• Ada Derana BIZ Sinhala
  • Budget 2023
  • sri lanka
  • White Water Rafting

White Water Rafting ප්‍රවර්ධනයට ජනපතිගෙන් යෝජනාවක්

November, 14, 2022

ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා වන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම සඳහා White Water Rafting වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනයට අවශ්‍ය පහසුකම් සැලසීමට තමන් යෝජනා කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස 2023 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ යෝජනවා ඉදිරිපත් කළේය.

සංචාරක කර්මාන්තය, සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා.

අලුත් වැඩසටහන් කිහිපයක් සංචාරක ඇමතිතුමා ඉදිරිපත් කරයි.

අපි මේ අංශයට අවධානය යොමුකරලා තියෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 50ක් එන අවුරුද්දට වෙන් කරලා තියෙනවා.

ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා වන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම සඳහා ජලය මත ලිස්සා යෑම, White water rafting වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මා යෝජනා කරනවා.

කෑගල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ මෙය විශාල ආදායමක් මර්ගයක් බවට පත්වෙලා තිබෙනවා.

 

 

  • Ada Derana BIZ Sinhala
  • Department of Census and Statistics
  • sri lanka

දුප්පත් නොවී මාසයක් කොළඹ ජීවත් වෙන්න රු. 14,854 ක් අවශ්‍යයි – නිල වාර්තාවක් කියයි

November, 14, 2022

2022 සැප්තැම්බර් මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන ප්‍රකාශයට පත් කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ.

ඊට අනුව මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසයක් වෙනුවෙන් දැරිය යුතු වියදම දැක්වෙන්නේ රු. 13,772 ක් ලෙසයි. ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම වටිනාකම පසුගිය 2022 අගෝස්තු මාසයේ දී දැක්වුණේ රු. 13,460 ක් වශයෙනි.

2022 සැප්තැම්බර් මාසයේ ඉහත අගයයට අනුව සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රු. 55,088 ක් වනු ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුටයි. එය රු. 14,854 කි. අගෝස්තු මාසයේ දී මෙම අගය රු. 14,517 ක් ලෙසින් සටහන්ව ඇත.

මෙහි අවම අගය වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රු. 13,168 ක් වේ. අගෝස්තු මාසයේ දී මෙම අගය රු. 12,870 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

පෙර මාසයට සාපේක්ෂව 2022 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මෙම නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුවී ඇති බව බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.

Photo Credit: World Bank

  • Ada Derana BIZ Sinhala
  • Small hydropower plants
  • South America
  • sri lanka

ශ්‍රී ලංකාවේ සමාගමකින් දකුණු ඇමරිකාවට කුඩා ජල විදුලි බලාගාර දෙකක්

November, 14, 2022

දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන ගයානා හි මෙගාවොට් 2.2 ක කුඩා ජල විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීම සඳහා වන තරඟකාරී ටෙන්ඩරයක් දිනා ගැනීමට මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමත් වී තිබේ.

අදාල කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ගයානා බලශක්ති අධිකාරිය සමඟ මේ වන විට සාකච්ඡා කිරීමේ අදියරේ පසුවන බව විදුල්ලංකා සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙය දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 12.8ක ව්‍යාපෘතියක් වේ.

  • Ada Derana BIZ Sinhala
  • AVINYA
  • sri lanka

අවින්‍යා පදනම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති විෂමතා ඉවත් කිරීමට පුහුණු ව්‍යාපෘතියක් හදුන්වා දෙයි

November, 14, 2022

සර්වෝදය උසස් අධ්‍යයන ආයතනය සමඟ එක්ව පළමු අවින්‍යා ඇකඩමිය බණ්ඩාරගමදී විවෘත්ත කෙරේ

ශ්‍රී ලංකාව පදනම් කරගත් ලාභ නොලබන සංවිධානයක් වන අවින්‍යා පදනම, අඩු වරප්‍රසාදිත සිසුන් සඳහා සාම්ප්‍රදායික නොවන එමෙන්ම දැරිය හැකි වෘත්තීය පුහුණුවක් ලැබෙන දිගුකාලීන උපාය මාර්ගික අධ්‍යාපනික වැඩසටහනක් 2023 ජනවාරි මාසයේදී හඳුන්වා දෙයි.

වෘත්තීය පුහුණු ආයතන 320න් සමන්විත අවින්‍යා ඇකඩමි ජාලයේ පළමුවැන්න සර්වෝදය උසස් අධ්‍යයන ආයතනය සහ එක්ව බන්ඩාරගමදී විවෘත්ත කෙරේ. විශේෂ රැකියා ක්ෂේත්‍රවල ඉල්ලුමට ගැලපෙන ලෙස සමාජීය, තක්ෂණික සහ මෘදු කුසලතා වර්ධනය කිරීම මඟින් විකල්ප වෘත්තීය මාවතක් තෝරාගැනීමට කැමති සාමාන්‍ය පෙළ කඩයිමේ සිසුන් වෙත එමගින් වටිනා රැකියා අවස්ථා විවර කරයි.

