November, 16, 2022
ශ්රී ලංකාවේ දේශීය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමේ සිය කැපවීම අඛණ්ඩව පවත්වා ගනිමින් එයාර්ටෙල් ලංකා සමාගම, රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) සහ එහි 23,000 ක් වන සාමාජිකයින්ට සුවිශේෂී සන්නිවේදන විසඳුම් සැපයීම සඳහා එම සංගමය සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයකට GMOA නියෝජනය කරමින් එහි සභාපති, වෛද්ය දර්ශන සිරිසේන, ලේකම්, වෛද්ය හරිත අලූත්ගේ, උප සභාපති, වෛද්ය චන්දික එපිටකඩුව, සහකාර ලේකම්, ආචාර්ය ප්රභාත් සුගතදාස සමඟින් එයාර්ටෙල් ශ්රී ලංකා ප්රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්යක්ෂ, අශීෂ් චන්ද්රා, විකුණුම් ප්රධානී, අතුල දිසානායක, ප්රධාන අලෙවි නිලධාරී, ශාන්ත ප්රනාන්දු, ප්රධාන සේවා නිලධාරී, ෆවාස් නිසාම්ඞීන් සහ කළමනාකාර, පසුගෙවුම් පැකේජ විකුණුම්, ඉඳුනිල් සඳරුවන් යන මහත්වරුන් සහභාගී විය.
මෙම හවුල්කාරීත්වය හරහා, දිවයින පුරා ඇති ජාතික රෝහල් 126 සිටින GMOA හි සාමාජිකයින් සියලූ දෙනාට වසර 1 ක කාලයක් සඳහා අසීමිත ඇමතුම් ලබා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම එයාර්ටෙල් හි ව්යවසාය විසඳුම් සහ අමතර අගය එකතු කිරීමේ සේවාවන් හරහා එයාර්ටෙල් විසින් GMOA වෙත කාර්යාලීය සම්බන්ධතා සහ අනෙකුත් සේවාවන් ද සපයනු ඇත. එයාර්ටෙල් හි නව්ය ව්යවසාය සේවා මගින් වැඩි කාර්යක්ෂමතාවයක් සහ ඵලදායිතාවයක් ලබා ගැනීම සඳහා පුළුල් පරාසයක විහිදුනු ව්යාපාර සවිබල ගන්වනු ලබයි. මේවා සෞඛ්ය ක්ෂේත්රයේ තීරණාත්මක අවශ්යතාවයන් ලෙස මූලිකව පිළිගැනේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්රී ලංකා ප්රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්යක්ෂ, අශීෂ් චන්ද්රා මහතා පැවසුවේ ‘‘එයාර්ටෙල් හි අපගේ සේවාවන් සහ ජාලය ඔබගේ ප්රියතම විදුලි සංදේශ සැපයුම්කරුවෙකු ලෙස තෝරා ගැනීමට අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව අප GMOA වෙත කෘතඥ වෙනවා. සෞඛ්ය සේවාව යනු ඉතා අත්යවශ්ය රාජ්ය සේවාවත්. එබැවින් රජයේ වෛද්ය නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීමට සහාය වීම අප ගෞරවයක් ලෙස සලකනවා. දීප ව්යාප්තව සෞඛ්ය සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා වන ජාතික ප්රමුඛතාවයන් සමඟ පෙලගස්වමින් සහ GMOA හි සුවිශේෂී අවශ්යතා මත පදනම්ව මෙම සහයෝගීතාවය ගොඩනැගීමට එයාර්ටල් හි ඇති කැපවීම නැවත අවධාරණය කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා.’’ යනුවෙනි.
මූලික සෞඛ්ය සේවා ඩිජිටල්කරණය කිරීමට සහාය වීම සඳහා එයාර්ටෙල් හි ජාත්යන්තර තාක්ෂණ විශේෂඥ සහාය ලබා ගනිමින්, GMOA සමඟ ඇති සහයෝගීතාවය සැලකිය යුතු ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පරිශීලකයින් සඳහා පරිපූර්ණ වටිනාකමක් ලබා දෙන අතරම උසස් තත්වයේ විදුලි සංදේශ සේවා අත්දැකීම් වෙත පුළුල් ප්රවේශය ලබා දීම අරමුණු කරගත් සමාගමේ පුරෝගාමී මුලපිරීම්වල නවතම අවස්ථාව ලෙස එයාර්ටෙල් සහ GMOA ඇති කරගත් මෙම සහයෝගීතාවය පෙන්වා දිය හැකියි.

