• Ada Derana BIZ Sinhala
  • modernized
  • sri lanka
  • tea industry

තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනපති පවසයි

November, 1, 2022

කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බවත්, අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී එය ඉතා වැදගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අතීතයේදී මෙරට තේ කර්මාන්තයේ පැවති සශ්‍රිකත්වය යළිත් උදා කර ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය ඉරිදා (30) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"අද තේ කර්මාන්තය පිළිබඳ ඔබේ සභාපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවට මම සවන් දුන්නා. ඔහු කනගාටුදායක කතාවක් ඉදිරිපත් කළා. මේ වන විට අපේ රට මුහුණදී සිටින තත්ත්වය දෙස බැලීමේදී අපට එය අවබෝධ කරගත හැකියි. දැන් මගේ කණගාටුදායක කතාව ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මොකද මම ටයිටැනික් නෞකාව භාරගෙන තිබෙන්නේ අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුවයි. ඒ නිසා ඔබට සිතා ගත හැකි මම කොතැනින්ද ආරම්භ කළ යුත්තේ කියා. හැම දෙයක්ම අගාධයට වැටිලයි තිබුණේ. අපි බංකොලොත් බව ප්‍රකාශයට පත් කළා.

අපිට දැන් මොනවද කරන්න තිබෙන්නේ. පළමුව අනෙකුත් අපහසුතා තිබියදී ජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර තිබේද යන්න පිළිබඳව අපි සහතික විය යුතුව තිබෙනවා. අප විසින් ප්‍රකාශ කරන ලද මෙම බංකොලොත්භාවය සමඟත් අපේ ආර්ථිකය නතරවීමක් සිදුව තිබෙන අතර එහිදී උද්ධමනය, බංකොලොත් භාවය මේ සෑම දෙයක්ම අපගේ ආර්ථිකයට සිදුව තිබෙනවා.

අපි කොහොමද නැවත අපේ ආර්ථිකය ගොඩනඟන්නේ. මම සිතුවා ඒ වෙනුවෙන් අපි දැන් සිදුකරමින් සිටින ක්‍රියාවලිය ඔබට පැහැදලි කිරීමට. ප්‍රථමයෙන්ම අප කළ යුතු වන්නේ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමයි. එහිදී ආනයන සීමා කළ යුතුයි. එමගින් අපිට ඉන්ධන, පොහොර සහ ඖෂධ මිලදී ගත හැකියි.

මුලදී මෙම ක්‍රියාවලිය සාර්ථක නොවුණත් එහි යහපත් තත්ත්වයක් දැන් දක්නට ලැබෙනවා. අපේ ආදායම අඩුවී ඇති නිසා අපේ බිල්පත් ගෙවීම සහ අනෙක් අවශ්‍යතා සපුරා ගැනීම අපහසු වී තිබෙනවා. අපි කරුණු දෙකක් මතක තබා ගත යුතුයි. මිලියන 1.7ක් වන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සහ ලබාගෙන ඇති ණය ගෙවීම් සිදු කිරීම. එය මතක තබාගෙනයි අපි කටයුතු කළ යුතු වන්නේ.

අපි දැන් බංකොලොත් බව ප්‍රකාශ කර ඇති බැවින් අපේ පළමු කටයුත්ත විය යුත්තේ මෙම බංකොලොත් ලේබලය ගලවා දැමීමට ප්‍රමාණවත් පියවර ගැනීමයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට සිදු වෙනවා. සෑම රටක්ම, සෑම ආයතනයක්ම අපිට දන්වා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් යම් සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි. අපට 2019 වසර වන තෙක් එවැනි සැලැස්මක් තිබුණා. නමුත් පසුව එය අවලංගු වුණා. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා ආරම්භ කරන්න අපිට සිදු වුණා. අපිට වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. මේ වසරේ අපේ ආර්ථික වර්ධනය වේගය ඍන 8ක් පමණ වෙනවා. පසුගිය වසරේ තිබුනෙත් ඍන අගයක්, ලබන වසරේ එය ඍන 3ක අගයක් ගනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

නමුත් කනගාටුවට කාරණය තමයි එම පුරෝකථනය සිදුකරන අවස්ථාවේ සියලුදෙනාම සිතුවේ ලෝක ආර්ථිකය හොඳ මට්ටමක තිබෙයි කියලා. නමුත් දැන් ගෝලීය ආර්ථිකය අයහපත් අතට පත්වනු ඇති බවට ඇඟවීම් ලැබී තිබෙනවා. අපිට එහි බලපෑම දැනෙන්නේ කොහොමද. යුරෝපයේ සහ අනෙක් රටවල උද්දමනය ඉහළ යාම නිසා ජීවන වියදම වැඩිවෙනවා. එවිට අපි එම රටවලට සිදු කරන ඇඟළුම්, තේ, කෝපි අපනයන අඩුවෙනවා. අපි මෙයත් අවබෝධ කර ගත යුතුයි.

අපි ඉදිරි වසර දෙක කළමනාකරණය කරත යුතු වෙනවා. අපේ ආදායම 15% සිට 8.5% දක්වා අඩු වුණා. ඒ නිසා අපි නැවතත් අපේ ආදායම 15% ක් දක්වා වැඩි කර ගත යුතුයි. එම ඉලක්ක අපි 2026 වසර වන විට සපුරාගත යුතුයි.

මෙම සැලැස්මට අපි වසර 04ක් යොදා ගත්තා. මොකද මෙය වසර දෙකකින් සිදු කිරීමට ගියොත් අපිට ඇති වන පීඩනය දරාගන්න පුළුන් වෙයි කියා මම හිතන්නේ නැහැ. අපි වසර 04ක් ලබා ගැනීම සුදුසුයි කියා සිතන්නේ 2023 වසර ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකය අයහපත් වන බව පෙනෙන්න තිබෙන නිසයි.

පළමුව අපට මුදල් උපයා ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා කෘෂිකර්මාන්තය ද ඇතුළුව හැම දෙයකින්ම බදු අය කිරීමට අපට සිදු වුණා. ඒ හැර අපට වෙනත් මගක් තිබුණේ නැහැ. ‍2019දී බදු ගෙවන ප්‍රමාණයේ අඩුවක් සිදු වුණා. එවිට ආදායම අඩු වුණා. බදු ආදායම 2019ට පෙර පැවති මට්ටමට ගෙන ඒම සඳහා අපි දැන් උත්සාහ කරමින් සිටිනවා.

2019 වසරේ බදු අය කිරීම දෙස බලන විට දැන් එය තනි ඉලක්කමේ අගයක් බවට පත් වෙලා. නමුත් 2020 වසර සමඟ බලන විට එහි විශාල පරතරයක් තිබෙනවා. නමුත් අපි දැන් පීඩාවට පත් වෙලා. බදු පමණක් නොවේ, අපේ රුපියල අවප්‍රමාණය වී පොලී අනුපාත ඉහළ ගොස් තිබෙනවා.

මේ පසුබිම තුළ තමයි අපිට කටයුතු කිරීමට සිදුවී තිබෙන්නේ. අද සාමාන්‍ය ජනතාවට ජීවත්වීම අපහසු වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ තමයි අපිට ඉදිරියට යාමට සිදුව තිබෙන්නේ.

අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළ යුතුයි. ඒ සඳහා අපිට ණය ලබාදුන් අය සමඟ සාකච්ඡා කිරීමට අපිට සිදු වෙලා තිබෙනවා. ඒ සඳහා මුලින්ම මම බටහිර සහ ජපාන ණය දෙන්නන්ගෙන් සමන්විත පැරිස් සමාජය සමග සාකච්ඡා ආරම්භ කළා.

අපිට ණය ලබාදෙන ප්‍රධාන රටවල් 03න් එක් රටක් වන ජපානය තමයි පැරිස් සමාජයේ ඉන්නේ. අපිට ණය දෙන අනෙක් ප්‍රධාන රටවල් දෙක වන චීනය සහ ඉන්දියාව ඒ අතර නැහැ. චීනය ප්‍රථමයෙන්ම බංකොලොත්භාවය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කළේ සැම්බියාව සමඟයි. මම හිතන්නේ ඉන්දියාව පළමුව එය සිදු කරන්නේ ශ්‍රී ලංකාව සමගයි. මම මේ වන විටත් ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කරලයි තිබෙන්නේ. ඉන් පසුව ඉන්දියාව සහ චීනය සමඟත් සාකච්ඡා කර තිබෙනවා. එකිනෙකාට බලපාන ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳ සාකච්ඡා කරන අතරම එය විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳ පොදු වේදිකාවකට පැමිණිය යුතුයි.

අපිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර නොවැම්බර් මාසය මැද වන විට ගිවිසුමකට එළැඹ, දෙසැම්බර් මාසය මැද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට හැකි වුවහොත් ඉතා වාසිසහගත තත්ත්වයක් උදාකරගත හැකියි. චීනයේ පක්ෂ සම්මේලනයෙන් පසුව මේ පිළිබඳ අවධානය යොමුව තිබෙන නිසා මෙය සාර්ථක කර ගැනීමට පුළුවන් වෙයිද කියා මම දන්නේ නැහැ. එසේ නොවුණහොත් ජනවාරි මාසය වන විට එය සාර්ථක කර ගැනීමට අපි ඉලක්කසහගතව කටයුතු කළ යුතුයි.

ඒ අනුව ඉහළ ආදායමක් ලබාගෙන ඉදිරියට යා හැකි බව අපි පෙන්විය යුතුයි. අනතුරව ලබන වසරේ වඩා හොඳ ආදායම් තත්ත්වයත් තිබෙන බව අපි සහතික විය යුතුයි.

මේ වන විට බොහොමයක් සංවිධාන සහ රටවල්වලින් අපිට සහාය ලැබෙන්න පටන් අරගෙන තිබෙනවා. සමහර රටවල් අපිට සෘජුව උදව් කර තිබෙන අතර තවත් සමහර රටවල් සංවිධාන මගින් සහාය ලබා දී තිබෙනවා.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අපි ස්තූතිවන්ත වෙනවා අපිට ප්‍රමාණවත් තරම් පොහොර ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධව. ඇමරිකාව පවා අපට සහාය ලබා දී තිබෙනවා. ඒ නිසා පොහොර ගැටළුව විසඳාගැනීමට අපිට හැකි වුණා. කිසිවෙක් අපිට ඉන්ධන සඳහා මුදල් සපයා දෙන්නේ නැහැ. ඒ නිසා පොහොරවලට වැය කෙරෙන විදේශ විනිමය අපට ඉන්ධන ලබා ගැනීම සඳහා යෙදවීමට හැකියි.

අද වන විට ඉන්ධන මිල අඩු වී තිබුණත් යුක්‍රේන යුද්ධය නිසා ශීත ඝෘතුවේදී ඉන්ධන මිල ඉහළ යන බවට සියලුදෙනාගේ විශ්වාසයක් තිබෙනවා. මින් පසුව අපිට මුහුණදීමට සිදුවන අභියෝගය එයයි. නමුත් අපිට පොහොර තිබෙන නිසා ප්‍රථමයෙන් අපි සිදුකළ යුත්තේ කෘෂිකර්මය නඟාසිටුවිමයි. එය වී ගොවිතැනින් ආරම්භ කර තේ සහ අනෙකුත් බෝගවලට ව්‍යාප්ත කළ හැකියි.

ඒ නිසා මෙය එක කොටසක් පමණි. ලබන වසරේ මාර්තු, අප්‍රේල් වනවිට මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලබාගතහොත් රටේ ආර්ථිකය ස්ථාවර කරන්න එය මනා පිටිවහලක් වෙනවා. මේ අතර අපිට එකඟතාවන්ට එන්න පුළුවන් වුණොත් අනෙක් රටවල සහාය අපිට හිමි වෙනවා.

තෙවනුව අපි සංචාරක කර්මාන්තය දියුණු කළයුතුව තිබෙනවා. ලබන වසරේ දෙසැම්බර් මාසය වනවිට සංචාරකයින් සැලකිය යුතු ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක සහගතව කටයුතු කළහොත් මෙය සාර්ථක කරගත හැකියි. අවසානයේදී විදේශ මූල්‍ය සංචිත අවශ්‍ය වෙනවා. දැන් එය වැඩිකරගත හැකි ක්‍රමයක් නැහැ. අපි අනෙක් සියලුම ක්‍රම අහිමි කරගෙන තිබෙන නිසා අපට විදේශ සංවිත වැඩි කරගත හැකි එකම ක්‍රමය වන්නේ අපේ ව්‍යවසායන් ඩොලර්වලට අලෙවි කිරීමයි. එමගින් ඩොලර් බිලියන 4ක් පමණ සංචිතවලට ඇතුළත් කරගැනීමට හැකි වනු ඇති අතර එමඟින් රුපියල තවදුරටත් ශක්තිමත් වෙනවා. අපි සම්පූර්ණයෙන්ම වෙළඳ ආර්ථිකයක් සහ ඉහළ වර්ධන වේගයක් සහිත ආර්ථිකයක් වෙත ගමන් කරනවනම් පමණයි අපට මේ සියල්ල කළහැකි වනුයේ.

ඔබේ ක්ෂේත්‍රයේ ගැටලු තිබෙන බව මම දන්නවා. ගොඩනැඟිලි ක්ෂේත්‍රය වැනි සියලුම ක්ෂේත්‍රවල ගැටලුකාරී තත්ත්වයන් ඇති වී තිබෙනවා. මට ඒ ගැන අවබෝධයක් තිබෙනවා. ඒ නිසා තමයි පොලි අනුපාතය ක්‍රම ක්‍රමයෙන් පහළට දමන්න උත්සාහ කරන්නේ.

උද්ධමනය ඉහළ අගයකට පැමිණ තිබෙන බව මහ බැංකු අධිපතිතුමා අපිට දැනුම් දී තිබෙනවා. ලබන වසරේ පෙබරවාරි මාර්තු වන විට පොලී අනුපාතයන්ගේ අඩුවක් දැකගන්න පුළුවන් වේවි. ඒ නිසා අපි ගන්නා මෙම ක්‍රියාමාර්ග සමග ලබන වසර මැද වන විට පොලී අනුපාතයන් අඩුවිමේ සහනය ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.

පසුගිය වසර දෙක තුළ රුපියල් ට්‍රිලියන 3.2ක මුදල් අච්චු ගහලා තිබෙන බව ඔබ මතක තබා ගත යුතුයි. ඒ නිසා නිෂ්පාදනය ඉහළ දැමීම හැර වෙනත් කෙටි මාර්ගයකින් මේ ප්‍රශ්න විසඳා ගැනීමට අපට පුළුවන්කමක් නැහැ.

ඔබට සහාය දැක්විය යුත්තේ කෙසේද යන්න පිළිබදව අපි අවධානය යොමු කර තිබෙනවා. අපි ප්‍රමාණවත් පරිදි පොහොර ලබාගෙන තිබෙනවා. ඒ වගේම පොහොර සැපයුම්කරුවන්ට ගෙවීම් කරන්න තිබෙනවා. තවම ඒ සඳහා මුදල් ලැබී නැහැ. නව බදු එකතු කිරීමෙන් මෙම මුදල් ලබාගත හැකිවේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.

අපි තේ කර්මාන්තය සංවර්ධනය කළයුතුයි. ඇමැතිතුමා හා රාජ්‍ය ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවට මම සහතික වෙනවා. ඔවුන් මේ සඳහා කැපවීමෙන් කටයුතු කරනවා. තේ කර්මාන්තයට උදව් කරනවා කියන්නේ අපි අපිටම උදව් කරනවා කියන එකයි. ලබන වසරේදී අපි අනෙක් නිෂ්පාදනත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. රුපියල ස්ථාවර කරන අතරතුර මේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කර තිබෙනවා. මේ ආර්ථික මොඩලය සමඟ අපි ඉදිරියට යා යුතුයි. අපනයනය මත පදනම් වූ ආර්ථිකයකට අපි කඩිනමින් ගමන් කළයුතු වෙනවා.

