිවාර්යයෙන් අත්විඳිය යුතු අගනා වාසියක් ලෙස හැඳින්වීමට පුළුවන්.” සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා පැවසී ය.

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සෑම විටම තම ගනුදෙනුකරුවන්ගේ සතුටට ප්‍රමුඛත්වය ලබාදෙයි. මෙම වට්ටම් හා දීමනා එකතුව ඔස්සේ, මෙවර උත්සව සමය සිය ගනුදෙනුකරුවන්ගේ ජීවිත වල ප්‍රීතිමත්ම උත්සව සමය බවට පත්කිරීම සෙලාන් බැංකුවේ ඉලක්කය වී තිබේ.

මෙම වට්ටම් සහ දීමනා, 2022 දෙසැම්බර් 31 දින දක්වා වලංගු වනු ඇත. දැනටමත් සෙලාන් කාඩ්පත් හිමි පුද්ගලයන්ට 011 200 88 88 ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි අතර, සෙලාන් කාඩ්පතක් ලබාගැනීම පුද්ගලයන්ට 070 445 6841 අංකයෙන් දුමින්ද හෝ 070 445 6835 අංකයෙන් විදුරංග ඇමතීමෙන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාගත හැකි වේ.

  • Ada Derana BIZ Sinhala
  • champions
  • Colombo South
  • Prima
  • sri lanka
  • Under-15 Sri Lanka Youth League

15න් පහළ ප්‍රීමා ක්‍රිකට් ශූරතාව කොළඹ දකුණට

December, 6, 2022

මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ දකුණු පිල දිනා ගැනීමට පසුගිය දා සමත්විය. කොළඹ වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේ දී 2022 නොවැම්බර් මස 29 වනදා පැවැති ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී මූලික වටයේ අපරාජිතව අවසන් මහා තරගයට පිවිසි කොළඹ උතුර පිල කඩුලු 3කින් පරාජයට පත් කරමින් කොළඹ දකුණු ක්‍රීඩකයෝ මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළහ.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කොළඹ උතුර පිල ඕවර් 50කදී කඩුලු 8කට ලකුණු 148ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ දකුණු පිලඕවර් 45.5 කදී කඩුලු 7කට ලකුණු 151ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ප්‍රීමා සමාගම 12 වසරක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්ෂ ක්‍රීඩකයන් හඳුන්වා දීමෙහිලා ප්‍රමුඛ මෙහෙවරක් ඉටුකරනු ලැබීය. දිවයින පුරා ගම් දනව් සිසාරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩකයන්ට ප්‍රීමා කුසලාන ක්‍රිකට් තරගාවලිය ජාතික මට්ටමේ දස්කම් දැක්වීමට මනා තෝතැන්නකි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දීප්තිමත් ක්‍රීඩකයන් රැසකගේ ද පළමු ජාතික ක්‍රිකට් ක්‍රීඩා අත්දැකීම ප්‍රීමා කුසලාන ක්‍රිකට් තරගාවලිය වන අතර එදා මෙදාතුර ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ප්‍රීමා සමාගම නිහඬ මෙහෙවරක් සිදුකොට ඇත.

ප්‍රීමා සන්නාමය හා දේශී ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය අතර ඇති සබඳතාවය පිළිබඳ ප්‍රීමා ශ්‍රී ලංකා සමූහය වෙනුවෙන් අදහස් දැක්වූ සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා “පාසැල් මට්ටමේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කරමින් ඔවුන්ට ජාතික තලයට පැමිණෙන්නටත්, එතැනින් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරදෙන්නටත් වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ක්‍රිකට් ලීගය වැනි ක්‍රිකට් තරගාවලි සංවිධානය වැදගත් වෙනවා. මෙවර පැවැත්වුණ ශ්‍රී ලංකා යූත් ක්‍රිකට් ලීගයටත් පසුගිය 12 වසරක් තිස්සේ සංවිධානය කෙරුණු තරුණ ක්‍රිකට් තරගාවලි සඳහාත් ප්‍රීමා අපගේ දායකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ අවස්ථාවේ මගේ ගෞරවනීය කෘතඥතාවය පිරිනමනවා. ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ප්‍රීමා අපගේ උපරිම දායකත්වය ලබාදෙන්නට බලාපොරොත්තුවෙනවා.