November, 16, 2022
ඊයේ (15) දිනයේ දී ශ්රී ලංකා මහ බැංකුව වෙත විශේෂ භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් සිදුකර තිබේ.
මෙම නිකුතුවේ වටිනාකම රු. මිලියන 129,920.41 ක් හෙවත් රු. කෝටි 12,992 කි.
මේ සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ ඊයේ (15) දින, ණය සේවාකරණ ගෙවීම් මූල්යයනය කරගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම මත මෙම නිකුත් කිරීම සිදුකළ බවයි.
මේ අනුව ඊයේ (15) දින වන විට ශ්රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්රමාණයෙහි මුහුණත වටිනාකම රු. මිලියන 2,570,671.54 ක් වූ අතර මෙම වටිනාකම නොවැම්බර් 14 දින දැක්වුණේ රු. මිලියන 2,440,751.13 ක් ලෙසයි.
මෙලෙස මහ බැංකුව වෙත භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමේ දී මහ බැංකුව විසින් නව මුදල් ප්රවාහයක් මුදා හැරීමක් සිදුකරනු ලබන අතර එය හැඳින්වීම සඳහා ‘සල්ලි අච්චු ගැසීම‘ (Money printing) යන සාමාන්ය ව්යවහාරය භාවිත වේ.
මහ බැංකුව රජය සමඟ සිදු කරන ගනුදෙනු අතර ප්රධාන තැනක් ගන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම සහ රජයට තාවකාලික අත්තිකාරම් සැපයීමයි.
රජයේ මුදල් අවශ්යතා සඳහා රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම්වල දී මුදල් නීති පනතින් ලැබී ඇති බලතල අනුව ඒවායින් යම් කොටසක් මහ බැංකුවේ අභිමතය පරිදි සහ සමස්ත මුදල් සැපයුමට අහිතකර ලෙස බලනොපාන පරිදි මිල දී ගැනීමට මහ බැංකුවට හැකිය.
එසේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමේ දී එහි අගයට සමාන මුදල් ප්රමාණයක් නව මුදල් නිකුත් කිරීම් ලෙස ආර්ථිකයට මුදා හැරීම සිදුවේ.
ඊයේ (15) දිනයේ දී සිදු වී ඇත්තේ ද එවැන්නකි.
November, 16, 2022
ශ්රී ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් කිරි එකතු කිරීමේ, බෙදාහැරීමේ සහ විකුණුම් මධ්යස්ථානයක් පසුගියදා අනුරාධපුරයේ කැකිරාව ප්රදේශයේදී විවෘත කරන ලදී. පැල්වත්ත අලෙවිසැල් ජාලයේ 15 වන කිරි නිෂ්පාදන අලෙවිසැල මෙයයි.
පැල්වත්ත සමාගමේ සභාපති ආරියශීල වික්රමනායක මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. "කිරි එකතු කිරීම, බෙදාහැරීම සහ විකිණීම එකම ස්ථානයකින් සිදු කිරීමේ අරමුණින් පැල්වත්ත විසින් මෙම මධ්යස්ථානය නිර්මාණය කරනු ලැබුවා. මේ ආකාරයේ ඒකාබද්ධ, කිරි එකතු කිරීමේ සහ විකුණුම් මධ්යස්ථානයක් මගින් කිරි එකතු කිරීමට ගතවන කාලය සහ පිරිවැය අවම කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. අපි දැනටමත් අපගේ කිරි ගොවීන්ගෙන් දිනකට කිරි ලීටර් 150,000 ක් පමණ එකතු කරගන්නවා. මෙම මධ්යස්ථානය හරහා එම කිරි ප්රමාණය වැඩි කරගැනීමට සහ ක්රියාවලිය තව තවත් විධිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. තොග සහ සිල්ලර පාරිභෝගිකයින්ට මෙම මධ්යස්ථානයෙන් අපගේ නිෂ්පාදන මිලදී ගත හැකියි".
එකම ස්ථානයකින් කිරි එකතු කිරීම, බෙදාහැරීම සහ විකිණීම සිදු කිරීම හරහා කිරි සැපයුම්කරුවන් හා වෙළඳපල අතර යහපත් සම්බන්ධතාවයක් ගොඩනැගීම තුලින් වඩාත් කාර්යක්ෂම සේවාවක් පාරිභෝගිකයින් වෙත ලබා දීම පැල්වත්තෙහි අරමුණයි.
