November, 28, 2022
ලාෆ්ස් ගෑස් සමාගම විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින් හට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහරීම් කටයුතු සිදුකරන බව එම සමාගම සඳහන් කර සිටි.
පසුගිය සති කීපය පුරාම ප්රමාණවත් ගෑස් තොග මෙරටට ආනයනය කර ඇති අතරම කාර්යක්ෂමව එම ගෑස් තොග හරහා පිරවුම් කටයුතු සිදුකරමින් දිවයින පුරා විසිරි සිටින තම බෙදාහැරීම් ජාලය සහ අලෙවි නියෝජිත ජාලය හරහා පාරිභෝගිකයාට මිලදී ගැනීමට ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට සමාගම කටයුතු කරමින් සිටි.
එමෙන්ම හෝටල් සහ කර්මාන්තශාලා සඳහා අවශ්ය එල් පී ගෑස් තොග ද සමාගම සතුව ප්රමාණවත්ව ඇති අතර වාණිජ සහ නිෂ්පාදන ව්යාපාර සඳහා ගෑස් නිකුත් කිරීමද කිසිදු ප්රමාදයකින් තොරව සිදුකෙරේ. එමනිසා කිසිදු අයුරකින් ලාෆ්ස් ගෑස් හිඟයක් පිලිබඳ බියක් පාරිභෝගිකයා ඇති නොකරගත යුතු බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටී.
තමන්ට ආසන්නම ගෑස් සිලින්ඩර ඇති අලෙවි නියෝජිතවරයා දැනගැනීමට 1345 ක්ෂණික ඇමතුම් අංකය භාවිත කරන ලෙසද ලාෆ්ස් ගෑස් තම පාරිභෝගිකභවතුන් වෙත දන්වා සිටි.
November, 25, 2022
මාස 3 ක් පුරාවට ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ 30GB Anytime Data
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL Mobile, තම සිම් පත් යළි සක්රීය කරගනිමින් SLT-MOBITEL ජාලය සමග නැවත එක්වන පාරිභෝගිකයන් සඳහා ආකර්ෂණීය ප්රතිලාභ රැසක් පිරිනැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව එම පාරිභෝගිකයන්ට මාස 3 ක කාලයක් සඳහා ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් හිමි වන අතර, මසකට 10GB බැගින් මාස 3 ක් සඳහා 30GB Anytime Data හිමි වේ.
SLT-MOBITEL Mobile මේ වනවිට පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ අවශ්යතාවන්ට ගැළපෙන ආකාරයට, දුරකථන සහ අන්තර්ජාල පැකේජ රාශියක් හඳුන්වා දී තබේ. රාජකාරි කටයුතු, අධ්යපන කටයුතු, ක්රීඩා, සමාජ මාධ්ය භාවිතය, සහ TIKTOK හා Instagram සඳහා විශේෂ සැලසුම් ආදිය මීට ඇතුළත් වී ඇති අතර, තමන්ට කැමති සැලසුමක් තෝරාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමි වේ.
SLT-MOBITEL ජාලයට නැවත සම්බන්ධ වීමට කැමති පාරිභෝගිකයන්ට, 1717 අංකය ඇමතීමෙන් හෝ දිවයින පුරා විසිරුණු SLT-MOBITEL ශාඛා අතරින් තමන් කැමති ශාඛාවක් වෙත පැමිණීමෙන් තම සිම් පත නැවත සක්රීය කරගත හැක.
පුළුල් ආවරණයක් සමග විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා, තමන් භාවිතා කරන තාක්ෂණයන් නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමට SLT-MOBITEL කටයුතු කරයි. එමෙන්ම ජාත්යන්තර වශයෙන් අන්තර්ජාල වේගයන් පරීක්ෂාවට ලක්කරන ප්රමුඛතම ආයතනයක් සහ පරීක්ෂණ යෙදුමක් වන Ookla විසින් අඛණ්ඩව වසර තුනක් SLT-MOBITEL Mobile මෙරට වේගවත්ම ජංගම දුරකථන ජලය ලෙස නම් කර ඇත. SLT-MOBITEL නිල වෙබ් අඩවිය වන www.sltmobitel.lk වෙත පිවිසීමෙන් හෝ SLT-MOBITEL නිල සමාජ මාධ්ය පිටු වෙත පිවිසීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.
November, 25, 2022
ඉන්වෙන්ටිව් ඔටෝමොබයිල් (ප්රයිවට්) ලිමිටඩ් විසින් DYNO Scooby 125 EFi ස්කූටරය පසුගියදා මෙරට වෙළෙද පොළට හදුන්වා දුන්නේය. DYNO Scooby 125 ස්කූටරයට දේශීයව නිෂ්පාදනය කරන ලද උපාංග 14ක් එක් කර ඇති අතර කර්මාන්ත අමාත්යංශය විසින් මෝටර් රථ කර්මාන්තකරුවන්ට හදුන්වාදුන් නව සම්මත මෙහෙයුම් පටිපාටිය යටතේ මෙම ස්කූටරය මෙරටදීම එකලස් කර තිබීම එහි විශේෂත්වය ලෙස හැදින්විය හැකිය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමාගමේ අධ්යක්ෂ ලෙස්ටර් කැරන් මහතා මෙසේ පැවසුවේය.
