• Ada Derana BIZ Sinhala
  • seylan bank
  • sri lanka
  • Uncle Albert

සෙලාන් බැංකුව පිළිගත් මුදල් හුවමාරු ක්‍රම හරහා මෙරටට මුදල් එවීම දිරිගැන්වීමට ‘ඇල්බට් අංකල්’ යළි කරළියට ගෙනෙයි

November, 10, 2022

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම වර්ගයේ පළමු ප්‍රවර්ධන වැඩසටහනින් ජයග්‍රාහකයන්ට සුවිශේෂී  ඩිජිටල් තෑගි (NFT)

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පිළිගත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා මෙරටට මුදල් එවීම දිරිමත් කිරීම සඳහා සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. අතීතයේදී වෙස්ටර්න් යූනියන් සේවාව වෙනුවෙන් නිර්මාණය කරන ලද, මෙරට තුළ අතිශයින් ජනප්‍රිය වූ වෙළඳ දැන්වීමක චරිතයක් වන ‘ඇල්බට් අංකල්’ චරිතය මෙහිදී නැවත කරළියට පැමිණෙනු ඇත.

දශක දෙකකට පෙර මුලින්ම විකාශය වූ මේ වෙළඳ දැන්වීම, ලන්ඩනයේ සිට මෙරටට මුදල් එවීමේ සිද්ධියක් පාදක කරගත් නිර්මාණයකි. විවාහ මංගලෝත්සවයකදී මුද්දක් නැතිවීම හේතුවෙන් අලුත් මුද්දක් මිලදී ගැනීම සඳහා ලන්ඩන් නුවර වෙසෙන ඇල්බට් අංකල්, ශ්‍රී ලංකාවේ සිටින සුරේෂ්ට එසැණින් රුපියල් පනස් දහසක මුදලක් වෙස්ටර්න් යූනියන් සේවාව හරහා එවයි. වෙළඳ දැන්වීම තුළ ඇල්බට් අංකල් කවුරුන්ද යන්න අනාවරණය නොවන නමුත් ඇල්බට් අංකල් යන නාමය එදා පටන් මෙරට තුළ විදේශ රටවලින් මුදල් එවීම හඟවන සුවිශේෂී සංකේතයක් බවට පත් වී තිබේ.

වෙස්ටර්න් යූනියන් වැනි සුරක්ෂිත සහ පිළිගත් මුදල් හුවමාරු සේවාවන් හරහා මුදල් එවීම සහ යැවීම දිරිගැන්වීම සඳහා මෙම ජනප්‍රිය චරිතයට නැවත ජීවය ලබාදීමට සෙලාන් බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් සමග ජයග්‍රාහකයන් 15 දෙනෙකුට සුවිශේෂී ඩිජිටල් ත්‍යාග එකතුවක්ද හිමිවනු  ඇත.

“රටේ පවතින වත්මන් ආර්ථික ගැටලු විසඳීම සඳහා, විදේශ රටවල සිට මෙරටට එවනු ලබන මුදල් ප්‍රමාණය වැඩිකර ගැනීම ඉතාමත් වැදගත්. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් සෙලාන් බැංකුව, පිළිගත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා ලැබෙන අභ්‍යන්තර ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකර ගැනීම සඳහා මෙම නිර්මාණශීලී වැඩසටහන දියත් කිරීමට තීරණය කළා. ඇල්බට් අංකල්ගේ චරිතයට නැවත ජීවය දීම මගින් අපට බාල මහලු කාටත් ආමන්ත්‍රණය කරමින්, පිළිගත් මුදල් හුවමාරු නාලිකා හරහා මුදල් එවා රටේ යහපතට දායක වීමට මෙන්ම ඔවුන් දිරිමත් කිරීමට හැකිවේවි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ගමික ද සිල්වා මහතා පැවසී ය.

‘Digital collectibles’ හෝ ‘Non-Fungible Tokens’ (NFTs) යනු කලාකෘති හෝ ඉඩකඩම් වැනි සත්‍ය ලෝකයේ දේවල් නියෝජනය කරන, බ්ලොක්චේන් (blockchain) එකක ඇති ක්‍රිප්ටෝග්‍රැෆික් වත්කම් (Cryptographic assets) වර්ගයකි. සෑම NFT එකක්ම අනෙකුත් NFT වලින් වෙන්කර හඳුනාගත හැකි අනන්‍යතා කේතයක් සහ පාරදත්ත (Metadata) ඇත. සැබෑ ලෝකයේ භෞතික වත්කම් මේ ආකාරයට 'ටෝකන්කරණය' කිරීම මගින් වංචා සිදුවීමේ සම්භාවිතාව අවම වන අතරම ඒවා මිලදී ගැනීම සහ විකිණීම වඩාත් කාර්යක්ෂම වේ.

මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් 15 දෙනෙකුට ‘Uncle Albert NFT ‘හිමිවන අතර, ඒ අතරින් එක් ජයග්‍රාහකයෙකුට මුදලින් රු. 100,000/- ක්ද හිමි වේ. දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයන් තෝරාගනු ලබන අතර, වැඩසටහන ආරම්භ කළ දිනයේ සිට දින 45 ක කාලයක් ඇතුළත, ඕනෑම විදේශ මුදල් වර්ගයකින් ඇමරිකානු ඩොලර් 500 කට සමාන හෝ ඊට වැඩි මුදලක් ප්‍රේෂණය කරන පුද්ගලයන්, එම ගනුදෙනුවට අදාළ යොමු අංකය සෙලාන් බැංකුවේ නිල සමාජ මාධ්‍ය පිටුව වෙත යොමු කළ යුතුය. එවිට ඔවුන් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබනු ඇත. මූලික ත්‍යාග වලට අමතරව ජයග්‍රාහකයන්ට සෙලාන් බැංකුවේ ප්‍රමුඛතා ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෙලාන් බැංකුවේ ශාඛා වලදී සියලුම සේවාවන් සඳහා ප්‍රමුඛතාව හිමි වීම ඇතුළු විශේෂ සේවාවන් හා ප්‍රතිලාභ රාශියක්ද හිමි වේ.