“පැල්වත්ත සමාගම විසින් දැනටමත් මෙම ප්රදේශයේ කිරි නිෂ්පාදන වෙළඳපොලේ වැඩි කොටසකට හිමිකම් කියනවා. මෙම නවතම විකුණුම් මධ්යස්ථානය හරහා, පවතින වෙළඳපල කොටස වැඩි දියුණු කරගැනීමටත් මෙම නිෂ්පාදන කලාපයේ පාරිභෝගිකයින් වෙත හැකි ඉක්මනින් අවශ්ය නිෂ්පාදන සැපයීමටත් අපට හැකියාව ලැබෙනවා". කළමනාකාර අධ්යක්ෂ අක්මාල් වික්රමනායක මහතා මෙසේ සිය අදහස් දැක්වීය.
පැල්වත්ත කර්මාන්තශාලා දැනට දිනකට නැවුම් කිරි ලීටර් 150,000 කට වඩා වැඩි ප්රමාණයක් හසුරවනු ලබයි. උසස් තත්ත්වයේ කිරි සැපයුමක් පවත්වා ගැනීම සඳහා සමාගම විසින් සිය ගොවීන්ට නිරතුරුවම දිරිගැන්වීම් ලබා දීම සිදු කරයි. ශ්රී ලංකාව පුරා සිටින කිරි ගොවීන්ගෙන් 10,000 කට ආසන්න ප්රමාණයකට පැල්වත්ත සිය දායකත්වය ලබා දෙයි.
November, 16, 2022
නිෂ්පාදන ක්රියාකාරකම් හි පසු බෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ඔක්තෝම්බර් මාසයේ දී ඉකුත් මාසයට සාපේක්ෂව පහළ යන ලදී. ඒ අනුව, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 ඔක්තෝම්බර් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 4.2කින් පහළ යමින් 38.4ක අගයක් වාර්තා කළ අතර, මේ සඳහා සියලුම උප-දර්ශකයන්ගේ පහළ යෑම හේතු විය.


November, 16, 2022
මෝදර - පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක දුරක් පිරිසිදු කිරීම සඳහා 150 කට ආසන්න කණ්ඩායම් සාමාජිකයන් පිරිසක් එක්වෙති
පසුගියදා සැමරූ ජාත්යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය වෙනුවෙන්, පානදුර ධීවර වරාය ආසන්නයේ මෝදර - පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක පමණ ප්රදේශයක් පිරිසිදු කිරීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) කාර්ය මණ්ඩලය කටයුතු කළහ. මේ සඳහා Biodiversity Sri Lanka (BSL) සංවිධානයේ සහ ශ්රී ලංකා සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහයෝගයද හිමි විය. එගොඩ උයන ප්රදේශයේ සිට දකුණු දෙසට විහිදෙන මෙම වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා CDB කාර්යමණ්ඩලයේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ද දායක වීම විශේෂත්වයකි.
Biodiversity Sri Lanka, සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන හා සංවිධාන රැසක් සමග එක්ව ක්රියාවට නංවනු ලබන ‘Life to our Beaches’ ව්යාපෘතියෙහි තවත් අදියරක් ලෙස මෙම සමාජ සත්කාරය ක්රියාත්මක කරන ලදි. රාජ්ය හා පෞද්ගලික අංශ අතර මෙන්ම ප්රජාව සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වයක් වන මෙය, ශ්රී ලංකාවේ වෙරළ තීරය රැකගැනීම පිළිබඳව මෙන්ම වෙරළාශ්රිතව ජීවත් වන ප්රජාවන්ගේ යහපත පිළිබඳවද දැඩි අවධානයක් යොමුකරයි.
වෙරළ තීරයේ ජනාවාස සීමිත වුවත්, මෝසම් සමයේදී ප්ලාස්ටික් අපද්රව්ය ඇතුළු අපද්රව්ය විශාල ප්රමාණයක් වෙරළ තීරයට ගොඩගසයි. මේ නිසා සාගර ජීවීන්ට මෙන්ම වෙරළබඩ ජනතාවටද ගැටලු රාශියකට මුහුණපෑමට සිදු වේ. මෙම ගැටලු හඳුනා ගනිමින්, සාගර දූෂණය මෙන්ම වගකීම් විරහිත ප්ලාස්ටික් අපද්රව්ය බැහැර කිරීම අවම කිරීමේ වැදගත්කම අවබෝධ කරගැනීමට CDB කණ්ඩායමට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ හරහා අවස්ථාව ලැබිණි.
