October, 26, 2022
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී අපේ සිංහයන්ගේ ජයග්රහණයට සවියක් වීම වෙනුවෙන් මෙරට සුවහසක් ක්රිකට් ලෝලීන්ට කිසිදු අමතර ගාස්තුවකින් තොරව මුළු තරගාවලියම නැරඹීමට අවස්ථාව Dialog Television වෙතින් ලබා දී තිබේ.
ආසියානු ශූරයන් වූ ශ්රී ලංකා කණ්ඩායමේ දස්කම් ලෝක කුසලාන තරගාවලිය ඔස්සේද පන්දුවෙන් පන්දුවට රිසි සේ විඳගැනීමට Dialog Television Star Sports 1 (නාලිකා අංක 73) ඔස්සේ සජීවීව, කිසිදු අමතර ගාස්තුවකින් තොරව විකාශය කෙරෙන අතර, එලෙසම සියලුම තරඟ HD (High Definiton) දසුන් වලින්ද නැරඹීමට ඔබට Star Sports Select 1 HD (Channel 130) චැනලය ඔස්සේ අවස්ථාව සළසා දී ඇත. මෙම නාලිකාව MyDialog App හෝ SMS මගින් ඉතාමත් පහසුවෙන් සක්රීය කරගත හැකි අතර, On <හිස්තැනක්> Dialog Television ගිණුම් අංකය <හිස්තැනක්> 130 ලෙස ටයිප් කර 0770 679 679 අංකයට SMS පණිවිඩයක් යොමුකිරීම මගින් හෝ Dialog ජංගම දුරකථනයකින් 679 අංකයට SMS පණිවිඩයක් යොමුකිරීම මගින් Star Sports Select 1 HD සක්රීය කරගත හැකි වේ.
එමෙන්ම, ඔබ කොහේ සිටියත් ඔබේ ජංගම දුරකථනය ඔස්සේ තරගයේ එක් පන්දුවක් හෝ මගහැරීමට ඉඩ නොදී තරග උණුසුම රිසි සේ විඳගැනීමට ඔබට Dialog ViU app හරහා අවස්ථාව හිමි වේ. ඔබ කළ යුතු වන්නේ Dialog ViU app එක ඩවුන්ලෝඩ් කර, ඔබේ Dialog TV ගිණුම් අංකය ලියාපදිංචි කිරීම පමණි . කිසිදු ඩේටා ගාස්තුවකින් තොරව සම්පූර්ණ ලෝක කුසලාන තරගාවලියම නැරඹීමට මෙමගින් ඔබට අවස්ථාව හිමිවේ.
එමෙන්ම තරගයේ අතපසු වුන සුවිශේෂී අවස්ථාවන් Catch up සහ rewind TV පහසුකම් තුලින් පැය 72 ක කාලයක් තුළ නැවත නැරඹීමේ හැකියාව Dialog ViU App සහ Dialog Television ViU Hub හරහා පහසුවෙන්ම ලැබෙනු ඇත.
ඔබත් Dialog Television සමග ක්රිකට් ලෝක කුසලානයේ උණුසුම සිත් සේ විඳගැනීමට එකතු වෙන්න.
October, 26, 2022
ශ්රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම (2021 වසරේ දී කැපිටල් ෆිනෑන්ස් ඉන්ටනැෂනල් වෙතින් සහ 2019 සහ 2020 දී ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් වෙතින් ඇගයුමට ලක්විය) වන AIA ඉන්ෂුවරන්ස් නොබෝදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද AIA වාර්ෂික අලෙවි සමුළුවේ දී සිය අතිවිශිෂ්ට වෙල්ත් ප්ලෑනර්වරුන් මහත් අභිමානයෙන් සමරන ලදී. 'Against The Wave' එනම් රැල්ලට එරෙහිව යන තේමාව යටතේ පවත්වන්නට යෙදුන මෙම සම්මාන උළෙලේ දී නොපසුබට උත්සාහයෙන් සහ කැපවීමෙන් සිය කාර්යාභාර්ය ඉටුකර විශිෂ්ට වාර්ෂික කාර්යසාධනයක් අත්කර ගත් වෙල්ත් ප්ලෑනර්වරුන් ඇගයුමට ලක්විය. එසේම සිය සේවාලාභීන්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගතකිරීම සඳහා සහාය වීම යන උදාර ප්රතිඥාව සාක්ෂාත් කිරීමට සැබෑ තානාපතිවරුන් ලෙස කැපව කටයුතු කිරීම වෙනුවෙන්ද ඔවුන්ව ඇගයුමට ලක්කරන ලදී. මෙම අලෙවි සමුළුව, AIA ඉන්ෂුවරන්ස් හි ප්රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය, නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී උපුල් විජේසිංහ, AIA සමූහයේ කලාප මෙහෙයුම් නිලධාරී කැල්වින් ෆු, AIA ඉන්ෂුවරන්ස් හි ජේෂ්ඨ කළමණාකාරිත්වයේ සාමාජිකයින් මෙන්ම ඒජන්සි මෙහෙයුම් කණ්ඩායම සහ දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි වෙල්ත් ප්ලෑනර්වරුන් සහ වෙල්ත් ප්ලෑනර්ව කළමනාකරුවන් යන සැමගේ සහභාගීත්වයෙන් උත්සවශ්රීයෙන් පැවැත්වීය.