“DYNO Scooby 125 ස්කූටරයේ සුවිශේෂී කාරණා රැසක් තිබෙනවා. එහි 125cc EFi එන්ජිම හේතුවෙන් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු වන අතර යාන්ත්රිකව ක්රියාත්මක වන ABS ඩිස්ක් බ්රේක් පද්ධතිය මගින් ආරක්ෂාව තහවුරු කරනවා. තවද එහි රෝද අතර වැඩි දුර ප්රමාණය හේතුවෙන් ධාවනයේ දී ස්කූටරයේ ස්ථායිතාවය වැඩි වනවා. කික් ස්ටාර්ට් වගේම ඉලෙක්ට්රික් ස්ටාර්ට් පහසුකම් මෙම ස්කූටරයේ තිබෙන අතර මුළු පුවලටම වඩාත් සුදුසු වාහනයක් ලෙස මෙය හැදින්විය හැකියි. ඒ වගේම ඩිජිටල් මීටරය, භාණ්ඩ ඇසිරීමට වැඩි ඉඩක්, පොළොව සමග ඇති වඩාත් ප්රශස්ත උස වැනි නවීනතම විශේෂාංග රැසකින් සමන්විත වන DYNO Scooby 125 ස්කූටරයේ ආකර්ශණීය හදුන්වාදීමේ මිල සහ දිවයින පුරා විහිදුණු අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ජාලය හේතුවෙන් ඒ සදහා පාරිභෝගිකයා වියදම් කරන මුදලට හොදම වටිනාකමක් ලැබෙනවා.”
DYNO Scooby 125 ස්කූටරය ඩයිනෝ ඉනෝවේෂන්ස් (ප්රයිවට්) ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරනු ලබන අතර අලෙවිය සහ බෙදා හැරීම සිදු කරනු ලබන්නේ ඉන්වෙන්ටිව් ඔටෝමොබයිල් (ප්රයිවට්) ලිමිටඩ් විසිනි. මෙම ස්කූටරයේ ඉදිරිපස සහ පසුපස මඩ්ගාඩ්, පසුපස මඩ කවරය, සයිඩ් කවර දෙක මෙන්ම ආසනය ඇතුළු උපාංග 06ක් නිෂ්පාදනය කරනු ලබන්නේ සමාගමටම අයත් ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේදීය. මෙහිදී මෙම කොටස්වල උසස් තත්ත්වය සහ කල්පැවැත්ම තවදුරටත් ඉහළ නැංවීම සදහා විවිධ වැඩිදියුණු කිරීම් සිදු කරන බව ඔවුහු පවසති. තවද මෙම ස්කූටරයේ හැන්ඩ්ල් බාර්, පැති ස්ටෑන්ඩ්, ප්රධාන ස්ටෑන්ඩ්, සියලුම සීට් බ්රැකට්ස් සහ අසව්, මඩ කවරයේ බ්රැකට් සහ ග්රැබ් හැඩලය ශ්රී ලාංකික සැපයුම්කරුවන් විසින් මෙරටදීම නිෂ්පාදනය කරනු ලැබේ.
ශ්රී ලංකාවේ පළමු වරට ස්කූටරයක සම්පූර්ණ ආසනයම (සීට් බේස්, සීට් අසව්ව, බ්රැකට්ස්, සීට් කුෂන්, රබර් බම්පර්ස්, බීඩිම සහ සීට් කවරය) මෙරටදීම නිෂ්පාදනය කෙරෙන අතර මෙම උපාංග ඇතුළත් කර අංග සම්පූර්ණ DYNO ස්කූටරය සුදුසුකම්ලත් තාක්ෂණ ශිල්පීන් විසින් පන්නිපිටිය මාකුඹුරේ පිහිටි එකලස් කිරීමේ පහසුකමේදී නිෂ්පාදනය කෙරේ. DYNO ස්කූටරයට නොමිලේ ලබාදෙන පූර්ණ සේවා 02 ක් සහ වසර දෙකක හෝ කිලෝ මීටර් 30,000ක වහකීමක්ද හිමිවේ.
ඉහළ ක්රියාකාරිත්වයෙන් සහ වඩාත් ඉහළ කාර්ය සාධනයකින් යුතු විද්යුත් ස්කූරයක්ද ඇතුළුව ස්කූටර් මාදිළි රැසක් මෙරට වෙළෙද පොළට ඉතා ඉක්මනින් හදුන්වාදීමට සමාගම සැළසුම් කර ඇත.