“අපගේ අරමුණ වන්නේ සේවා යෝජක වෙළඳපොළ තුළ ඵලදායී ලෙස තරග කිරීමට සහ වටිනා වෘත්තීය අනාගතයක් සහතික කිරීමට උපකාර වන සර්ව සම්පූර්ණ ඉගෙනුම් අත්දැකීමක් සමඟින් තෝරාගත් වෘත්තීය ක්ෂේත්‍රවලට සිසුන්ට මඟ පෙන්වීම සහ සහාය දැක්වීමයි. සාමාන්‍ය පෙළ කඩයිමේ සිසුන්ට උසස් පෙළ හැදෑරීමට එමගින් විකල්ප මාර්ගයක් පාදා දෙන අතර ඔවුන් තම වෘත්තීය පාඨමලාව අවසන් කළ පසු සෘජුවම රැකියා සඳහා යොමු විය හැකි හෝ වැඩිදුර අධ්‍යයන කටයුතු කරගෙන යාමට හැකි විකල්ප මාර්ග සපයා දෙන්නෙමු” යැයි අවින්‍යා පදනමේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය සංජීව වීරවර්ණ මහතා පැවසීය.

අවින්‍යා වෘත්තීය විෂය මාලාව සහ ඉගෙනුම් ආකෘතිය පිළිබඳව අදහස් දක්වමින් බණ්ඩාරගම අවින්‍යා ඇකඩමියේ ප්‍රධාන පාර්ශවකරු වන සර්වෝදය උසස් අධ්‍යයන ආයතනයේ සභාපති සහ අවින්‍යා පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වෛද්‍ය වින්යා ආරියරත්න මහතා මෙසේ සඳහන් කළේය.

‘‘අවින්‍යා පදනමේ වෘත්තීය පුහුණුව හුදෙක් රැකියාවකට වෘත්තිකයෙක් සූදානම් කිරීමක් පමණක් නොවේ. සංස්කෘතික පුරවැසියකු ලෝකයට දායාද කිරීමත් අවින්‍යා පාඨමාලාවට ඇතුළත්. අනෙකාට ගරු කරන, සාධාරණ සමාජයක් අගයන, සොබාදහමේ වටිනකම ගැන විමසන, බලශක්තිය ඉතිරි කරන සහ නාස්තිය අවම කරන වෘත්තිකයකු බලගැන්වීමත් අවින්‍යා පඨමාලාවට අයත්.’

භෞතික සංවර්ධනය සහ ආධ්‍යාත්මික සංවර්ධනය නැතහොත් ගත සිත ගැන සමබරව හිතන පිරිපුන් වෘත්තිකයකු බිහි කිරීමට හැකි වන පරිදි අවින්‍යා පාඨමාලා සැකසෙන බවද වෛද්‍ය වින්යා  ආරියරත්න මහතා අවධාරණය කරයි.

‘වසංගතය සහ ආර්ථික කඩාවැටීම නිසා ඇති වූ අර්බුදවලින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යථා තත්ත්වයට පත්කර ගැනීමට අරගල කරන මොහොතක, අවින්‍යා පදනම අඩු වරප්‍රසාද සහිත සිසුන්ට නැවුම් හුස්මක් ගෙන දෙයි. 21 වැනි සියවසේ කුසලතා සහ ඉංග්‍රීසි මාධ්‍ය මත පදනම් වූ නවීන අධ්‍යාපනික ක්‍රම භාවිතා කරමින් වෘත්තීය හැකියාව කේන්ද්‍ර කරගත්, වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සඳහා අවස්ථා ලබා දීම අනාගත පරම්පරාවට ලැබෙන අනගි අවස්ථාවක්.’ යැයි අවින්‍යා පදනමේ සාමාජිකයින් හය දෙනාගෙන් එක් අයෙකු වන අධ්‍යාපනඥ ආචාර්ය තාරා ද මෙල් මහත්මිය පැවසුවාය.

අධ්‍යාපනඥයින් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ වෘතිකයන් විසින් වසර තුනක් වන අවින්‍යා වෘත්තීය පාඨමාලාව මෙහෙයවනු ලබයි. මාස 6ක Avinya Empower වැඩසටහනින් වෘත්තීය පුණුව ආරම්භ වෙයි. තාක්ෂණික විශේෂඥතාව මෙන්ම පුහුණු කිරීමට, උපදේශනයට සහ වෘත්තීය කුසලතාවලින් සමන්විත සිසුන් අලුත් ලෝකයේ රැකියා සඳහා සූදානම් කරනු ඇත. සවිබල ගැන්වීමේ වැඩසටහනින් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම, ඵලදායී සන්නිවේදන කුසලතාව, ඩිජිටල් සාක්ෂරතාව, විශ්ලේෂණාත්මක තර්කන හැකියාව, නිර්මාණාත්මක චින්තනය, නායකත්ව කුසලතාව, ව්‍යසායකත්ව නැඹුරුව, ව්‍යාපෘති පාදක ඉගෙනුම යන අංශ වර්ධනය කිරීම මඟින් වර්තමාන වෙළඳපොළේ තරගකාරී වෘත්තිකයකු සඳහා මඟ පාදයි. විසිඑක් වැනි සියවසට අවශ්‍ය කරන කුසලතා වර්ධනයට එයින් අවස්ථාව ලැබෙනු ඇත.

වෘත්තීය පුහුණුවට අදාළව ආයතනික පුහුණුවට සිසුන් යොමු කිරීමට ද අවින්‍යා පදනම පියවර ගනී. පුහුණුව අවසානයේ රැකියාව සොයාගැනීමටත් මඟ පෙන්වයි. තමන් පුණුව ලබන ඇකඩමියේ විවිධ කාර්යයන්හි නිරතවීමට සියලු සිසුන් හට අවස්ථාව ලැබෙන අතර ඒ වෙනුවෙන් දීමනාවක්ද හිමි වෙයි.