මෙම උත්සවයේ විශේෂත්වය වූයේ 2021 වසරේ හොඳම ජයග්රාහකයින් ඇගයීම සඳහා පිරිනැමුණු ප්රධාන සම්මාන හයයි. මේ වසරේ හොඳම වෙලත් ප්ලෑනර්ට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ මහනුවර ප්රධාන ශාඛාවේ සංජීවනී සෝමරත්න මෙනවියයි. කොළඹ කාර්යාලය 4 හි රසික සඳකැලුම් දෙවන ස්ථානයත් මහරගම බෙදාහැරීම් ඒකකයේ සරත් ජයලාල් තෙවන ස්ථානයත් හිමිකර ගන්නා ලදී.
හොඳම වෙලත් ප්ලෑනර් කළමනාකරුට හිමි සම්මානය මාවනැල්ල ප්රාදේශීය සංවර්ධන කාර්යාලයේ තිලක් කුමාරසිංහ හිමිකරගත් අතර දෙවන ස්ථානය වෙන්නප්පුව ප්රාදේශීය සංවර්ධන කාර්යාලයේ නිමල් වර්ණකුලසූරියටත් තෙවන ස්ථානය මීගමුව ප්රාදේශීය කාර්යාල 1 හි ඊ. එච්. පියදාසටත් හිමිවිය.
මේ අතර හොඳම Cluster වෙල්ත් ප්ලෑනර් කළමනාකරුට හිමි සම්මානයෙන් මොරටුව ප්රාදේශීය සංවර්ධන කාර්යාලයේ තක්ෂිලා කෝරළගේ මෙනවිය පිදුම් ලද අතර දෙවන ස්ථානය පානදුර ප්රාදේශීය සංවර්ධන කාර්යාලයේ ක්රිෂාන් දසනායකටත් තෙවන ස්ථානය කුරුණෑගල ප්රාදේශීය සංවර්ධන කාර්යාලයේ චන්දිමා වන්නිඅරච්චිටත් හිමිවිය.
මොරටුව ප්රාදේශීය කාර්යාලයේ විනොල් ප්රියසේනරත් හොඳම ප්රාදේශීය කළමනාකරු ලෙස සම්මානයෙන් පුදලද අතර එහි දෙවන ස්ථානයට තිස්සමහාරාමය සහ මාතර ප්රාදේශීය සංවර්ධන කාර්යාල කළමනාකරු වන දිලීප අමීන්ද්ර සහ තෙවන ස්ථානයට මාවනැල්ල ප්රාදේශීය කාර්යාල කළමනාකරු වන වයි. ජී. ජී. බී. යටිගම්මන තේරී පත්විය.
හොඳම 3 Tier කළමනාකරුට හිමි සම්මානය මොරටුව ප්රාදේශීය සංවර්ධන කාර්යාලයේ ප්රියන්තා ඩයස් මහත්මියට හිමි වූ අතර එහි දෙවන ස්ථානය හෝමාගම ප්රාදේශීය කාර්යාල 1 හි චාමර ප්රියනන්දටත්, තෙවන ස්ථානය කොළඹ ප්රාදේශීය කාර්යාල 3 හි උත්පල වනිගසූරියටත් හිමිවිය.
ඒ අතරම හොඳම බෙදාහැරීම් ඒකක ප්රධානී ලෙස නුගේගොඩ බෙදාහැරීම් ඒකකයේ රසික පෙරේරාත්, එහි දෙවන ස්ථානය මීගමුව ප්රාදේශීය කාර්යාල 1 හි ඉරේෂ් සිල්වාට සහ තෙවන ස්ථානය කුරුණෑගල බෙදාහැරීම් ඒකකයේ සිසිර බන්නැහැකටත් හිමිවිය.
‘Against The Wave’ නැතිනම් ‘රැල්ලට එරෙහිව’ යන අරුත ඇති තේමාව රට තුළ පවතින බහුවිධ අස්ථාවරත්වයන් මධ්යයේ විශිෂ්ටත්වය සඳහා AIA වෙල්ත් ප්ලෑනර්වරුන්ගේ අඛණ්ඩ කැපවීම ඉස්මතු කිරීමට අදහස් කරන ලදී. AIA හි වටිනා ගනුදෙනුකරුවන්ට උසස් සේවාවක් සහ උපදෙස් ලබා දෙමින් ශ්රී ලාංකිකයින්ට සුවපත්, සැපවත් දිගුකල් ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීමේ පොරොන්දුව ඉටු කිරීමට ද ඔවුහු සහතික වූහ.