“ශ්රී ලාංකික සමාගමක් ලෙස වාහනයේ 60%ක පමණ කොටසක් මෙරටදීම නිපදවීම අපේ ඉලක්කය වනවා. දේශීයව අගය එකතු කිරීමේ මොඩලය සමග වෙළෙද පොළට ප්රවිශ්ට වීමේ අවස්ථාව අපගේ එම ඉලක්කය සපුරා ගැනීමේ පළමු පියවර ලෙස හදුන්වන්නට පුළුවන්,” යැයි කැරන් මහතා වැඩිදුරටත් පැවසුවේය.

November, 25, 2022
තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, මඩකලපුව සහ මන්නාරම වෙසෙන දිළිඳු ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සවිගැන්වීම උදෙසා එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා පවුම් 880,000ක් (අමෙරිකානු ඩොලර් 1,043,395) ලබා දීමට කටයුතු කර ඇත.
මෙම සතියේ සමරනු ලබන ලෝක ධීවර දිනය (නොවැම්බර් 21) නිමිත්තෙන්, ශ්රී ලංකාවේ බ්රිතාන්ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් OBE විසින් සිය සහය දක්වමින් ප්රකාශයට පත් කළේ, ”ශ්රී ලංකාවේ ධීවර අංශය ඉතාමත් අසීරු කාලවකවානුවකට මුහුණ දෙමින් සිටින බව අප විසින් හඳුනා ගැනිණ. මෙම කර්මාන්තයේ නිරත අය මුහුණ පා ඇති අභියෝග වලින් සමහරක් සම්බන්ධයෙන් නිසි කටයුතු යෙදීම සඳහා සහය පිණිස එක්සත් රාජධානිය පවුම් 880,000ක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ හරහා ඉලක්ක කරනුයේ, පෝෂණීය ආහාර සහ වෙනත් අත්යවශ්ය ද්රව්ය වෙත එම පවුල් වලට වැඩි ප්රවේශයක් සැලසීමයි” යනුවෙනි.
බ්රිතාන්ය රජය විසින් දෙන ලද මෙම වටිනා දායකත්වය, කුඩා-පරිමාණයෙන් සහ මෝටර නොමැති සාම්ප්රදායික බෝට්ටු යොදාගෙන කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයන් 5,000ක ට වැඩි සංඛ්යාවක් වෙත සහය පිණිස යොදා ගැනීමට FAO අදහස් කරයි. සාම්ප්රදායික වශයෙන් ඉතාමත්ම දිළිඳු තත්ත්වයේ පවතින ධීවර ප්රජාවන් වන මොවුන්ට මෙම සහය බෙහෙවින් වැඩදායක වනු ඇත. සුදුසුකම් ලබන ධීවරයින් වෙත මාස 3ක කාලයක් දක්වා මසකට ඇ.ඩො. 47ක කොන්දේසි විරහිත මුදල් පැවරුමක් ලැබෙනු ඇත. බලපෑමට ලක් වූ ධීවර නිවෙස් වලට වහා අවශ්ය කරන ආහාර හා ජීවනෝපාය අවශ්යතා සපුරා ගැනීමට මෙන්ම තමන්ට අත්යවශ්ය දෑ සපයා ගැනීමටත් මේ හරහා හැකියාව ලැබෙනු ඇත.
ධීවර ප්රජාව වෙත ලබා දෙන මෙකී සහය පිළිබඳ සිය කෘතඥතාව පළ කරමින්, ගරු ධීවර අමාත්ය, ඩග්ලස් දේවානන්ද මැතිතුමා, ”සාම්ප්රදායිකව ගත් කල, මසුන් යනු අපේ ආහාර වේලට ප්රෝටීන් ලබා දෙන ප්රධාන මාර්ගයකි. එය අප රටට විදේශ විනිමය උපයා ගත හැකි වැදගත් මාර්ගයක් ද වේ. මෙවැනි කාලවකවානුවක ධීවර ප්රජාව වෙත උපරිම සහය සැලසීමට අප කටයුතු කළ යුත්තේ අපේ ආහාර සුරක්ෂිතතාව සහ මූල්ය ස්ථාවරත්වය වෙත ඔවුන්ගේ කර්මාන්තය තුළින් ලබාදෙන වටිනා දායකත්වය අඛණ්ඩව සැලසීමේ හැකියාව ඔවුන් වෙත උදා කිරීම පිණිසයි. මෙම ප්රජාවට සිය නොමසුරු සහය ලබාදීම සම්බන්ධයෙන් බ්රිතාන්ය රජයටත්, FAO සංවිධානයටත් මාගේ ස්තුතිය පුද කරමි” යැයි පැවසීය.