ඔබලට පොහොර අවශ්‍ය බව අපි දන්නවා. තේ කර්මාන්තයේ දී ප්‍රතිරෝපණය ඉතා වැදගත් වෙනවා. තේ කර්මාන්තයේ කඩාවැටීමට ප්‍රධාන හේතුව ප්‍රතිරෝපණය නොමැති කමයි. එයින් හෙක්ටයාරයකට ලැබෙන අස්වැන්න අඩුවෙලා යනවා. අද වන විට වියට්නාමය පවා අපිව අභිබවා ගිහින් තිබෙනවා.

අද අපි කෘෂිකර්මාන්තය නවිකරණය කිරීමේ වැඩසටහනකට යොමු වෙලා තිබෙනවා. එයින් තේ කර්මාන්තයට විශාල වටිනාකමක් ලැබේවි. තරගකාරී වගේම දියුණු තේ කර්මාන්තයක් යළිත් රටේ ඇති කළ යුතුයි. ගුණාත්මකභාවයෙන් ඉහළ තේ නිෂ්පාදනය කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. රටේ ඉහළ හා මධ්‍යම ප්‍රදේශවල වැවෙන තේ වුණත් ඒවායේ ගුණාත්මකභාවය අඩු නම් තරගකාරිත්වයක් නැහැ. ඒ නිසා තේ කර්මාන්තය දියුණු කළ යුතුයි. කර්මාන්තශාලා නවීකරණය කළයුතුයි.

ඇතැම් තේ කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ සේවය ඉතා හොඳ මට්ටමක තිබෙනවා. නමුත් ඇතැමුන් ක්ෂේත්‍රයට අගෞරවයක් වන අන්දමින් කටයුතු කරනවා. තේ කර්මාන්තය ප්‍රතිව්‍යුහගත කර ඔබේ සහයෝගය ඇතුව ඉදිරියට යන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කළ යුතුයි. මෙය ඉටු කරගන්නා අන්දම පැහැදිලි නැතත් ටයිටැනික් නෞකාව ගැටුණු හිමකන්දෙන් ඉවතට ගන්න මම උපරීම උත්සාහ කරනවා."

මෙහි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රි ලංකා තේ කර්මාන්තශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත්, බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Rolf Blazer යන මහත්වරු අදහස් දැක්වූ අතර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • Ada Derana BIZ Sinhala
  • inflation
  • sri lanka

කොළඹ උද්ධමනය පහළට

October, 31, 2022

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0ක් දක්වා පහළ ‌ගොස් තිබේ.

වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම් හේතු විය.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 94.9හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 85.6 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 57.6හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 56.3 ක් දක්වා පහළ ගියේය.

 

  • 99x
  • Ada Derana BIZ Sinhala
  • LMD
  • sri lanka

99x 2022 LMD හි වඩාත්ම ගෞරවනීය සමාගම් 100 අතරට

October, 31, 2022

සුප‍්‍රසිද්ධ LMD සඟරාව මඟින් සම්පාදනය කරන ශී‍්‍ර ලංකාවේ වඩාත් ගෞරවනීය සමාගම් (Most Respectable Entities in Sri Lanka) සඳහා වන කලාපයේ විශිෂ්ට සමාගම් 100 අතරට මෙරට ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් වන 99x ශ්‍රේණිගත කර ඇත. මීට අමතරව 99x සමාගම එම කලාපයේ දැක්ම (vision),වෙනස් වීමේ හැකියාව (Dynamism), ආයතනික සංස්කෘතිය (Corporate Culture), නවෝත්පාදනය (Innovation), කළමනාකාරිත්වය (Management Profile), මානව සම්පත් කළමනාකරණය (HR/People Management) යන ලැයිස්තු වලද ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටතම ව්‍යාපාරික ආයතනය ලෙස නම් කර ඇත. ඛඵෘ සඟරාවේ වඩාත්ම ගෞරවනීය සමාගම්, දෙස් විදෙස් සමූහ ව්‍යාපාර, මූල්‍ය ආයතන සහ පාරිභෝගික වෙළඳ නාම ඇතුළත් වේ.

මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් 99x හි සම-නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී මනෝ සේකරම් මහතා පැවසුවේ, ”ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතන ලැයිස්තුවේ පළමු සමාගම් 100 අතරට නැවතත් ශ්‍රේණිගත වීමට ලැබීම අපට මහත් භාග්‍යක්. දැඩි අභියෝගාත්මක ආර්ථික තත්වයන් මධ්‍යයේ වුවද 99x හි සෑම පාරිභෝගිකයෙකුටම උපරිම වටිනාකමක් ලබා දීමට අප දරණ උත්සාහය මේ සඳහා හොදම සාක්ෂියක්. අපගේ ගෝලීය ගනුදෙනුකරුවන් සඳහා ඉහළම මට්ටමේ සේවාවක් ලබා දෙන අතරම අපි අපගේ ව්‍යාපාරයේ සේවක පිරිස් වල යහපැවැත්ම සහ සුබසාධනය කෙරෙහි ද අවධානය යොමු කරනවා. ශ‍්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින තාක්ෂණික ආයතනයක් බවට පත්වීමට අප යොදාගත් භාවිතයන්, ගෝලීය තාක්ෂණික ක්ෂේත‍්‍රයේ ද ඉහළින්ම වැජඹීමට වඩාත් ඉවහල් වෙනවා.” යනුවෙනි.

99x සමාගම යුරෝපයේ ප‍්‍රමුඛ සමාගම් රැසක් සඳහා තාක්ෂණික දැනුම සපයන අතර පසුගිය වසර 15 තුළ සමාගම සිය යුරෝපීය ගනුදෙනුකරුවන්ට ගෝලීය වෙළඳපල තුළ ඩිජිටල් තාක්ෂණයෙන් පරිපූර්ණ වූ මෘදුකාංග 150 කට අධික ප‍්‍රමාණයක් දියත් කිරීමට සහය වී ඇත. People-first යන දැක්ම සඳහා මුල්තැන ලබාදෙන සමාගමක් ලෙස ප‍්‍රචලිත 99x නායකත්වය, නවෝත්පාදනය සහ තම සේවක තෘප්තිය යන කරුණු පිළිබඳව දක්වන අවධානය නිසා ශී‍්‍ර ලංකාවේ සමාගම් ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම සිටීමට සමත් වී ඇත.

දුරකථන සම්මුඛ සාකච්ඡා තුළින් සහභාගී වන 800කට වැඩි පිරිසකගේ ප‍්‍රතිචාර මත LMD සඟරාව ශී‍්‍ර ලංකාවේ වඩාත්ම ගෞරවනීය සමාගම් සඳහා සමීක්ෂණය පවත්වයි. මෙහිදී මූල්‍ය කාර්ය සාධනය, ගුණාත්මකභාවය පිළිබඳ ඇති අවදානය, කළමනාකාරිත්වය, අවංකභාවය, නවෝත්පාදනය, ආයතනික සමාජ වගකීම සහ දැක්ම වැනි ප‍්‍රධාන නිර්ණායක හොදින්ම කි‍්‍රයාත්මක කරන සමාගම් නම් කරනු ලැබේ.