  • Ada Derana BIZ Sinhala
  • Hemas
  • Solar power
  • sri lanka

හේමාස් සූර්ය බලශක්ති භාවිතය පුළුල් කරයි

November, 10, 2022

විදුලි පරිභෝජනය 25% කින් අඩුකිරීමට  වහල මත සූර්ය බලශක්ති පද්ධති සවිකෙරේ

හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී (Hemas Holdings PLC) සිය 2030 පාරිසරික න්‍යාය පත්‍රයේ කොටසක් වශයෙන්, පුනර්ජනනීය බලශක්ති භාවිතය වැඩි කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ.

එහි කොටසක් වශයෙන්, හේමාස් සමූහයේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන ස්ථාන රැසක, වහලය මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති සවිකිරීමට මේ වනවිට පියවර ගෙන ඇත. Fentons Ltd හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar මගින් මෙය සිදුකරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමෙන් අනතුරුව සමූහයේ විදුලි පරිභෝජනය 25% කින් අඩු වනු ඇති අතර, එහි මෙහෙයුම් කටයුතු මගින් පරිසරයට ඇතිවන බලපෑමද තවදුරටත් අවම වනු ඇත.

මේ ආකාරයට විකල්ප බලශක්තිය භාවිතයට ගැනීම මගින් සිය කාබන් පිය සටහන අවම කිරීමට සහ ඕසෝන් ක්ෂය වීම අවම කිරීමට දායක වීමට මෙන්ම, අනාගතයේ මතුවිය හැකි පොසිල ඉන්ධන හිඟයට සාර්ථක ලෙස මුහුණ දීමටද හේමාස් සමූහයට හැකියාව ලැබෙනු ඇත.

මෙම විකල්ප බලශක්ති භාවිතය අනෙකුත් සමාගම් වලටද ආදර්ශයක් වනු ඇතැයි හේමාස් සමූහය විශ්වාසය පළකරයි. එමගින් තිරසාර ව්‍යාපාර ක්‍රමවේදයන් බහුලව භාවිතයට පැමිණ, ශ්‍රී ලංකාවේ පරිසරයට සුවිශාල යහපතක් සිදුවනු ඇත.

සිය පාරිසරික න්‍යාය පත්‍රය යටතේ විවිධ හවුල්කාරීත්වයන් ඇතිකර ගනිමින්, දැනුවත් කිරීම් හා මගපෙන්වීම් සිදුකිරීමටත්, වගකීම්සහගත ලෙස ස්වාභාවික බලශක්තිය භාවිතය ප්‍රවර්ධනය කිරීමටත්, ව්‍යාපාරික කටයුතු මගින් සිදුවන බලපෑම් අවම කිරීමටත්, පරිසරයට හානි කරන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමටත් හේමාස් සමූහය බලාපොරොත්තු වෙයි.

 

ඡායාරූපය (වමේ සිට) : හේෂාන් කත්‍රිආරච්චි (ජ්‍යෙෂ්ඨ  ඉංජිනේරු- ව්‍යාපෘති/ Hayleys Solar), ලින්ඩ්සේ මෙල්ඩර් (සහකාර සාමාන්‍යාධිකාරී - විකුණුම්/ Hayleys Solar), රොෂේන් පෙරේරා (අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී/ Hayleys Solar), හසිත් ප්‍රේමතිලක (කළමනාකාර අධ්‍යක්ෂ/ Fentons Limited), මුර්තසා යුසුඵලි (සමූහ අධ්‍යක්ෂ - Hemas Holdings PLC), සල්මි ෆසීල් (සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී - Hemas Holdings PLC), මින්දික තිලකරත්න (කළමනාකරු - සමූහ තිරසාරත්ව සහ විශේෂ ව්‍යපෘති/ Hemas Holdings PLC) සහ හේසල් පෙරෙයිරා (සාමාන්‍යාධිකාරී - සමූහ මූල්‍ය/ සමූහ භාණ්ඩාගාරික/ Hemas Holdings PLC)

  • Ada Derana BIZ Sinhala
  • competition
  • HNB
  • Rata Dinana Singiththo
  • sri lanka

“රට දිනනා සිඟිත්තෝ” HNB එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන දරුවන් අගයයි

November, 10, 2022

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දශක ගණනාවක් පුරා ශ‍්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දෙමින් මෙරටට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමටත් විධිමත් මාර්ග හරහා මෙරටට විදේශ පේ‍්‍රෂණ එවීම දිරිමත් කිරීමටත් මෙන්ම ඒ සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව (CBSL) හඳුන්වා දී ඇති විවිධ වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා ක‍්‍රියාත්මක කරවීමටත් කටයුතු කර ඇත. එමෙන්ම විදේශයන්හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ද ක‍්‍රියාත්මක කොට ඇත.