මෙම වැඩපිළිවෙළ දියත් කරන අවස්ථාවේ දී ශ්රී ලංකා සහ මාලදිවයින FAO නියෝජිත විම්ලේන්ද්ර ශරන් මහතා පැවසුවේ,”කුඩා පරිමාණ ධීවරයින් මෙම වසරේ දී බහුවිධ අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. සතියකට පවතින ධීවර දින ගණන අඩු වීම, ධීවර අස්වන්න අඩු වීම, සහ ග්රාමීය ජනතාව සතු මිලදී ගැනීමේ හැකියාව හීන වීම නිසා ඉල්ලූම අඩු වීම ආදී සියලූ කාරණා මෙම කණ්ඩායමට සැලකිය යුතු අන්දමින් බලපෑම් ඇති කර තිබෙනවා. මෙම අර්බුදකාරී සමයේ දී, අවදානමට ලක් විය හැකි ධීවරයන්ගේ ජීවනෝපායයන් ආරක්ෂා කරන්නට ත්්ධ හි අප ඇප-කැප වී සිටිනවා. එසේම, ධීවර ප්රජාව වෙනුවෙන් සිය සහය දැක්වීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය වෙත අපේ ස්තුතිය පිරිනමන්නට ද මෙය අවස්ථාවක් කරගන්නවා” යනුවෙනි.
ශ්රී ලංකාවේ FAO, සිය හවුල්කරුවන්ගේ සහභාගිත්වය ද ඇතිව, කෘෂිකර්මය දිරිගන්වන අතරවාරයේ ග්රාමීය ප්රදේශ ද ඇතුළුව වඩාත්ම බලපෑමට ලක් ව ඇති දිස්ත්රික්ක වල වෙසෙන ගොවි ජනතාවගේ සහ ධීවර ප්රජාවන් හි ආහාර සුරක්ෂිතතාව පිළිබඳ හදිසි අවශ්යතා සපුරාලීම, සහ ජීවනෝපායයන් ආරක්ෂා කිරීම සඳහා නිසි කටයුතු යෙදීමට පියවර ගෙන ඇත.
November, 24, 2022
අද (24) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි තවත් භාණ්ඩ 78ක ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්රයන් හි ප්රවර්ධනය උදෙසා අවශ්ය වන භාණ්ඩ රැසක් ඒ් අතර වන බවයි. ශීතකරණ, අධි ශීතකරණ, ඇගලුම්, සෙරමික් භාණ්ඩ, ටයිල්, රෙදි සෝදන යන්ත්ර, ගුවන්විදුලි යන්ත්ර, වොටර් හීටර්, බ්රේක් ලයිනර් සහ බ්රේක් පෑඩ්ස් ඒ අතර වෙයි.
මෙලෙස ආනයන සීමා ඉවත් කළ භාණ්ඩ අතුරින් 15ක් සඳහා ඒ ක්ෂේත්රවල බලධාරීන්ගේ නිර්දේශ මත ආනයන අපනයන පාලකගේ අනුමැතියෙන් ආනයනය කිරීමට අවසර හිමිව තිබේ. ඒ අතරට රූපලාවාන්ය උපකරණ, සුවඳ විලවුන්, දන්ත සෞඛ්ය උපකරණ ඇතුළත් වේ. මේවා ආනයනය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ප්රධාන විධායක නිලධාරීයාගේ හෝ සංචාරක ප්රවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ හෝ නිර්දේශය අවශ්ය වේ.
පවතින විදේශ විනිමයි අර්බුදය හේතුවෙන් පසුගිය අගෝස්තු මස 23 වැනි දා සිට ක්රියාත්මක වන පරිදි භාණ්ඩ එච්.එස්. කේත 1,468කට අයත් භාණ්ඩ ආනයනය අත් හිටුවීමට රජය කටයුතු කළ අතර අනතුරුව විවිධ පාර්ශ්වයන්ගෙන් ලද සාධාරණ ඉල්ලීම් සලකා බලා සැප්තම්බර් මස 09 දා ඉන් භාණ්ඩ 708ක ආනයන තහනම ඉවත් කිරීමට රජය පියවර ගත් බවයි අමාත්යවරයා සඳහන් කළේ.
November, 24, 2022
ශ්රී ලංකා ක්රිකට් ආයතනය ක්රියාත්මක කරන 'National Talent Pathway' ජාතික වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරෙන, වයස අවුරුදු 15 න් පහළ Sri Lanka Youth Leauge (SLYL) අන්තර් දිස්ත්රික් හා අන්තර් පළාත් තරඟාවලියේ ප්රධාන අනුග්රාහකත්වය ප්රීමා සමාගම දක්වයි. මෙම අනුග්රාහකත්වය නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමේ මාධ්ය හමුව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හා ප්රීමා සමූහ ව්යාපාරයේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් 2022 නොවැම්බර් 21 වැනි දින කොළඹ SSC ක්රීඩාංගනයේ දී පැවැත්විණි.