“ශ්රී ලංකාවේ බස්නාහිර හා දකුණු වෙරළ ආශ්රිතව මෙරට ජනගහනයෙන් 40% ක වැඩි ප්රමාණයක් ජීවත් වනවා. එමෙන්ම එය රටේ වැඩියෙන්ම පරිසර දූෂණයට මුහුණ පා ඇති වෙරළ තීරයන්ගෙන් එකක්. දිගු කාලයක පටන් පරිසරයේ යහපත වෙනුවෙන් අර්ථවත් මැදිහත්වීම් සිදුකිරීමට අප උත්සාහ කරනවා. එය සමාගමක් වශයෙන් අපගේ යුතුකම් හා වගකීම් ඉටුකරමින්, සමාජ, ආර්ථික හා පාරිසරික වශයෙන් යහපත උදාකිරීම සඳහා අප ගන්නා උත්සාහයේ එක් වැදගත් අංගයක්. අපගේ අරමුණ වන්නේ, මානව හා සාගර ජීවය මෙන්ම වෙරළ තීරයන්හි වෙසෙන ප්රජාවන්ගේ ජීවනාලිය වන සාගරයන් ඇතුළුව සමස්ත පෘථිවිය ආරක්ෂා කරගැනීම සඳහා දායක වීමයි. වෙරළ පිරිසිදු කිරීම යනු එම උත්සාහයේ එක් ප්රධාන අංගයක්. එය සරල ක්රියාවලියක් ඔස්සේ පාරිසරික තිරසාරත්වය සම්බන්ධ අපගේ න්යායපත්රය ප්රායෝගිකව ක්රියාවට නැංවීමට මහෝපකාරී වනවා. මේ සියලු උත්සාහයන් මිහිමත ජීවය ආරක්ෂා කරගැනීමට කේන්ද්රීය දායකත්වයක් දක්වන බව අපගේ විශ්වාසයයි.” CDB සමාගමේ අධ්යක්ෂ/නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී සහ ප්රධාන මූල්ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා පැවසී ය.
CDB සමාගමේ කණ්ඩායම් සාමාජිකයන් නිරතුරුවම මෙවන් වූ ආයතනික ප්රජා සත්කාරයන් සඳහා නොමඳව දායක වන අතර මෙහිදී තිරසාරත්වය යන මූලික සංකල්පය යටතේ කණ්ඩායම් සාමාජිකයන් අතර විනිවිදභාවය, වගවීම, වගකීම්සහගත බව සහ අවංකභාවය යනාදී ගුණාංග වල වැදගත්කම ප්රවර්ධනය කරනු ලබයි. එසේම, CDB 'Engaging Mindful Team Members' යන තේමාව යටතේ කණ්ඩායම් සාමාජිකයින් එකමුතු කරගනිමින් සමාගමේ කාබන් පියසටහන අවම කිරීමටත්, සමස්තයක් ලෙස සමාගමේ තිරසාරත්ව මෙහෙවරෙහි නායකයන් හා ක්රියාකාරීන් ලෙස කටයුතු කිරීමටත් ඔවුන් දිරිගන්වනු ලබයි.





ඡායාරූප විස්තරය - CDB සමාගමේ ‘Life to our Beaches’ ව්යාපෘතිය යටතේ ක්රියාවට නැංවූ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනේදී එක්රැස් වූ කිලෝග්රෑම් 75ක වීදුරු සහ කිලෝග්රෑම් 312.5ක අනෙකුත් කසළ ප්රමාණය සහ එම වැඩසටහනට දායක වූ පිරිස
November, 16, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (16) දිනයේ දී රු. මිලියන 80,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.
ඒ අනුව මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 30,000ක්, රු. මිලියන 25,000ක් සහ රු. මිලියන 25,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

November, 15, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සන්නිවේදන සමාගමක් වන ශ්රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි කොටස් මිල අද (15) දිනය තුළ දී 12.83%ක ඉහළ යාමක් වාර්තා කරන ලදී.