අවින්‍යා ඇකඩමියට ඇතුළත් වන සිසුන් හට ගෙවීමක් කිරීමට සිදුවේ. කෙසේ වෙතත් පවුලේ ආදායම් මට්ටම සලකා බැලීමෙන් අනතුරුව පාඨමාලාව සඳහා ගෙවීමට හැකියාව නැති සිසුන් හට මූල්‍ය අනුග්‍රහයක් පදනම මඟින් ලබා දෙනු ඇත. වරප්‍රසාද අඩු සිසුන් හට උසස් අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා සහතික කිරීම එහි අරමුණයි. මේ සඳහා මූලික අරමුදල් වීරවර්ණ පදනම මඟින් සපයා දෙයි. ඇකඩමි ජාලය ගොඩනැඟීමට සහ ශිෂ්‍ය ගාස්තු පියවීමට අව්‍යශ්‍ය අරමුදල් රැස්කර ගැනීම සඳහා අවින්‍යා පදනම පරිත්‍යාගශීලීන් සමඟ කටයුතු කරනු ඇත.

තාක්ෂණික සහ වෘත්තීය නිපුණතා වෙනුවෙන් නිර්මාණය වූ වැඩසටහන්

සෑම වසරකම වයස 17 – 18 අතර පශ්චාත් සාමාන්‍ය පෙළ සිසුන් 120 බැගින් අවින්‍යා ඇකඩමි සඳහා බඳවා ගැනේ. සිසුන් සවිබල ගැන්වෙන Avinya Empower වැඩසටහනට පසු තෝරාගත් වෘත්තීය අධ්‍යයන ක්ෂේත්‍රයක පුළුල් අධ්‍යාපන වැඩසටහනකට යොමු කෙරේ. ඒ සමඟ අත්‍යවශ්‍ය වෘත්තීය සහ මෘදු කුසලතා ඉගෙනීම අඛණ්ඩව වැඩි දියුණු කෙරේ. තොරතුරු තාක්ෂණය, සත්කාරක සහ සෞඛ්‍ය සේවා පිළිබඳ වෘත්තීය පාඨමාලා බණ්ඩාරගම අවින්‍යා ඇකඩමිය හඳුන්වා දෙයි. ඇතැම් පුහුණු අවස්ථා හවුල්කාරී ආයතන සමඟ එක්ව ලබා දෙන අතර අවශ්‍ය පුහුණුවීම් ඇකඩමියේදී ද ලබා දෙයි.

අවින්‍යා ඇකඩමි ජාලය මුළුමනින්ම ඩිජිටල් ක්‍රමයට ක්‍රියත්මක වන අතර මධ්‍යගත පාලනය පදනම මඟින් පවත්වාගෙන යයි. එක් එක් ඇකඩමියට අදාළව සැලසුම් සම්පාදනය විවෘත්ත සහ සහයෝගී අවකාශය පිළිබඳ අද්විතීය සංකල්පය මත පදනම් වෙයි. එමඟින් නිර්මාණශීලී බව දිරිගැන්වෙන ඉගෙනුම් පරිසරයක් ලබා දෙනු ඇත. සිසුන් වැඩි පිරිසකට අධ්‍යාපන අවස්ථා ලබා දීමත් ඒ සඳහා ඕනෑම අයකු දිරිමත් කිරීමත් අවින්‍යා පදනමේ අරමුණ බැවින් සියලු වැඩසටහන් සහ සැලසුම්, විෂයමාලා සහ මූලාශ්‍ර කේතය ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ඕනෑම තැනක අය සඳහා නිදහසේ භාවිත කිරීමට ඉඩ ලබා දෙයි.

අවින්‍යා ඈකඩමි වැඩසටහන් සහ පරිපාලන මෙහෙයුම් විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය පලපුරුද්ද ඇති විශේෂඥයින් කණ්ඩායමක් විසින් කළමණාකරණය කෙරේ. අංජු මෝසස් (විධායක අධ්‍යක්ෂ), සමිස අබේසිංහ (ප්‍රධාන තාක්ෂණ නිලධාරි), නිහාරා නානායක්කාර (මෙහෙයුම් ප්‍රධානී), ලක්ෂමන් පියසේන (සන්නිවේදන ප්‍රධානී) සහ ඩිනේෂා සේනාරත්න (බලගැන්වීමේ ප්‍රධානී) ඒ අතර වෙති.

අචාර්ය සංජීව වීරවර්ණ අවින්‍යා පදන්මේ සභාපති සහ අධ්‍යකෂවරයකු වේ. වෛද්‍ය වින්යා ආරියරත්න අධ්‍යකෂ මණ්ඩල සාමාජිකයකු වේ. ආයතනික සංවර්ධනය සහ උපායමාර්ග පිළිබඳ උපදේශක ලෙස ජීවක වීරතුංග කටයුතු කරයි.

අනර්කලී මුණසිංහ, අෂ්රොෆ් ඕමාර්, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කස්තුරි චෙල්ලරාජා විල්සන්, ආචාර්ය සංජිව වීරවර්ණ සහ වෛද්‍ය තාරා ද මෙල් අවින්‍යා පදනමේ සාමාජිකයෝය.

  • Ada Derana BIZ Sinhala
  • Bank of Ceylon
  • Co-operative Insurance PLC
  • sri lanka

වඩාත් උත්තරීතර සේවාවක් සදහා කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී ලංකා බැංකුව සමග ගිවිසුම් ගත වෙයි

November, 14, 2022

1999 වර්ෂයේ දී  හුදෙක් නාගරික ප‍්‍රදේශයන්ට පමණක් සීමාව තිබු රක්‍ෂණ සේවාව, ග‍්‍රාමිය ජනතාව වෙනුවෙන් සමීප කිරීමේ පුරෝගාමීයා ලෙස මෙරට රක්‍ෂණ ව්‍යාපාරයට පැමිණි කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී, අද වනවිට මෙරට රක්‍ෂණ කර්මාන්තයේ කෙටි කාලයක් ඇතුලත වැඩිම වර්ධන වේගයක් සනිටුහන් කර රක්‍ෂණ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින සමාගමකි.