වයස අවුරුදු 15න් පහළ ප්රීමා SLYL 2022 තරඟාවලියේ පන්දුවාර 50 පළාත් තරඟාවලිය දිස්ත්රික් මට්ටමින් තෝරාගත් යොවුන් ක්රිකට් ක්රීඩකයින්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 21 වන දා ආරම්භ විය. රත්මලාන වෙළෙඳසේවා ක්රිකට් සංගම් ක්රීඩාංගණයේ දී හා ජනසතු සේවා ක්රීඩාංගණයේ දී පැවැත්වෙන එම තරඟාවලිය ගාල්ල, කොළඹ උතුර, කොළඹ දකුණ, මහනුවර සහ දඹුල්ල යන කණ්ඩායම් පහ අතර වැවැත්වෙන තරඟ 10කින් සමන්විතය. මෙම තරඟාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිතය. ජාතික කනිෂ්ඨ තේරීම් කමිටුවේ අධීක්ෂණය යටතේ ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ දිස්ත්රික් සහ පළාත් පුහුණුකරුවන් විසින් මීට සහභාගි වන ක්රීඩකයින් තෝරා ගන්නා ලදී.
පෙර වසරවල ප්රීමා චැම්පියන්ස් කුසලානය ලෙසින් හැඳින් වූ , වත්මන් 15න් පහළ ප්රීමා SLYL තරඟාවලියේ නිල අනුග්රාහකයා ලෙස ප්රීමා සමාගම පසුගිය වසර 12 පුරා අඛණ්ඩව කටයුතු කර ඇති අතර, එමගින් දහස් සංඛ්යාත යොවුන් ක්රිකට් ක්රීඩකයින්ට තම දිස්ත්රික්කය හා පළාත නියෝජනය කිරීමේ අවස්ථාව ලැබී ඇත. ජාතික ක්රිකට් කණ්ඩායම නියෝජනය කරන අතීත හා වර්තමාන දක්ෂ ක්රිකට් ක්රීඩකයින් රැසක් මෙම තරඟාවලිය මඟින් බිහි වී ඇති බව ද පැවසිය යුතුමය.
මෙම උත්සව සභාව අමතමින්, සිලෝන් ඇග්රෝ ඉන්ඩස්ට්රීස් (ප්රීමා සමාගමේ) නියෝජ්ය සාමාන්යාධිකාරී සජිත් ගුණරත්න මහතා ප්රකාශ කළේ, " ප්රීමා, නැවත වරක් වයස අවුරුදු 15න් පහළ 'ප්රීමා SLYL ක්රිකට් තරඟාවලිය' සඳහා අනුග්රාහකත්වය ලබා දෙමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳගන්නා බව සතුටින් ප්රකාශ කිරීමට කැමතියි. ඒ වගේ ම මෙම තරඟාවලිය ශ්රී ලංකා ක්රිකට් සඳහා පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද එක ම කනිෂ්ඨ ක්රිකට් තරගාවලිය විදියට හඳුන්වා දීමට පුළුවන්." යනුවෙනි.
ඊට අමතරව ගුණරත්න මහතා මේ අයුරින් ද පැවසුවේය. " වසර දෙකකට පසු, මේ රටේ තරුණ ක්රිකට් ක්රීඩකයින් දිරි ගැන්වීමේ අරමුණින් නැවතත් පණ ගැන් වූ මෙම තරඟාවලිය සාර්ථක කරගැනීම වෙනුවෙන් ශ්රී ලංකා ක්රිකට් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. මේ රටේ තරුණ ක්රීඩකයින්ගේ දක්ෂතා දියුණු කර ගැනීම සඳහා ඔවුන් දිරිමත් කිරීම සහ සහයෝගය ලබා දීම අපගේ වගකීමක් බව ප්රීමා සමාගමේ අපි නිරන්තරයෙන් විශ්වාස කරනවා. වයස අවුරුදු 15න් පහළ ප්රීමා SLYL තරඟාවලිය තරුණ ක්රිකට් ක්රීඩකයින්ට ඔවුන්ගේ ක්රිකට් ජීවිතය ජාතික මට්ටමට වගේ ම ජාත්යන්තර මට්ටම දක්වා ගොඩනංවා ගැනීමට ඉතා හොඳ සහයෝගයක් ලබා දෙන බව මම විශ්වාස කරනවා."
" අපගේ මෙම වටිනා සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව වගේ ම, ශ්රී ලංකා කනිෂ්ඨ ක්රිකට් නැංවීම වෙනුවෙන් වයස අවුරුදු 15න් පහළ 'ප්රීමා SLYL තරඟාවලිය' අතිසාර්ථක කරගැනීමට ලබා දුන් සහයෝගය පිළිබඳව ශ්රී ලංකා ක්රිකට් ආයතනයට අපගේ කෘතඥතාව පුද කිරීමට මම මෙය අවස්ථාව කරගන්නවා." යනුවෙන් ගුණරත්න මහතා තවදුරටත් පැවසුවේය.
