• Ada Derana BIZ Sinhala
  • Films
  • indipendence day
  • sri lanka

නිදහස දා චිත්‍රපට බලන්න සිනමාහල්වලින් 50% ක වට්ටමක් – ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

November, 22, 2022

75 වන නිදහස් දිනය යෙදෙන 2023 පෙබරවාරි මස 04 දින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන/ ස්ථාන නොමිලයේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමටත් එදින රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තු 50%කින් අඩු කර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Annual Report
  • Ceylinco Life
  • CMA
  • sri lanka

‘සෙලින්කෝ ලයිෆ්’ 2021 වාර්ෂික වාර්තාව CMA විශිෂ්ට සංකලිත වාර්තා 05 අතරට

November, 22, 2022

සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2021 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැති ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමණාකාර ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ (CMA) 2022 සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී, විශිෂ්ට සංකලිත වාර්තා (Integrated Reports <IR>) 05න් එකක් ලෙස සම්මානයට පාත‍්‍ර විය.

ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ නායකයා වන සෙලින්කෝ ලයිෆ් හි නවතම වාර්තාව මගින් සමාගමේ මෙහෙයුම් පරිසරය, උපාය මාර්ග, කාර්ය සාධනය, අගය නිර්මාණය කිරීම, පාලනය, අවදානම් කළමනාකරණය සහ අනාගත දැක්ම පිළිබඳව සංක්‍ෂිප්ත සහ අදාළ වූ විස්තරයක් ඉදිරිපත් කර ඇත. තවත් එක් අභියෝගාත්මක වසරකදී ජාතියේ අවදානම් අවම කිරීමට සමාගම ඉතා ශක්තිමත් අරමුණක් ඇතිව ඉදිරියට ගිය ආකාරය මෙම වාර්තාව මගින් නිරූපණය කර තිබිණි.

2021 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා සමාගමේ මෙහෙයුම් ආවරණය වන පරිදි සෙලින්කෝ ලයිෆ් වාර්ෂික වාර්තාව මගින් එහි ආයතනික දල විශ්ලේෂණය, අගය නිර්මාණය කිරීම, භාරකාරත්වය, ආයතනික පාලනය සහ මූල්‍ය ප‍්‍රකාශන සඳහා ඒකාබද්ධ උපාය මාර්ග ගෙනහැර දක්වමින් එහි ‘ත‍්‍රිත්ව මූලික ප‍්‍රමුඛතා’ (Triple Bottom Line) මත ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳවද විස්තර කර ඇත.

‘සංකලිත වාර්තාකරණය ව්‍යාපාරයක සෑම අංශයකින්ම විනිවිදභාවය පෙන්වීම සඳහා අත්‍යාවශ්‍ය දෙයක් වී ඇති අතර, සමාගම්වලට අසීමිත අභියෝගවලට ප‍්‍රතිචාර දැක්වීමට සිදුවන මෙවැනි කාල වකවානුවකදී එය විශේෂයෙන් වැදගත් වනවා’ යැයි, සෙලින්කෝ ලයිෆ් විධායක අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන මූල්‍ය නිලධාරි පාලිත ජයවර්ධන මහතා පැවැසීය. ‘එබැවින් අපගේ වාර්ෂික වාර්තාව, ශ‍්‍රී ලංකාවේ ජාතික වෘත්තීය කළමණාකරණ ගණකාධිකරණ ආයතනය වන CMA හි සූක්‍ෂ්ම දර්ශකය යටතට ගෙන විශිෂ්ට ලෙස සමත් වීම ගැන අපි සතුටු වෙමු’ යැයිද ඔහු පැවසුවේය.

2013 දෙසැම්බර් මස නිකුත් කරන ලද ජාත්‍යන්තර සංකලිත වාර්තාකරණ <IR> නිර්දේශ රාමුවට අදාළ වන මාර්ගෝපදේශ භාවිත කරමින්, වාර්ෂික සංකලිත වාර්තාකරණ සම්මාන තරගාවලියේ 08 වැනි සංස්කරණයට අනුව මෙම වසරේ සලකා බැලූ සංකලිත වාර්තා ඇගයීමට ලක් කරන ලදී. මෙම අගැයීම් ක‍්‍රියාවලිය සඳහා ගිණුම්කරණ සහ මූල්‍ය තොරතුරු පමණක් නොව, <IR> යටතෙහි සපයා තිබෙන මූල්‍ය නොවන තොරතුරුද සැලකිල්ලට ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාවද CMA ආයතනය විසින් විශිෂ්ටතම සංකලිත වාර්තා 10න් එකක් ලෙස පිළිගැනීමට ලක්වූ අතර, රට තුළදී ඉදිරිපත් කෙරෙන හොඳම මූල්‍ය වාර්තා අගැයීමට ලක් කරන ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ (CA Sri Lanka) සම්මාන උළෙලේදීද රක්‍ෂණ සමාගම් කාණ්ඩයේ ඒකාබද්ධ රිදී සම්මානය දිනා ගැනීමටද සමත් විය.