විදේශයන් හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම ඒ වෙනුවෙන් ඉමහත් කැප කිරීමක් සිදු කරන ඔවුන්ගේ දරුවන් ඇගයීමත්, විදේශ විනිමය ඉපැයීමේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉදිරි දැක්ම වෙනුවෙන් සහයෝගය ලබා දීමත්, ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා, ‘‘රට දිනනා සිඟිත්තෝ” මැයෙන් විදේශයන් හි සේවයේ නියුතු ශී‍්‍ර ලාංකිකයින්ගේ මෙරට වෙසෙන දරුවන් දක්වන දක්ෂතා සහ කුසලතා ඇගයීමේ වැඩසටහනක් හැටන් නැෂනල් බැංකුව දියත් කර තිබේ.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධර්මසිරි කුමාරතුංග මහතා සහභාගී වූ අතර SLT Mobitel ප‍්‍රධාන විධායක නිළධාරී චන්දික විතාරණ, SLT Mobitel අංශ ප‍්‍රධානී - විකුණුම්, නලීන් පේ‍්‍රමරත්න, HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න, HNB ඇෂුවරන්ස් සාමාන්‍යාධිකාරී - ආයතනික ව්‍යාපාර සබඳතා, සනේෂ් ප‍්‍රනාන්දු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, මහේන්ද්‍ර කුමාරසිංහ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්, ලලිතා එගොඩවෙල සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න යන මහත්ම මහත්මීන් ඇතුළු අදාල ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී විය.

අධ්‍යාපන අමත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, හැටන් නැෂනල් බැංකුව, දීපව්‍යාප්ත තරගාවලියක් ලෙස ”රට දිනනා සිඟිත්තෝ” වැඩසටහන සංවිධානය කර ඇත. මෙම වැඩසටහන හරහා විදේශයන් හී සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින්ගේ දරුවන්, චිත‍්‍ර කලාව, නර්තනය, ගායනය හා ගද්‍ය රචනා යන කලා සහ සාහිත්‍ය අංශයන්හී දක්වන දක්ෂතා ඇගයීම සිදුකෙරෙනු ඇත.

විදේශයන් හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම ඔවුන්ගේ දරුවන්ද විදේශ විනිමය ඉපයීමෙහිලා කරන්නා වූ කැපකිරීම අගය කිරීම හා ඒ වෙනුවෙන් සමාජ කතිකාවතක් නිර්මාණය කිරීමත්, එවන් දු දරුවන් සතු දක්ෂතා සහ කුසලතා හඳුනා ගැනීමට අත්වැලක් වීම හරහා ඔවුන් හට වඩාත් යහපත් අනාගතයක් උදාකරදීමට පසුබිම නිර්මාණය කිරීමත් මෙම වැඩසටහනේ ප‍්‍රධානතම අරමුණ වේ.

විදේශයන් හි සේවයේ නියුතු, ශ‍්‍රී ලාංකිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජයෙන්, ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන මගින් ලබා දෙන විශේෂ වරප‍්‍රසාද හා පහසුකම් පිළිබඳව වැටහීමක් ලබා දීමත්, එම වරප‍්‍රසාද හා පහසුකම් ලබා ගැනීමට ඔවුන්ව උන්නදු කරවීමත් මෙම වැඩසටහනේ තවත් බලාපොරොත්තුවකි.

විදේශ විනිමය වැඩි වැඩියෙන් නීත්‍යානුකූල මාර්ගයන් හරහා ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව ගෙන යන වැඩ පිළිවෙලටත්, විදේශයන් හි සේවයේ නියුතු, ශ‍්‍රී ලාංකිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන යන වැඩ පිළිවෙලටත් මෙන්ම දේශයේ අනාගතය වෙනුවෙන් නැණවත්, ගුණවත් පරපුරක් බිහිකිරීමේ රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ පිළිවල සඳහාත්, මෙම වැඩසටහන හරහා සිය සහයෝගය උපරිම අයුරින් ලබා දිය හැකි වෙතැයි හැටන් නැෂනල් බැංකුව විශ්වාස කරයි.

මෙම වැඩසටහන සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජාතික තොරතුරු හා සන්නිවේදන සම්පාදක වන SLT මොබිටෙල් ආයතනයත්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකු රක්ෂණ සේවා සපයන්නා වන HNB ඇෂුවරන්ස් ආයතනයත්, නිල සන්නිවේදන සහකරු සහ නිල රක්ෂණ සේවා සහකරු ලෙස මෙම වැඩසටහන සඳහා හැටන් නැෂනල් බැංකුව සමඟ එක්වී කටයුතු කරයි.

තම මව හෝ පියා හෝ මව හා පියා යන දෙදෙනාම හෝ විදේශයක සේවයේ නියුතු ලංකාවේ වෙසෙන, පූර්ව ළමා වියේ (පෙර පාසල් හා වයස අවුරුදු 5 න් පහළ) හෝ පාසල් වියේ පසු වන (13 වන ශ්‍රේණියේ හෝ ඉන් පහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන) දු දරුවන්හට මෙම තරගාවලිය සඳහා සහභාගී විය හැක. ප‍්‍රධාන වයස් කාණ්ඩ 6 ක් සහ ප‍්‍රධාන තරග කාණ්ඩ 4 ක් යටතේ මෙම තරඟ පැවැත්වෙන අතර එක් එක් වයස් කාණ්ඩ යටතේ තරගකරුවන් සඳහා තරඟ අවස්ථා හිමිවන ආකාරය මෙසේය. පෙර පාසල් වියේ පසුවන සහ 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දු දරුවන්ට චිත‍්‍ර, නර්තනය හා ගායනා යන තරඟ කාණ්ඩ 3 යටතේ මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් විය හැකි අතර 3 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දු දරුවන්ට සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි යන මාධ්‍යන් ත‍්‍රිත්වයෙන් උප තරග කාණ්ඩ යටතේම වෙන වෙනම ගද්‍ය රචනා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