November, 24, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම සිය සේවක සේවිකාවන්ගේ සේවා ජ්යේෂ්ඨත්වය සහ ආයතනික වර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම හා දායකත්වය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන 'ජ්යෙෂ්ඨත්ව සම්මාන' උළෙලේ 2022 වසරට අදාළ සම්මාන ප්රදානෝත්සවය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහි දී වසර 20ක් හෝ ඊට වැඩි කාලයක් INSEE සිමෙන්ති සමාගම වෙනුවෙන් කැප වෙමින්, සාර්ථකව සිය සේවා කාලය ගත කළ නිෂ්පාදන, විකුණුම්, ප්රසම්පාදන, සැපයුම් හා මූල්ය යන අංශවල සේවයේ නියුතු සේවක සේවිකාවන් 20 දෙනෙකුට ඇගයීම් සම්මාන පිරිනැමිණි.
'INSEE ජ්යෙෂ්ඨත්ව සම්මාන 2022' උළෙලට INSEE සිමෙන්ති සමාගමේ සභාපති / ප්රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක හා ප්රධාන මහජන නිලධාරිණී තිලංකා සිල්වා යන මහත්ම මහත්මීහු ප්රධාන, විධායක කළමනාකරණ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවෝ සහ දෙපාර්තමේන්තු ප්රධානීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම සම්මාන ප්රදානෝත්සවයේ වැදගත්කම අවධාරණය කරමින් ඒකනායක මහතා සඳහන් කළේ, INSEE ජ්යෙෂ්ඨත්ව සම්මාන මගින් සිය සේවක සේවිකාවන්ගේ සේවා ජ්යේෂ්ඨත්වය මෙන් ම එම කැපවීමට සහයෝගය ලබා දුන් ඔවුන්ගේ පවුල්වල සාමජික සාමාජිකාවන් ද ඇගයෙන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකනායක මහතා, “INSEE සිමෙන්ති සමාගමේ අපි ගොඩනඟන්නේ ජීවිතයයි. ඒ නිසා ම INSEE සමාගම වෙනුවෙන් වගේ ම අපගේ ආයතනික අරමුණ වෙනුවෙන් තම ජීවිතය කැප කළ සේවක සේවිකාවන් අපි නිරන්තරයෙන් අගයනවා. මෙම සම්මාන ප්රදානය මගින් INSEE සිමෙන්ති සමාගම සිය සේවක සේවිකාවන් සමඟ ගොඩනඟාගෙන තිබෙන අද්විතීය සබඳතාව වගේ ම ආයතනය හා සේවක සේවිකාවන් අතර පවතින අන්යොන්ය විශ්වාසයත් පෙන්නුම් කරනවා. මේ වසරේ ජ්යෙෂ්ඨත්ව සම්මාන දිනූ සියලු ම දෙනාට ගෞරවණීය සුබපැතුම් එක් කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් පැවසුවේය.
මෙවර සම්මානලාභීන් 20 දෙනාගෙන් 7 දෙනෙකු ම INSEE සිමෙන්ති පවුල සමඟ දශක 3කට වැඩි කාලයක් පුරා අත්වැල් බැඳගනිමින් සේවය කරන සේවක සේවිකාවන් වන අතර, ඔවුන්ගේ එම සේවා කාලය ආයතනය ක්රියාත්මක වන කාලසීමාවෙන් හරි අඩකටත් වඩා වැඩි කාලයක් බව සිහිපත් කළ යුතු ම ය. ආයතනය සතු මානව ප්රාග්ධනයේ වටිනාකම සහ කැපවීමෙන් අනූන, දිගුකාලීන සේවා කාලයක ඇති වටිනාකම පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්රධාන මහජන නිලධාරිණී තිලංකා සිල්වා මහත්මිය සඳහන් කළේ, "INSEE සිමෙන්ති සමාගම තුළ සුවිශේෂී ආයතනික සංස්කෘතියක් තිබෙනවා. සේවක සේවිකාවන් දිගු කාලයක් අප සමඟ බැඳීම, INSEE සිමෙන්ති සමාගම සතු යහපත් ආයතනික පරිසරයට වගේ ම සමාගම තම සේවක සේවිකාවන්ට දක්වන සැලකිල්ල සහ ඔවුන් තුළ සමාගම ගැන තිබෙන විශ්වාසයටත් හොඳ ම උදාහරණයක්. වසර 30කට වැඩි කාලයක් අප සමඟ බැඳී සිටින සේවක සේවිකාවන් ඇත්ත වශයෙන් ම අපට මහත් අභිමානයක්." යනුවෙනි.