2022 වසරේ දී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ්, 2021 වසරේ අඛණ්ඩව තෙවැනි වරටත් ශී‍්‍ර ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ^Great Workplace& ලෙසද, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ^SLIM& විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසද, SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසද, නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව ^ICCSL& සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ ^BFSI& ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇත.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 

සේයාරූ සටහන - ‘සෙලින්කෝ ලයිෆ්’ සමාගමේ විධායක අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී පාලිත ජයවර්ධන මහතා (වමේ සිට 04 වැනියා) සහ සමාගමේ අනෙක් නියෝජිතයන් සංකලිත වාර්තාකරණය උදෙසා CMA විශිෂ්ටතා සම්මානය ලබා ගන්නා අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි.

  • Ada Derana BIZ Sinhala
  • Ithiry App
  • Sadaharitha
  • sri lanka

මුළු රටටම Discount දෙන සදාහරිත Ithiry App එළි දකී

November, 22, 2022

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සියළුම ශ්‍රී ලාංකිකයින්ට දිවයින පුරා වට්ටම් ලබා දෙන මෙරට ප්‍රථම Discount App (යෙදවුම) සදාහරිත සමාගම මගින් දියත් කෙරිණි. සදාහරිත Ithiry App ලෙස නම් කර ඇති මෙම යෙදවුම ජංගම දුරකතනයේ ස්ථාපනය කර ගන්නා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම දිවයින පුරා වෙළෙඳසල්, ආහාර පාන, හෝටල්, රෝහල්, සෞඛය සේවා, අධ්‍යාපන සේවා ආදී ඕනෑම ක්ෂේත්‍රයක ගෙවීම් සිදු කිරීමේදි ඉහළ වට්ටම් හිමිකර ගත හැකිය.

මෙරට හරිත ආයෝජන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලංකාවට අගාවුඩ් ශාකය හඳුන්වා දෙමින් රටට නව ඩොලර් උත්පාදන මාවතක් හඳුන්වා දුන් සදාහරිත සමූහ ව්‍යාපාරය 2022 වසරට යෙදී තිඛෙන සිය 20 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් මෙම Discount App සේවාව හඳුන්වා දී තිබේ.

35,000කට අධික සිය පාරිභෝගික ජනතාවට ජිවිතයේ සතුට හා ආස්වාදය සැනසිලිදායකව විඳගැනිමේ අවස්ථාව හිමිකර දෙමින් දැනට වසර කිහිපයක සිට සදාහරිත Privileged Card හඳුන්වා දෙමින් දිවයින පුරා සිදුකරන ගනුදෙනු වලදී ඔවුන් විශේෂ වට්ටම් හිමිකර දී තිබේ.

සමාගමේ එම අද්විතීය පාරිභෝගික සේවාව තවත් උසස් මට්ටමකට ගෙන එමින්  නව්‍ය තාක්ෂණය හා මුසුවන සදාහරිත සමාගම iOS හා Android තාක්ෂණය වේදිකා භාවිත කරමින් Ithiry App නිර්මාණය කර ඇත. මේ අනුව Ithiry App භාවිත කරන ඔබට දේශීය වෙළඳ සන්නාම 350කට අධික සංඛ්‍යාවක් සඳහා සුවිශේෂී වට්ටම් හා වාසි හිමිකර දෙයි. ඒ අනුව දිවයින පුරා 1000කට අධික වෙළඳ මධ්‍යස්ථාන වල දී ඔබට මෙම වට්ටම් ලබා ගැනීමට හැකිය. සදාහරිත Ithiry App සේවාව මගින් දිවයිනේ ගම් නගර සිසාරා වෙසෙන සියලුම ජනතාවගේ ජීවන හා ආර්ථීක තත්ත්වයන්ට සහන සලසමින් ඉහළ වට්ටම් හා වාසි හිමිකර දෙයි.

මෙම සුවිශේෂී වට්ටම් හා වාසි ලබා ගැනීමට ඔබේ ජංගම දුරකතනය Apple දුරකතනයක් නම් App store වෙත හෝ Android  දුරකතනයක් නම් Play store වෙත පිවිස Ithiry ලෙස Search කර App එක Download කරගන්න. අනතුරුව ඔබගේ දුරකථන අංකය හෝ Google ගිණුම හෝ Facebook  ගිණුම ඇතුලත් කර සදාහරිත Ithiry App ගිණුම සක්‍රීය කරගන්න.

ගිණුම සක්‍රීය කර ගැනීමෙන් අනතුරුව ඔබට වට්ටම් හා වාසි ලබා දෙන ක්ෂේත්‍ර, සන්නාම, ඒ ඒ ප්‍රදේශවල දැනට පවතින වට්ටම් ලබා දෙන වෙළඳසැල් සහ සේවා ආදිය පිළිබඳ සියලු විස්තර දැන ගැනීමේ හැකියාව ඇත. ඒ අනුව ඔබට අවශ්‍ය භාණ්ඩ හා සේවා, ඒවායේ මිල ගණන්, දැනට පවතිනවාද නැද්ද යන්න කල් ඇතිව දැන ගැනීමේ අවස්ථාවද මේ හරහා හිමිවේ. ඔබ භාණ්ඩ හා සේවා ලබා ගෙන ගෙවීම් සිදු කරන අවස්ථාවේ අදාල වෙළඳසැලේ ඇති QR කේතය Ithiry App එක හරහා Scan කර ඔබට හිමි වට්ටම් හා වාසි ලබාගත හැක.