October, 26, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම තිරුවාණා අපනයනයකරු වන CeyQuartz සමාගමේ සන්නාමයක්
මෙරට තිරුවාණා ආශ්රිත නිෂ්පාදන ක්රියාවලියේ සහ අපනයනයේ ප්රමුඛයෙකු වන CeyQuartz සමාගම Crystalstone සන්නාමය යටතේ තිරුවාණා (Quartz) කවුන්ටර්ටොප්ස් සහ මතුපිටවල් (Countertops & Surfaces) සඳහාම වෙන් වූ සිය නවතම ප්රදර්ශනාගාරය පසුගියදා විවෘත කරන ලදි. නව ප්රදර්ශනාගාරය අංක 496, නාවල පාර, කොස්වත්ත හන්දිය, රාජගිරිය දරන ස්ථානයෙහි පිහිටා ඇති අතර නූතන සෞන්දර්යාත්මක ගෘහ නිර්මාණකරණය කෙරෙහි උනන්දුවක් දක්වන අයට එහි පිවිස Crystalstone නිෂ්පාදනවල සෞන්දර්යය සහ විශිෂ්ටත්වය අත්දැක ගැනීමට හැකියාව ඇත. Crystalstone සම්පූර්ණයෙන්ම දේශීය සන්නාමයක් වන අතර ජාත්යන්තර ප්රමිතියේ උසස් තත්ත්වය හා නිමාව හේතුවෙන් විශාල කීර්තියක් දිනා ඇති සන්නාමයකි.
වසර 25 ට වැඩි කාලයක් පුරා ජාත්යන්තර Quartz Surfaces නිෂ්පාදකයින් වෙනුවෙන් ශ්රී ලංකාවෙන් තිරුවාණා අපනයනය කරන CeyQuartz සමාගම තිරුවාණා කැණීම, සැකසීමේ ක්රියාවලිය හා අපනයනය සම්බන්ධයෙන් ප්රවීණතම සමාගමකි. CeyQuartz සමාගම විසින් දේශීය වෙළෙඳපොල වෙනුවෙන් Crystalstone සන්නාමය නිර්මාණය කරන්නේ දශක ගණනාවක සිය අත්දැකීම්, දැනුම සහ ශිල්පීය ක්රම, නවතම තාක්ෂණය සමඟ මනාව සංකලනය කරමිනි. Crystalstone නිෂ්පාදන අපනයනය සඳහාද ඉලක්ක කරගෙන නිෂ්පාදනය කෙරෙන නිසා එහි ජාත්යන්තර ප්රමිතිය පිළිබඳව විශ්වාසනීය සහතිකයක් පාරිභෝගිකයාට හිමි වේ. නව ප්රදර්ශනාගාරය විවෘත කිරීම Crystalstone සන්නාමයට සුවිශේෂී අවස්ථාවක් වන අතර නූතන ගෘහ අලංකරණය පිළිබඳව උනන්දුවක් දක්වන පාරිභෝගිකයින් හට ස්වභාවික තිරුවාණා නිෂ්පාදනවල නව හැඩතල සහ ශිල්පීය කෞෂල්යයන් අත්විඳීමට අවස්ථාව සැලසෙනු ඇත.
තිරුවාණා (Quartz) කවුන්ටර්ටොප්ස් සහ වැනිටිටොප්ස් සඳහා ලොව පුරා ඉහළ ඉල්ලුමක් තිබුණද ශ්රී ලංකාව තුළ ඒ සඳහා වැඩි වශයෙන් භාවිතා වන්නේ ග්රැනයිට්, සෙරමික් ටයිල්, මාබල් වැනි නිෂ්පාදන බව දැකගත හැකිය. Crystalstone හි ප්රධාන මෙහෙයුම් නිලධාරී ඒ. එෆ්. එම්. ෆාරුක් මහතා පෙන්වා දෙන්නේ ශ්රී ලංකාව ස්වභාවිකවම මෙම සුවිශේෂී පාෂාණයෙන් පොහොසත් රටක් වුවද මෙතෙක් කලක් ශ්රී ලාංකිකයන්ට තිරුවාණාවල විශ්මිත ප්රතිලාභ භුක්ති විඳීමේ අවස්ථාව අහිමිව තිබූ බවයි. තිරුවාණා (Quartz) වල ප්රයෝජනවත් බව පිළිබඳ නොදැනුවත්කම, දේශීය වශයෙන් Quartz Surfaces නිෂ්පාදනය නොකිරීම හා මිල අධික විදෙස් ආනයන වැනි කරුණු මීට හේතුසාධක වී ඇති බව ෆාරුක් මහතා පෙන්වා දෙයි.
