• Ada Derana BIZ Sinhala
  • HUTCH
  • sri lanka

HUTCH ශ්‍රී ලංකාව තුළ වසර 25ක සිය සේවා කාලය සමරයි

November, 2, 2022

Hutchison Telecommunications Lanka (Pvt) Ltd. (HUTCH) ශ්‍රී ලංකාවේ උසස් තත්වයෙන් යුත් ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සහ සන්නිවේදන පහසුකම් සපයන ප්‍රමුඛතම සමාගමකි. HUTCH පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දුරකථන සේවාවක් ගොඩනංවමින් දැරිය හැකි මිලට සන්නිවේදන පහසුකම් සැපයීම මඟින් ශ්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බවයි.

විවිධාංගීකරණය වූ Global Fortune 500 සමූහ ව්‍යාපාරය වන CK Hutchison Holdings , HUTCH සමාගමේ මව් සමාගමයි.  Call-link මෙහෙයුම 1997 දී අත්පත් කරගත් HUTCH සමාගම මෙරට විශාලතම අංගසම්පූර්ණ 4G බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයක් ක්‍රියාත්මක කිරීම ඇතුළුව සියලු ම පරම්පරාවන්ට ගැළපෙන තාක්‍ෂණයක් හඳුන්වා දීමට ද සමත් වී ඇත.

2018 වසරේ දී Etisalat විදුලි සංදේශ සමූහයේ ශ්‍රී ලංකා අනුබද්ධිත සමාගම සමඟ ඒකාබද්ධ වීමෙන් පසුව, HUTCH  4G ජාලය වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 95% කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කිරීමට සමත් වී ඇති අතර, එම සමාගම මේ වන විට 5G සේවාවන් හඳුන්වා දීමට ද සූදානමින් සිටී.

වසර 25 කට වැඩි කාලයක් මෙරට තුළ ආයෝජනය කරමින්, බදු හා විදුලි සංදේශ ගාස්තු හරහා මෙරට ආර්ථිකය නැංවීමට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති  HUTCH සිය සේවා සැපයීමේ දී සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 75,000 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට ද සමත් වී ඇත.

ඩිජිටල් බෙදීම, ග්‍රාමීය සබඳතා, දැරිය හැකි මිලකට සන්නිවේදන පහසුකම් මෙන් ම ඉහළ ප්‍රමිතියකින් යුතු අන්තර්ජාල හා ඇමතුම් අත්දැකීම් ඇතුළුව මෙරට ජනතාවගේ සියලුම සන්නිවේදන අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙන HUTCH සමාගම අද්විතීය නවෝත්පාදන හා නව සංකල්ප තුළින්  ඉදිරියට ම ගොස් ඇති බව පැවසිය යුතු ම ය.

HUTCH ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා එම සමාගමේ 25 වැනි සංවත්සරය සමරමින් ප්‍රකාශ කළේ, "අපි ශ්‍රී ලාංකික ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් ආයෝජනය කරමින්, දිනෙන් දින වර්ධනය කරා ගමන් කරන සමාගමක්.  වගකිවයුතු බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත සේවා සපයන්නා ලෙස, HUTCH අනාගතයේ දී ඩිජිටල්කරණය වූ ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් රට පුරා දැරිය හැකි මිලකට, ගුණාත්මක බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත සබඳතාවක් සැපයීම සඳහා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ඇති බව මම විශ්වාස කරනවා." යනුවෙනි.

නඩරාසා මහතා වැඩිදුරටත් පැවසුවේ, " HUTCH සන්නාමය ගොඩනඟමින්, අපගේ සේවා පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමට  දායක වූ සියලු ම HUTCH  සාමාජිකයින්ට මම ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.  පසුගිය වසර 25 තුළ අපගේ ජයග්‍රහණ දෙස නිහතමානීව ආපසු හැරී බලන විට, ශ්‍රී ලංකාවේ නව වර්ධන අවස්ථා සවිබල ගන්වමින් කාලෝචිත හා ආර්ථිකමය තාක්ෂණික දියුණුවක් කරා ගමන් කිරීම වෙනුවෙන් HUTCH ඉදිරියටත් කැපවන බවට මම මේ අවස්ථාවේ දී සහතික වෙනවා." යනුවෙනි.

මෙම සුවිශේෂී ජයග්‍රහණයේ කොටසක් ලෙස, HUTCH විසින් සිය දිගුකාලීන වටිනා පාරිභෝගිකයින් හා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පසුගියදා සුවිශේෂී උත්සවයක් සංවිධානය කළ අතර, එහි දී සිය සාර්ථක ගමනට ශක්තියක් වූ  සියලු ම ව්‍යාපාරික හවුල්කරුවන් වෙත කෘතඥතාව පළ කෙරිණි.