  • Ada Derana BIZ Sinhala
  • Katugastota
  • Mahindra IDEAL Finance
  • New Branch
  • sri lanka

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සේවාවන් කන්ද උඩරටට තවදුරටත් සමීප කරවමින් නවතම ශාඛාව කටුගස්තොටදී විවෘත වේ

October, 31, 2022

ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශ ඇතුළුව රට පුරාම තම සේවාවන් පුළුල් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, කටුගස්තොට ප්‍රදේශයේ නව ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය. අංක 214, මඩවල පාර, කටුගස්තොට යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව, මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛා ජාලයේ 22 වැනි ශාඛාවයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ගනුදෙනුකරුවන්, විශේෂ ආරාධිතයන් සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ. කටුගස්තොට නගරයේ මෙන්ම මහනුවර තදාසන්න ප්‍රදේශ වල ගනුදෙනුකරුවන්ට මෙම නව ශාඛාව මගින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට හැකිවනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා කියා සිටියේ, සමාගමේ ව්‍යාපාර වර්ධන සැලසුම සහ ශාඛා ජාලය පුළුල් කිරීමේ ක්‍රමෝපාය යටතේ මධ්‍යම පළාතේ කේන්ද්‍රීය නගරයක් ලෙස කටුගස්තොට නගරය හඳුනාගත් බවයි. “ඇත්ත වශයෙන්ම කටුගස්තොට යනු A9 සහ A10 මහාමාර්ග දෙකම හමුවන ස්ථානයක්. ඒ වගේම එය මහනුවර නගරයට පිවිසීමේ ප්‍රධාන ස්ථාන තුනෙන් එකක්ද වනවා. එම නිසා කටුගස්තොට ප්‍රදේශයේ ශාඛාවක් පිහිටුවීම මගින්, කුරුණෑගල සහ මාතලේ යන ප්‍රදේශ වල සිට මහනුවර දක්වා ගනුදෙනුකරුවන්ට සේවාවන් සැලසීම පහසුයි. මෙම ප්‍රදේශ වාණිජ, කාර්මික සහ කෘෂිකාර්මික කටයුතු බහුලව සිදුවන, විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රාශියක් පිහිටා ඇති ප්‍රදේශ ලෙස හැඳින්වීමට පුළුවන්. ඒ වගේම මෙමගින් මෙම ප්‍රදේශ වල සිටින ව්‍යාපාරිකයන්, ඉඩම් හිමියන් සහ වෙළඳුන් වැනි ඉහළ වත්කම් සහිත පුද්ගලයන්ට වටිනා ආයෝජන අවස්ථා උදාකර දීමටත් අපට හැකියාව ලැබෙනවා. ඊට අමතරව මෙම ප්‍රදේශ වල ජීවත් වන, වෘත්තීය දක්ෂතා සහිත පුද්ගලයන් පිළිබඳවත් අප දක්වන්නේ විශාල උනන්දුවක්.” දුමින්ද වීරසේකර මහතා වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම සේවායෝජකයෙකු ලෙස පිළිගැනීමට ලක් වී ඇති මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව වසර තුනක් Great Place to Work™ ඇගයීමද හිමිකරගෙන තිබේ. තම ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරමින්, දක්ෂ වෘත්තිකයන් තම කණ්ඩායමට එක්කර ගැනීමට සමාගම කටයුතු කරමින් සිටින අතර, නව කටුගස්තොට ශාඛාව එම උත්සාහය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඩ් මහින්දා ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම (Mahindra and Mahindra Financial Services Limited, India) අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය ලබාගැනීමත් සමග මේ ආකාරයට සමාගමේ ශාඛා ජාලය දිවයින පුරා පුළුල් කිරීමේ වැඩසටහන ආරම්භ වී තිබේ. මෙලෙස හිමිකාරීත්වය වෙනස් වීමෙන් අනතුරුව ෆිච් රේටිංස් විසින් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ණය ශ්‍රේණිය ‘AA – (lka) with a stable outlook’ ලෙස උසස් කරන ලදි.

 

ඡායාරූපය: මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, කටුගස්තොට ශාඛාවේ කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් පිරිසක් සමග

  • Ada Derana BIZ Sinhala
  • BestWeb.lk
  • Sarvodaya
  • sri lanka

සර්වෝදය ඩිවලොප්මන්ට් මුල්‍ය සමාගම BestWeb.lk සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලබයි

October, 31, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මූල්‍ය සමාගම වන සර්වෝදය ඩිවලොප්මන්ට් මුල්‍ය සමාගම (Sarvodaya Development Finance - SDF), පසුගියදා පැවති BestWeb.lk සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලබන ලදී. ‘LK Domain Registry’ සංවිධානය කළ මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුයේ 12 වැනි වරට වන අතර, එහිදී මෙරට ප්‍රධාන පෙළේ සමාගම් හා සන්නාම සතු වෙබ් අඩවි අතරින් විශිෂ්ටතම හා නිර්මාණශීලී වෙබ් අඩවි රැසක් ඇගයීමට ලක්විය. එහිදී මෙරට ප්‍රධානතම බැංකු හා මූල්‍ය සමාගම් සතු වෙබ් අඩවි සමග තරඟ වදිමින් මෙම කුසලතා සම්මානය හිමි කර ගැනීමට SDFහි වෙබ් අඩවියට හැකියාව ලැබිණි.

“ව්‍යාපාර ලෝකයේ සිදුවෙමින් පවතින වෙනස්කම් සහ නව ප්‍රවණතා පිළිබඳව අප ආයතනය සිටින්නේ දැඩි අවධානයකින්. මේ අතරින් එක් ප්‍රධානතම ප්‍රවණතාවක් වන්නේ ඩිජිටල් මූල්‍ය හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවයි. වර්තමානයේ වෙබ් අඩවියක් යනු සයිබර් අවකාශයේ පවත්වාගෙන යන ප්‍රධාන ශාඛාවකට සමාන දෙයක්. මේ වනවිට ඩිජිටල් නාලිකා හරහා සමාගමේ සේවාවන් ලබාගැනීමට ගනුදෙනුකරුවන් වැඩි නැඹුරුවක් දක්වන බව සමාගමේ පර්යේෂණ හරහා හඳුනා‌ගෙන තිබෙනවා. එම නිසා සමාගමේ වෙබ් අඩවිය ගනුදෙනුකරුවන්ට පහසුවෙන් භාවිතා කළ හැකි, ආකර්ෂණීය වෙබ් අඩවියක් බවට පත්කිරීමට අප විසින් පියවර ගනු ලැබුවා. මේ ආකාරයට BestWeb.lk සම්මාන උළෙලේදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට හැකි වීම අපට මහත් සතුටක් සහ ගෞරවයක් වූ අතර ඒ වෙනුවෙන් අප මෙම සම්මාන උළෙලේ සංවිධායකවරුන්ටත්, අපගේ ගනුදෙනුකරුවන්ටත් ස්තූතිවන්ත වෙනවා. අපගේ ගනුදෙනුකරුවන් ලබාදුන් යහපත් ප්‍රතිචාර මත අපට මේ සම්මානය හිමි වුණා” යැයි ද SDF සමාගමේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රකාශකයෙකු අප හා පැවසී ය.

දක්ෂ නිර්මාණශීලී කණ්ඩායමක් විසින්, UI/UX වෘත්තිකයන්ගේ සහයෝගය සහිතව SDF වෙබ් අඩවිය නිර්මාණය කරන ලදි. ආකර්ෂණීය සැලසුම, පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණත, පහසු භාෂා පරිවර්තන හැකියාව, අකුරු ප්‍රමාණයන් වෙනස් කළ හැකි වීම යනාදිය සමග ණය වාරික ගණකයක් සහ ක්ෂණික ඇමතුම් ලබාගැනීමේ හැකියාව ඇතුළු තවත් විශේෂාංග රාශියක්ද එක්කර මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ. සමාගමේ  සේවාවන්, ආයෝජක තොරතුරු සහ අනෙකුත්  සේවාවන් පිළිබඳව වැදගත් තොරතුරු පහසුවෙන් සොයාගත හැකිවන ආකාරයට මෙය සැලසුම් කිරීමට මෙහිදී විශේෂ අවධානයක් යොමුකර ඇත.

SDF යනු රටේ අඩු සහ මධ්‍යම ආදායම්ලාභී කණ්ඩායම් වෙත පෞද්ගලික අංශයේ ආයෝජන යොමු කළ පළමු විධිමත් මූල්‍ය ආයතනයයි. එමෙන්ම එය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වූ පළමු සමාජ ආයෝජන (Impact Investment) මූල්‍ය සමාගමද වේ. පුළුල් පරාසයක විහිදුණු මූල්‍ය සේවාවන් සපයමින් රට පුරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රගතව කළමනාකරණය, ඩිජිටල් අලෙවිකරණය, මූල්‍ය සහ ඒ ආශ්‍රිත අනෙකුත් විෂය කරුණු මුල්කරගත් ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් සංවිධානය කරමින් SDF සමාගම තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් තම මෙහෙවර ඉටුකරයි.