විශිෂ්ට පෙනුම සහ ආකර්ෂණීයත්වය හැරුණුවිට තිරුවාණා සුවිශේෂී වීමට තවත් හේතු ගණනාවක් තිබේ. ස්වභාවික ඛණිජයක් වන තිරුවාණා ඉතා දැඩි බවකින් යුතු වන අතර කල් පවත්නා ඛණිජයකි. පෘෂ්ඨය මතුපිට ක්ෂුද්ර සිදුරු රහිත පාෂාණයක් නිසා ඝර්ෂණයට, පැල්ලම්වලට, සීරීම්වලට, උණුසුමට සහ සීතලට පහසුවෙන් ඔරොත්තු දෙයි. ස්වභාවික තිරුවාණා ප්රතික්රියා කිරීමේ ගුණයෙන් තොර වන නිසා පිරිසිදු කිරීම්කාරක හෝ වෙනත් රසායන ද්රව්ය පාෂාණය තුළට කාන්දු වීමේ අවධානමක් ද නැත. එදිනෙදා භාවිතයෙන් දිරාපත් නොවන නිසා තිරුවාණා (Quartz) කවුන්ටර්ටොප්ස් සහ වැනිටිටොප්ස් සඳහා අවශ්ය වන්නේ අවම නඩත්තුවකි.
CeyQuartz සමාගම සිය නිෂ්පාදන පොදු වෙළෙඳපොලට නිකුත් කිරීමට පෙර ව්යාපාර හා ව්යාපෘති සඳහා පමණක් නිෂ්පාදන ලබා දුන් අතර එම අන්තර්ව්යාපාර වෙළඳපොලෙහි (B2B Market) 75% ක කොටසක් අත්පත් කරගැනීමට සමාගම සමත් වී තිබිණි.
“දේශීය පාරිභෝගිකයාගේ අවශ්යතාවයන් පරිපූර්ණ වශයෙන් හඳුනා ගනිමින් ශ්රී ලංකාවේ ප්රමුඛතම Quartz Surface නිෂ්පාදකයා වීම අපේ අරමුණයි. ඒ වෙනුවෙන් අපි නවීන තාක්ෂණය, යන්ත්රෝපකරණ වගේම නව ප්රදර්ශනාගාර දියත් කිරීමටත් විශාල ආයෝජනයන් සිදු කරමින් සිටිනවා. ඒ අනුව කොළඹ විවෘත කළ නව ප්රදර්ශනාගාරයට අමතරව කුරුණෑගල, ගාල්ල හා යාපනය යන ප්රදේශවල ද නව ප්රදර්ශනාගාර ඉදිරියේදී විවෘත වීමට නියමිතයි. ඒ අතරම අද්විතීය හැඩයන්ගෙන් සහ අති නවීන වර්ණ සංයෝජනයන්ගෙන් සමන්විතව ඉහළ නිමාවකින් යුතු Calacatta සහ Carrara වර්ගවල නිෂ්පාදන අපනයනය කිරීමටත් අපි කටයුතු කරමින් සිටිනවා” යැයි ෆාරුක් මහතා වැඩි දුරටත් ප්රකාශ කළේය.
දියුණු පර්යේෂණ හා සංවර්ධන ක්රියාවලියක් මත පදනම්ව ගෝලීය ප්රමිතීන් අනුගමනය කරමින් සිය නිෂ්පාදන අඛණ්ඩවම වැඩිදියුණු කිරීමට Crystalstone කටයුතු කරන අතර පරිසරය සහ තිරසාරත්වය කෙරෙහි ද සන්නාමය දැඩි අවධානයක් යොමු කරයි. එසේම Crystalstone ආයතනයේ ප්රධාන නිෂ්පාදනාගාරය ISO 9001:2015 සහ ISO 14001:2015 තත්ත්ව සහතිකයන්ගෙන් ද පිදුම් ලබා ඇත.
www.crystalstone.lk වෙබ් අඩවියෙන්, info@crystalstone.lk ඊමේල් ලිපිනයෙන් හෝ 0773150111 දුරකථන අංකයට ඇමතීමෙන් Crystalstone Quartz Surfaces පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.


October, 26, 2022
නෙළුම් කුළුණ පරිශ්රයේ එළිමහන් රංග පීඨයෙහි පසුගියදා අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්වූ පළමු සංගීත සංදර්ශනය වූ ‘Slow Flow Live’ සඳහා මෙරට ප්රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නිළ බැංකුකරණ පාර්ශවකරුවා ලෙස අනුග්රාහකත්වය දැක්වූ අතර එහිදී බැංකුව සිය ‘ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම’ ප්රවර්ධනය කිරීමට කටයුතු කරන ලදී. Sun FM ගුවන් විදුලිය විසින් සංවිධානය කළ මෙම සංගීත සැඳෑව වර්ණවත් කිරීම සඳහා මෙරට අතිශයින්ම ජනප්රිය සංගීත කණ්ඩායම් සහභාගී වූ අතර මෙය නැරඹීම සඳහා 3500 කට අධික පිරිසක් සහභාගී විය.
කොමර්ෂල් බැංකුව මෙහිදී ‘ෆ්ලෑෂ්’ නාමය නිර්මාණශීලී ලෙස සන්නාමකරණය කළ අතර ඒ සඳහා ඩිජිටල් වෝල්, නියෝන් ලයිට් ඇතුළු විවිධ වූ නව්ය ක්රම අනුගමනය කර තිබුණි. මීට අමතරව, මෙහිදී, ‘ෆ්ලෑෂ්’ ගනුදෙනුකරුවන් සඳහා වෙනමම ස්ථානයක් වෙන්කර තිබූ අතර එහි සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු කරගත හැකි පරිදි ‘ෆ්ලෑෂ්’ සන්නාමය සහිත slow-motion වීඩියෝ ලබාගැනීමේ අවස්ථාව ලබාදී තිබුණි.