සිය ගමනේ තවත් අභිමානවත් පියවරක් තබමින් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය ගනුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලසීමේ අරමුණින් යුතුව මෙරට ප‍්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව සමග රක්‍ෂණ ගිවිසුමකට (රථවාහන හා ගිණි) එළඹිම පසුගිය ඔක්තෝම්බර් 27 වෙනිදා සිදුවිය.

මෙමගින් ලංකා බැංකුවෙන් ලබාගනු ලබන ණය සහ ලීසිං පහසුකමි සදහා කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සි මගින් සපයනු ලබන රක්‍ෂණ පහසුකම් ලබාගැනීමේ හැකියාව ලංකා බැංකු ගනුදෙනුකරුවන්ට හිමිවේ.

මෙරට සුවහසක් ශ‍්‍රී ලාංකීකයන්ට පුරා වසර 83කට අධික කාලයක් විස්වානීයත්වයෙන් යුතු බැංකු පහසුකම් ලබාදුන් ලංකා බැංකුව සමග ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට රක්‍ෂණ පහසුකම් සැපයිමේ ප‍්‍රධාන රක්‍ෂකයෙකු ලෙස ගිවිසුම් ගතවිමට හැකිවිම කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී ලබගත් තවත් ජයග‍්‍රහණයක් බව සමාගමේ ගරු සභාපති සුසිල් වීරසේකර මහතා එම අවස්ථාවේදී අදහස් දක්වමින් පවසා සිටියේය.

මෙවන් ආර්ථික ව්‍යාසනයට මුහුණ දි ඇති විටක ලංකා බැංකු ගනුදෙනුකරුවන්හට ද සිය මොටර් රථ, නිවාස ඇතුළු වත්කම් සදහා දිවයිනේ අඩුම රක්‍ෂණ වාරිකයක වාසියක් පිරිනැමීට හැකීවිම පිළිබද තමන් ඉතා සතුටු වන බව කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි කළමණාකරණ අධ්‍යක්‍ෂ උදය කුමාර මහතා පැවසීය.

පුංවි මිනිසාගේ දුක නිවැරදිව හදුනාගත් කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී හා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ මූල්‍ය ආයතනය වන ලංකා බැංකුව මෙවැනි ගිවිසුමට එළඹිම බොහෝ ශී‍්‍ර ලංකීකයින් හට සිය බැංකු සහ රක්‍ෂණ කටයුතු වලදී විශාල වාසියක් උදාවේ යැයි විස්වාස කල හැකිය. විශේෂයෙන්ම මෙරට රක්‍ෂණ කර්මාන්තයේ තෙවෙනි විශාලතම සේවා ජාලයට හිමිකම් කියන කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී සහ මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ විශාලතම ශාඛා ජාලයකට හිමිකම් කියන ලංකා බැංකුව සමග ගිවිසුම් ගතවිම සැබැවින්ම ආයතන දෙකෙහිම ගනුදෙනුකරුවන් ලබාගත් සුවිශේෂි  ජයග‍්‍රහණයකී.

  • Ada Derana BIZ Sinhala
  • European Union
  • laptops
  • SEDR
  • sri lanka

යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන SEDR ව්‍යාපෘතිය, රට පුරා සිටින සමථකරණ සංවර්ධන නිලධාරීන්  වෙත ලැප්ටොප් පරිගණක 70ක් භාර දෙයි

November, 14, 2022

යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය; රට පුරා සිටින (සමථකරණ) සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ලැප්ටොප් පරිගණක 70ක් භාර දීම හරහා, සමථ මණ්ඩල කොමිෂන් සභාවට (MBC) දැනටමත්, ලබාදෙන සහය වඩාත් විස්තාරණය කළේය.

ගරු. අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් ප‍්‍රියනාත් පෙරේරා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති  විනිසුරු යාපා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල්, සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා මාර්යා රෙහ්මාන් යන සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් විය.

ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය යනු යුරෝපා සංගමයේ මුල්‍ය අනුග‍්‍රාහකත්වයෙන්, ආසියානු පදනම සමඟ එක්ව බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් ක්‍රියාත්මක කෙරෙන වසර හතරක යුක්ති ප‍්‍රවේශ ව්‍යාපෘතියකි. යුරෝ මිලියන 7ක ව්‍යාපෘතියක් වන මෙය, යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාව තුල  ක්‍රියාත්මක කෙරෙන ‘ප්‍රතියෝජන, ප්‍රතිසන්ධාන සහ සියලුදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම ශක්තිමත් කිරීමේ (STRIDE)’ වැඩපිළිවෙලට අයත් එක් අංගයක් වේ.