ඉහත වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙන සෑම තරඟ අවස්ථාවක් සඳහාම සමස්ත ලංකා හා දිස්ති‍්‍රක් මටට්මින් වෙන වෙනම ප‍්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන ලබා ගන්නා දු දරුවන්ට හැටන් නැෂනල් බැංකුව ත්‍යාග සහ සහතික පත‍්‍ර පිරිනමනු ලබයි.

සියලූම නර්තන හා ගායනා නිර්මාණ පටිගත කරන ලද වීඩියෝ දර්ශනයක් ලෙස 071 600 7778 අංකයට වට්ස් ඇප් (WhatsApp) යෙදුම හරහා හැටන් නැෂනල් බැංකුව වෙත යොමු කළ හැක. සියලූම චිත‍්‍ර සහ ගද්‍ය රචනා නිර්මාණ ලියාපදිංචි තැපෑලෙන්, සහකාර සාමාන්‍ය අධිකාරී - ශාඛා ජාල කළමනාකරණ හා ව්‍යාපාර ප‍්‍රවර්ධන, ව්‍යාපාර ප‍්‍රවර්ධන අංශය, 19 වන මහල, අංක 479, HNB ප‍්‍රධාන කාර්යාලය, T B ජයා මාවත, කොළඹ 10 යන ලිපිනය වෙත එවීමෙන් හෝ ඔබට ළඟම පිහිටි HNB ශාඛාව වෙත වෙත භාර දීමෙන් හැටන් නැෂනල් බැංකුව වෙත යොමු කළ හැක.

සියලූම නිර්මාණ 2023 මාර්තු 15 වන දිනට පෙර නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම් පත‍්‍රයක් සමඟ හැටන් නැෂනල් බැංකුව වෙත එවිය යුතුය.

මෙම තරගාවලියේ තරඟ නීති රීති හා කොන්දේසි සහ නිර්මාණ යොමු කළ යුතු ආකාරය ඇතුළු තරගාවලිය පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වේ නම් පාසලේ විශය භාර ගුරුතුමා හෝ ගුරුතුමියගෙන් හෝ www.hnb.net වෙබ් අඩවියෙන් www.hnb.net > Promotions > Rata Dinana Singiththo Competition 2022) 2022 අපේ‍්‍රල් 21 දිනැති, ‘‘රට දිනනා සිඟිත්තෝ - විදේශයන් හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින්ගේ මෙරට වෙසෙන දරුවන් දක්වන දක්ෂතා සහ කුසළතා ඇගයීම” මැයින්, අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක‍්‍ර ලේඛනය පරිශීලනය කරන්න.

නැතිනම් ඔබට ළඟම පිහිටි HNB ශාඛාව හෝ 011 2 462 462 අංකයෙන් අප පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.

  • Ada Derana BIZ Sinhala
  • IMF
  • Parliament
  • Ranil Wikramasinghe
  • sri lanka

චීන, ඉන්දියා ණය ප්‍රතිව්‍යූහගතකරණ සාකච්ඡා දෙසැම්බරයේ දී අවසන් කිරීමට සැලසුමක් – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි

November, 10, 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත සහයෝගය ලබා දීමට සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා ගත යුතු නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද (10) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී සභාව අමතමිනි.

ඉන්දියාව සහ චීනය සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති අතර එම සාකච්ඡා දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේය.

"මට අවස්ථාව හම්බුනා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව හම්බවෙන්න. එතුමිය එක්ක සාකච්ඡා කරා මේ සම්බන්ධයෙන්. අපිට සහයෝගය දෙනවා කිව්වා. ඉතින් කිසිම සැකයක් තියන්න එපා. අපිට දැන් තියෙන්නේ ඉන්දියාවයි චීනයයි එක්ක සාකච්ඡා කරලා අවසන් කරන්න. චීනය අපිට කිව්වේ පක්ෂ සම්මේලනයෙන් පස්සේ ආරම්භ කරන්න කියලා. ඒක ආරම්භ කරලා තියනවා. ඉතින් අපි ඒ ගැන බලලා අපි ක්‍රියාත්මක කරමු. රටවල් දෙකෙන්ම ඉල්ලන්නේ අපිට දෙසැම්බර් මාසය වෙනකොට අපි බලමු මේක අවසන් කරන්න කියලා. ලෝක බැංකුවේ සභාපතිතුමත් හමුවුණා. මම මේ ගැන දීර්ඝ වශයෙන් කතාකරන්න යන්නේ නැහැ."