ඊයේ (14) දිනයේ දී රු. 63.90 ක් ලෙස පැවති ටෙලිකොම් සමාගමේ කොටස් මිල අද දිනයේ දී රු. 8.20 කින් ඉහළ ගිය අතර අද දින ටෙලිකොම් කොටසක අවසන් ගනුදෙනු මිල මේ අනුව රු. 72.10 ක් ලෙසින් සටහන්ව තිබුණි. එසේම අද දිනයේ දී රු. 77.00 ක්වූ ඉහළ මිලකට ද ටෙලිකොම් සමාගමේ කොටස් ගනුදෙනු වී තිබෙනු නිරීක්ෂණය කළ හැකිය.
ඊයේ (14) දිනයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය අයවැය කතාවේ දී ප්රතිව්යූහගත කළ යුතු රාජ්ය ව්යවසායයන් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ අතර ටෙලිකොම් සමාගම ද විය.
කෙසේවෙතත් ශ්රී ලංකා ටෙලිකොම් පීඑල්සී යනු පාඩු ලබන රාජ්යය ව්යයවසායයක් නොව ලාභ ලබන ආයතනයක් වන අතර 2022 ජනවාරි - සැප්තැම්බර් කාලපරිච්ඡේදය සඳහා සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමන් පසු ශුද්ධ ලාභය රු. බිලියන 9.32 ක් වේ. පසුගිය 2022 ජූලි - සැප්තැම්බර් කාර්තුව තුළ පමණක් සමාගම රු. මිලියන 989 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇත.
ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වයක් මහා භාණාඩාගාරය සතු වන අතර එය ප්රකාශිත ප්රාග්ධනයෙන් 49.50% කි. එසේම 44.98% ක කොටස් හිමිකමක් Global Telecommunications Holdings NV සතු වන අතර සේවක අර්ථ සාධක අරමුදල සතුව 1.40% ක කොටස් අයිතියක් පවතී.
මේ අතර අද (15) අද දෙරණ
"ශ්රී ලංකා ටෙලිකොම් සහ ඩයලොග් ඒ ආයෝජනයට සරිලන ලෙස ලාභයක් උපයනව ද? අනිත් එක ශ්රී ලංකා ටෙලිකොම් කියන්නේ විශාල සමාගමක්. ඒක දැනටත් 44% ක් විදේශ ආයෝජකයෙක් සතුයි. මම හිතන්නේ තව 10% ක් විතර ඒ සමාගමට නැත්තන් වෙනත් පුද්ගලික ආයතනයකට දීලා මේකේ අපි කළ යුත්තේ ඒකේ කළමනාකාරීත්වය දේශපාලන ඇගිලි ගැහීම් වලින් ඉවත් කිරීම."
November, 15, 2022
ශ්රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නියෝජිත ආයතනය වන Ceylon Motor Traders Association (CMTA) හි නිල ලීසිං සහකරුවා ලෙස පසුගියදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය.
HNB පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ CMTA සභාපති චරක පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඇති කරගත් මෙම නව හවුල්කාරීත්වය තුළින් ආයතන දෙක අතර පවතින උපාය මාර්ගික සබඳ තාව මත CMTA සාමාජිකයින් හට HNB හි පුළුල් පරාසයක විහිදුණු ලීසිං පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ HNB පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘‘වත්මන් ආර්ථික තත්වය මගහරවා ගැනීම සඳහා මෝටර් රථ කර්මාන්තය දියුණු කිරීමට අවශ්ය නව ක්රියාකාරකම් රැසක් ආරම්භ කිරීමට අපි කටයුතු කර තිබෙනවා. මෙය එහි එක් වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකියි. මේ වන විට අභියෝගාත්මක කාලයකට මුහුණ දෙමින් සිටියද මෙම හවුල්කාරීත්වය තුළින් සාමාජිකයින්ට සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට වඩාත් පුළුල් ලීසිං විසඳුම් ලබා දීමට හැකියාව උදා වනවා’’ යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ CMTA සභාපති චරක පෙරේරා මහතා සඳහන් කර සිටියේ ‘‘නිෂ්පාදනයක කාර්යක්ෂමතාවට බොහෝ විට බලපානු ලබන ප්රාග්ධන භාණ්ඩයක් ලෙස ප්රවාහනය සඳහන් කළ හැකියි. තවද රටේ වත්මන් තත්වය අනුව ආනයන තහනම පවතින විටත් කර්මාන්තය මුහුණ දෙන බාධාවන්ට අවශ්ය සහයෝගය ලබා දීමට හා ඒවා විසඳීමට මේ ආකාරයේ සහයෝගීතාවයන් තුළින් අත්යාවශ්ය මැදිහත්වීමක් සිදු කළ හැකියි’’ යනුවෙනි.