වර්තමාන හා අනාගත ගනුදෙනුකරුවන් සහ ආයෝජකයන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සමග ගනුදෙනු කිරීමේදී කාර්යක්ෂම වෙබ් අඩවියක් කෙතරම් දුරකට ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන්නේද යන්න SDF සමාගම හොඳින් හඳුනයි.

2022 BestWeb.lk සම්මාන උළෙලේදී බැංකු හා මූල්‍ය සේවා කාණ්ඩය යටතේ සමාගම වෙත හිමි වූ කුසලතා සම්මානය සමාගමේ නියෝජිතයන් විසින් පිළිගන්නා ලද අවස්ථාව ඡායාරූපයෙහි දැක්වේ.

 

ඡායාරූපය : (වමේ සිට) SDF සමාගමේ තොරතුරු තාක්ෂණ ජ්‍යෙෂ්ඨ කළමනාකරු නිපුන් ප්‍රනාන්දු මහතා සහ තොරතුරු තාක්ෂණ කළමනාකරු මනෝජ් බණ්ඩාර මහතා

  • Ada Derana BIZ Sinhala
  • Sampath Bank
  • sri lanka

සම්පත් බැංකුව, ‘මිනිසත්කමේ පොහොසත්කම’ ලොවට විවර කරමින් ආදිවාසී ගොවි ජනතාව වෙනුවෙන් දඹාන දැලිකැදලි වැවෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

October, 31, 2022

දශක ගණනාවක් පුරාවට දැයක් පෝෂණය කරමින් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් තිබෙන මව්බිමෙහි අතීත උරුමය දැයේ හෙට දවස වෙනුවෙන් යළි යළිත් ජීවයෙන් පුරවාලන සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් පියවරක් පසුගියදා අරඹනු ලැබීය. ඒ මෙරට අභිමානවත් ආදිවාසී ජනතාවගේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් දියවර සපයා ගැනීමේ ප‍්‍රධාන මාර්ගය වන දඹාන, දැලිකැදලි වැවෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමිනි.

බුලතා යෝධයා ඉදිකළ ලොවක් මවිත කරන සොර බොර වැවේ ප්‍රෞඩත්වය මතින් පාරම්පරික ආදිවාසී ජනතාවගේ ජීවනෝපායෙහි කොටසක් වී ඇති දඹාන දැලිකැදලි වැව ප‍්‍රදේශයේ කූඹුරු අක්කර 104ක් අස්වද්දන්නට අවැසි දියවර වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව සපයමින් ගොවි පවුල් 90කට වැඩි ප‍්‍රමාණයකගේ කුසගිනි නිවන්නට දිරි දුන් මහ`ගු සම්පතක් විය. මෙම දැලිකැදලි වැවට, තවත් සිය මෙහෙවර නිසි පරිදි ඉටු කරන්නට තරම් ශක්තියක් නොමැත්තේ නිසි නඩත්තුවක් නොවූ හෙයිනි.

වැවෙහි පිටවාන සම්පූර්ණයෙන් කැඞී ගොස්ය. කූඹුරු අස්වද්දන්නට දියවර නිකුත් කරන සොරොව් දොර මෙන්ම දියවර ගෙන යන ඇල මාර්ගයද ඉතාමත් අබලන් තත්වයේය. නිසි නඩත්තුවක් නොවූ මේ සියල්ල හමුවේ අන්ත අසරණ භාවයට පත් වූයේ සිය ජීවිතයේ බොහෝ දේ වැවත් සම`ග බෙදා හදාගත් ආදිවාසී ගොවි ජනතාවයි. තව දුරටත් කුඹුරු වගා කරන්නට තරම් හැකියාවක් ඔවුන්ට නොවූයේ ඊට අවශ්‍ය තරම් ජලය නොමැති වූ හෙයිනි. අබලන් වූ ඇල මාර්ග හරස් කරමින් සුළු පිරිසක් සිය කූඹුරු වගා කළද එයද එක් කන්නයකට පමණක් සීමා විය. වැවෙහි ජල මට්ටම අඩු වන විට ප‍්‍රදේශයේ ළිං සි`දීයාමද සිදු වන්නේ නිතැතිනි. එතැන් පටන් බීමට දිය පොදක් සොයා සැතපුම් ගණනක් දුර යන්නට ඔවුන්ට සිදුව ඇත. රටට බත සපයමින් රටක කුසගිනි නිවූ මේ ගොවි ජනතාවට පත්ව ඇති ඉරණම හමුවේ ඔවුන්ට සරණක් විය හැක්කේ මිනිසත් කමෙන් පොහොසත් මිනිසුන්ට පමණකි. සම්පත් බැංකුව මෙරට අභාවයට යමින් පවතින වැව් යළි ප‍්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට යහපත් හෙට දවසක් උදා කර දීම වෙනුවෙන් ආරම්භ කළ ‘වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහන’ හරහා දඹාන දැලිකැදලි වැව ප‍්‍රතිසංස්කරණයේ වගකීම භාර ගත්තේ ඒ මිනිසත්කමෙහි පොහොසත් බව මනාව ප‍්‍රදර්ශනය කරමිනි.

ඒ අනුව පසුගියදා සුභ මොහොතින් සෙත් පිරිත් ආශිර්වාද සහ ආදිවාසී පුද පූජා මධ්‍යයේ දඹාන දැලිකදැලි වැව ප‍්‍රතිසංස්කරණයේ මංගල පියවර තැබුණේ දඹාන ගොවීන්ගේ මුව`ගට සිනහවක් ගෙන එමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂ/ප‍්‍රධාන මූල්‍ය නිලධාරී අජන්ත ඩි. වාස් ගුණසේකර මහතා ස`දහන් කර සිටියේ ‘‘අද වන විට මුළු රටටම බත සපයන ගොවි ජනතාවගේ අගය අන් කවරදාටත් වඩා අප සියලූ දෙනාට දැනෙමින් තිබෙන බව රහසක් නෙවෙයි. එහෙත් කෙමෙන් අභාවයට යමින් පවතින වැව් පද්ධතිය නිසා ඔවුන්ගේ ගොවිතැන් හරි ආකාරයෙන් සිදු කරගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිනවා. සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ අභාවයට යමින් පවතින වැව් ප‍්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවට යහපත් හෙට දවසක් උරුම කර දීම වෙනුවෙනුයි. විශේෂයෙන් සම්පත් බැංකුවේ ‘පොහොසත් මිනිස්සු’ සංකල්පය යළි යලිත් තහවුරු කරන සුවිශේෂී අවස්ථාවක් ලෙසද ස`දහන් කළ හැකි මෙම සමාජ සත්කාරය තුළින් ආදිවාසී ජනතාවට යහපත් හෙට දවසක් උදා කර දීමට හැකි වනු ඇතැයි මා තරයේ විශ්වාස කරනවා’’ යනුවෙනි.

‘දඹාන දැලිකැදලි වැව ගොවි සංවිධානය’ ම`ගින් පාලනය වන දැලිකැදලි වැව ප‍්‍රතිසංස්කරණය වෙනුවෙන් එම ගොවි සංවිධානයේ මෙන්ම ප‍්‍රදේශවාසීන්ගේ සහායද නොඅඩුව ලැබෙන අතර බදුල්ල දිස්ත‍්‍රික් ගොවිජන සේවා දෙපාර්මේන්තුව විසින් අවශ්‍ය තාක්ෂණික දායකත්වය ලබා දෙනු ලබයි.