“ආරම්භයේ සිට ම, අපි අපගේ සේවක සේවිකාවන් වෙනුවෙන් කැප වුණා. ඒ වගේ ම ඔවුන් සමාගමේ ජයග්රහණය වෙනුවෙන් කැප වුණා. අපි ගොඩනඟාගත් ජයග්රාහී සබඳතා නිසා ම අන්යොන්ය වශයෙන් ජය ගැනීමට අපට හැකි වෙලා තිබෙනවා. ඒ වගේ ම INSEE සිමෙන්ති සමාගම සිය සේවා ස්ථානය තුළ ආරක්ෂාව, ආචාර ධර්ම සහ විවෘතභාවය පිළිබඳ ඉහළ ම ප්රමිතීන් ක්රියාත්මක කරන නිසා ම බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් වෙන සේවා යෝජකයෙක් බවට පත්වීමට හැකි වෙලා තිබෙන බවත් පැවසිය යුතු ම යි. INSEE සිමෙන්ති ජීවිතය ගොඩනඟමු කියන තේමාව මුල් කරගනිමින් ක්රියාත්මක වන නිසා ම මානව සබඳතාවලට මූලිකත්වය ලබා දෙනවා. INSEE ජ්යෙෂ්ඨත්ව සම්මාන ඒ සඳහා හොඳ ම උදාහරණයක් " යනුවෙන් තිලංකා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
November, 24, 2022
මුදල් අච්චු ගැසීම යනු මහ බැංකුවේ සංචිත මුදල් කොපමණ ප්රමාණයකින් ප්රසාරණය වනවාද යන්න බවත් එලෙස 2022 වසරේ මේ දක්වා (ජනවාරි - ඔක්තෝබර්) කාලය තුළ සංචිත මුදල් ප්රසාරණය වී ඇත්තේ රු. බිලියන 47 කින් පමණක් බවත් ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ 2021 වර්ෂය තුළ දී රු. බිලියන 341 කින් සංචිත මුදල් වැඩි වී ඇති බවයි.
අද (24) පැවති මාධ්ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මුදල් අච්චු ගැසීම කියන්නේ සාමාන්යයෙන් මහ බැංකුවේ සංචිත මුදල් කොපමණ ප්රසාරණය වෙනවාද කියන එක. සංචිත මුදල් විශාල වශයෙන් වැඩිවෙන කොට මුදල් අච්චු ගැසීම වැඩියි කියලා තමයි කියන්නේ. සංචිත මුදල් වැඩිවෙන ක්රම කිහිපයක් තියෙනවා. එකක් තමයි මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් කෙලින්ම ගන්න කොට හරි වෙළෙඳපොළෙන් ගන්න කොට හරි එතන එක ක්රමයක්. අපි විදේශ විනිමය ගන්න කොට එලියට දාන ප්රමාණය නැවත අඩුවෙනවා. පොලී අනුපාත වැඩි කරන කොට සංචිත මුදල් නැවත මහ බැංකුව ඇතුළට ආවාම ඒක අඩුවෙනවා. ඒ ක්රම ඔක්කෝම එකතු කරලා බැලුවාම සංචිත මුදල් වැඩිවෙච්ච ප්රමාණය, මුදල් අච්චු ගැසීම කියලා තාක්ෂණිකව කිව්වොත්, සංචිත මුදල් කොපමණ වේගයකින් වැඩිවුණාද, රටට අවශ්ය ප්රමාණයට වඩා වැඩිපුර වැඩි වුණාද අඩුපුර වැඩිවුණාද කියන එක තමයි ප්රශ්නය තියෙන්නේ. සංචිත මුදල් වැඩිවෙන්න ඕනේ, අනිවාර්යයයෙන් යම්කිසි කාලයක් තුළ. මොකද රටේ ආර්ථිකය වර්ධනය වෙන කොට සංචිත මුදල් වැඩිවෙන්න ඕනේ. ඒක ඕනෑවට වැඩිය වැඩිවුණොත් තමයි, ඕනෑවට වැඩියෙන් මුදල් අච්චු ගහලා කියලා, යම්කිසි ආකාරයට කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන්.
මහ බැංකු අධිපතිවරයා සඳහන් කළ ආකාරයට පසුගිය වසර තුනක කාලය තුළ දී මහ බැංකුවේ සංචිත මුදල් ප්රසාරණය වී ඇත්තේ පහත ආකාරයෙනි.
2020 - රු. බිලියන 31
2021 - රු. බිලියන 341
2022 - රු. බිලියන 47
මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කරන ලදී.
එතකොට පෙන්නුම් කරන ආකාරයට පහුගිය අවුරුදු ටිකේ වැඩිවෙච්ච එක සෑහෙන ප්රමාණයකින් ඒ වැඩිවීමේ වේගය අඩුකරලා තියෙනවා. ඒකෙන් පෙන්නේ මුදල් අච්චු ගැසීමේ යම්කිසි ප්රමාණයක් පහුගිය කාලයේ දී සිද්ධ වුණාද, ඒ ප්රමාණය යම්කිසි ආකාරයකට සෑහෙන දුරකට පාලනය කරලා තියෙනවා දැඩි මුදල් ප්රතිපත්තිය, පොලී අනුපාතය වැඩියෙන් තබා ගැනීම තුළින් තමයි මේක කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි දකින්නේ මුදල් සංසරණය අඩුවෙලා කියලා කියනවා දැන්. ඒකෙන් පේන්නේ ඒකේ එක කොටසක් තමයි රට තුළ මුදල් සංසරණය. මුදල් සංසරණය බැලුවොත්, 2020 වසර තුළ සංචිත මුදල් අර ප්රමාණය වැඩි වුණාට මුදල් සංසරණය වැඩිවෙලා තියෙනවා බිලියන 156 කින්, 2021 වර්ෂය තුළ බිලියන 170 කින්, 2022 වර්ෂය තුළ වැඩිවෙලා තියෙන්නේ බිලියන 21 කින් විතරයි.