1919 වසරේදී පිහිටුවන ලද Ceylon Motor Traders Association යනු ලංකා වාණිජ මණ්ඩලය හා සම්බන්ධ මෙරට මෝටර් රථ කර්මාන්තයේ නියෝජිතයා ලෙස පිළිගනු ලබයි. කලාපයේ ජ්යෙෂ්ඨතම මෝටර් රථ සංගමය වන එය තම නියෝජිතයින් හරහා සියලූ ප්රධාන ජාත්යන්තර මෝටර් රථ නිෂ්පාදකයින් නියෝජනය කරයි.
HNB පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරී, සන්ජේ විජේමාන්න (වමේ සිට පස් වැන්නා) සහ CMTA සභාපති, චරක පෙරේරා යන මහත්වරුන් (දකුණේ සිට දවැන්නා) අදාල අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගනිමින්. (වමේ සිට) HNB හි පුද්ගලික මූල්ය සේවා ප්රධානී, කාංචන කරුණාගම, HNB ලීසිං ප්රධානී සුසිත් පෙරේරා, HNB සහකාර කළමනාකාර - ලීසිං රොෂාන් ද සිල්වා, ව්යාපාර සංවර්ධන සහකාර කළමනාකාර - ලීසිං මහේෂ් රත්නායක, CMTA ජ්යෙෂ්ඨ උප සභාපති විරාන් ද සොයිසා සහ CMTA උප සභාපති ඇන්ඩෲ පෙරේරා යන මහත්වරුන්ද ඡායාරූපයේ වේ.

November, 15, 2022
ශ්රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම මෙරට ප්රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන Daraz විසින් මෙවරත් පැවැත්වීමට සූදානමින් සිටින ලොව විශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන ”11.11” ප්රවර්ධන වැඩසටහන සඳහා ‘‘නිල සන්නිවේදන සහකරුවා’’ ලෙස අත්වැල් බැඳගත්තේය.
මෙරට ඊ-වාණිජ්යය දැවැන්තයෙකු වන Daraz.lk සමඟ ඇති කරගත් මෙම උපාය මාර්ගික හවුල්කාරීත්වය මගින් එයාර්ටෙල් පරිශීලකයින්ට මෙම ප්රවර්ධන වැඩසටහන පැවැත්වෙන 2022 නොවැම්බර් 11 සිට 17 දක්වා වන කාල සීමාව තුළ සුවිශේෂී ප්රතිලාභ, වට්ටම් සහ දීමනා හිමි කර ගැනීමට අවස්ථාව ඇත.
මෙම 11.11 ප්රවර්ධන වැඩසටහන සඳහා සූදානම් වෙමින්, Daraz යෙදවුම එයාර්ටෙල් ජාලය තුළ ‘whitelisted’ කර තිබෙන නිසා පරිශීලකයින්ට කිසිදු ගෙවීමකින් තොරවම යෙදවුම වෙත ප්රවේශ වීමට ඉඩ සලසයි. මෙනිසා එයාර්ටෙල් ජාලය භාවිත කරමින් සාප්පු සවාරි යන්නන්ට තමන්ට රිසි සේ මෙම යෙදවුම භාවිත කරමින් ඔවුන්ගේ ප්රියතම අලෙවිසැ browse කිරීමටත් data වලට යන වියදම ගැන කරදර නොවී ඔවුන්ගේ shopping carts පිරවීමටත් කාලය ලබා දෙයි. මෙය සියලූම එයාර්ටෙල් සහ Daraz පාරිභෝගිකයින්ට සුවිශේෂී ප්රතිලාභ හිමිවන කදිම අවස්ථාවකි.