සදාහරිත සමාගමේ අලෙවි හා විකුණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහත්මා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපි වසර විස්සක් පුරා ජනතා විශ්වාසය දිනා ගත් දේශීය සමාගමක්. අපට නිරන්තරයෙන්ම මේ රටේ ජනතාවට සහය වීමට අවශ්‍යයි. මුල්‍ය අරමුණු සාක්ෂාත් කර ගන්නා අතර අපගේ සියලුම ජනතාවට සහාය වීම සදාහරිත සමාගමේ දැක්මේ කොටසක්. මෙම Ithiry වට්ටම් සේවාව හරහා ජිවිත වඩාත් පහසු කර ගැනීමට අපි ඔවුන්ට සහය ලබා දෙනවා.”

සදාහරිත සමාගමේ සාමාන්‍යාධිකාරී (පුහුණු හා ජාල කළමනාකරණ) නිරෝෂන්  මානවඩු මහතා  මෙම සුවිශේෂී දීමනාව පිළිබඳ අදහස් දක්වමින්  මෙසේ පැවසීය. “සදාහරිත සමාගම ආරම්භ කරලා මේ 2022 වසරට වසර 20ක් සැපිරෙනවා. ඉතාමත් සාර්ථක ගමන් මගක පැමිණි අප සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හරිත ආයෝජන සමාගම වශයෙන් ජනතා විශ්වාසය දිනා ගනිමින් සුවිශේෂ සන්ධිස්ථානයක් තමයි මේ පසු කරන්නෙ. ඒ අනුව රටේ පවතින වර්තමාන තත්ත්වය සහ අපගේ 35,000කට අධික පාරිභෝගික ජනතාව තැබු විශ්වාසයට කෘතගුණ සැලකීමක් වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහත්මා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙම සුවිශේෂි Ithiry App සේවාව හරහා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සහාය දක්වන්න තීරණය කළා. විශේෂයෙන්ම අපගේ පාරිභෝගික ජනතාවට Ithiry App  හරහා ඉහළ සුවිශේෂී වට්ටම් හා වාසි හිමි වෙනවා.”

ඔබත් අදම සදාහරිත Ithiry App ඔබේ ජංගම දුරකථනයේ ස්ථාපනය කරගෙන මෙම වට්ටම් හා වාසි හිමිකර ගන්න.

  • Ada Derana BIZ Sinhala
  • national inflation
  • October
  • sri lanka

ජාතික උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී පහළට

November, 21, 2022

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 73.7 හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 70.6ක් දක්වා පහළ ගියේය.

වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම් හේතු විය.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 85.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 80.9 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 62.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 61.3 දක්වා පහළ ගියේය.

 

  • Ada Derana BIZ Sinhala
  • free trade agreements
  • Government
  • sri lanka

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය

November, 21, 2022

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.

දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය අගය දාමයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින් පසුව එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද සමන් ඒකනායක මහතා පැවසීය.

මෙම සංවර්ධන ක්‍රියාපිළිවෙතෙහි අවසාන ප්‍රතිලාභීන් පෞද්ගලික අංශයේ කර්මාන්ත වන බැවින් ඊට නිර්මාණශීලීව දායකවන ලෙස ද ජනාධිපති ලේකම්වරයා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්ට ආරාධනා කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම අදහස් පළ කළේ නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව වෙළෙඳ මණ්ඩල සහ කර්මාන්ත උපදේශක කමිටු දැනුවත් කිරීම සඳහා පසුගිය 16දා මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡවේදී ය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්, විදේශ කටයුතු, වෙළඳ සහ කර්මාන්ත යන අමාත්‍යාංශ ලේකම්වරුන් සහභාගී වූ මෙම සාකච්ඡාවට ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ සාමාජිකයින්ද එක්ව සිටියහ.

ගෝලීය වෙළඳාම අද වනවිට එහි ගතානුගතික සීමාවන් අභිබවා ගෝලීය නිෂ්පාදන ජාලයන් දෙසට නැඹුරු වී ඇති අතර තවමත් ශ්‍රී ලංකාවට ඊට අනුගත වෙමින් එහි ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇත. එබැවින් සැපයුම් ධාරිතාව වර්ධනය සහ වෙළෙදපොළ ප්‍රවේශය පුළුල් කර ගැනීම යන කරුණු දෙකම දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව සිංගප්පූරුව සමඟ වන නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති අතර ආයෝජන වෙළෙඳ අන්තර් – සම්බන්ධතාව හරහා භාණ්ඩ හා සේවා වෙළෙඳාමට ප්‍රතිලාභ ලබාදීම සඳහා සෘජු විදේශ ආයෝජන විශාල ලෙස ආකර්ශණය කරගත හැකි ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ නිදස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජය මේ වන විට මූලික පියවර ගෙන ඇත.