මෙහිදී, බැංකුව සිය සන්නාමය සමග පාරිභෝගිකයින් සම්බන්ධවීම තවදුරටත් වර්ධනය කිරීම සඳහා ‘ෆ්ලෑෂ්’ පාරිභෝගිකයින් වෙනුවෙන් මෙම ස්ථානයේදී දිනුම් ඇදීමක්ද පවත්වන ලදී. මෙම දිනුම් ඇදීමේ පළමු ත්යාගය ලෙස සති අන්ත නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව ලබාදී තිබුණු අතර තවත් සැනසිලි ත්යාග දෙකක් ලෙස මුදල් ත්යාග ලබාදීමට කටයුතු කරන ලදී. මීට අමතරව, මෙම වැඩසටහන අතරතුරදී ඕනෑම කෙනෙකු ‘ෆ්ලෑෂ්’ ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කරගෙන බැංකු ගිණුමේ ලියාපදිංචි වූ විට ක්ෂණික ත්යාග වවුචරයක් ලබාදුන් අතර එය මෙම වැඩසටහනේ ආහාර මිලදීගැනීම සඳහා භාවිතා කිරීමට හැකිවිය.
‘ෆ්ලෑෂ්’ සන්නාමය නව රැළි නිර්මාණය කරන්නෙකු ලෙස නව පරම්පරාවේ ගනුදෙනුකරුවන්ට නව තාක්ෂණය සහ නිර්මාණශීලී විසඳුම් හඳුන්වා දෙන අතර ජාත්යන්තර තත්ත්වයෙන් පැවති මෙම වැඩසටහන තුළදීද එම ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ අත්දැකීම ලබාදීමට කටයුතු කරන ලදී.
සේයාරු වලින් දැක්වෙන්නේ ‘Slow Flow Live’ සංදර්ශනයේ අවස්ථාවන් කිහිපයක් සහ කොමර්ෂල් බැංකුව විසින් පැවැත්වූ දිනුම් ඇදීමේදී සති අන්ත නිවාඩු පැකේජයේ ජයග්රාහකයාට එම ත්යාගය පිරිනමන ආකාරයයි.
October, 26, 2022
ශ්රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහල වන මවුන්ට් ලෝටස් රෝහල, ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනයට සමගාමීව සංවිධානය කරන ලද සෞඛ්ය කඳවුර පසුගියදා ගල්කිස්ස රෝහල් පරිශ්රයේදී සාර්ථකව නිමාවට පත්විය.
මවුන්ට් ලෝටස් රෝහලේ පළපුරුදු සෞඛ්ය සේවා කාර්ය මණ්ඩලය විසින් නොමිලේ පවත්වන ලද මෙම සෞඛ්ය කඳවුරේදී ළමුන් සහ වැඩිහිටියන් 500 කට අධික ප්රමාණයකගේ අක්ෂි සහ ශ්රවණ පරීක්ෂාවන් සිදු කරන ලදී. මූලික අක්ෂි සහ ශ්රවණ පරීක්ෂණ වලට අමතරව, වැඩිහිටියන්ගේ රුධිරයේ සීනි, රුධිර පීඩනය සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ද පරීක්ෂා කරන ලද අතර පසුව සෞඛ්ය සම්පන්න ජීවන රටාවක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව වෛද්ය උපදෙස්ද ලබා දුන්නේය. මූලික අක්ෂි පරීක්ෂණයට ලක්වූ ළමුන් අතරින් වැඩිදුර අක්ෂි පරීක්ෂණ අවශ්ය වූ ළමුන් පනස් දෙනෙකු සඳහා මවුන්ට් ලෝටස් රෝහලේ විශේෂඥ අක්ෂි වෛද්යවරුන්ගෙන් නොමිලේ අක්ෂි උපදේශන ලබා ගැනීමට අවස්ථාව හිමි වුනි. එදින රෝගීන්ට ඇස් කණ්ණාඩි සහ ශ්රවණ උපකරණ සඳහා විශේෂ වට්ටම් ද ලබා ගත හැකි විය.