දැලිකැදලි වැව ප‍්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දැලිකැදලි වැව ගොවි සංවිධානයේ සභාපති අජිත් අමරසිරි මහතා ‘‘ මේ ප‍්‍රදේශයේ සියලූම දෙනා පාහේ ජීවත් වෙන්නේ කූඹුරු ගොවිතැනින්. කාලයක් තිස්සේ අපි ඉතාමත් හො`දින් කුඹුරු ගොවි තැන් කළා. ඒ ස`දහා අපට මේ දැලිකදැලි වැවෙන් අවශ්‍ය තරම් වතුර ලැබුණා. ඒත් දැන් මේ වැව අභාවයට ගිහින් නිසා අපට එක කන්නයක්වත් හරිහැටි වගා කරගන්න ලැබෙන්නේ නෑ. පිටවාන සම්පූර්ණයෙන් කැඞී ගිහින් තිබෙන නිසා වතුර ර`දවා ගැනීමේ හැකියාවක් නෑ. සොරොව් දොරත් අබලන් තත්වයේ තියෙන්නේ. කුඹුරු යායට වතුර ගෙනියන ඇල මාර්ගත් ඉතාම අබලන් වෙලා. මේ වැව ප‍්‍රතිසංස්කරණය කළ යුතු බව අපේ ගොවි සංවිධානය වටහාගෙන බොහෝ කාලයක්. ඒත් ඒක අපට කරන්න පුලූවන් දෙයක් නෙවෙයි. අපේ දුක දැකපු සම්පත් බැංකුව වැව ප‍්‍රතිසංස්කරණය කරන වගකීම භාර ගැනීම ගැන ඉතාමත් සතුටුයි. සම්පත් බැංකුව මේ භාර ගත්තේ වැව හදන එක විතරක් නෙවෙයි අපිව ජීවත් කරවන එක. ඉතින් ඒ වෙනුවෙන් සම්පත් බැංකුවට මගේ හදපිරි ස්තුතිය මේ මොහොතේ පුද කිරීමට කැමතියි’’ යනුවෙන් පවසා සිටින ලදී.

මීට විසි වසරකට පෙර ආරම්භ කළ සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ මේ වන විට ප‍්‍රතිසංස්කරණය කොට ගොවි ජනතාව වෙත භාර දී ඇති වැව් ප‍්‍රමාණය 12 කි. තවත් වැව් කිහිපයක් ප‍්‍රතිසංස්කරණය වෙමින් පවතින්නේ නුදුරේදීම කූඹුරු අස්වැද්දීම වෙනුවෙන් අවශ්‍ය දියවර නිකුත් කිරීමේ අභිලාෂයෙනි.

මෙම ‘වැවට ජීවයක්’ ව්‍යාපෘතියට සමගාමීව සම්පත් බැංකුවේ ‘ගසයි මමයි - පුබුදු පොතයි’ වැඩසටහනේ තවත් අදියරක් දඹාන කනිෂ්ඨ විද්‍යාලයේදී සිදු කෙරිණ. පාසල් දරුවන් වෙත පළතුරු පැළ බෙදා දෙමින් එම පැළ පාසල් භූමියේ රෝපණය කර රැකබලා ගැනීමේ වගකීමද ඔවුන් වෙත පවරා දෙනු ලැබුවේ ඔවුන්ගේ ජීවිතයට වටිනා අරුතක් එක් කරමිනි. දීප ව්‍යාප්ත ජාතික ව්‍යාපෘතියක් ලෙස ක‍්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ පාසල් සිසුන්ගේ පරිසරයට ඇති ලැදියාව හා කෘෂිකාර්මික හුුරුව ඔප් නැංවීමත් පාසල් සංවර්ධනය උදෙසා ඵලදායී අතිරේක ආදායම් මාර්ගයක් බිහි කිරීමත්ය.

නව්‍ය තාක්ෂණයෙන්, පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවාවෙන් මෙන්ම ආර්ථික ස්ථාවරත්වයෙන් පමණක් නොව මිනිසත්කමෙන්ද පොහොසත් සම්පත් බැංකුව ශ‍්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙ`දපොල ප‍්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, ිකසච-කැිි බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයෙන් මුදල් ආපසු ගැනීම (ඔදමජය-කැිි ක්‍්ිය අසඑයාර්අ්ක* ආදී මෙරට බැංකු ක්ෂේත‍්‍රයට නවතම හ`දුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප‍්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටින්නේ නිරන්තරයෙන් මිනිසත් කමෙන් පොහොසත් අසමසම බැංකු සේවාවක් සියලූ දෙනා වෙත ගෙන එමිනි.

ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ විසින් රැස්ව සිටි පිරිස අමතමින්

ඡායාරූප හා විස්තර - ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ, සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂක/ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී අජන්ත ඩි වාස් ගුණසේකර මහතා, ප‍්‍රධාන නිලධාරී මානව සම්පත් ආචාර්ය ලලිත් වේරගොඩ මහතා සහ ගොවිජන සේවා සහකාර කොමසාරිස් නිරෝෂා හෙන්නායක මහත්මිය විසින් සුභ මොහොතින් මංගල පස් පිඩැල්ල කපා ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අවස්ථාව

  • Ada Derana BIZ Sinhala
  • Palawatta
  • sri lanka

පැල්වත්ත  බටර් පවුලට තවත් සාමාජිකයින් කිහිපදෙනෙක්

October, 31, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් සිය පාරිභෝගිකයින් සඳහා නවතම මිරිස් රසැති  බටර් වර්ගයක් හඳුන්වා දීමට නියමිත අතර මිරිස් රසැති බටර් වර්ගයක්  ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබන ප්‍රථම අවස්ථාව මෙය ලෙස දැක්විය හැකිය. මෙම නවතම මිරිස් රසැති බටර්  වර්ගය  පාරිභෝගිකයින්ගේ  ආහාර රුචිය වර්ධනය කර සෞඛ්‍යය නංවාලීමට උපකාරී වේ. මෙය ශ්‍රී ලාංකීය ගොවීන්ගෙන් ලබාගන්නා එළකිරි සහ ආහාරයට ගත හැකි ලුණු, බැදපු ස්වාභාවික මිරිස් කුඩු සහ මිරිස් කැබලි යොදා ගනිමින් නිෂ්පාදනය කොට වෙළඳපලට පැමිණෙයි. එය පාරිභෝගිකයින්ට ග්‍රෑම් 200 ක බටර් ඇසුරුමක් ලෙස ලබා ගත හැකිය.

සැර රසට සහ ලුණු රසට කැමති පාරිභෝගිකයින් සඳහා වෙළඳපල පර්යේෂණ මත පදනම්ව නිපදවා ඇති මෙම බටර් වර්ගය මගින්, ඔවුන්ගේ  ආහාර වේලෙහි අලුත් පෙරළියක් ඇති කරන බවට පැල්වත්ත සහතික වෙයි.

එමෙන්ම පැල්වත්ත සිලෝන් බටර්, ග්‍රෑම් 10 ක නව ඇසුරුම් ප්‍රමාණයකින් ද පැමිණෙන අතර  82% ක පිරිසිදු ශ්‍රී ලාංකික කිරි මේද ප්‍රමාණයක්, 16% ට අඩු ඝන කිරි මේද ප්‍රමාණයක්  සහ 1.35% ට වඩා අඩු ලුණු ප්‍රමාණයක් යොදා ගනිමින් 16% ට වඩා අඩු තෙතමනයක් යටතේ නිෂ්පාදනය කෙරේ.

අද වන විට බොහෝ දෙනා කෙටි ආහාර සහ පෙර සූදානම් කරන ලද ආහාර භාවිතයට පෙළඹී ඇත. පැල්වත්තෙහි  රසවත්, ලුණු රසැති සිලෝන් බටර් යොදාගැනීම මගින්, ඔවුන්ට අපූරු රසයකින් යුත් කෙටි කාලයකින් සාදා ගතහැකි උසස් තත්ත්වයේ ආහාර සකස් කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

සියල්ලන්ටම අවැසි පරිදි විවිධ රසයන්ගෙන් යුත්,  පැල්වත්ත නිෂ්පාදන වලට ප්‍රිය කරන පිරිස ඉතා බහුලය. සන්නාමයක් ලෙස පැල්වත්තෙහි දිගුකාලීන ගමන්මගට ඔවුන්ගේ දායකත්වය අපමණය. පැල්වත්ත හුදෙක් කිරි නිෂ්පාදනයන් සැපයීමම පමණක් නොව, සෑම කෙනෙකුගේම විවිධ රසයන්ගේ, රුචි අරුචිකම් සහ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස සිය නිෂ්පාදනයන් කරන නිසාවෙන්,  වෙළඳපල තුල නායකත්වයක් හොබවන සන්නාමයක් බවට පත්වී තිබේ.