  • Ada Derana BIZ Sinhala
  • Diriya
  • Diva
  • sri lanka
  • Washing Powder

දීවා වෙතින් හඳුන්වා දෙන නව “දිරිය” රෙදි සෝදන කුඩු  පාරිභෝගිකයන්ට  සහන මිලට

November, 2, 2022

මෙරට ප්‍රමුඛතම රෙදි සෝදන කුඩු සන්නාමය වන දීවා  ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ හදවත්වලට සමීපතම සන්නාමයක් බවට පත් වෙමින්, දැරිය හැකි මිල ගණන් යටතේ, උසස් ප්‍රමිතියෙන් යුතු රෙදි සෝදන කුඩු මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙයි. එමෙන් ම ආර්ථික  අභියෝගයන්ගෙන් පිරි වර්තමානයේ පාරිභෝගිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් යුත් දීවා, ඔවුන් වෙත සහය දැක්වීම අරමුණු කරමින් 'දිරිය' රෙදි සෝදන කුඩු හඳුන්වා දී ඇති අතර, එය  සන්නාමයේ අරමුණු මූලික කර ගත් මුල පිරීමක් වන 'දීවා දෑතට දිරියක්' යටතේ ක්‍රියාත්මක කෙරිණි.

නව දීවා දිරිය රෙදි සෝදන කුඩු ග්‍රෑම් 500 ක පැකට්ටුවක් හා ග්‍රෑම් 40 පැකට්ටුවක් පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන අයුරින්, සහන මිලට වෙළඳපොළ වෙත නිකුත් කෙරෙයි. එමෙන් ම  දීවා දිරිය රෙදි සෝදන කුඩු මගින් රෙදිවල කුණු හොඳින් ඉවත් කරන අතර, ඇඳුම්වලට  නැවුම්   සුවඳක් ගෙන දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් හේමාස්  මැනුෆැක්චරින් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී ඩෙරික් ඇන්තනි මහතා “අපි පසුකරමින් සිටින්නේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක්. එදිනෙදා කටයුතු සඳහා අත්‍යවශ්‍ය  නිෂ්පාදන තෝරා ගැනීමේ දී පාරිභෝගික ජනතාව මිල ගැන වඩාත් සැලකිලිමත් වන බව අපි අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා අපහසුතාවට පත් වෙලා ඉන්න පාරිභෝගික ජනතාවට  සහයෝගය දැකවීම වෙනුවෙන්  දැරිය හැකි මිලට, ගුණාත්මක බවින් ඉහළ 'දීවා දිරිය' රෙදි සෝදන කුඩු නිෂ්පාදනය හඳුන්වා දීමට අපි කටයුතු කළා." යනුවෙන් ප්‍රකාශ කළේය.

දීවා සිය පාරිභෝගික ජනතාවගේ එදිනෙදා රෙදි සේදීමේ ක්‍රියාවලිය  පහසු කිරීම පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරයි. පාරිභෝගික කේන්ද්‍රීය නිෂ්පාදන තුළින් විශ්වාසය දිනා ඇති දීවා සියලු ම ආර්ථික මට්ටම්වල පාරිභෝගිකයින්ට මිල දී ගත හැකි ගෘහස්ථ සන්නාමයකි. විවිධ අභියෝගාත්මක කාල පරිච්ඡේදයන්හි දී පාරිභෝගික ජනතාව වෙත සහයෝගය දැක්වීම සඳහා හොඳ ම තත්ත්වයේ රෙදි සෝදන කුඩු සහන මිලට ලබා දීමට කටයුතු  කරයි. රෙදි සෝදන කලාවේ පෙරළිකාර වෙනසක් ඇති කරමින් විශිෂ්ට සේවාවක් ලබා දෙන දීවා, පුළුල් පරාසයක රෙදි සෝදන කුඩු නිෂ්පාදන රැසක් හඳුන්වා දෙයි. දීවා දේශීය පාරිභෝගික ජනතාවගේ  හදවත්  හොඳින් ම අවබෝධ කරගෙන ඇති දේශීය සන්නාමයක් වන අතර, එය දීවා පවර් රෙදි සෝදන කුඩු හා දියර, දීවා සබන් සහ දීවා ෆ්‍රෙෂ් රෙදි සෝදන කුඩු යන නිෂ්පාදනවලින් සමන්විත වේ.

  • Ada Derana BIZ Sinhala
  • Asia Asset Finance PLC
  • PAT
  • sri lanka

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී 2022/23 මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධයේ බදුපසු ලාභයේ 328% ක දැවැන්ත වර්ධනයක් සමග වත්කම් පදනමේ 25% ක වර්ධනයක් වාර්තා කරයි

November, 2, 2022

  • බදු-පෙර ලාභය - 197.5%
  • ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතය - 25.44%
  • රන් ණය වර්ධනය - 71.63%
  • ශාඛා ගණන 65 ක් දක්වා වර්ධනය වේ.