මවුන්ට් ලෝටස් රෝහලේ සාමාන්යාධිකාරී වෛද්ය සමන් පී බස්නායක මහතා ප්රකාශ කළේ, "පසුගිය වසරේ රෝහල නිල වශයෙන් විවෘත කළ දා සිටම රෝගීන්ට ගුණාත්මක අක්ෂි සහ ශ්රවණ ප්රතිකාර ලබාදීමට අපි උත්සාහ කළා. ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවන් සංවිධානය කළ මෙම සෞඛ්ය කඳවුර සඳහා සිය ගණනක් කුඩා දරුවන් සහ වැඩිහිටියන් පැමිණීම ගැන අපි සතුටු වනවා. ඒ වාගේම මෙම සෞඛ්ය කඳවුර සාර්ථකව පැවැත්වීමට සහාය දැක් වූ අපගේ කාර්ය මණ්ඩලයට මම ස්තූතිය පුද කරනවා”
අංක 102, ගාලූ පාර, ගල්කිස්ස, පිහිටා ඇති මවුන්ට් ලෝටස් රෝහල, දේශීය සහ විදේශීය රෝගීන් සඳහා ජාත්යන්තර මට්ටමේ අක්ෂි සහ උගුර, කන, නාසය ආශි්රත වෛද්ය විසඳුම් ලබා දීම සඳහා කැප වූ විශේෂිත රෝහලකි. ඕනෑම ආකාරයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශි්රත ආබාධයක් සඳහා වෛද්ය සහ ශල්ය විසඳුම් ලබා දීමට නවීන තාක්ෂණයන් සහ ඉහළ පිළිගැනීමක් ඇති වෛද්ය මණ්ඩලයකින් රෝහල සමන්විත වේ. රෝගීන් හොඳින් රැකබලා ගැනීම සඳහා වසර ගණනක පළපුරුද්ද ඇති, ඉහළ සුදුසුකම් ලත්, මිත්රශීලී සහායක කණ්ඩායමක්ද රෝහල සතු වෙයි. නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින්, ඉහළ ගුණාත්මක සත්කාරයක් සමඟින් පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශි්රත ප්රතිකාර සේවාවන් රැසක් රෝගීන්ට ලබා දීමට ඔවුන්ට හැකි වේ.


October, 26, 2022
එළබෙන සිකුරාදා (28) රු. මිලියන 30,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙහිදී කල්පිරීමේ කාල දෙකක් යටතේ මෙම වෙන්දේසිය පවත්වනු ලබන අතර එහිදී 2025 කාණ්ඩය වෙනුවෙන් රු. මිලියන 12,500 ක වටිනාකමකින් යුතු බැඳුම්කර සහ 2028 කාණ්ඩය සඳහා රු. මිලියන 17,500 ක වටිනාකමකින් යුතු බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරේ.
මෙහිදී ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්රී ලංකා මහ බැංකුව විසින් එක් එක් කාණ්ඩය යටතේ වෙන්දේසියට ඉදිරිපත් කළ ප්රමාණයට නොවැඩි ඕනෑම ප්රමාණයක් පිළිගනු ලැබිය හැකි බවයි.

October, 25, 2022
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (26) දිනයේ දී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.
රු. මිලියන 80,000 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්රමාණයක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

October, 25, 2022
ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO, 'AICPA & CIMA Satyn Women Friendly Workplace Awards 2022' සම්මාන උළෙලේ දී ශ්රී ලංකාවේ කැපී පෙනෙන කාන්තා හිතකාමී සේවා ස්ථාන අතරින් එකක් ලෙස පසුගිය දා සම්මානයට පාත්ර විය. එමෙන්ම එම සම්මාන උළෙලෙහි දී ‘Organization with the Most Female Friendly Innovation/Practice in the Sri Lankan Workplace’ සඳහා වන සම්මානය දිනාගැනීමට ද DIMO සමත් විය.
සාම්ප්රදායිකව පුරුෂ කේන්ද්රීය කර්මාන්ත ලෙස සැලකෙන කර්මාන්ත ක්ෂේත්ර කිහිපයකම නියැලෙන සමාගමක් වන DIMO සිය කාර්ය මණ්ඩල සාමාජිකාවන්ට සුදුසු ආයතනික පරිසරයක් ගොඩනැංවීමට නිරන්තර අවධානය යොමු කරයි. එමෙන් ම DIMO සිය සේවා ස්ථාන සියල්ලකම පාහේ ස්ත්රී පුරුෂ සමානාත්මතාව ගොඩ නංවමින්, සියලු ම දෙනාට සමාන අවස්ථා නිර්මාණය කිරීම සඳහා ප්රමුඛතාව ලබා දෙන අතර, විශේෂයෙන් ම වාහන යාන්ත්රික විද්යාව හා ඉංජිනේරු ආදී බොහෝ රැකියා ක්ෂේත්ර වෙත කාන්තාවන් යොමු කරවමින් ඔවුන් සවිබල ගැන්වීමට DIMO කටයුතු කරයි.
DIMO සභාපති හා කළමනාකාර අධ්යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙම ගෞරවණීය ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, " DIMO තම සාමාජිකාවන්ගේ සිහින හා අභිලාෂයන් බල ගැන්වීම වෙනුවෙන් කරන කැපවීම මෙවර AICPA & CIMA Satyn Women Friendly Workplace Awards 2022 සම්මාන උළෙලේ දී ඇගයීමට පාත්ර වීමට හේතු වුණා කිව්වොත් මම නිවැරදියි. පසුගිය කාලවකවානුව තුළ අප සමාගමේ ඉහළ තනතුරු සඳහා කාන්තාවන්ගේ ආගමනය 5.8% කින්, සාම්ප්රදායික නොවන රැකියා ක්ෂේත්ර තුළ කාන්තා නියෝජනය 15% කින් සහ ආයතනය වෙත කාන්තාවන් බඳවා ගැනීම 4% කින් ඉහළ ගොස් තිබෙනවා. " යනුවෙනි.