පැහැදිලිව අපේ මුදල් ප්රතිපත්තිය යම්කිසි ආකාරයක ක්රියාත්මක කිරීම තුළින් ඒ මුදල් අච්චු ගැසීම කියන එක මුදල් සංසරණය සෑහෙන අඩුවෙලා තියෙනවා.හැබැයි මුදල් සංසරණය දිහා බැලුවොත් අපේ Treasury bill holding කියන එකෙන් විතරක් ඒක වැරදි අර්ථකථනයක්.
November, 23, 2022
මෙරට සියලු ප්රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ අවධානය...
දුම්රිය, බස් රථ, පාසැල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු මෙරට සියලු ප්රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා විය.
මේ පිළිබඳ සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙම කාරක සභාව සඳහා මෙරට ප්රවාහන ක්ෂේත්රය හා සම්බන්ධ පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර මේ වන විට ප්රවාහන ක්ෂේත්රයේ පවතින ගැටලු පිළිබඳ ඒ ඒ පාර්ශ්ව වල අදහස් ලබාගැනීම සිදු විය.
මෙහිදී ශ්රී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, ත්රී රෝද රථ සංගමය, පාසල් ළමුන් ප්රවාහන සංගමය ඇතුළු ප්රවාහන සේවා නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉන්ධන මිල මහළ යාම, වාහන ආනයනයට පනවා ඇති සීමා සහ වාහන අමතරකොටස් සම්බන්ධයෙන් පනවා ඇති සීමා හේතුවෙන් ඔවුන්ට දැඩි අපහසුතාවන්ට මුහුනපෑමට සිදු වී ඇති බවයි. විශේෂයෙන්ම වාහන ටයර ඇතුළු අමතර කොටස් වල මිළ 300% පමණ ඉහළ ගොස් ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ. එසේම වාහන අමතර කොටස් හිඟය හේතුවෙන් බස් රථ, පාසැල් වෑන් රථ සහ ත්රී රෝද රථ ඇතුළු ප්රවාහනය සඳහා භාවිත වන රථ වාහන අඩුවෙමින් පවතින බවද මෙම නියෝජිතයෝ පෙන්වා දුන්හ.
මෙහිදී මෙම සියලු තත්ත්යන් පිළිබඳ අවධානය යොමු කරමින් යෝජනා කිහිපයක් කමිටුව විසින් ඉදිරිපත් කරන බව අනු කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ අනුව වැදගත් යෝජනාවක් ලෙස මගී පහසුව ඇති කිරීම සඳහා මෙරට සියලු ප්රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම යෝජනා කරන බව ඒ මහතා පැවසීය.
මේ අනුව මෙම සියලු යෝජනාවල එකතුවක් දෙසැම්බර් මස ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
මෙම කාරක සභාව සඳහා අමාත්ය නසීර් අහමඩ් රාජ්ය අමාත්යවරුන් වන ලසන්ත අලගියවන්න, සිවනේසන්තුරෙයි චන්ද්රකාන්තන් පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් යන මහත්වරු සහභාගී වූහ.




November, 23, 2022
ආර්ථික ක්රියාකාරකම්වල සිදුවූ මන්දගාමීත්වය පිළිඹිබු කරමින්, 2022 වසරේ පළමු කාර්තුවේ සියයට 4.3 ක්ව පැවති සේවා වියුක්ති අනුපාතය 2022 වසරේ දෙවන කාර්තුව තුළ සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් ඇත.
2022 වසරේ පළමු කාර්තුවේ දී සියයට 51.2 ක්ව පැවති ශ්රම බලකා සහභාගීත්ව අනුපාතය 2022 වසරේ දෙවන කාර්තුව තුළ දී සියයට 50.1 ක් දක්වා පහත වැටී ඇත.
කෙසේ වුවද, ක්රමයෙන් වේගවත් වනු ඇතැයි අපේක්ෂිත ආර්ථික ක්රියාකාරකම් සමඟ, 2023 වසරේ දී සේවා වියුක්ති අනුපාතය සියයට 5 කට අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂිතය.
පොහොර ලබා ගැනීමේ හැකියාව තහවුරු කිරීම සමඟ කෘෂිකාර්මික අංශය පුනර්ජීවනය වනු ඇති අතර අපේක්ෂිත පරිදි ක්රමයෙන් ආනයන සීමා ඉවත් කිරීම සමඟ කාර්මික අංශය සැළකිය යුතු ලෙස යථා තත්ත්වයට පත් වනු ඇත.
මුදල් අමාත්යාංශය විසින් නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වේ.

Video Story