ශ්‍රී ලංකාවේ රන් ණය සේවාවන් මූලික කරගත් එකම මූල්‍ය විසඳුම් සම්පාදකයා වන, වසර 52 ක ඉතිහාසයක් සහිත ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC), පසුගිය වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව බදු-පසු ලාභයේ 328.57% ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කරගැනීමට සමත් වී තිබේ. ඒ අනුව සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන 150 ක් වූ අතර, එය පෙර වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව රු. මිලියන 35 ක වර්ධනයකි. වඩාත් දුෂ්කර මූල්‍ය පරිසරයක් හමුවේ, සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ ශුද්ධ පොලී ආදායමද රුපියල් මිලියන 913 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රුපියල් මිලියන 508 ට සාපේක්ෂව 79.72% ක වර්ධනයක් වේ. තවද 2021 සැප්තැම්බර් මාසය අවසානයේදී සමාගමේ  ශාඛාවන් 45 ක් රට පුරා විවෘත කර තිබූ අතර, 2022 සැප්තැම්බර් 30 දින වනවිට එම සංඛ්‍යාව 65 දක්වා වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස පිළිගැනීමට ලක් වී ඇති ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී, රන් කේන්ද්‍ර කරගත් මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී තිබේ. 2021 වසරේ සැප්තැම්බර් මස අවසානයේදී රු. බිලියන 17.7 ක් වූ සමාගමේ වත්කම් පදනම, මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදය තුළදී 25% කින් වර්ධනය වී, රු. බිලියන 22 ක් බවට පත් වී ඇත. ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි හිමිකාරීත්වය, ඉන්දියාව පදනම් කරගත් ගෝලීය මූල්‍ය සේවා දැවැන්තයෙකු වන, ලොව පුරා රු. ට්‍රිලියන 2.54 කට අධික වත්කම් හිමි  Muthoot Finance සතු ය. Muthoot Finance සමූහය මෙම වසරේ සිය ගෝලීය මෙහෙයුම්වලින් රුපියල් බිලියන 100 ඉක්මවන ලාභයක් වාර්තා කර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ සියලුම මූල්‍ය සමාගම් විසින් උපයා ඇති සමස්ත ලාභයට වඩා විශාල මුදලකි. මෙවැනි දැවැන්ත ගෝලීය සමාගමක පිටුබලය ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී වෙත හිමි වී තිබීම, එහි ශක්තිය, ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය නැවත නැවතත් තහවුරු කරයි.

2022/23 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 6 තුළ ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පෙන්නුම් කර ඇති සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණවර්ධන මහතා මෙසේ පැවසී ය. “රත්‍රන් මූලික කරගත් මුල්‍ය සේවාවන් කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීම හේතුවෙන්, ආයෝජකයින්ගේ සහ වෙළඳපොළේ අපේක්ෂාවන් ඉක්මවා යන මට්ටමේ වර්ධනයක් සහ ක්‍රියාකාරීත්වයක් වාර්තා කරගැනීමට මෙම වසරේදී අපට හැකි වුණා. රත්‍රන් යනු තවමත් වෙළඳපොළේ පවතින වඩාත්ම ස්ථාවර මූල්‍ය වත්කම් අතරින් එකක්. මෙම සාධකය ඔස්සේ, දුෂ්කර මූල්‍ය පරිසරයක් තුළ පවා අපගේ ගනුදෙනුකරුවන්ට සහ ආයෝජකයන්ට විශිෂ්ට වටිනාකම් තිළිණ කිරීමට අපට හැකි වුණා. එමෙන්ම අප මෙම වසරේදී නව්‍ය ප්‍රවේශයක් සමගින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රන් අරමුණු කරගත් නවතම මුල්‍ය සේවාවන් එකතුවක් හඳුන්වා දීමට කටයුතු යොදා තිබෙනවා. මෙය වසරේ ඉදිරි කාලය තුළ වැඩි ගනුදෙනුකරුවන් පිරිසක් ආකර්ෂණය කරගැනීමට උපකාරී වේවි. අප දැන් උත්සාහ කරන්නේ, මේ යහපත් ප්‍රවණතාවන් අඛණ්ඩව පවත්වා ගන්නා අතරම, විශේෂයෙන්ම ඩිජිටල්කරණය හා ස්වයංක්‍රීයකරණය ඔස්සේ අපගේ පාර්ශ්වකරුවන්ට තවදුරටත් ඉහළම වටිනාකම් තිළිණ කිරීමටයි. එමෙන්ම අප 25.44% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් පවත්වා ගැනීමටත් සමත් වී ඇති බව කියන්නේ ඉමහත් සතුටින්. මෙය මෙරට සමස්ත මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටතම අගයන් අතරින් එකක් වන අතර, අභියෝගකාරී ආර්ථික පරිසරයක් හමුවේ පවා අප සතු ශක්තියට හා ස්ථාවරත්වයට එය මනා සාක්ෂියක්.”

තම ඩිජිටල්කරණ ඉලක්ක වලට සමගාමීව, තිරසාරත්වයට මුල්තැන දෙමින් ‘Going Green Policy’ නමින් පරිසර හිතකාමී ප්‍රතිපත්තියක් හඳුන්වා දීමටද සමාගම මෑතකදී කටයුතු කළේ ය. මෙය 2022 අගෝස්තු 01 දින සිට වලංගු වේ.

අනෙකුත් මූල්‍ය දර්ශක සම්බන්ධයෙන්ද කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා කිරීමට ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සමත් වී ඇත. මෙම සමාලෝචනයට අදාළ කාලසීමාවේදී, පෙර වසරේ අදාළ කාලසීමාව තුළ පැවති 3.43% ක් වූ ශුද්ධ අක්‍රීය ණය අනුපාතය 2.69% දක්වා අඩු වී තිබේ. එමෙන්ම සමස්ත කොටස් වටිනාකම පෙර වසරේ පැවති රු. බිලියන 2.671 සිට 7.68% කින් වර්ධනය වී, රු. බිලියන 2.876 ක් ලෙස වාර්තා වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කොටසකට ශුද්ධ වත්කම් වටිනාකම, පෙර පැවති රු. 21.50 ට සාපේක්ෂව  මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ රු. 23.16 දක්වා දක්වා ඉහළ ගියේ ය. එමෙන්ම නියාමන ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයන් තුනම ඉතා යහපත් සීමාවන් තුළ සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම අගයන් අතර පවත්වා ගැනීමට ද සමාගම සමත් විය.

ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය ආයතනයක් සහ බලපත්‍රලාභී මුල්‍ය සමාගමකි. 1970 වසරේදී, රන් ණය සේවාවන් මූලික කරගෙන, තැන්පතුකරුවන්ට මෙන්ම ණය ලබාගන්නන්ට සේවය සැලසීමේ අරමුණින් එය ආරම්භ කරන ලදි. එම සමාගම Asia Asset Finance App (LUCKEWALLET) ඔස්සේ රන් ණය, ස්ථාවර තැන්පතු, ලීසිං, උකස් සහ ඩිජිටල් මූල්‍ය සේවා ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් එකතුවක් පිරිනමයි.

  • Ada Derana BIZ Sinhala
  • ADB
  • ComBank
  • Leading Partner Bank in SL
  • sri lanka

වෙළෙඳ සහ සැපයුම්දාම මූල්‍යනය සඳහා ADB හි ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව බුහුමන් ලබයි

November, 2, 2022

ආසියානු පැසිෆික් කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා සහාය වන බැංකු ඇගයීමට ලක් කරන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මාන උළෙලේදී පිට පිටම දෙවන වතාවට 2022 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව ඇගයීමට ලක් විය.

2021 ජූලි 01 වැනිදා සිට 2022 ජුනි 30 වැනිදා දක්වා කාලය තුල ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය ක්ෂේත‍්‍රයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව වෙත මෙම සම්මානය පිරිනැමිණි.

පසුගියදා සිංගප්පූරුවේ පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අංශ 10 ක් යටතේ සම්මානයට පාත‍්‍රකළ බැංකු 25 අතරට කොමර්ෂල් බැංකුවද අයත්වීම කැපී පෙනේ.

මෙම ගෞරවණීය සම්මානය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප‍්‍රභාගර් මහතා මෙසේ පැවසීය. ‘සමාජ සහ ආර්ථික සංවර්ධනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ණය, තාක්ෂණික සහාය, මූල්‍ය ප‍්‍රදාන සහ කොටස් ආයෝජන සම්පාදකයෙකු ලෙස ආසියානු සංවර්ධන බැංකුව කොමර්ෂල් බැංකුවට අතිශයින් වැදගත් පාර්ශවකරුවෙක් වෙනවා. සමෘද්ධිය සහ මූල්‍ය සහාය ප‍්‍රවර්ධනය කිරීමට ආයතන දෙක කැපවී සිටිනවා. මේ නිසා, ආසියානු සංවර්ධන බැංකුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාර්ශවකරුවා ලෙසින් කොමර්ෂල් බැංකුවට ලබාදුන් මෙම ගෞරවය අපි දිරියක් ලෙසින් සලකනවා.’

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන අතර මෙරට අපනයන වෙළෙඳාමෙන් 18% කට වැඩි කොටසට සහ ආනයන වෙළෙඳාමෙන් 10% කට අධික කොටසකට මූල්‍ය සේවා සපයන්නේ කොමර්ෂල් බැංකුවයි. බැංකුව ආයතනික ගනුදෙනුකරුවන් සමග පවත්වන ශක්තිමත් බැඳීම මෙම ජයග‍්‍රහණය ලබාගැනීමට විශාල දායකත්වයක් ලබාදෙන ලදී.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ආනයන අංශයේ ප‍්‍රධානී, ප‍්‍රසාද් ප‍්‍රනාන්දු මහතා (මැද) ආසියානු සංවර්ධන බැංකුව විසින් පිරිනැමූ 2022 වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මානය සමග.

  • Ada Derana BIZ Sinhala
  • Kumarika
  • religious journey
  • sri lanka

කුමාරිකා වෙතින් මිහින්තලය හා නල්ලූර් වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් පෙළක් දියත් කරයි

November, 2, 2022

ශ්‍රී ලංකාවේ හිසකෙස් සම්බන්ධ සන්නාම අතර ප්‍රමුඛතම සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කුමාරිකා වෙතින් උතුරු සහ උතුරු මැද පළාත්වල ආගමික ස්ථාන වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්  වැඩසටහන් පෙළක්  දියත් ක‍රන ලදි. මෙහි  පළමු වැඩසටහන පසු ගිය ජුනි මස, පොසොන් පොහොය නිමිති කොට ගෙන මිහින්තලය පූජා නගරයේ දී  දියත්  කළ අතර, දෙවැනි වැඩසටහන අගෝස්තු මස නල්ලූර් හි දී දියත්  කරන ලදි.

පොසොන් පොහොය දිනයට අරුතක් එක් කරමින් පිච්ච මල් 3000ක්  මිහින්තලය පුද බිමේ දී පුජා කරමින් මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරන ලදි. මේ අතර  කුමාරිකා  කුටිය නැරඹීමට පැමිණි පාරිභෝගිකයන්ට කුමාරිකා  නිෂ්පාදන පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව උදා විය.  කුමාරිකා හෙයාර් ෆෝල් කන්ට්‍රෝල් හෙයා ඔයිල් වන්දනාකරුවන්ට නොමිලයේ ලබා දුන් අතර එහි දී 3000කට අධික වන්දනාකරුවන්ට කුමාරිකා හෙයාර් ඔයිල් බෝතලයක් බැගින් රැගෙන යාමට ද අවස්ථාව හිමි විය. මීට අමතරව, 4,500 කට අධික වන්දනාකරුවන් හට විහාරස්ථානයට පැමිණීමට පෙර කුමාරිකා හෙයා තිනින්ග් කන්ට්‍රෝල්  හෙයා ඔයිල්  හිසකෙස්වල ආලේප කිරීමේ අවස්ථාව සපයා ඇත.  මීට අමතරව මෙම වැඩසටහනේ විශේෂත්වය වූයේ වන්දනාකරුවන් 400 කට වැඩි පිරිසකට වෙහෙස නිවා ගැනීමට එම ස්ථානයේ දී නොමිලයේ හිසතෙල් සත්කාරයක් ලබා ගැනීමට අවස්ථාව ලැබීමයි.