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • Economic problems
  • sri lanka

ආර්ථික ගැටලු උද්ගතවීම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ පැවති දුර්වල කැපවීමෙහි අවසාන ප්‍රතිඵලයක් – මහ බැංකුව

November, 9, 2022

සමස්ත ආර්ථිකය ආවරණය කෙරෙන පරිදි කාර්යක්ෂම වූ ප්‍රතිසංස්කරණ දිගු කාලීන වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ පැවති දුර්වල කැපවීමෙහි අවසාන ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ගැඹුරින් මුල් බැසගත් ව්‍යූහාත්මක දුර්වලතා පදනම් කර ගෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු උද්ගත වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

“මෑත කාලීන ආර්ථික ප්‍රවණතා - 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා“ ප්‍රකාශනය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරන අතර එම වාර්තාවෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩසටහන මගින් ඉතා අත්‍යාවශ්‍ය වන සහ දිගු කාලයක් මුළුල්ලේ නොසලකා හරින ලද ව්‍යූහාත්මක වෙනස්කම් කාලෝචිත හා වඩාත් විධිමත්ව සිදුකිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇති අතර, එය වඩාත් ස්ථාවර සහ තිරසාර වර්ධන මාවතක් කරා ආර්ථිකය යොමු කිරීම කෙරෙහි උපකාරී වනු ඇත. කෙසේවෙතත්, ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙමින් සිටින පෙර නොවූ අන්දමේ ආර්ථික අර්බුදය සහ වර්ධනය වන විවිධ තත්ත්වයන් හමුවේ කඩිනම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග අවහ්‍ය වන විවිධ අංශවල ඇතිවිය හැකි අවිනිශ්චිත හේතුවෙන්, කෙටි කාලීනව ආර්ථිකය අපේක්ෂිත යථා තත්ත්වයට පත්වීම කෙරෙහි අභියෝග රැසකට මුහුණ දෙනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • DHL Express Sri Lanka
  • Pole 2 Pole challenge
  • sri lanka

DHL Express Sri Lanka විසින් දේශගුණික ආරක්ෂණය සඳහා ‘Pole 2 Pole challenge’ වෙත සහය දක්වයි

November, 9, 2022

DHL Express Sri Lanka විසින් සුපිරිසිදු, හරිත වර්ණයෙන් පිරි, යහපත් ලොවක් නිර්මාණය කිරීම සඳහා, DHL Express ගෝලීය වශයෙන් ක්‍රියාත්මක කර ඇති ‘Pole 2 Pole challenge’ වෙත සහය දක්වමින් ඒ පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසක් පසුගියදා පවත්වනු ලැබීය. වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන, මැරතන් ධාවනය, කාර්යාල වෙත පාපැදි මගින් ගමන් කිරීම සහ රුක් රෝපණ වැඩසටහන් ආදිය එම ක්‍රියාකාරකම් අතරින් කිහිපයක් විය.

මෙහි පළමු පියවර වශයෙන් වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මේ සඳහා සමාගම් සේවකයින් 65 කට වැඩි පිරිසක් එක් වූ අතර ඔවුන් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුවල නියැලෙමින් කිලෝග්‍රෑම් 100 කට වැඩි ප්‍රමාණයක් සහිත වීදුරු, ප්ලාස්ටික් සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් එකතු කළේය.

ශාරීරික සුවතාවය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරමින්, 100 කට වැඩි සේවකයින් පිරිසක් කිලෝමීටර් 4 ක පාගමනකට සහ මැරතන් ධාවනයකට සහභාගී විය. එම පාගමනකට සහ මැරතන් ධාවනය නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ වී DHL කාර්යාල පරිශ්‍රයෙන් අවසන් කෙරිණි. මේ සඳහා සහභාගී වූ සියලුම දෙනා හට ඇගයීමේ සංකේතයක් ලෙස පදක්කම් ප්‍රධානය කිරීමට ද පියවර ගත්තේය.

මීට සමගාමීව, පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය අවම කිරීම සඳහා දායක විය හැකි ආකාරය ප්‍රදර්ශනය කරමින් සුපුරුදු ප්‍රවාහන විදි වෙනුවට පාපැදි භාවිතය පිළිබඳව ආදර්ශයක් ලබා දෙමින් DHL සේවකයින් 12 කට අධික පිරිසක් ‘කාර්යාලය වෙත පාපැදියෙන් පැමිණීම’ සිදු කෙරිණි.

සමාගම් සේවක සේවිකාවන් 45 දෙනෙකු ගාල්ල, නියාගම විජිත මධ්‍ය මහා විද්‍යාලයේ පැළ 120ක රුක් රෝපණය වැඩසටහනකට දායක වූ අතර එම පාසලේ දරුවන් සඳහා ආයුර්වේද වෛද්‍යවරයකුගේ සහභාගීත්වය යටතේ ඔසු පැලෑටි පිළිබඳ දේශනයක් ද පවත්වන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DHL Express Sri Lanka හි ප්‍රධාන විධායක කළමනාකරු දිමිත්‍රි පෙරේරා මහතා මෙසේ අදහස් පැවසීය. ''Pole 2 Pole challenge අපගේ තිරසාර වූ ක්‍රියාවන් සඳහා ශක්තිමත්ව දායකත්වය ලබා දෙනවා. සුපිරිසිදු, හරිත වර්ණයෙන් පිරි, යහපත් ලොවක් නිර්මාණය කිරීම සඳහා අපි බලපෑමක් ඇති කරන පිරිසක් බවට සනාථ කිරීම සඳහා ලොව පුරා සිටින අපගේ සගයන් සමඟ අප සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් විශාල කැපවීමක් මෙන්ම ත්‍රාසය හා අවදානම් සහිත ගමනක නියැලෙමින් Pole 2 Pole ධජය රැගෙන දක්ෂිණ ධ්‍රැවයට ළඟා වන සමාගම් සේවකයින් දෙපලක් වන රෝලන්ඩ් තෝමස් සහ ලිව් මාරිට් ස්ටර්න් හට ප්‍රබෝධමත් ගමනක් වෙනුවෙන් අප සුභ පතනවා.''