SEDR හි 4 වන ප්‍රතිඵල ක්‍ෂේත්‍රයෙහි, තොරතුරු තාක්ෂණ උපකරණ සැපයීම තුලින් සමථ මණ්ඩලවල පරිපාලන ක්‍රියාකාරිත්වයට සහාය වීමේ ක්‍රියාකාරකමක් ඇතුළත් වේ. මෙය සිදුකරන්නේ අලුතින් පත් කරන ලද සංවර්ධන නිලධාරීන් විසින් කෙරෙන දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියට සහාය වීමේ අරමුණින් ය. SEDR හි 1 වන ප්‍රතිඵල ක්‍ෂේත්‍රය යටතේ, සමථ මණ්ඩල කොමිෂන් සභාවෙහි වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ වඩාත් සුමුදු ක්‍රියාකාරීත්වයට සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි මධ්‍යස්ථකරණ දත්ත ගබඩාවක් ගොඩ නැගීම සම්බන්ධයෙන්, දැනටමත් සැලකිය යුතු කාර්යභාරයක් සිදු කර ඇත. මෙම වෙබ් අඩවිය මහජන දැනුවත් කිරීම් සඳහා උපකාරී වනු ඇති අතර, නඩු පැවරීම හා සසඳන විට වියදමින් අඩු සහ තිරසාර විසඳුමක් වන සමථකරණය සඳහා අවශ්‍ය මහජන ප්‍රවේශය වැඩි කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් මහතා ප්‍රකාශ කළේ “සියලු දෙනාටම යුක්තිය සඳහා ප්‍රවේශය සහතික කිරීමේ උත්සාහයේදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටියි. නවීන සමාජයේ සෑම අංශයකම ඩිජිටල්කරණය වඩ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන මේ සමයේ, යුක්ති සේවාවන් ලබාදීම සඳහා ඒවා වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීමට ඉඩ සලසන බැවින්ම, එය අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයටද අදාළ වේ. මෙම උපකරණ සැපයීම සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ කාර්යභාරයන් පහසු කිරීමට සහ ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු." යනුවෙනි.

නව සංවර්ධන නිලධාරීන් (සමථකරණ) ඇතුළුව සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයේ 235 දෙනෙකුගේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අවශ්‍යතා ඇගයීම් සමීක්ෂණයක් 2021 වසරේ දෙවන භාගයේදී අවසන් කරන ලද අතර, SEDR විසින් පත්කරන ලද උපදේශකයෙකු විසින් පුහුණුවීම් අවශ්‍යතා විශ්ලේෂණයක් ද සිදු කරන ලදී. මිලදී ගැනීමට නියමිත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපකරණවල ස්වභාවය සහ අවධානය යොමු කළයුතු ප්‍රදේශ පිළිබඳව සමථ මණ්ඩල කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යාංශය සහ SEDR ඒකාබද්ධ කමිටුවේ එකඟතාවයකට අනුව; හොඳම තේරීම ලැප්ටොප් පරිගණක 70ක් ලබා දීම යන්න තීරණය විය.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම විසින් මෙම ලැප්ටොප් පරිගණකවලට මෘදුකාංග (Windows10) ඇතුලත් කිරීමේ කාර්යය සම්පූර්ණ කරන ලදී. එමෙන්ම ඒවා සියල්ලම SEDR සන්නාම සහිතව ආරක්‍ෂිත පරිගණක බෑග් සමඟ ලබාදෙනු ඇත. මෙම ලැප්ටොප් පරිගණක බෙදා හැරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, SEDR විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාව සහ අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව, නව පරිශීලකයින් 70 දෙනාට මෙම නව තාක්ෂණික මෙවලම් සහ මෘදුකාංග වලින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වන බව සහතික කෙරෙන මාර්ගගත හඳුන්වාදීමේ පුහුණු සැසියක් සැලසුම් කර ඉදිරිපත් කරනු ඇත. තවද, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ නවතම සමථකරණ දත්ත ගබඩාවේ අංගයක් ලෙස මෙම උපකරණ වඩාත් හොඳින් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව විශේෂිත අවධානය යොමු කෙරෙන අතිරේක මාර්ගගත පුහුණු සැසියක්, නව පරිශීලකයින් වෙනුවෙන් ලබාදීමටත් SEDR සහය වනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • AIA Insurance
  • sri lanka
  • WCIC

AIA ඉන්ෂුවරන්ස්, දිවයින පුරා කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට WCIC සමගින් සහයෝගීතාවයකට එළඹේ

November, 12, 2022

 

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) නොබෝදා සහයෝගීතාවයකට එළෙඹෙන ලදී. මේ ඔස්සේ WCIC මගින් සංවිධානය කරනු ලබන 2022 කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සඳහා ස්වර්ණ සහකරු ලෙස සිය දායකත්වය ලබා දෙමින්, 2022-2023 වසර සඳහා කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ WCIC හි ක්‍රමෝපායික වැඩසටහන් වෙනුවෙන් සහය ලබා දීමට AIA ඉදිරිපත්ව සිටියි.