ඇණහිට ඇති මෙම සාකච්ඡා නැවත පණ ගැන්වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් වෙළඳ සාකච්ඡා කමිටුවක් පත් කර ඇති අතර මෙම ගිවිසුම් අවසානයේ දී ලෝක ආර්ථිකයෙන්, වෙළඳාමෙන් හා ජනගහනයෙන් 30% ක හිමිකාරිත්වයක් සතු කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට මාවත විවර කර දෙනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, දේශීය ආර්ථිකය තුළට ණය නොවන ගලා ඒම්හි මෙන්ම අපනයන නිෂ්පාදන හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. ‍

එසේම 2023 අයවැය යෝජනාවක් ලෙස, සියලුම ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සිදු කිරීම සඳහා ස්ථාපිත කිරීමට යෝජිත, ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය (ITO) සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම සාකච්ඡා ක්‍රියාවලියේ දී වාණිජ මණ්ඩල සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ මෙම වෙළෙඳ සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට විදේශ දූත මණ්ඩල සහ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් යාන්ත්‍රණය පූර්ණ සූදානමකින් පසුවන බවයි.

රජයේ සැලැස්මට අනුව යෝජිත ආයතනික යාන්ත්‍රණය නිසි ලෙස ස්ථාපිත වූ පසු එය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පත් කෙරනු ඇති අතර ඒ හරහා ජාත්‍යන්තර වෙළෙඳ සාකච්ඡා සිදු කෙරෙනු ඇති බව ඇය සඳහන් කළාය.

පෞද්ගලික අංශයේ නියෝජිතයන්ද ඉතා උනන්දුවෙන් මෙම සාකච්ඡාවට එක්ව සිටී අතර ශ්‍රී ලාංකික අපනයනවලට විදේශ වෙළඳපොළ පුළුල් කර ගැනීම් සහ පවත්නා වෙළඳපොළ රැක ගැනීමේ යෝජනා පිළිබඳ පුළුල් අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ඕවුහු පෙන්වා දුන්හ.

අපනයන භාණ්ඩ සඳහා තීරුබදු ඉවත් කර ගැනීමට සමගාමීව කෝටා සීමාවන්, ප්‍රමිති පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්, අන්‍යොන්‍ය ප්‍රමිතීන් හඳුනාගැනීමේ ගිවිසුම්වලට එළැඹීම වැනි අපනයනකරුවන් ප්‍රායෝගිකව මුහුණ දෙන තීරු බදු නොවන අනෙකුත් ගැටළු කෙරෙහි ද මෙම ගිවිසුම් මගින් අවධානය යොමු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියහ.

එසේම වෙළෙඳ සාකච්ඡා ක්‍රියාවලිය පුරාවටම පුද්ගලික අංශය සමඟ නිරන්තර පුළුල් සංවාදයක් අදාළ රාජ්‍ය ආයතන හරහා පවත්වන බවට ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව මෙහිදී තහවුරු කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • Cigarette
  • sales
  • sri lanka

දුම්වැටි අලෙවිය 30% කින් ඉහළට

November, 21, 2022

2021 වසරේ නොවැම්බර් මස 12 වැනි දින සිට සිගරට් මත නිෂ්පාදන බද්ද ඉහළ නැංවීම හේතුවෙන්, සිගරට් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 2021 වසරේ පළමු මාස නවයේ වූ රු. බිලියන 62.3 ට සාපේක්ෂව 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ රු. බිලියන 82.6 ක් දක්වා සියයට 32.6 කින් වර්ධනය විය.

අනෙක් අතට, දුම්වැටි අලෙවිය 2021 වසරේ පළමු මාස නවයට සාපේක්ෂව 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දුම්වැටි මිලියන 1,694 සිට දුම්වැටි මිලියන 2,204 ක් දක්වා සියයට 30.1 කින් වර්ධනය විය.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව 2023‘ හි මේ බව සඳහන් වේ.

මේ අතර ලංකා දුම්කොළ සමාගම පවසන පරිදි 2022 මුල් මාස 09 තුළ දී සමාගම රු. බිලියන 126.44 ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර මෙම කාලපරිච්ඡේදය සඳහා බදු පෙර ලාභය රු. බිලියන 24.21 ක් ලෙසින් වේ.

එසේම බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 14.11 කි.

2022 සැප්තැම්බර් 30 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා ලංකා දුම්කොළ සමාගම රජයට රු. බිලියන 94.24 ක් රජයේ බදු ලෙසත්, රු. බිලියන 10.10 ක් ආදායම් බදු ලෙසත් ගෙවා ඇත.