DHL Express Sri Lanka හි මානව සම්පත් ප්‍රධානී තාරක ද සිල්වා මහතා මේ පිළිබඳව වැඩිදුරටත් මෙසේ පැවසීය. ''Pole 2 Pole challenge වෙනුවෙන් අපි වැඩසටහන් මාලාවකට මුලපිරීමත් සමඟ අපගේ සගයන් පෘථිවියට සහ පරිසරය වෙනුවෙන් ලබා දිය යුතු අපගේ වගකීම කුමක්ද යන්න පිළිබඳව තේරුම් ගෙන සිටිනවා. කාර්ය බහුල ජීවිතය සෞඛ්‍ය සම්පන්නව සමබරව ගෙන යා යුතු ආකාරය පිළිබඳව ප්‍රවර්ධනය කෙරෙන 'වැඩ කිරීමට සුදුසු, ජීවිතයට සුදුසු' (Fit for Work, Fit for Life) යන තේමාව රැගත් අපගේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස Pole 2 Pole challenge ක්‍රියාකාරකම් පෙළගස්වා තිබෙනවා.''

DHL Pole 2 Pole Challenge හි අරමුණ වන්නේ දේශගුණික ආරක්ෂාව සඳහා උත්තර ධ්‍රැවයෙන් ආරම්භ වී දක්ෂිණ ධ්‍රැවයෙන් අවසන් වන Pole2Pole ධජය පසුකර යාම සඳහා ලොව පුරා සිටින සේවකයන්ගේ සහය ලබා ගැනීමය. මෙම අභියෝගය අවසානයේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 100ක ධජයන් ප්‍රචාරය කිරීමට නියමිතය. තවද මෙම අභියෝගය පරිසර සංරක්ෂණය සඳහා සහය ලබා ගැනීමේ අපේක්ෂාව ඇතිව Conservation International වෙත ඩොලර් 100,000ක් රැස්කර දීමේ ව්‍යාපෘතියක් ලෙස ද ක්‍රියාත්මක වේ. මීට අමතරව DHL හි සේවකයින් ලොව පුරා රුක් රෝපණ 100,000 ක් සිදු කිරීමට ද නියමිතය.

මෙම අභියෝගය Deutsche Post DHL සමූහයේ තිරසාර ගමන් මග සඳහා සහය ලබා දෙන අතර එම සමූහය 2025 වසර දක්වා වූ පාරිසරික, සමාජීය සහ පාලන කටයුතු (ESG) සඳහා වන පැහැදිලි උපාය මාර්ගගික ඉලක්ක පිළිබඳව විස්තර කර ඇත.‘මිනිසුන් සම්බන්ධ කිරීම සහ ජීවිත සාර්ථකත්වයට පත් කිරීමේ’ (Connecting people and Improving Lives) උදාර අරමුණ ඇතිව කටයුතු කරන සමාගමක් ලෙස එම සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති තිරසාර වැඩසටහන් අතර DHL හි GO වැඩසටහන් හරහා ප්‍රජාවන් අතර ශක්තිමත් කල්පවත්නා බැඳීමක් ඇති කිරීමට කටයුතු කර ඇත. එමෙන්ම GoGreen වැඩසටහන හරහා පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම, GoHelp මගින් ආපදාවලින් බලපෑමට ලක් වූ ප්‍රජාවන් හට සහාය ලබා දීමට සහ ලොජිස්ටික් සේවා පහසුකම් සැපයුම් සඳහා සේවකයන් හට ඉඩ සැලසීම, GoTrade වැඩසටහන හරහා ජාත්‍යන්තර වෙළඳාම තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීම සහ GoTeach වැඩසටහන තුළින් අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙමින් වරප්‍රසාද නොලත් ළමුන්ට සහ තරුණ තරුණියන්ගේ කුසලතා හා දක්ෂතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් පුහුණු කටයුතු හා අවස්ථා සලසා දීම වැනි සේවාවන් රැසක් සිදු කරනු ලබයි.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • Economy
  • sri lanka

2023 අග භාගයේ දී ආර්ථිකය යථා තත්ත්වයට – මහ බැංකුවෙන් පුරෝකථනයක්

November, 9, 2022

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම් වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව මේ දක්වා ලබා ඇති ප්‍රගතිය මෙන්ම දැනටමත් ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳ සලකා බැලීමේ දී, 2023 වසරේ අග භාගයේ සිට ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ මාවතකට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

“මෑත කාලීන ආර්ථික ප්‍රවණතා - 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා“ ප්‍රකාශනය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.

කෙසේවෙතත් කාලෝචිත ලෙස, ආර්ථිකයෙහි සියලු අංශ ආවරණය කෙරෙන පරිදි කාර්යක්ෂම ලෙස මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් තුළ පවතින අප්‍රතිහත කැපවීම මත මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය පදනම් වන අතර, ඒ සඳහා දරන ප්‍රයත්න දේශපාලන සහ මැතිවරණ ක්‍රියාවලීන්ට අදාළ වෙනස්කම්වල බලපෑම්වලින් තොරව සිදුවීම සහතික කළ යුතුය. ඉදිරි තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ දී මෙලෙස ජාතික ප්‍රතිපත්තීන් නොවෙනස්ව පවත්වා ගැනීම, බාහිර කම්පනවලට ඔරොත්තු දීම සඳහා ආර්ථිකයට ඇති හැකියාව ශක්තිමත් කිරීමට සහ එමඟින් මැදි කාලීනව ආර්ථිකයේ අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීමට අත්‍යාවශ්‍ය වේ.