  • Ada Derana BIZ Sinhala
  • Eric Rajapakse Opticians
  • free health camp
  • Malabe branch
  • sri lanka

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ 105 වැනි වැනි සංවත්සරය වෙනුවෙන් මාලඹේ ශාඛාවේ නොමිලේ සෞඛ්‍ය කඳවුරක්

October, 31, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නකු වූ එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය 105 වන සංවත්සරය නිමිත්තෙන් පවත්වන සමාජ සුභසාධන වැඩසටහන්වලට සමගාමීව නොමිලයේ සෞඛ්‍ය කඳවුරක් පසුගියදා මාලඹේ ශාඛා පරිශ‍්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් සෞඛ්‍ය කඳවුර තුළ රෝගීන් සිය ගණනකගේ අක්ෂි සහ ශ‍්‍රවණ පරීක්ෂාවන් සිදු කරන ලදී. මූලික අක්ෂි සහ ශ‍්‍රවණ පරීක්ෂණ වලට අමතරව, රෝගීන්ගේ රුධිර සීනි, රුධිර පීඩනය සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ද පරීක්ෂා කරන ලදී. එදින සියලූම රෝගීන්ට ඇස් කණ්ණාඩි සහ ශ‍්‍රවණ උපකරණ සඳහා විශේෂ වට්ටම් ද ලබා ගත හැකි විය.

මෙහිදී අදහස් දක්වමින් එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රජීව් රාජපක්ෂ මහතා පැවසුවේ, ”සෑමවිටම පාරිභෝගිකයන්ට ගුණාත්මක අක්ෂි සහ ශ‍්‍රවණ සත්කාර සේවාවන් ලබාදීම අප ආයතනයේ මූලික අරමුණයි. ආයතනයේ 105 වන සංවත්සරය සමරන මේ වසරේ, අපගේ මාලඹේ ශාඛාවේ සංවිධානය කළ මෙම සෞඛ්‍ය කඳවුර මගින් රෝගීන් විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ අක්ෂි සහ ශ‍්‍රවණ පරීක්ෂාවන් පමණක් නොව අනෙකුත් මූලික සෞඛ්‍ය පරීක්ෂාවන්ද සිදු ගැනීමට හැකියාව ලැබුණා. මෙම සෞඛ්‍ය කඳවුර සාර්ථකව පැවැත්වීමට සහාය දැක් වූ අපගේ කණ්ඩායමට මම ස්තූතිවන්ත වනවාx ඒ වාගේම, 105 වන සංවත්සරය සැමරීම සඳහා සියලූම එරික් රාජපක්ෂ ප‍්‍රදර්ශනාගාර වලින් ඇස් කණ්ණාඩි රාමු සහ අව් කණ්ණාඩි සඳහා 40% දක්වා වට්ටම් ලබාදීමට අප සූදානම්.”

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ සියළුම ශාඛාවන් මනා වෘත්තීයමය පුහුණුවක් ලැබූ සේවක මඩුල්ලකින් සමන්විත වන අතර, සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගිකයන් සඳහා උසස් වර්ගයේ අක්ෂි හා ශ‍්‍රවණ නිපැයුම් පහසු මිල ගණන් යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී. Porsche Design, Mont Blanc, Michael Kors, Vogue, Ray Ban, Prada, Gucci, Polo Ralph Lauren,Polar Sun, CHE වැනි ජාත්‍යන්තර සන්නාමයන්ගේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මාදිළි රැසක්ද, තත්වයෙන් ඉතාමත් උසස් ප‍්‍රංශයේ Essilor කාච ඇතුළු විවිධ වර්ගයේ ඇස් කණ්ණාඩි කාච ද එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය වෙතින් ලබා ගැනීමේ හැකියාව තිබේ. මෙහිදී පාරිභෝගිකයින්ට ඩෙන්මාකයේ නිෂ්පාදිත ලොව ප‍්‍රචලිත Beltone ශ‍්‍රවණාධාර ඉතාම පහසු මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

  • Ada Derana BIZ Sinhala
  • AMW
  • Castrol and Audi Renew
  • sri lanka
  • Strategic Partnership

ශ්‍රී ලංකාව තුළ AMW – Castrol ක්‍රමෝපායික සහයෝගීතාවය අඛණ්ඩවම ඉදිරියට

October, 31, 2022

ලෝක ප්‍රකට මෝටර් රථ සන්නාමයක් වන Audi සහ ලිහිසි තෙල් සන්නාමයක් වන Castrol අතර අඛණ්ඩවම පවත්වාගෙන යන ගෝලීය ක්‍රමෝපායික සහයෝගීතාවය ශ්‍රී ලාංකික වෙළඳපොළ සඳහාද එලෙසම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා Castrol ශ්‍රී ලංකා නියෝජිත AMW සමාගම සහ Audi ශ්‍රී ලංකා නියෝජිත Drive One  පෞද්ගලික සමාගම ඊට අදාළ ගිවිසුම් අලුත් කිරීම පසුගියදා නිල වශයෙන් සිදු කෙරිණි.

ජාත්‍යන්තර මෝටර රථ කර්මාන්ත ක්ෂේත්‍රයෙහි දැවැන්තම සන්නාමයන් දෙකක් වන Audi සහ Castrol අතර මෙම ක්‍රමෝපායික සහයෝගීතාවය 2008 වසරේ සිට සාර්ථකව ක්‍රියාත්මක වන අතර සමාගම් දෙකෙහිම ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධන ප්‍රයත්නයන් හරහා Audi එන්ජින් තාක්ෂණයට පරිපූර්ණ වශයෙන් ගැලපෙන ලිහිසි තෙල් නිෂ්පාදන හඳුන්වාදීමට හැකි වී ඇත. විශේෂයෙන්ම මෙම ක්‍රියාදාමය හරහා ඉන්ධන කාර්යක්ෂමතාවය විශාල වශයෙන් ඉහළ නැංවීමට හැකි වීම හා ඉන්ධන, එන්ජින් ඔයිල් ආදිය හරහා වන කාබන් ඩයෝක්සයිඩ් විමෝචනය අවම කිරීමට හැකි වීම සුවිශේෂී වේ.

ශ්‍රී ලංකාව තුළ Audi සහ Castrol සහයෝගීතාවය පසුගිය වසර 14 ක කාලය පුරාවට අඛණ්ඩවම පැවතුණු අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ Audi ලෝලීන් හට සිය ආදරණීය රථය නිර්දේශිත ලිහිසි තෙල් පමණක් භාවිතා කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නඩත්තු කිරීමට අවස්ථාව හිමි විය.

Castrol ලිහිසි තෙල් Audi සමාගම විසින් සිය මෝටර් රථ සඳහා හොඳම ලිහිසි තෙල් සන්නාමය ලෙසින් නිල වශයෙන් නිර්දේශ කර ඇති නිසා ශ්‍රී ලංකාවේ Audi ලෝලීන් හට Audi - Castrol සහයෝගීතාවය හරහා හිමිවන ප්‍රතිලාභ බොහෝමයකි. ඔවුන් හට ඉතා පහසුවෙන් හා බාධාවකින් තොරව තමන්ට අවශ්‍ය Castrol නිෂ්පාදන අඛණ්ඩවම ලබාගැනීමට හැකි වීම ඉන් ප්‍රධානතම වේ. විශේෂයෙන්ම Castrol විසින් Audi මෝටර් රථ හිමියන් හට ප්‍රමුඛතාවය ලබා දෙන නිසා පවතින විදේශ විනිමය අර්බුධය හේතුවෙන් දේශීය වෙළඳපොල තුළ ලිහිසි තෙල් තොග සීමිත තත්ත්වයක් ඇති වුවද එයින් ඔවුනට බලපෑමක් සිදු නොවනු ඇත.

එමෙන්ම මෙම සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස Audi මෝටර් රථ හිමියන්ට ඉහළම සේවාවක් සැපයීම සඳහා Castrol විසින් අති නවීන Lubricant Dispensing පද්ධතියක් වත්තල පිහිටි Drive One සේවා මධ්‍යස්ථානයේ ස්ථාපනය කර ඇත.