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • Business Today Top 40
  • ComBank
  • sri lanka

14 වන වසරටත් කොමර්ෂල් බැංකුව, ‘බිස්නස් ටුඬේ TOP 40’ ලැයිස්තුවේ ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙස තේරී පත්වෙයි

November, 21, 2022

‘බිස්නස් ටුඬේ’ සගරාව විසින් 2022 නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද ඉහළම කාර්ය සාධනයක් පෙන්වූ සමාගම් වර්ගීකරණයේදී, හොඳම සමාගම් 40 අතර අඛණ්ඩව 14 වැනි වසරටත් කොමර්ෂල් බැංකුව ඉහළම ශ්‍රේණිගත බැංකුව මෙන්ම පළමුවන සමාගම් පහෙන් එකක් බවට පත්ව ඇත.

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව, මෙම වසරේ සමස්ත ශ්‍රේණිගත සමාගම් අතර තෙවැනි ස්ථානයට පත්ව ඇත.

‘මෙම නවතම ශ්‍රේණිගත කිරීම සඳහා ‘බිස්නස් ටුඬේ’ විසින් තක්සේරු කරන ලද කාලසීමාව පොදුවේ ව්‍යාපාර සඳහා සහ විශේෂයෙන්ම බැංකු සඳහා අභියෝගාත්මක විය’ යැයි කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවැසීය. ‘සමස්තයක් ලෙස කාර්යසාධනය අනුව ශ‍්‍රී ලංකාවේ තෙවැනි හොඳම සමාගම බවට පත්වීම හරහා, ප‍්‍රජාවට සහ පෘථිවියට වගකීම් ඉටු කරන අතර, අභියෝගවලට ප‍්‍රතිචාර දැක්වීමට සහ සියලූ පාර්ශ්වකරුවන්ගේ අපේක්‍ෂාවන් සපුරාලීමටද බැංකුවේ හැකියාව සනාථ වනවා,’ යැයි ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

කොමර්ෂල් බැංකුවේ 2020-21 කාර්ය සාධනය පිළිබඳව ‘බිස්නස් ටුඬේ’ ප‍්‍රකාශ කර සිටියේ, මෙහෙයුම් වියදම් පාලනය කිරීම හා එහි පිරිවැය - ආදායම් අනුපාතය සහ ලාභදායිතාවයේ විය හැකි පිරිහීම වැළැක්වීම කෙරෙහිද කොමර්ෂල් බැංකුව කටයුතු කර ඇති බැව්ය. එසේම කොමර්ෂල් බැංකුව 2021 වසර අවසන් කර ඇත්තේ, තමන්ගේ උපාය මාර්ගික කුළුණු වන මෙහෙයුම් විශිෂ්ටත්වය සහ විචක්‍ෂණශීලි වර්ධනයට ප‍්‍රමුඛත්වය ලබා දෙමින් යැයි ද ප‍්‍රකාශ කර ඇත.

මේ අතර ‘බිස්නස් ටුඬේ’ තවදුරටත් අවධාරණය කර ඇත්තේ, ව්‍යාපාරවලට ණය ගෙවීම් සඳහා කාලය ලබා දීම් වෙනුවෙන් රජය විසින් සිදු කරණු ලැබූ ඉල්ලීමට බැංකුව අවනතවී ඇති බැව්ය. ක‍්‍රියාශීලී සන්නිවේදනය සහ සමීප කාර්ය මණ්ඩල අධීක්‍ෂණය හරහා මුළු අත්තිකාරම් වලින් සියයට 25ක් ප‍්‍රතිව්‍යුහගත කර ඇති බවද ‘බිස්නස් ටුඬේ’ අනාවරණය කර ඇත.

මෙම වසරේ ඉහළම ශ්‍රේණිගත කිරීම් 40 සඳහා සලකා බැලූ බොහෝ නිර්ණායක අතර, මහා භාණ්ඩාගාරයට බදු හරහා ඉහළ පෙලේ ව්‍යාපාර දායක වීමද සළකා බැලූ බැව් බිස්නස් ටුඬේ පැවසුවේය. කොමර්ෂල් බැංකුව 2021 වර්ෂයේදී බදු වශයෙන් රජයට රුපියල් බිලියන 8.3ක් ගෙවා ඇත.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • Apparel
  • Brandix
  • Corporate Campus
  • Diploma
  • Fashion
  • launches
  • sri lanka
  • Textiles

බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් වෙතින් විලාසිතා, ඇඟලුම් සහ රෙදිපිළි පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

November, 21, 2022

බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි අනුබද්ධ සමාගමක් වන බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් අධ්‍යාපන ආයතනය, සිය ප්‍රමුඛතම අධ්‍යයන පාඨමාලාව ලෙස ඇඟලුම් සහ රෙදිපිළි පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මීට පෙරද බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් විසින් ඇඟලුම් හා විලාසිතා පිළිබඳ පාඨමාලා කිහිපයක්ම හඳුන්වා දෙන ලද අතර, මෙම නව පාඨමාලාවද ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ වේගයෙන් දියුණු වෙමින් පවතින කර්මාන්තයක් වන ඇඟලුම් කර්මාන්තය වෘත්තීය වශයෙන් ජයගැනීමට බලාපොරොත්තු වන්නන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇත. මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ, ලොව ඇඟලුම් ක්ෂේත්‍රය සහ එහි නවතම ප්‍රවණතා සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ඇති ප්‍රවීණයන් පිරිසක් විසිනි. ක්ෂේත්‍රයේ වෙනස්කම් අනුව අඛණ්ඩව මෙය යාවත්කාලීන කිරීමටද ඔවුන් කටයුතු කරනු ඇත.