දශක ගණනාවක් පුරාවට කාන්තා සවිබලගැන්වීම, ව්‍යවසායකත්වය සහ කාන්තාව ආර්ථිකයට ඇතුළත් කරගැනීම් පෝෂණය කල සමාගමක් වශයෙන් AIA ඉන්ෂුවරන්ස් සමාගමට, කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලයෙහි අරමුණු හා සමගින් ඇත්තේ එකිනෙකට සමාන වූ ඉදිරි දැක්මක්. එනම් කාන්තා සවිබලගැන්වීමේ සහ මූල්‍ය වශයෙන් ඔවුන් ඇතුළත් කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක ජාතික තලයේ වැඩසටහනක් වන AIA ඉන්ෂුවරන්ස් හි ‘AYA SURAKINA AIA’ කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය සහ ප්‍රගතිය මෙහෙයවන අතර එය කාර්ය මණ්ඩල සාමාජිකාවන්හට, අලෙවි නියෝජිතවරියන්හට, කාන්තා සේවාලාභීන්හට මෙන්ම මුළු මහත් සමාජයේම සිටින කානතාවන්හට අදාළ වේ. මෙසේ එක්ව සිදුකරන්නා වූ සහයෝගීතාවයන් ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, රක්ෂණය සහ කාන්තාව පිළිබඳව ගැඹුරු ලෙස පර්යේෂණ පවත්වනු ලබන අතර ශ්‍රී ලාංකික කාන්තාවන්හට රක්ෂණ විසදුම් ලබා දෙමින්, මූල්‍ය දැනුම සඳහා පුහුණු සැසි පවත්වමින් තොරතුරු ලබා ගැනීමට මං පාදා දෙමින් වඩාත් අර්ථවත් වූ ධනාත්මක බලපෑමක් ඔවුනගේ ජීවිත වලට ඇතිකරලීමට සහාය ලබා දෙයි.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, කාන්තාවන්හට සේවය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සමාගමක් ලෙස සිය කාර්යමණ්ඩලය තුල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සියලු දෙනා ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වීම සඳහා කැපව කටයුතු කරයි. පසුගිය වසරේදී සමාගම සිය සේවා බලකාය තුල කාන්තා නියෝජනය 41% දක්වා වැඩිකරලීමට කටයුතු කර ඇත. එමෙන්ම සමාගමේ අලෙවි බලකාය වන AIA වෙල්ත් ප්ලෑනර්වරුන් අතර ද 47% ක කාන්තා නියෝජනයක් ඇති අතර විශේෂත්වය වන්නේ සමාගම තුල ඉහළම කාර්යසාධනයක් ඇති හොඳම අලෙවිකරුවන් 100 දෙනා අතරින් 53%ක ප්‍රතිශතයක් නියෝජයන කරන්නේ ද කාන්තාවන් වීමත්, එමෙන්ම සමාගමට වසරකට ලැබෙන නව ව්‍යාපාර වලින් භාගයකට අධික ප්‍රමාණයක් ගෙන එන්නේ ද එම කාන්තාවන් විසින් වීමත්ය.

AIA ඉන්ෂුවරන්ස්, සමාගමේ කාර්ය මණ්ඩලය තුල සහ අලෙවි බලකාය තුලත් කාන්තා නියෝජනය වැඩිකරගැනීමට පමණක් නොව, ඔවුනගේ වෘත්තීය වර්ධනය තහවුරු කිරීමටත් කැපවී කටයුතු කරනවා. නායකත්වය සඳහා කාන්තා නියෝජනය වැඩිකරලීම සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇති අතර ඒ සඳහා ඔවුන්ව දේශීය සහ විදේශීයව පවත්වන වැඩසටහන් ඔස්සේ දැණුමෙන් සහ පුහුණුවෙන් සන්නද්ධ කිරීමටත් ඔවුනට නම්‍යශීලී කාලවේලාවන්ට අනුව වැඩ කරමින්, නිදහසේ සිය වෘත්තියෙහි නියැලීමට අවශ්‍ය අවකාශය සකස් කර දෙමින් ඉගෙනීම තුලින් වර්ධනයට ඉඩ සැලසීම සඳහා ද සමාගම කටයුතු යොදා තිබෙනවා. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස AIA හි ජේෂ්ඨ නායකත්ව බලකායෙන් 33%ක ප්‍රතිශතයක් කාන්තාවන් වන අතර ආයතනයේ කාන්තාවන් අතරින් 70% මෙහෙයුම් හා 63% ආයුඝනක යන රක්ෂණ හා සම්බන්ද විශේෂිත කාර්යාභාරයන් හි නිරත වේ.

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • Alan Smee
  • Allianz Insurance
  • CEO
  • Country Manager
  • sri lanka

අලියාන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ලෙස ඇලන් ස්මී මහතා වැඩ භාර ගනියි

November, 11, 2022

2022 නොවැම්බර් මස පළමු (01) දින සිට අලියනස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ලෙස ඇලන් ස්මී මහතා පත කර ඇති බව අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් නිවේදනය කර ඇත. 2015 ජුනි මස සිට ස්මී මහතා අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවක කළ අතර 2022 මාර්තු මාසයේ සිට 2022 ඔක්තෝබර් මාසය දක්වා එහි සභාපති ධූරයද හෙබවීමට කටයුතු කර ඇත. මින් පෙර අලියනස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා දේශීය කළමනාකරු ලෙස කටයුතු කළ සහ වර්තමානයේ අලියාන්ස් අසියා පැසිෆික් කලාප කාර්යාලයේ නව තනතුරක් සඳහා පත් කර ඇති සහ ගානි සුබ්‍රමනියම් මහතා වෙනුවට ඇලන් ස්මී මහතා පත් කිරීම සිදුව ඇත.

ඇලන් ස්මී මහතා දීර්ඝ කාලයක් ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන පෙළේ තනතුරු දරා තිබේ. 1999 වසරේදී ඕස්ට්‍රේලියාවේ අලියාන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ආයුගණක නිලධාරී ලෙස එම සමූහය සමග එක් වූ ඒ මහතා, 2003 වසරේ අගෝස්තු මස සිට 2006 වසර දක්වා කෙටි කාලයක් Ernst & Young Australia හි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළේ ය.

2006 වසරේ සිට 2008 වසර දක්වා අලියාන්ස් ප්‍රධාන කාර්යාලයේ මිලකරණ ප්‍රධානී (දේපළ සහ වෙනත් රක්ෂණ) ලෙස කටයුතු කළ ඇලන් ස්මී මහතා එහි පරිවර්තන තිරසාරත්ව ව්‍යාපෘතියටද දායක විය. ඉන් අනතුරුව ඒ මහතා 2009 වසරේ සිට 2013 වසර දක්වා, තුර්කියේ අලියාන්ස් සමාගමේ පාරිභෝගික විකුණුම් ප්‍රධානී (දේපළ සහ වෙනත් රක්ෂණ) ලෙස සහ තාක්ෂණික ප්‍රධානී ලෙස කටයුතු කළ අතර, එම සමාගම එරට සාර්ථකම රක්ෂණ සමාගමක් බවට පත්කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළේ ය.