  • Acting Finance Minister
  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • Sugar tax

සීනි බදු සහනය හේතුවෙන් අහිමි වූ රු. බිලියන 16න් 24%ක් ආදායම් බදු ලෙස අයකර ගැනීමට පියවර – වැඩ බලන මුදල් ඇමති

November, 9, 2022

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16ක මුදලට අදාළ ආදායම් බදු අයකර ගැනීමට සූදානම් බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. දැනට පවතින නීතිය යටතේ එම මුදලෙන් 24%ක් ආදායම් බදු ලෙස අදාළ සමාගම්වලින් අයකර ගැනීමේ හැකියාව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අදාළ සීනි බදු අඩු කිරීම හේතුවෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා අද (09) මේ බව කියා සිටියේය.

2020 වසරේ ඔක්තෝබර් මස 14 වැනි දින සිට මාස තුනක කාලයක් ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි කිලෝ ග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවැති මිල ඉහළ යාමේ තත්ත්වය පාලනය කිරීම සඳහා ශත 25 දක්වා පහත දැමිණි. එහෙත් අදාළ බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා නොදී ආනයනකරුවන් අත තබා ගැනීමෙන් රජය කැපකළ ආදායම රුපියල් කෝටි 1,776ක් ලෙස ගණන් බලා ඇත. එසේ ආදායම් තමා අත රඳවා ගත් සමාගම් 10ක් හඳුනාගෙන ඇති අතර ඉන් එක් සමාගමක් සමස්ත සීනි ප්‍රමාණයෙන් 45% ක් ආනයනය කර තිබේ. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මෙම බදු සහනය හිමි වූ කාලය තුළ පමණ අදාළ සමාගමේ සීනි ආනයනය 1220% ගුණයකින් ඉහළ ගොස් ඇතැයි විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දෙයි.

දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රකාරව අදාළ බදු අයකර ගැනීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂිත බවත් ඊට අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. පවතින නීති තත්ත්වයන් යටතේ අය කර ගත හැකි මෙම මුදල අය කර ගැනීමට සහය දක්වන ලෙස පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්වවලින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

සියඹලාපිටිය මහතා වැඩි දුරටත් කියා සිටියේ ඉදිරියේ දී මෙවැනි හදිසි බදු අඩු කිරීම් පිළිබඳ තීරණ සියලු පාර්ශ්වය සමග සාකච්ඡා කිරීමකින් තොරව සිදු නොකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බවයි.

  • Ada Derana BIZ Sinhala
  • Group Term Policy
  • HNB
  • HNBA
  • sri lanka

HNB, HNBA සමඟින් එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවකයින් වෙනුවෙන් Group Term Policy හඳුන්වා දෙයි

November, 9, 2022

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශය සතු ප‍්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, HNB ඇෂුවරන්ස් (HNBA) සමඟ අත්වැල් බැඳගනිමින් අවම වශයෙන් සේවකයින් 10 දෙනෙකුට අවදානම් ආරක්ෂණ ආවරණයක් ලබා දීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් Group Term Policy දියත් කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න සහ HNBA ප‍්‍රධාන විධායක නිලධාරීල ලසිත විමලරත්න යන මහත්වරුන් එක්ව සිටියේය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි සේවකයින් හට වාර්ෂිකව අලූත් කර ගත හැකි මෙම ප‍්‍රතිපත්ති පැකේජය ඔවුන්ගේ අවශ්‍යතා සහ කැමැත්ත අනුව සකස් කර ගැනීමේ හැකියාව ද ඔවුන් සතුය. සේවකයකුගේ මරණය, පූර්ණ ස්ථාවර ආබාධිත වීම, බරපතල රෝගාබාධ සහ අනෙකුත් සෞඛ්‍ය සම්බන්ධ ගැටළු වැනි අවාසනාවන්ත අවස්ථාවන්හිදී එම පවුල් සඳහා ආවරණයක් ලබා දෙන මෙම ප‍්‍රතිපත්තිය තුළින් සේවකයින් හට ඔවුන්ගේ රෝහල් බිල්පත් දෛනික පදනමින් ගෙවීමේ අරමුදල් සපයා ගැනීමේ අවස්ථාවද උදා කරගත හැකිය. එසේම මරණයකදී පවුල සඳහා සුවිශේෂී වැටුප් ආරක්ෂණ ආවරණයක්ද HNBA විසින් ලබා දෙනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ HNB සහකාර සාමාන්‍යාධිකාරී කයිලවාසන් ඉන්ද්‍රවාසන් මහතා පැවසුවේ ‘‘අපගේ ආර්ථිකයේ ප‍්‍රධාන ගාමක බලවේගය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සමඟ ඉතා සමීපව කටයුතු කරන බැංකුවක් ලෙස HNBA සමඟ එක්ව හඳුන්වා දෙනු ලැබූ මෙම Group Term Policy එම ව්‍යවසායන්ට ඉමහත් සහනයක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා’’ යනුවෙන් පැවසීය.