Castrol - Audi සහයෝගීතාවය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාව සඳහා AMW සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂක පීටර් මැකෙන්සි, BP Castrol ලිහිසි තෙල් අංශයේ ප්‍රධානී චරිත් පණ්ඩිතරත්න ඇතුළු පිරිසක් සහ Drive One සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂක හිරාන් ද සිල්වා, අධ්‍යක්ෂක නිමන්ත හතරසිංහ යන මහත්වරු සහභාගී වූහ.

AMW සමාගම සහ Drive One සමාගම මෙම කීර්තිමත් සහයෝගීතාවය අඛණ්ඩවම ශ්‍රී ලාංකික වෙළඳපොල වෙනුවෙන් පවත්වා ගෙන යාමට හැකි වීම පිළිබඳව ඉතා සතුටට පත් වෙන අතර විශේෂයෙන්ම වර්තමානයේ පවතින අභියෝගාත්මක තත්ත්වය නිසා ඒ හරහා පෙරටත් වඩා වැදගත් ක්‍රමෝපායික වාසි අත්වනු ඇති බවට විශ්වාසය පළ කරයි.

 

ඡායාරූපය (වමේ සිට දකුණට) - සාලින්ද රත්නායක, සහකාර විකිණුම් කළමනාකරු, BP Castrol, චරිත් පණ්ඩිතරත්න, ප්‍රධානී BP Castrol, පීටර් මැකෙන්සි, කළමනාකාර අධ්‍යක්ෂක - AMW Group, හිරාන් ද සිල්වා, කළමනාකාර අධ්‍යක්ෂක - Drive One, නිමන්ත හතරසිංහ, අධ්‍යක්ෂක - Drive One.

 

  • Ada Derana BIZ Sinhala
  • International Seminar and Exhibition
  • participates
  • sri lanka
  • Tehran
  • The World of Tea

ටෙහෙරානයේ The World of Tea ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව එක්වෙයි

October, 31, 2022

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ සම්බන්ධ වූ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 ඔක්තෝම්බර් 24 සිට 26 වැනි දින දක්වා ටෙහෙරානයේ පාර්සියන් එස්ටෙග්ලාල් හෝටල් පරිශ්‍රයේ “ද වර්ල්ඩ් ඔෆ් ටී” (The World of Tea) නමින් පැවති 18 වැනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සහභාගී විය. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව, ඉරානය, ඉන්දියාව සහ කෙන්යාව යන රටවල තේ අපනයන සහ නිෂ්පාදන සමාගම් 50කට අධික ප්‍රමාණයක් සිය තේ නිෂ්පාදන මෙහිදී විදහා දැක්වූ අතර, තේ ගැනුම්කරුවන් දහස් ගණනක් ද ඊට සහභාගී වූහ. වාර්ෂිකව ටෙහෙරානයේ පැවැත්වෙන වර්ල්ඩ් ඔෆ් ටී සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය ඉරානයේ සහ බටහිර ආසියානු කලාපයේ ප්‍රධාන තේ වෙළඳ ප්‍රදර්ශනයකි. මෙම අවස්ථාව, විදේශීය අපනයනකරුවන්ට ආනයනකරුවන්, සිල්ලර වෙළෙන්දන්, බෙදාහරින්නන් සහ අනෙකුත් ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වීම සඳහා ඵලදායී වන වේදිකාවක් ලෙස පොදුවේ සැලකේ.ප්‍රදර්ශනයට සහභාගී වූ නරඹන්නන් අතර ආකර්ෂණය දිනාගත් කුටියක් වූයේ ලංකා තේ ප්‍රදර්ශන කුටිය යි.

ලංකා තේ ප්‍රදර්ශන කුටිය, සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපොන්සු මහතා, ඉරාන වාණිජ, කර්මාන්ත, පතල් සහ කෘෂිකර්ම මණ්ඩලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය සභාපති ආචාර්ය අලිරේසා යවාරි මහතා, Samley Tea හි කළමනාකාර අධ්‍යක්ෂ කවිත් බාලගේ මහතා, Pankeh Tea හි අධ්‍යක්ෂ සාරා ශරියාටි සරාවි මහත්මිය සහ අනෙකුත් ව්‍යාපාරික නියෝජිතයන් විසින් නිල වශයෙන් විවෘත කරන ලදී. විවිධ වර්ගවලින් යුත් ලංකා තේ වර්ග මාලාවක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, ලංකා තේ වෙළඳපොළ පවත්වාගැනීම සහ ඉරානය තුළ ලංකා තේ ප්‍රවර්ධනය කිරීම හා සබැඳි සැලසුම් සහ නව ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.

සමාරම්භක උත්සවය අතරතුර සිය අදහස් පළ කළ ඉරාන තේ සංගමයේ ප්‍රධානී හමීඩ්රේසා මොවසාගි මහතා, 18 වැනි තේ සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සහභාගී වූ සියලුම දෙනා පිළිගත් අතර ඉස්ලාමීය ඉරාන ජනරජයේ තේ වෙළඳපොළ සහ තේ කර්මාන්තය නංවාලීම සඳහා සියලු දෙනා සමඟ එක්ව සාමූහිකව සම්බන්ධ වීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළේ ය. තවද, ඉරාන තේ වෙළෙඳපොළ සමඟ ව්‍යාපාර සඳහා සම්බන්ධ වන සියලුම තේ අපනයනකරුවන් සහ ආනයනකරුවන් තේ වෙළෙඳපොළෙ හි ප්‍රගතිය, බාධා සහ ඉදිරි ගමන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නිතිපතා රැස්වීම් පැවැත්විය යුතු බවද අවධාරණය කළේ ය. කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චංගීස් ජහන්ගිරි මහතා ද මෙහිදී සිය අදහස් පළ කළේ ය.

2022 වසරේ පැවති තේ උත්සවයට සහභාගී වන ලෙස ශ්‍රී ලංකාවට කරන ලද ආරාධනය පිළිබඳව තේ සංගමයේ ප්‍රධානී මොවසාගි මහතා වෙත සිය ස්තුතිය පළ කළ ශ්‍රී ලංකා තානාපති විශ්වනාත් අපොන්සු මහතා, ඉස්ලාමීය ඉරාන ජනරජයට වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ හොඳම තත්ත්වයෙන් යුත් තේ සැපයීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණ වන බව ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අවධාරණය කළ ශ්‍රී ලංකා තානාපතිවරයා, ලංකා තේ වැඩි වශයෙන් ආනයනය කරන ලෙස ඉරානයේ සියලුම තේ වෙළෙඳ හවුල්කරුවන් වෙත විවෘත සහ මිත්‍රශීලී ඉල්ලීමක් යොමු කළේ ය.

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු හමු වූ තානාපති විශ්වනාත් අපෝන්සු මහතා, මෙම ප්‍රදර්ශනය නියෝජනය කළ ශ්‍රී ලාංකික තේ අපනයනකරුවන් සඳහා වැදගත් වන ව්‍යාපාරික අවස්ථා කිහිපයක් සඳහා පහසුකම් සැලසී ය. කෙන්යාවේ තානාපති ජොෂුවා අයි. ගටිමු මහතා, කෙන්යාවේ තේ මණ්ඩලයේ සභාපති ජොහෝ මිතාමෝ වසසුනා මහතා සහ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී, තේවල ප්‍රමිතිය සහ ඉරානයේ තේ ප්‍රවර්ධනය ඇතුළුව දැනට පවතින ගැටළු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීම සහ තේ නිෂ්පාදනය කරන සියලුම රටවලට සිය වෙළඳපොළ සුරක්ෂිතභාවය ලබාදීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා තේ ප්‍රදර්ශන කුටියට පැමිණි පිරිස, නුවරඑළිය, උඩ පුස්සැල්ලාව, දිඹුල, ඌව, මහනුවර, රුහුණ සහ සබරගමුව යන ප්‍රදේශවලින් නෙළා ගත් තේවලින් සැකසූ ලංකා තේ රස වර්ග හත, ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වර්ග කිහිපයක් සමඟ රසවින්ද හ. තවද, ශ්‍රී ලංකා තේ ප්‍රදර්ශන කුටියට පැමිණි සියලුම අමුත්තන්ට ලංකා තේ පැකට්ටු ද පිරිනමන ලදී.