නල්ලූර් හි, සිව් දිනක් පුරා පවත්වා ගෙන ගිය කුමාරිකා වැඩසටහන් පෙළේ දෙවන අදියර ආරම්හ කලේ වන්දනා කිරිමට පැමිණෙන කාන්තාවන්ට කොණ්ඩයේ පැළඳ යාමට පිච්ච මල් මාලා 1000 නොමිලේ බෙදා දීමෙනි.   මෙම දින කිහිපය පුරාවට කුමාරිකා හෙයා තිනින්ග් කන්ට්‍රෝල් හෙයා ඔයිල් සාම්පල් 10,000කට වැඩි ප්‍රමාණයක් සහ කුමාරිකා තික් ඇන්ඩ් ස්ට්‍රෝන්ග් ෂැම්පු බෝතල් 2,000ක් නොමිලයේ බෙදා දෙන ලදි. මෙම වැඩසටහන ඔස්සේ වන්දනාකරුවන් හට  සුව පහසුවෙන් හෙයා ඔයිල් ආලේප කිරීමේ අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව උදා විණි. මීට අමතරව, කෝවිලට යන අතරතුර වන්දනාකරුවන් 4000කට අධික වන්දනාකරුවන්ට කුටියේ ඇති කුමාරිකා හෙයා ඔයිල් භාවිතා කර, නිෂ්පාදන අත්විඳීමටත් අවස්ථාව ලැබුණි.

අති සාර්ථක වූ මෙම වැඩසටහන් පෙළ  වටා විශාල පිරිසක් රැස්ව කුමාරිකා නිෂ්පාදන අත්විඳිමින් සිටිනු දක්නට ලැබිණි. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් තම පාරිභෝගිකයන් වෙත සමීප වෙමින් ඔවුනගේ හදවත අවබෝධ කර ගැනීමට සහ ඔවුන් වෙත හොඳම නිෂ්පාදන අත්දැකීමක් ලබා දීම සඳහා ඉදිරියේ දී දිවයින පුරා මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අරමුණු කරයි.

  • Ada Derana BIZ Sinhala
  • Daraz
  • sri lanka

Daraz වෙතින් වසරේ දැවැන්තම විකුණුම් දිනය 11.11

November, 2, 2022

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන Daraz, විසින් ලොව විශාලතම විකුණුම් දිනය ලෙස සැලකෙන “11.11” ප‍්‍රවර්ධන වැඩසටහන මේ වසරේදීත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම් වෙයි. පාරිභෝගිකයන් හට වැඩි තෝරාගැනීමේ අවස්ථා රැුසක් හිමිකර දෙමින් සුප‍්‍රකට දෙස් විදෙස් වෙළෙඳ නාම රැුසකින් මිලියන තුනක දැවැන්ත භාණ්ඩ ප‍්‍රමාණයක් එකමුතු කළ මෙවර “11.11” ප‍්‍රවර්ධන වැඩසටහන 2022 නොවැම්බර් මස 11 වැනිදා සිට 17 වනදා දක්වා පැවැත්වේ. උද්යෝගීමත් වූත් විනෝදාත්මක වූත් අත්දැකීම් රැසක් සමීප කරන මෙවර “11.11” ප‍්‍රවර්ධන වැඩසටහනේදී පාරිභෝගිකයන් වෙත 85%ක් දක්වා දැවැන්ත වට්ටම් හිමිවන අතර තෝරාගත් බැංකු කාඞ්පත් ඔස්සේ ගෙවීමේදී 10% ක අතිරේක වට්ටමක් ද පිරිනැමේ. තෝරාගත් බැංකු කාඞ්පත් හිමියන් වෙත මාස 40 පහසු ගෙවීමේ ක‍්‍රමය ද මෙවර ක‍්‍රියාත්මක වේ. “11.11” ප‍්‍රවර්ධන වැඩසටහන සමග එක්වන පාරිභෝගිකයන් දිරිගන්වමින් දින 14 ක් ඇතුලත භාණ්ඩ නැවත භාර දීමේ පහසුකමද පිරිනමා ඇත.

ජීවන වියදම අහස උසට ඉහළ ගිය කාලයක දැවැන්ත වට්ටම් රැසක් සමග ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට දැවැන්ත ඉතිරියකට මග කියන මෙවර Daraz “11.11” ප‍්‍රවර්ධන වැඩසටහන සමග නිවසේ සිට සුරක්ෂිතව ඔබේ අතැඟිලි තුඩු අගින් සාප්පු සවාරියේ යෙදෙමින් දෙස් විදෙස් හොඳම සන්නාමයන්ගෙන් ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ, ඇඳුම් පැළඳුම් හා එදිනෙදා ජීවිතයට වටිනා හොඳම නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකාවේ හොඳම මිලට මිලදී ගත හැකිය.