මෑතකාලීනව අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ආසියා පැසිෆික් කලාපයේ මෙහෙයුම් කටයුතු වලට දායක වූ ඇලන් ස්මී මහතා, මීට පෙර එම කාර්යාලයේ තාක්ෂණික ප්‍රධානී (දේපළ සහ වෙනත් රක්ෂණ) ලෙස කටයුතු කළේ ය. එමෙන්ම කමිටු හා මණ්ඩල රැසක සාමාජිකත්වය දරා ඇති ඒ මහතා, කලාපීය සම්මන්ත්‍රණ හා මාර්ගගත වැඩසටහන් රැසකටද නායකත්වය දී තිබේ. ඊට අමතරව ඒ මහතා කලාපීය මිලකරණ, මධ්‍යම පරිමාණ ව්‍යාපාර, ක්‍රමෝපායික අධ්‍යයන, ඒකාබද්ධකරණ ක්‍රියාකාරකම් සහ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති රැසක් සාර්ථක ලෙස මෙහෙයවා ඇත.

ප්‍රවීණ රක්ෂණ වෘත්තිකයෙකු වන ඇලන් ස්මී මහතා ඕස්ට්‍රේලියාවේ ආයුගණක ආයතනයේ සාමාජිකයෙකි. ඒ මහතා ඕස්ට්‍රේලියාවේ Macquarie University වෙතින් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක් සහ ව්‍යවහාරික සංඛ්‍යාලේඛන පිළිබඳ පශ්චාත් උපාධියක් හිමිකරගෙන තිබේ.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • APEX
  • Food & Beverage
  • Seat Comfort
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම ගුවන් සේවා Food & Beverage සහ Seat Comfort සඳහා  වන සම්මානය දිනාගනියි

November, 11, 2022

සිංගප්පූරුවේ පැවති 2023 APEX Passenger Choice Awards®   සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව (for Best Food & Beverage and Best Seat Comfort)  සඳහා වූ   සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා පිදුම් ලැබීය. ශ්‍රීලංකන්  ගුවන් සේවය 2023 APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් හි තරු හතරේ ප්‍රධාන ගුවන් සේවයක් ලෙස අඛණ්ඩව පස්වන වසරටත් එහි ප්‍රමිතිය පවත්වාගෙන යාමට සමත් වීම විශේෂත්වයකි.

ගුවන් සමාගම් 600කට ආසන්න සංඛ්‍යාවක මිලියනයකට අධික ගුවන් ගමන් වලින් එකතු කරන ලද නිර්නාමික සහ මධ්‍යස්ථ මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙම APEX Passenger Choice Awards® සහ APEX නිල ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම්™ ලබාදීම සිදුකරනු ලැබේ. APEX Passenger Choice Awards® හි ජයග්‍රාහකයින්, තෝරාගැනීමේ දී ගුවන් යානයේ ආසන පහසුව, මැදිරි සේවා, ආහාර පාන, විනෝදාස්වාදය සහ Wi-Fi යන උප කාණ්ඩ පහක් යටතේ ගුවන් සමාගම්වල මගීන්ගේ ශ්‍රේණිගත කිරීම් සලකා බලනු ලැබේ.

මෙම සම්මානය  හිමිවීම පාරිභෝගිකයින්ට උසස්‌ නිෂ්පාදනයක්‌ සහ උණුසුම් සත්කාරය සහ සුවපහසු සේවාවක් මෙන්ම නිවසේ මෙන්  හුරුපුරුදු බවක් ගුවන් යානය තුළදී ලබාදීම වෙනුවෙන්ම ශ්‍රීලංකන් ගුවන් සේවය  දරන අඛණ්ඩ උත්සාහය ඇගයීමට ලක්කිරීමකි. ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන් සතුටු කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසක් ලෙස, වරින් වර එහි ආහාර මෙනුව ප්‍රතිනිර්මාණය කරයි.  ගුවන් සමාගම මෑතකදී ශ්‍රී ලාංකීය කෑම වර්ග සහ පාන වර්ග කිහිපයක් හඳුන්වා දුන්නේය. සෑම ආහාර වට්ටෝරුවක්ම ඉතා සූක්ෂම ලෙස තෝරාගෙන එහි අමුද්‍රව්‍යවල පෝෂණ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ වැඩි මට්ටමට ගෙන ඒම සඳහා සකස් කර ඇත. ශ්‍රී ලාංකිකයන් සඳහා 'සුව පහසු ආහාර' වේලක් ලබා දීමට අමතරව, ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතිය ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත ප්‍රවර්ධනය කිරීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණයි.