අධ්‍යාපන පසුබිම කුමක් වුවද, උසස් පෙළ විභාගයෙන් විෂයන් දෙකක් සමත් ඕනෑම කෙනෙකුට මෙම පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ. වසර දෙකක් පුරා දිවෙන මෙම පාඨමාලාව, පළමු වසරේදී පූර්ණකාලීන වශයෙන්ද, දෙවැනි වසරේදී අර්ධකාලීන වශයෙන්ද හැදෑරිය යුතු ය. මෙම කාලය තුළ සමස්ත ඇඟලුම් ක්ෂේත්‍රය ආවරණය වන පරිදි සැලසුම් කළ පාඨමාලා මොඩියුල 22 ක් හැදෑරීමෙන් අනතුරුව සිසු සිසුවියන්ට ඇඟලුම් සහ රෙදිපිළි පිළිබඳ උසස් ඩිප්ලෝමා සුදුසුකම් හිමිකරගත හැකි වේ.

මෙම පාඨමාලාවට බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් හි මවු සමාගම වන බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් හි දායකත්වය ලැබෙන නිසා, පාඨමාලාව හදාරන්නන්ට ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලැබෙනු ඇත.  මේ සඳහා දෙපාර්ශවය විසින් මෑතකදී අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තබන ලදි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මේ ආකාරයේ අනෙකුත් පාඨමාලා වලින් නොලැබෙන ආකාරයට, බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා තුළ සති 44 ක ප්‍රායෝගික පුහුණුවක් ලැබීමට සිසු සිසුවියන්ට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ. මෙම කාලය තුළ විවිධ කර්මාන්තශාලා වල එකිනෙකට වෙනස් අංශ තුළ පුහුණුව ලැබීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබෙන නිසා, ඇඟලුම් කර්මාන්තයේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔවුන්ට ලැබෙනු ඇත. මෙවැනි මිලකළ නොහැකි අත්දැකීම්, කෙනෙකුට තම වෘත්තීය ජීවිතය පුරාම වැදගත් වේ.

අනෙකුත් මෙවැනි පාඨමාලා වලට සාපේක්ෂව මෙම පාඨමාලාව මගින් ලැබෙන ප්‍රධානතම වාසිය වන්නේ, බ්‍රැන්ඩික්ස් සමූහය වැනි ඉහළම පෙළේ ඇඟලුම් සමූහ ව්‍යාපාරයක් තුළ සීමාවාසික පුහුණුව ලැබීමේ අවස්ථාව හිමිවීමයි. පාඨමාලාවට අදාළ වන නියමයන්ට යටත්ව, එම කර්මාන්ත ශාලාවල විවිධ අංශයන් තුළ පුහුණව ලැබීමට මෙන්ම, ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයන් සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීමටද මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත. මෙවැනි සුවිශේෂී සීමාවාසික පුහුණු අවස්ථාවක් ලබාදෙන්නේ බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් මගින් පිරිනමනු ලබන මෙම පාඨමාලාව මගින් පමණි. මෙම පුහුණුව හා පළපුරුද්ද සමග ඉහළ දක්ෂතා පෙන්නුම් කරන සිසු සිසුවියන්ට අනාගතයේදී නිසැකවම ඉහළ තලයේ පූර්ණකාලීන රැකියා අවස්ථාවන් හිමිවනු ඇත.

මෙහි සමස්ත පාඨමාලාව සඳහා අයකෙරෙනුයේ රු. 665,000/- ක සහනදායී ගාස්තුවකි. මෙම ගාස්තුවෙන් 45%  ක් සීමාවාසික පුහුණුවේ මාස 12 ක කාලය තුළ නැවත උපයා ගැනීමට සිසු සිසුවියන්ට අවස්ථාව ලැබේ. පාඨමාලාව සඳහා අයදුම්පත් භාරගැනීම 2022 නොවැම්බර් 21 දින සිට සිදුවන අතර, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම දෙනාට මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වන මෙන්  බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් ආරාධනා කර සිටී. 077 044 4401 WhatsApp අංකයෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් ආයතනය 1996 වසරේ සිටම පුරෝගාමී ඇඟලුම් තාක්ෂණ පාඨමාලා පිරිනමා ඇති අතර, ඒ ඔස්සේ ක්ෂේත්‍රයේ කැපීපෙනෙන වෘත්තිකයන් රාශියක් බිහිකර තිබේ. එම ආයතනයේ ප්‍රධාන අරමුණ වන්නේ සිසු සිසුවියන්ට ඇඟලුම් කර්මාන්තය තුළ සාර්ථක වෘත්තීය ජීවිතයක් සඳහා අවස්ථාව උදාකර දීම ය. ඒ සඳහා එම ආයතනය රෙදිපිළි තාක්ෂණයේ සිට වෙළඳ භාණ්ඩකරණය, උසස් පැටර්න් නිර්මාණය, නිෂ්පාදන කළමනාකරණය සහ යන්ත්‍රසූත්‍ර පුහුණුව යනාදී අංශ ආවරණය කෙරෙන පාඨමාලා 100 කට වැඩි සංඛ්‍යාවක් පිරිනමයි.