Daraz “11.11” ප‍්‍රවර්ධන වැඩසටහන සමග ඔබට ලැබෙන වාසි රැස අතුරෙන් සුවිශේෂී වාසි කිහිපයක්

Spring and Summer     : 20% ක විශේෂ මිල අඩුකිරීමක්

Natures' Secret             : 20% ක විශේෂ මිල අඩුකිරීමක්

Reckitt Benckiser         : 20% ක විශේෂ මිල අඩුකිරීමක්

Marvel Marketing        : අවම 30% ක මිල අඩුකිරීමක්

LEGO                          : 25% ක විශේෂ මිල අඩුකිරීමක්

Mobil                           : 8% ක මිල අඩුකිරීමක්

Phoenix Industries       : 40% ක විශේෂ මිල අඩුකිරීමක්

Alumex                            : ඉනිමං සඳහා 50% ක විශේෂ මිල අඩුකිරීමක්

Blink International       : 20% ක මිල අඩුකිරීමක්

Apple (iPhone 14 Pro 128, Macbook M2, Apple Watch 7 සහ 8): රු. 25,000 දක්වා වට්ටම්

AirPods case සමග Apple 3rd generation AirPods: රු. 73,900

 

තවද ඉහත සුවිශේෂී වට්ටම් අතරට Canon විසින්  රු. 99,990 ක් වටිනා Canon IXUS 185 කැමරාවක් දිනාගැනීමේ වටිනා අවස්ථාවක්ද එක් කොට ඇත.

Daraz 11.11 වෙතින් ඔබේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ මිලදීගනිමින් ආකර්ෂර්‍ණය දීමනා රැසක් හිමිකරගන්න - අදම Daraz App ඩවුන්ලෝඞ් කරගන්න.

  • Ada Derana BIZ Sinhala
  • SLIIT
  • SLIIT’s Got Talent 2022
  • sri lanka

‘SLIIT’s Got Talent 2022’  සිසුන්ගේ විශිෂ්ඨ වූ කලා කුසලතාවයන් එළිදක්වමින් විචිත්‍රවත් ප්‍රාසාංගික අත්දැකීමක් ගෙන දෙයි

November, 2, 2022

SLIIT හි ඉංජිනේරු පීඨයේ ශිෂ්‍ය ප්‍රජාව (FESC) විසින් දෙවසරකට පසුව සංවිධානය කරනු ලැබූ ‘SLIIT's Got Talent 2022’ ප්‍රාසාංගික කුසලතා ප්‍රදර්ශනය කාගේත් සුවිශේෂී අවධානයට ලක් වෙමින්, සිසුන්ගේ කලාත්මක හැකියාවන් සහ විශිෂ්ඨ වූ රංගන කුසලතාවයන් එළිදක්වමින් විචිත්‍රවත් අයුරින් පසුගියදා පැවැත්විය.

8 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ ‘SLIIT’s Got Talent 2022’ වාර්ෂික කුසලතා ප්‍රදර්ශනය BMICH පරිශ්‍රයේදී  'Let’s Make it Happen' යන තේමාව යටතේ පැවැත්විණි. SLIIT හි සියලුම පීඨ නියෝජනය කරමින් තරඟ වැදුණු සහජ දක්ෂතාවයන් ඇති උපාධි අපේක්ෂකයින්, අපූරු නර්තන ශිල්පීන්ගෙන් සහ ගායක ගායිකාවන්ගෙන් සැදුම්ලත් අලංකාර වූ සංගීතමය සුසංයෝගයක් නිර්මාණය කළේය. ඔවුන් SLIIT වාද්‍ය වෘන්දය වන 'Elements' සමඟින් එක්ව මෙම උත්කර්ෂවත් අවස්ථාව සුවිශේෂී වූ නොමැකෙන මතකයන්ගෙන් පිරී ගිය මොහොතක් බවට පත් කළ අතර 1,600 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් මෙම දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම විඳ ගැනීම සඳහා සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා SLIIT හි කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් තිලකසිරි ඇතුළු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

ගායන අංශයේ තරඟ සඳහා 250 දෙනෙකු සහ තූර්ය වාදක අංශයේ තරඟ සඳහා කණ්ඩායම් 14 ක් ලියාපදිංචි වූ අතර තෝරා ගැනීම්වලින් අනතුරුව අවසාන තරඟය සඳහා ගායන අංශයෙන් ගායකයින් 12 දෙනෙකු සහ නර්තන අංශයෙන් කණ්ඩායම් 6 ඉදිරිපත් විය.

ගායන අංශයේ දක්ෂතම ගායක ගායිකාවන් සඳහා ජයග්‍රාහී කිරුලු ප්‍රධානය කරනු ලැබූ අතර, ගායන අංශයේ ප්‍රථම ස්ථානය මදාරා පෙරේරා විසින් හිමි කර ගනු ලැබුවාය. එම අංශයේ දෙවන ස්ථානය විහාන් උඩවෙල විසින් දිනා ගත් අතර තුෂාන් විජයකෝන් තෙවන ස්ථානය හිමි කර ගත්තේය. ජනප්‍රියම ගායක අංශයේ ප්‍රථම ස්ථානය කසුන් වේරගොඩ විසින් හිමිකර ගනු ලැබීය. නර්තන අංශයේ ප්‍රථම ස්ථානය Six Counts නර්තන කණ්ඩායම දිනා ගත් අතර දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින්  Matra සහ The Dazzlers යන නර්තන කණ්ඩායම් විසින් හිමි කරගනු ලැබිණි. වඩාත් ජනප්‍රියතම සංගීත කණ්ඩායම බවට  තේරී පත් වූයේ Six Counts සංගීත කණ්ඩායමය.