සිය ආයතනික පරිසරය තුළ සමානාත්මතාව, කුසලතා සහ ගෞරවණීය හැසිරීම යන විෂයයන් වැඩි දියුණු කිරීම පිළිබඳව ගුණාත්මක නැඹුරුවක් ඇති කිරීම සඳහා DIMO Employee Resource Group නමින් සුවිශේෂී ක්රමවේදයක් පිහිටුවීමට කටයුතු කළ අතර, එමගින් විශේෂයෙන් සේවිකාවන්ට, තමාට පැන නැඟී ඇති ඕනෑ ම ගැටලුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ලබා දී ඇත අතර විවිධ වැඩසටහන් ඔස්සේ කාන්තාවන් සවිබල ගැන්වීම සිදුකරයී. සිය කාන්තා ඉංජිනේරුවරියන් හරහා දක්ෂතා සපිරි කාන්තා ඉංජිනේරුවරියන් සිය සමාගමේ ඉංජිනේරු පුරප්පාඩු සදහා බදවා ගැනීමේ ක්රියාවලිය සහ මෑතක දී ආයතනය පුරා සිදු කරන ලද සමානාත්මතාවය අපක්ෂපතිබාවය සදහා වූ වැඩමුළු කාන්තා හිතකාමී ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් හඳුන්වා දුන් වැඩසටහන් ද්විත්වයකි.
IFC, DFAT (International Finance Corporation, Australian Department of Foreign Affairs & Trade) SheWorks Sri Lanka හවුල්කාරිත්වය සහ UNGC Working Group on Gender Equality and Diversity සහයෝගීතාව තුලින් ආයතනික වශයෙන් කාන්තා නියෝජනය ඉහල කළමනාකාරිත්වය ඇතුළු සියලුම අංශ තුල වර්ධනය කිරීමට DIMO කටයුතු කරයි. එය යථාර්ථයක් බවට පත් කරමින් මේ වසර මුල දී, DIMO සිය අධ්යක්ෂ මණ්ඩලයේ පළමු කාන්තා නියෝජනය වන දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය පත් කරණු ලැබූ අතර ඇය DIMO හි විධායක අධ්යක්ෂිකාවක මෙන් ම සමූහ ප්රධාන මානව සම්පත් නිලධාරිණිය ලෙස ද කටයුතු කරයි.
තම සේවා ස්ථාන, විවිධත්වයෙන් යුත් සේවක සමුහයක නියෝජනයක් විය යුතු බව DIMO තරයේ විශ්වාස කරයි. සිය ශ්රම බලකායේ කාන්තා නියෝජනය වර්ධනය කිරීම සහ ඉහළ වෘත්තීයමය සාර්ථකත්වයක් සඳහා ඔවුන් අඛණ්ඩව සවිබල ගැන්වීම තුලින් DIMO සිය ආකල්ප, දැනුම සහ නිර්මාණශීලීත්වය යන අංශයන් සංවර්ධනය කරමින් ඉදිරියට යයි. DIMO ලබා ගත් මෙම විශිෂ්ට ජයග්රහණය තුළින් කාන්තාවන් සවි බලගැන්වීම හරහා සමානාත්මතාව ගොඩනැංවීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම සංකේතවත් කරයි.
ඡායාරූපය : DIMO නියෝජිතයින් ශ්රී ලංකාවේ විශිෂ්ටතම කාන්තා හිතකාමී සේවා ස්ථානය සඳහා වන සම්මානය පිළිගනිමින්...
October, 25, 2022
ලොව විශාලතම වාර්ෂික වාර්තා තරඟාවලිය වන MerComm ARC සම්මාන ප්රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව රන් සම්මානයක් සහ ලෝකඩ සම්මානයක් සහිතව සම්මාන හතරක් දිනාගැනීමට සමත්විය.
මෙහිදී, කොමර්ෂල් බැංකුව වාර්ෂික වාර්තාවේ ‘අභ්යන්තර නිර්මාණය’ සඳහා රන් සම්මානයත් ‘අන්තර් කි්රයාකාරී වාර්ෂික වාර්තා’ සඳහා ලෝකඩ සම්මානයත් දිනාගත් අතර ‘ප්රාදේශීය බැංකු’ අංශයේදී ‘ලිඛිත අන්තර්ගතය’ සහ ‘සභාපතිගේ ලිපිය’ සඳහා ගෞරවණීය සම්මාන දෙකක්ද දිනාගන්නා ලදී.