 

ඡායාරූපය (වමේ සිට) - බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඩ් හි අධ්‍යක්ෂ/ප්‍රධාන ඉගෙනුම් නිලධාරී ආචාර්ය රෝලන්ඩ් බී. ස්මිත්, බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් හි DATM ප්‍රධානී නිලන්ති ගමගේ, බ්‍රැන්ඩික්ස් කෝපරේට් කැම්පස් හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියංග දසනායක, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉෂාන් දන්තනාරායන, බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලුෂන්ස් ලිමිටඩ් (Essentials) හි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් බණ්ඩාර සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලුෂන්ස් ලිමිටඩ් (Lingerie) හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් මලලසේකර

  • Ada Derana BIZ Sinhala
  • Ag-biz 2022
  • Profood
  • Propack
  • sri lanka

Profood, Propack සහ Ag-biz 2022 ප්‍රදර්ශනයේදී ජාතික ඇසුරුම් මණ්ඩපයේ සේවාවන් ප්‍රදර්ශනය කිරීමට රාජ්‍ය ආයතන 11ක් සහයෝගයෙන් කටයුතු කරයි

November, 21, 2022

රජය 2022 අතුරු අයවැය යටතේ අගය එකතු කිරීම සහ පසු අස්වනු හානි අවම කිරීම සඳහා ඇසුරුම්කරණය ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව රට තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ දේශීය ඇසුරුම් නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයට පිළියම් යෙදීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය යටෙත් පවතින ශ්‍රී ලංකා ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය නැවත සක්‍රීය කළ යුතු බව රජය විසින් හඳුනාගෙන ඇත. දේශීය ඇසුරුම් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා වන 2022 අතුරු අයවැයේ අංක 32 යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 2022 සැප්තැම්බර් 28 වැනි දින ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (ආර්ථික කටයුතු) ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ දී ඒ සම්බන්ධ ඉදිරි කයටුතු සාකච්ඡා කෙරිණි.

Profood, Propack සහ Ag-biz 2022 ප්‍රදර්ශනය සදහා ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය මගින් සංවිධානය කළ ප්‍රදර්ශන මණ්ඩපයට භාණ්ඩ ඇසුරුම් අංශය සඳහා උනන්දුවක් දක්වන විශාල පිරිසකගේ ආකර්ෂණය හිමිවිය.  කර්මාන්ත අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ රාජ්‍ය ආයතන එකොළහක සහයෝගීතාවය ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය වෙත හිමිවූ අතර නොවැම්බර් 18 සිට 20 දක්වා BMICH පරිශ්‍රයේ දී ප්‍රදර්ශනය පැවැත්විණි.

තල් සංවර්ධන මණ්ඩලය, ජාතික නිර්මාණ මධ්‍යස්ථානය, ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා පසු අස්වනු තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ජාතික ඇසුරුම් මණ්ඩපයේ සහයෝගයෙන් කටයුතු කළ අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අගය එකතු කළ ඇසුරුම් සේවා පිළිබඳ මෙවලම් සහ දැනුම ලබා දීම සඳහා සම්මන්ත්‍රණ මාලාවක් ද පවත්වන ලදී.

ප්‍රදර්ශනයේදී ජාතික ඇසුරුම් මණ්ඩපය විවෘත කිරීම

  • Ada Derana BIZ Sinhala
  • AR
  • chatbot
  • Rakuten Viber
  • sri lanka

Rakuten Viber විසින් chatbot, ස්ටිකර්, AR කාච ඇතුළු තවත් දේ සමඟින් ලෝකය පුරා විසිරී සිටින පාපන්දු ලෝලීන් සමරයි

November, 21, 2022

Viber විසින් පරිශීලකයින් වෙත ක්‍රීඩා අනාවැකි පළකිරීමට හා ප්‍රමුඛ පෙළේ chatbot, පාපන්දු AR කාච සහ ස්ටිකර් ඇතුළු එකිනෙකා හා සම්බන්ද විය හැකි විනෝදාත්මක විශේෂාංග රැසක් සමඟ තරඟකාරී අත්දැකීමක් ගෙන දෙමින් පාපන්දු ක්‍රීඩාව සමරයි.

පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Rakuten Viber විසින් chatbot, AR කාච (Lenses), ස්ටිකර් (Sticker Pack) සහ දේශීය සහ ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය නාලිකා (Channels) හරහා ජාත්‍යන්තර පාපන්දු තරඟවල නවතම පුවත් රැගෙන එමින් පරිශීලකයන් අතර අන්තර් සබඳතාවයන් ගොඩනැගිය හැකිවන අයුරින් පාපන්දු ආශ්‍රිතව නව විශේෂාංග එළිදැක්වීමට පියවර ගෙන තිබේ. එම විශේෂාංග නොවැම්බර් මාසයේදී එළිදක්වනු ලබන අතර මාස දෙකක් පුරාවට එහි අත්දැකීම් පරිශීලකයින්හට ලබා ගත හැකිය.

ලෝකයේ රටවල් 200ක් පුරා විසිරි සිටින බිලියනයක පමණ ප්‍රේක්ෂක පිරිසකගේ ජනප්‍රියතම ක්‍රීඩාව බවට පත්ව ඇත්තේ පාපන්දු ක්‍රීඩාවයි. මෙම ක්‍රීඩාව සැමරීමට මෙන්ම ලෝකයේ සෑම රටක්ම එකට එක් කිරීමට හැකිවන අයුරින් Viber, සිය පරිශීලකයින් සඳහා පාපන්දු තරඟවල සියලු ප්‍රවෘත්ති පෙළගැස්වීමට සහ ඒ හා සම්බන්ධ වීමට හැකි ක්‍රියා මාලාවක් ආරම්භ කර ඇත.

Viber හි 2022 ගෝලීය පාපන්දු ක්‍රීඩා ක්‍රියා මාලාව හරහා එහි මිලියන ගණනක පරිශීලකයින්ට පුද්ගලික හෝ කණ්ඩායම් කතා බහ (Chats) කිරීම් තුළින් තරඟ දිරිගැන්වීම සඳහා තරඟ පිළිබඳව අනාවැකි පල කිරීමට සහ chatbot සමඟ ක්‍රීඩාව සැමරීමට සහයක් ලැබෙනු ඇත. ඔවුන්ගේ ප්‍රියතම පාපන්දු කණ්ඩායම සමඟ පෙළගැසෙමින් පරිශීලකයන්ගේ අනාවැකි ගෝලීය ප්‍රමුඛ පුවරුවේ පළ කිරීමට මේ හරහා අවස්ථාව හිමිවන අතර ජයග්‍රාහකයින් සඳහා ආකර්ෂණීය වූ ත්‍යාග රැසක් දිනා ගැනීමට ද හැකියාව ලැබේ.

මීට අදාළව ඇතුළත් අමතර විශේෂාංග මෙසේය:

  • AR Lenses: කණ්ඩායම් විසින් ලකුණු රැස් කරන විටදී, පාපන්දු ක්‍රීඩාවේ තේමා රාමු සහ තවත් දේ සඳහා Viber විසින් AR කාච දෙකක් එළිදක්වා ඇත.
  • Gamified Lenses: ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කිරීම හෝ පන්දුව හිසට යොමු කෙරෙන වාර ගණන පිළිබඳව පරිශීලකයාට සඳහන් කිරීම සඳහා කාච දෙකක් නිර්මාණය කර ඇත.
  • Stickers: නව ස්ටිකර් ඇසුරුම, පාපන්දු ආශ්‍රිත රූප සහ ඉංග්‍රීසි භාෂාව මෙන්ම තවත් අමතර භාෂා 18 කින් සමන්විත වේ.
  • Channels: ක්‍රීඩා මාධ්‍ය නාලිකා නවයක් හරහා රසිකයින්ට ඔවුන්ගේ රට නියෝජනය කරනු ලබන කණ්ඩායම් පිළිබඳ අලුත් කතා සහ උණුසුම් පුවත් සමඟ යාවත්කාලීන කිරීම සහතික කරයි.

''ලෝකය පුරා විසිරී සිටින බොහෝ උද්යෝගිමත් පාපන්දු ලෝලීන් සමඟ සහ Viber හි ගෝලීය ප්‍රේක්ෂකයින් සමඟ අපගේ පරිශීලකයින්ට සම්බන්ධ වීමට  සහ එකිනෙකා සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට අපට අවශ්‍යතාවයක් තිබුණා. අප සමඟ අන්තර් සබඳතාවයන් ඇති කරගත් අපගේ පරිශීලකයින්ට විවිධ ත්‍යාග පිරිනැමීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා. අපගේ පරිශීලකයින්ට ඔවුන්ගේ මිතුරන්, පවුලේ අය සහ සගයන් සමඟ ඔවුන්ගේ පාපන්දු කණ්ඩායමේ ජයග්‍රහණ සැමරීමට පුළුවන්. ඔබගේ අනාවැකි බෙදා ගැනීම, ක්‍රීඩාවේ ලකුණු සොයා ගැනීමට හෝ ගෝලීය ප්‍රමුඛ පුවරුව පරීක්ෂා කිරීම සඳහා Viber යෙදුම විවෘත කිරීම හරහා පහසු වනු ඇති.'' බව මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් Growth Top Markets of Rakuten Viber හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඇතනස් රෙකොව් පැවසීය.