SLIIT's Got talent සමාරම්භක උත්සවය 2013 වසරේ දී  SLIIT ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර එය සිසුන්ගේ දක්ෂතා පෙන්වීමට සහ ඉංජිනේරු පීඨය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් පැවති සරල උත්සව අවස්ථාවක් ලෙස පැවැත්විණි. එය වසර ගණනාවක් පුරා, ප්‍රමාණයෙන් විශාල උත්කර්ෂවත් උත්සව අවස්ථාවක් ලෙස වර්ධනය වෙමින් වර්තමානයෙදී SLIIT තුළ සහ දේශීය විශ්ව විද්‍යාල අතර ද ප්‍රමුඛ පෙළේ උත්සවයක් ලෙස ද පිළිගැනීමට ලක්ව තිබේ. මේ වන විට මෙය කොළඹ BMICH සහ නෙළුම් පොකුණ වැනි විශාල වේදිකා සහිත ස්ථානවල සංවිධානය කරනු ලැබීම විශේෂත්වයකි.

ප්‍රබල සන්නාමයක් අත්පත් කරගෙන ඇති  SLIIT's Got Talent අවසන් වරට පවත්වනු ලැබුවේ 2019 වසරේදීය. පැවති වසංගත උවදුර සහ ආර්ථික අභියෝග හමුවේ මෙම උත්සවය 2020 සහ 2021 වසර වලදී නොපැවැත්විණි. වසර දෙකකට පසුව මෙවර පවත්වනු ලැබූ SLIIT's Got Talent උත්සවය අති සාර්ථක අයුරින් පැවැත්විණි. මෙම සුවිශේෂී අවස්ථාව සංවිධානය කිරීම සඳහා සංවිධායක මණ්ඩලයේ සිසුන් 120 කට වැඩි පිරිසක් සිය දායකත්වය ලබා දුන් අතර, Faulty of Engineering Media Club සහ ස්වේච්ඡාවෙන් දායකත්වයන් ලබා දුන් සිසුන් හා සේවකයන්, Faulty of Engineering Student Community (FESC) සාමාජිකයන්ගේ සහාය ද  හිමි විය. තවද, SLIIT ආයතනයේ මූල්‍ය ආධාර ඇතුළු අනුග්‍රාහකයින් රැසක් මෙම උත්සවයේ සාර්ථකත්වයට දායක විය.

තරඟකරුවන්ගේ සුවිශේෂී හැකියාවන් සහ දක්ෂතාවයන් විනිශ්චය කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් ප්‍රවීන වූ පුද්ගලයින්ගෙන් සමන්විත විනිශ්ච මණ්ඩලයක් මේ සඳහා ඉදිරිපත් කර තිබිණි. ගායන අංශයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම පාලින්ද උඩවෙල ආරච්චි, ලහිරු ද කොස්තා සහ තනුර මධුගීත් යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් සිදු වූ අතර නර්තනය අංශයේ තෝරා ගැනීම් බාස්කර් ප්‍රකාශ්, සංචනා මාවෙල සහ සාරා අබේවර්ධන යන මහත්ම මහත්මීන් විසින් සිදු කරනු ලැබීය.

ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් තිලකසිරි මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ''SLIIT Got Talent’ සිසුන්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවක් වීම සම්බන්ධයෙන් අප අතිශයින් ආඩම්බර වෙනවා. මෙවැනි අවස්ථාවන් තුළින් සුහදත්වයන් වර්ධනය කරන අතර උපාධි අපේක්ෂකයින්ගේ අධ්‍යාපන කටයුතු හැඩගස්වා ගැනීමට උපකාරී වන අත්දැකීම් ද සමඟින් නොමැකෙන මතකයක් සහිත කණ්ඩායම් හැඟීමක් ඇතිකර දෙනවා. SLIIT Got Talents තුළින් වාර්ෂිකව කලා ක්ෂේත්‍රයට සාර්ථක වෘත්තිකයන් ලෙස ප්‍රවිෂ්ඨ වන කලාකරුවන් ද සිටිනවා. මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වූ සැමට අප ස්තූතිවන්ත වන අතර ඉදිරියේදීත් SLIIT's Got talent වැනි සිසුන්ගේ ක්‍රියාකාරකම් සඳහා අඛණ්ඩව සහාය ලබා දීමට බලාපොරොත්තු වෙනවා.''