අවසන් මහා තරගයේ වාර්තාවූ එකම අර්ධ ශතකය රැස් කළ කොළඹ දකුණු පිලේ හිරුක සිල්වා පන්දු 100කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමග ලකුණු 61ක් ලබා ගැනීම මෙම තරගයේ ජයග්‍රහණයටප්‍රබල දායකත්වයක් සැපයීය. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි හිරුක හා මැද පෙළ පිතිකරු තෙවිඳු වේවැල්වල 5වැනි කඩුල්ලට ලකුණු 57ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වීම මෙමතරගයේ හැරවුම් ලක්ෂය විය. තෙවිඳු පන්දු 59කදී ලකුණු 20ක් ලබා අනගි සහයක් ලබා දුන්නේය.

කොළඹ දකුණු පිලේ කොෂේන්ද්‍ර ප්‍රනාන්දු පිට පිට හතරේ පහර දෙකක් එල්ලකරමින් තරගයේ නිමාව සනිටුවහන් කළ අතර ජයග්‍රහණය වාර්තා වෙද්දී කොෂේන්ද්‍ර නොදැවී ලකුණු 10ක් හා යසිඳු දිසානායක නොදැවී ලකුණු 9ක් ලබා සිටියහ.

කොළඹ උතුරු පිල ආරම්භයේ සිටම අසීරුවේ දැමීමට කොළඹ දකුණු පන්දු යවන්නන්සමත් වූ අතර, ඔවුන්ගේ පළමු කඩුලු 6ක් ලකුණු 51කට දැවී ගියේය. අනතරුව එක් වූඅංක 7 හා අංක 8 පිතිකරු යුගලය 7වැනි කඩුල්ලට ලකුණු 78ක සම්බන්ධතාවක් එක්කිරීමෙන් ලකුණු පුවරුව අංක තුනකින් සමන්විත විය. රචින්ත සිල්වා පන්දු 73කදීහතරේ 2ක් හා හයේ 2ක් සමග ලකුණු 35ක් ලැබූ අතර, ඔෂධ පමුදිත පන්දු 85කදීහතරේ පහර 4ක් සමල ලකුණු 35ක් වාර්තා කිරීමට සමත් විය.

කොළඹ උතුරු පිලට තර්ජනයක් ගෙනදුන් රෂාන් නවංජන කඩුලු 3ක්, තෙනූෂ යාපා ලකුණු 30කට කඩුලු 2ක් හා හිමරු දේෂාන්, කොෂේන්ද්‍ර පුනාන්දු කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

අවසන් තරගයේ වීරයා සම්මානය කොළඹ දකුණු පිලේ හිරුක සිල්වා දිනාගත් අතර, තරගාවලියේ දක්ෂතම පිතිකරු තරග 4කදී ලකුණු 162ක් ලැබූ පබසර දිසානායක (දඹුල්ල), තරගාවලියේ හොදම පන්දු යවන්නා තරග 3කදී කඩුලු 8ක් බිඳ හෙලූ දිනූජ සමරරත්න (කොළඹ උතුර) හා තරගාවලියේ වීරයා ලකුණු 68ක් හා කඩුලු 9ක් බිඳ හෙලූ දමේෂ් මතිෂාන් (දඹුල්ල) සම්මාන දිනා ගත්හ.

කොළඹ උතුර පිල කඩුලු 8කට ලකුණු 148යි (ඕවර් 50) තබීත් රිෆ්රිකාර් 13, ෂාන් අබේරත්න 10, රචින්ත ද සිල්වා 45, ඹෂධ පමුදිත 35, අතරේක 15 (තෙනූෂ යාපා 30/2, රෂාන් නවන්ජන 20/3, හිමරු දේෂාන් 13/1, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 35/1)