මෙම ප්රවර්ධන කාලය තුළ, අලූත් සහ දැනට සිටින එයාර්ටෙල් රු. 749 පැකේජය භාවිත කරන පරිශීලකයින් දෙදෙනෙකුට නවතම smartphone එක බැගින් දිනා ගැනීමට මෙහිදී අවස්ථාව ඇත. මීට අමතරව, රු. 749 නව එයාර්ටෙල් සම්බන්ධතාවයක් මිලදී ගන්නා පාරිභෝගිකයින්ට රටේ ඕනෑම තැනකට එය නොමිලේම ගෙනවිත් දීමේ වරප්රසාදය භුක්ති විඳිය හැකිය.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ්රී ලංකා ප්රධාන විධායක නිළධාරී/කළමනාකාර අධ්යක්ෂ, අශීෂ් චන්ද්රා මහතා පැවසුවේ ‘‘අපගේ පාරිභෝගිකයින්ට ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබා දීමේ සමාගමේ එකම අරමුණ වටා ශ්රී ලංකාව තුළ එයාර්ටෙල් හි මෙහෙවර කේන්ද්රගත වී තිබෙනවා. එබැවින් ශ්රී ලංකාවේ විශාලතම සහ ප්රියතම ඊ-වාණිජ්ය සැණකෙලියක් වන Daraz 11.11 ප්රවර්ධන වැඩසටහන සඳහා නිල විදුලි සංදේශ හවුල්කරුවා ලෙස එක් වීමට ලැබීම ගැන අපිට සතුටුයි. Daraz වෙතින් ලබා දෙන දැවැන්ත මිල අඩු කිරීම්වලට වඩා වැඩියෙන් එයාර්ටෙල් ලංකා විසින් ලබා දෙන සුවිශේෂී ප්රතිලාභ උපරිමයෙන් භුක්ති විඳින ලෙස අපි අපගේ සියලූම පරිශීලකයින්ට

November, 15, 2022
ශ්රී ලංකාවේ උසස් අධ්යාපනයේ පුරෝගාමියෙකු වන Informatics Institute of Technology ආයතනය (IIT) සිය 28 වැනි උපාධි ප්රධානෝත්සවය පසුගියදා කොළඹ BMICH හිදී උත්කර්ෂවත් අන්දමින් පවැත්විය. මෙම අවස්ථාව එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්යාලයේ (UOW) හා අනුබද්ධිත IIT ආයතනයේ උපකුලපති සහ සභාපති ආචාර්ය පීටර් බොන්ෆීල්ඩ් මහතාගේ ප්රධනත්වයෙන් සිදු විය.
Bachelor of Engineering (Honours) in Software Engineering, Bachelor of Science (Honours) in Computer Science, Bachelor of Science (Honours) in Business Information Systems, Bachelor of Arts (Honours) in Business Management, Master of Arts in Fashion Business Management, Master of Science in Advanced Software Engineering සහ Master of Science in Cyber Security and Forensics ඇතුළු උපාධි රැසක් මෙහිදී ප්රධානය කරන ලදී.
උත්සව අවස්ථාව සඳහා IIT ආයතනයේ උපාධිධාරී සිසුන් සහ දෙමාපියන්, විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම විවිධ ක්ෂේත්රයන්හි විද්වතුන්ද රැසක්ද සහභාගී විය. සම්මාන ප්රධානය, ආයතන සභාපති ආචාර්ය ගාමිණී වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදු වූ අතර එහිදී විශිෂ්ට ජයග්රහණ සඳහා වූ රන් පදක්කම, සෑම අංශයකින්ම දක්ෂ සිසුන් සඳහා වන වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්යාල සම්මාන සහ අවසන් වසර හොඳම ව්යාපෘති සඳහා ද සම්මාන ප්රධානය සිදු විය.
ආරම්භයේ සිටම එහි සියලුම උපාධිධාරීන්ට ශ්රී ලංකාවේ සහ විදේශයන්හි රැකියා කිරීමට අවශ්ය පුහුණුව IIT ආයතනය තුළින්ම හිමිවේ. මෙහි උපාධිධාරීන්ගෙන් වැඩි ප්රමාණයක් දැනට ශ්රී ලංකාවේ ආයතනික අංශවල ප්රමුඛයන් මෙන්ම ඉහළ පෙළේ ව්යවසායකයින් වීම විශේෂත්වයකි. IIT සිසුන්ට සිය අංශ වලින් විදේශ රැකියා අවස්ථා ලබා ගැනීමට අවශ්ය මග පෙන්වීම් විශ්වවිද්යාලය විසින් නිරන්තරයෙන් සපයනු ලැබේ.
Video Story