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ප්‍රජාවේ සභාපති අබ්දුල් මලික් මෙසේ පැවසීය. '' SLIIT’s Got Talent 2022 තරඟය හරහා අපගේ ශිෂ්‍ය ප්‍රජාව සතුව පවතින සුවිශේෂී කුසලතා එළිදැක්වීමට හැකියාව ලැබී තිබෙනවා.වාර්ෂිකව පවත්වනු ලබන මෙම වැඩසටහන මේ වන විට වර්ධනය වී ඇති අතර දැන් එය ප්‍රධාන උත්සවයක් ලෙස පිළිගෙන තිබෙනවා. සමහර විට රටේ සියලුම විශ්ව විද්‍යාල අතරින් සිසුන් විසින් සංවිධානය කරනු ලබන විශාලතම දක්ෂතා එළිදැක්වීමේ උත්සවය මෙය විය හැකිය. අභියෝගාත්මක වටපිටාවක් හමුවේ මෙවර උත්සවයට සහය දැක්වීමට සහ අපගේ සිසුන්ට අමතක නොවන විචිත්‍රවත් අවස්ථාවක් නිර්මාණය කර දීමට දායක වූ SLIIT හි අපගේ කමිටුවට, කාර්ය මණ්ඩලයට, අනුග්‍රාහකයන්ට සහ සැමට මම ස්තුතිවන්ත වෙනවා.''

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bills

රු. මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

November, 2, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (02) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 35,000ක්, රු. මිලියන 30,000ක් සහ රු. මිලියන 25,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.

රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් ලංසු ඉදිරිපත් කළ යුතු වේ.

 

  • Ada Derana BIZ Sinhala
  • Degrees
  • SLTC
  • sri lanka
  • University of IIT India

SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය ඉන්දීය IIT විශ්වවිද්‍යාලය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට

November, 2, 2022

මෙරට කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය හා ලෝක ප්‍රකට ඉන්දියානු  විශ්වවිද්‍යාලයක් වන මදුරාසියේ IIT විශ්වවිද්‍යාලය විසින් පසුගිය ඔක්තෝම්බර් 25වන දා විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. IIT විශ්වවිද්‍යාලය මඟින් පිරිනමනු ලබන උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා කිහිපයක් SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය හරහා ශ්‍රී ලාංකික ශිෂ්‍යශිෂ්‍යාවන් හට පිරිනැමීම මෙහි අරමුණයි.

ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයක් IIT විශ්වවිද්‍යාලය හා මෙවැනි හවුල්කාරීත්වයකට එළැඹුණු ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. කොළඹ TRACE Expert Cityහි පිහිටි SLTC City Campus හීදී පැවැත්වුනු මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මැතිතුමා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා, ගරු අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මැතිතුමා, හා SLASSCOM ආයතනයේ සභාපති ආශික් අලී මැතිතුමා ඇතුලු විවිධ කෂේත්‍රයන්හි නියෝජිතයන් හා ප්‍රභූවරුන් රැසක් සහභාගි වී සිටියහ. මෙම අවස්ථාවට SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එහි සභාපති අජිත ද සොයිසා මැතිතුමා, ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු රංජිත් ජී. රුබසිංහ මැතිතුමා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටි අතර IIT  විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මහාචාර්ය වී. කමකොටි මැතිතුමා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් පැවැති විශේෂ උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භාග්ලේ මැතිතුමා පැමිණ සිටි අමුත්තන් අමතමින්, ඓතිහාසික වශයෙන් ඉන්දියාව හා ඉතා සමීප සබඳතාවයක් ඇති ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින්ම සහයෝගය ලබාදීම කෙරෙහි ඉන්දීය රජය විශේෂ ප්‍රමුඛතාවයක් දක්වන බවත්, මෙවැනි සහයෝගීත්වයන් හරහා එම මිත්‍රත්වය තව දුරටත් වැඩිදියුණු වීම දැකීම ඉතා සතුටට කරුණක් බවත්, අනාගතය ජයගැනීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරි ගන්වන්නා වූ මෙවැනි උත්සාහයන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට හැකි උපරිමයෙන් බලාපොරොත්තුවන බවත් පැවසීය.

මෙම හවුල්කාරීත්වය යටතේ නුදුරු කාලයේදී ආරම්භ කිරීමට නියමිත පාඨමාලාවන්හි විශේෂත්වයක් වන්නේ, එහි ඉගැන්වීම් කටයුතු විශ්වවිද්‍යාල දෙකෙහිම සහයෝගීත්වයෙන් පවත්වාගෙන යෑමට කටයුතු සලසා තිබීමයි. මේ අනුව පහසු මුදලකට තත්ත්වයෙන් උසස් ලොව පිළිගත් ජාත්‍යන්තර තලයේ සුදුසුකමක් ලබා ගැනීමට මෙමඟින් ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා

අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා

  • Ada Derana BIZ Sinhala
  • Budget Debate
  • Program
  • sri lanka

අයවැය සමයේදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන් තහනමක්

November, 1, 2022

අයවැය විවාදය සඳහා වූ වැඩසටහන - 2023

2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත පහත සඳහන් වැඩසටහන අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවදානය පිණිස ඉදිරිපත් කරන ලද අතර, එකී වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

  • අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම) : 2022-11-14
  • අයවැය දෙවන වර කියවීමේ විවාදය : 2022-11-15 දින සිට 2022-11-22 දින දක්වා (දින 07කි.)
  • අයවැය කාරක සභා අවස්ථා විවාදය : 2022-11-23 දින සිට 2022-12-08 දින දක්වා (දින 13කි)
  • ඡන්ද විමසීම : 2022-12-08

මේ අතර හදිසි වෛද්‍යමය අවශ්‍යතාවයකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේනතුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව රැස් වන දිනවලදී සහ අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළදී විදේශගත නොවිය යුතු බවට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ද අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දෙන ලදී.