කොළඹ දකුණු පිල කඩුලු 7කට ලකුණු 151 යි (ඕවර් 45.5) හිරුක සිල්වා 61, ලෂේන් ප්‍රනාන්දු 14, තෙවිඳු වේවැල්වල 20, මෙෂොන් ෆර්ඩිනැන්ඩූ 12 , කොෂෙන්ද්‍ර පුනාන්දු නොදැවී 10 (කිත්ම සිත්මාල් 21/2, ළහිරු ලක්මාල් 25/2, නවිදු රොද්‍රිගූ 14/1, රසිත් නිම්සර 30/1, ඔෂධ පමුදිත 24/1)

  • 02 Companies
  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

December, 5, 2022

ලැයිස්තුගත සමාගම් දෙකක් 2022 දෙසැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව Lanka Cement PLC සහ MTD Walkers PLC යන සමාගම් මේ අනුව නිල වශයෙන් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත් කෙරෙනු ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරීවරයා විසින් මේ බව දැනුම් දී සිටී.

ඒ අනුව මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 290 ක් දක්වා පහළ බසිනු ඇත.

 

  • Ada Derana BIZ Sinhala
  • India
  • milk production
  • sri lanka
  • technical assistance

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දියාවේ තාක්ෂණික සහාය

December, 5, 2022

ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

ඊට අදාළව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB) සහ ඉන්දියානු Amul කිරි සමාගම එක්ව මෙරට දියර කිරි නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම‍ට පියවර ගෙන තිබෙන අතර එහි මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

කෙටි සහ මධ්‍යකාලීන සැලසුම් ක්‍රියාත්මක කරමින් දේශීය කිරි නිෂ්පාදනය දෙගුණ කර ගැනීම පිළිබඳව සහ ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඔස්සේ දිගුකාලීනව ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය නිමල් සමරනායක, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල් යන මහත්වරු ඇතුළු කමිටු සාමාජිකයන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‍හා රේඛීය ආයතනවල නිලධාරීන් ද, ඉන්දියානු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි රජේශ් ඔන්කර්නාත් ගුප්තා (Rajesh Onkarnath Gupta), සාමාන්‍යාධිකාරී සුනිල් ශිවප්‍රසාද් සිංහා (Sunil Shivprasad Sinha), ජ්‍යෙෂ්ඨ කළමනාකරු රාජේශ් කුමාර ශර්මා Rajesh Kumar Sharma යන මහත්වරු ඇතුළු නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • decreased
  • income
  • sri lanka
  • tourists

සංචාරකයෝ වැඩියෙන් ආවත් ආදායම අඩුවෙලා

December, 5, 2022

2022 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් උපාය ඇති ආදායම ඩොලර් මිලියන 107.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. කෙසේවෙතත් මෙය 2021 නොවැම්බර් මාසයේ දී වාර්තා වන ඩොලර් මිලියන 115.4 ක සංචාරක ඉපැයීම් හා සැසඳීමේ දී පහළ යාමකි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ 2021 නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 115.4 ක් උපයා ඇත්තේ සංචාරකයින් 44,294 ක් මෙරටට පැමිණ ඇති පසුබිමක වීමයි. 2022 නොවැම්බර් මාසයේ දී 59,759 ක සංචාරකයින් සංඛ්‍යාවක් හරහා උපයා ඇත්තේ ඩොලර් මිලියන 107.5 ක් පමණි.

මේ අනුව වාර්ෂික පදනම මත 2021 නොවැම්බර් මාසයට වඩා 2022 නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 35% කින් ඉහළ ගොස් ඇතත් ඒ හරහා උපයා ඇති ආදායම 6.8% කින් පහළ ගොස් තිබේ.

සමස්තයක් ලෙස සැලකීමේ දී 2022 ජනවාරි - නොවැම්බර් කාලපරිච්ඡේදය තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 628,017 ක් වන අතර එය 2021 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ අගය වූ 104,989 හා සැසඳීමේ දී 498% ක වර්ධනයකි.

මේ අතර අදාළ කාලපරිච්ඡේදය තුළ ඉපයීම් 2021 වසරේ ඩොලර් මිලියන 273.6 ක් ලෙසින් වාර්තා වන අතර එය 2022 වසරේ දී ඩොලර් මිලියන 1,129.4 ක් දක්වා 312.8% කින් ඉහළ ගොස් ඇත.

Video Story

Stock Market

Exchange Rates