ප්‍රධාන වශයෙන් කලාපීය කෙටි දුර ගමන් මාර්ග සඳහා සේවා සපයන ශ්‍රීලංකන් ගුවන් සේවයේ එයාර්බස් A320 සහ A321 ගුවන් යානාවල මැදිරි  ගුවන් මගීන්ගේ  අත්දැකීම් සහ ඔවුන් කැමැත්ත මත සකස් කර තිබේ. ව්‍යාපාරික සහ පිරිමැසුම් පන්තිය යන දෙකම මගීන්ගේ සුවපහසුව සඳහා leather recliner ආසන සහිතව නිර්මාණය කර  සවි කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්මින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය  “යලිත් වරක් අපගේ වටිනා පාරිභෝගිකයින් විසින්  සිය විශිෂ්ට ගුවන් ගමන් අත්දැකීම ලබා දීමත් ගුවන් සේවය පිළිගැනීමට ලක් කිරීමත් සම්බන්ධයෙන් අපගේ ගෞරවය ඔවුන්ට ලබා දෙනවා. අපගේ ගනුදෙනුකරුවන් සඳහා හොඳම දේ අඛණ්ඩව පිරිනැමීමේ අපගේ අරමුණ මෙමගින් මෙය තවදුරටත් ශක්තිමත් වෙනවා.  මේ සෑම සම්මානයක්ම ශ්‍රීලංකන් ගුවන් සේවයේ සාමාජිකයින්ගේ වෙහෙස නොබලා දරන උත්සාහය, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ නිර්මාණශීලිත්වයට උපහාරයක් වනු ඇත. ඒ වගේම ගුවන් සේවය ජාත්‍යන්තර අවධානයට යොමු කිරීම පිළිබඳව ශ්‍රීලංකන් පවුලේ සෑම සාමාජිකයෙකුටම මම ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය ආසියා පැසිෆික් කලාපයේ සිය සේවාවන් වෙනුවෙන් මේ දක්වා APEX Passenger Choice Awards®  සම්මාන 12 ක් දිනා ඇති අතර, 2018 වසරේ සිට අඛණ්ඩව ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුවේ නියතව සිටී. ගුවන් සේවය දැනට ආසියා පැසිෆික් කලාපයේ නගර 27ක් වෙත සතිපතා ගුවන් ගමන් 160කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කරයි.

  • Ada Derana BIZ Sinhala
  • Long-term visas
  • luxury apartments
  • sri lanka

අධි සුඛෝපභෝගී මහල් නිවාස මිල දී ගන්නා විදේශිකයින් සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර

November, 11, 2022

වර්තමානය වන විට ශ්‍රි ලංකාව තුල වඩාත්ම වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛොපභොගි මහල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති (Condominium Development Project) හදුනා ගෙන ඇත. මෙම කර්මානතයේ වර්ධනය වෙනුවෙන් මෙම සුඛෝපභෝගී නිවාස ලබා ගන්නා විදේශකයින් සඳහා දිර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීමේ වැඩ පිලිවෙලක් අද (10) දින ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී හදුන්වා දෙන ලදි.
සහාධිපත්‍ය නිවස්න ඒකක (සුඛොපභොගි මහල් නිවාස) ඉදි කරන්නන් හා එම නිවාස මිලදී ගන්නන් විසින් දීර්ඝ කාලයක් සිට රජයෙන් හා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයෙන් කළ ඉල්ලීමකට අනුව දීර්ඝ කාලීන විසා බල පත්‍ර ලබා දීමේ මෙම වැඩ පිළිවල ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබි ඇත.

දීර්ඝකාලීන වීසා බලපත්‍ර ලබාදීම තුලින්, අධි සුඛොපභොගි මහල් නිවාස සංවර්ධන ආයෝජකයින් හා එම නිවාස මිලදි ගන්නා විදේශිකයන් දිරිමත් කිරිම මෙන්ම, වැඩි සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් රට තුලට ගලා ඒම අපේක්ෂිතයි. නව වැඩපිළිවෙල යටතේ වසර 5කට සහ 10කට යන කාණ්ඩ යටතේ වීසා බලපත්‍ර නිකුත් කරයි. වසර 10ක වීසා බලපත්‍ර හිමිකම් ලැබෙනුයේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක ආයෝජනකයකින් නාගරික ප්‍රදේශයක සහාධිපත්‍ය නිවාස මිලදී ගන්නා හිමිකරුවන්ටය.

වසර 5ක විසා බලපත්‍ර හිමිවනුයේ නාගරික ප්‍රදේශයක ඇ.ඩො 1,50,000ක වටිනාකමින් යුතු නිවාස මිලදී ගන්නා අයටය. එමෙන්ම වසර 5ක බලපත්‍රය ඇ.ඩො ලක්ෂ 5කට වටිනාකම්න් යුතු නිවාස ඒකක මිලදී ගන්නා සමාගම්වල උපරිමය අධ්‍යක්ෂවරු 4 දෙනෙකුට හා ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට හිමිවේ.

මෙහිදි අදහස් දක්වන ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා,

අධි සුඛොපභොගි මහල් නිවාස 30,000ක් පමණ මෙරට පවතින අතර ඉන් 5000ක් පමණ ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘති යටතේ පවතින ව්‍යාපෘති වේ. මෙම සියලු ව්‍යපෘති සදහා මෙම දිර්ඝකාලීන වීසා බලපත් නිකුත් කිරීම මෙම වැඩසටහන අනුව ක්‍රියාත්මක කෙරේ. මේ තුලින් ඕනෑම රටක විදේශිකයෙකුට මෙරට සහාධිපත්‍ය නිවස්න මිලදීගැනීමටත්, ඒ සදහා ආයෝජන කිරීමට ඇති අවස්ථාවන් පුළුල් වේ. මේ වනවිටත් චීනය, ඉන්දියාව, පාකිස්ථානය, කොරියාව, රුසියාව සහ ඉරානය වැනි රටවල ආයෝජකයින් මෙම ක්ෂේත්‍රයේ විශාල ලෙස ආයෝජන කර ඇත. එමෙන්ම අගනුවරින් බැහැර ගාල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල හා අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවලදි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘති සමාගම් ආගමන විගමන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීම අද දින සිදු කෙරුණු අතර මෙම වැඩසටහන ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය එක්ව කටයුතු කරයි.