ඒ සම්බන්ධයෙන් HNBA නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලසිත විමලරත්න මහතා සඳහන් කර සිටියේ ‘‘වත්මන් ආර්ථික තත්වය තුළ සෞඛ්‍ය සේවාවන් සඳහා දැරිය යුතු වියදම් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ආරම්භයේදී සුළු පරිමාණ ව්‍යවසායන්හි සේවකයන් වෙත සෞඛ්‍ය සහතික කිරීමේ වැඩපිළිවෙලක් ලබා දිය යුතුයි. ඒ නිසා විවිධ කර්මාන්ත සමඟ කටයුතු කරන වගකිවයුතු සමාගමක් ලෙස අවශ්‍ය අය සඳහා මෙම සේවාවන් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා’’

 

ඡායාරූප විස්තරය - HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න මහතා (වමේ සිට සිව්වැන්නා), HNBA නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලසිත විමලරත්න මහතා (දකුණේ සිට තුන් වැන්නා) සමඟ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගනිමින්. (වමේ සිට) HNB කුඩා හා මධ්‍ය පරිමාණ සේවා හා සම්බන්ධතා ප‍්‍රධානී, නිලූක අමරසිංහ, HNB ජාල කළමනාකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සුපුන් ඩයස්, HNB කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, කයිලවාසන් ඉන්ද්‍රවාසන්, HNB ඇෂුවරන්ස්හි ප‍්‍රධාන ව්‍යාපාර නිලධාරී/සාමාන්‍යාධිකාරී - සම්බන්ධතා, සෙනෙෂ් ප‍්‍රනාන්දු සහ HNB ඇෂුවරන්ස් ආයතනික බැංකු රක්ෂණ නාලිකා ප‍්‍රධානී, අචල හොරණ යන මහත්වරුන්ද ඡායාරූපයේ වේ.

  • Ada Derana BIZ Sinhala
  • ADB
  • HNB
  • SMELoC
  • sri lanka

ADB SMELoC හදිසි ප‍්‍රතිචාර යෝජනා ක‍්‍රමය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට HNB වෙතින් කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම්

November, 9, 2022

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා දියත් කෙරුණු (SMELoC) හදිසි ප‍්‍රතිචාර කාරක ප‍්‍රාග්ධන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක මුදලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දීමට හවුල්කාර මූල්‍ය ආයතනයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තෝරා ගෙන ඇත.

කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම් සමඟින් දැනට පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය දැක්වීම සහ ශක්තිමත් කිරීම මෙම ADB ණය යෝජනා ක‍්‍රමයේ අරමුණයි. එහිදී කෘෂිකර්මාන්තය, සංචාරක සහ අපනයන ක්ෂේත‍්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇත.

මෙම අරමුණ කරා ළඟා වීමට කටයුතු කිරීම සඳහා හැටන් නැෂල් බැංකුව විසින් සිය පුළුල් ශාඛා ජාලය හරහා සුදුසුකම් ලත් තෝරා ගනු ලැබූ ව්‍යාපාරවලට මෙම අරමුදල් බෙදා දීමට අපේක්ෂා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ප‍්‍රතිමූල්‍යකරණය සහ විශේෂ ණය අංශ ප‍්‍රධානී බණ්ඩාර රැකෝගම මහතා පැවසුවේ ‘‘ආසියානු සංවර්ධන බැංකුව දියත් කරනු ලබන මෙම වැදගත් ව්‍යාපෘතියේ කොටස්කරුවකු වීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. රට වර්තමානයේ මුහුණ දෙන අභියෝගාත්මක තත්වයේදී පවා ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳුනාරටිය ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අඛණ්ඩව කටයුතු කරනවා. අප බැංකුවේ සිටින දීප ව්‍යාප්ත ීඵෑ ණය සම්බන්ධතා නිලධාරීන්ගේ ජාලයේ ශක්තිය හා පරිමාණයත්, ADB සමඟ ඇති අපගේ දිගුකාලීන සබඳතාවත් සැලකිල්ලට ගනිමින්, මෙම ක්ෂේත‍්‍රය නැවත නගා සිටුවීමට උපකාර කිරීමට අප බැංකුව හොඳින් සූදානමින් සිටින බව අපගේ විශ්වාසයයි. කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා ගැනීමේදී අභියෝගවලට මුහුණ දෙන සියලූම සුදුසුකම් ලත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙම අගනා අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.

රුපියල් මිලියන 750 ක වාර්ෂික පිරිවැටුමක් නොඉක්ම වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වසර තුනක ආපසු ගෙවීමේ කාල සීමාවක් සමඟින් රුපියල් මිලියන 10 ක උපරිම කාරක ප‍්‍රාග්ධන ණය පහසුකමක් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ. තවද මෙම යෝජනා ක‍්‍රමය යටතේ ලබා දෙන සියලූම ණය පහසුකම් වැටුප්, කාර්යාලීය වියදම් සහ අමුද්‍රව්‍ය මිලදී ගැනීම වැනි පුනරාවර්තන වියදම් ඇතුළුව කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට මෙමගින් අවස්ථාව හිමි වේ. එපමණක් නොව, මෙම ණය පහසුකම සඳහා HNB විසින් 11.77 ක ආකර්ෂණීය වාර්ෂික පොලී අනුපාතයක් ලබා දෙන අතර එය වර්තමාන වෙළෙඳපල අනුපාතවලට වඩා සැලකිය යුතු ලෙස අඩු අගයක් ගනී.