වාර්ෂික වාර්තා සම්මාන ක්ෂේත්රයේ ‘ඇකඩමි සම්මාන’ ලෙස හඳුන්වන ARC සම්මාන මගින්, වාර්ෂික වාර්තා තුළින් සාර්ථක ලෙස සමාගමේ කතාව සන්නිවේදනය කිරීමේ දක්ෂතාවය ඇගයීමට ලක් කරමින් වාණිජ බැංකුවලට සම්මාන පිරිනමයි. මෙහිදී, නිර්මාණශීලීත්වය, පැහැදිලිභාවය, කාර්යක්ෂමතාවය සහ විශිෂ්ටත්වය සලකා බලන අතර ආයතනික ලාභය හෝ නිෂ්පාදන වටිනාකම් සලකා නොබලයි.
‘ ඕනෑම ලයිස්තුගත සමාගමක විනිවිදභාවය, වගකීම, පාලනය සහ කාර්යසාධනය පෙන්වීම සඳහා ඉතාමත් වැදගත් සන්නිවේදන උපකරණය වන්නේ වාර්ෂික වාර්තාවයි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසීය. ‘කොමර්ෂල් බැංකුවේ වාර්ෂික වාර්තාව අපි සකස් කරන්නේ ඉතාමත් නිර්මාණශීලී විදිහටයි. මේ සඳහා වසර ගණනාවක් මුළුල්ලේ සම්මාන රාශියක් ලැබී තිබෙනවා. අපි විසින් දිනාගත් මෙම නවතම ARC සම්මාන මෙම ගෞරවණීය සම්මාන පෙළට වැදගත් එකතුවක්. මෙම වාර්ෂික වාර්තාව නිර්මාණය කිරීමට දායකත්වය දැක්වූ සැමට ලැබෙන ඉහළම දිරියක් ලෙස මෙම සම්මාන සැලකිය හැකියි.’
36 වන වාර්ෂික ජාත්යන්තර ARC සම්මාන ප්රදානෝත්සවය අතිඋත්කර්ශවත් අයුරින් ඔක්තෝම්බර් 22 වනදා ස්පාඤ්ඤයේ බාර්සලෝනා නුවරදී පැවැත්වුණි.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
October, 25, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්යාපාරයක් වන DIMO සිය කාන්තා සවිබල ගැන්වීමේ නවතම ආයතනික වැඩසටහන වන ‘Powerfully You’ පසුගිය දා දියත් කෙරිණි. DIMO සමාගමේ කනිෂ්ඨ හා මධ්යම මට්ටමේ වෘත්තික කාන්තාවන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ නායකත්ව කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් සමාගම මෙම වැඩසටහන ආයතනය තුළම නිර්මාණය කළ අතර, එය මෙහෙයවනු ලබන්නේ සම්මානලාභී උපදේශිකාවක් වන සෙනෙලා ජයසූරිය මහත්මිය විසිනි.
DIMO විධායක අධ්යක්ෂිකා සහ සමූහ ප්රධාන මානව සම්පත් නිලධාරිණී, දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය පැවසුවේ, “මෙම වැඩසටහන කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට, අවිනිශ්ෂිත පරිසරයන්ට සාර්ථකව මුහුණදීමට වගේ ම කාන්තාවන් තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ප්රධාන වශයෙන් අරමුණු කරනවා. ඒ වගේ ම අප සමාගමේ වර්ධනයට වගේ ම වෙළෙඳපොළ අභියෝග ජයගැනීමටත් අපගේ කාන්තා වෘත්තිකයින් බලගැන්වීම අත්යවශ්යයි. DIMO තම සාමාජිකාවන්ගේ සැබෑ හැකියාවන් හොඳින් අවබෝධ කරගෙන තිබෙන නිසා ඔවුන්ගේ අවශ්යතාවන්ට විසඳුම් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙනවා." යනුවෙනි.
2025 වසර වන විට ආයතනික වශයෙන් තීන්දු තීරණ ගැනීමේ දී කාන්තා නියෝජනය 10% සිට 40% දක්වා ඉහළ නැංවීමට DIMO අරමුණු කරන අතර, එය යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් 'Powerfully You' වැඩසටහන ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. පවතින තත්ත්වයන්ට අනුගත විය හැකි සේවිකාවන් බිහි කරන මෙම වැඩසටහන මඟින් ඔවුන් අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව සහිත, ආයතනික පරිසරයේ වෙනස් වීම් සාර්ථකව කළමනාකරණය කළ හැකි පිරිසක් බවට පත් කරයි. එමෙන් ම 'Powerfully You' වැඩසටහනේ තවත් ප්රධානතම අරමුණක් වන්නේ වෘත්තීය සංවර්ධනය සඳහා කැපවෙමින්, සිය පූර්ණ හැකියාවන් කරා ගමන් කරන කාන්තා ශ්රම බලකායක් නිර්මාණය කිරීමයි.
මෙම වැඩසටහන 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට 2023 වසරේ මාර්තු මාසය දක්වා මාස 6ක කාලයක් පැවැත්වීමට නියමිත අතර, එය සංවර්ධන වැඩමුළු හා අභ්යන්තර විමර්ශන සැසි ඇතුළත් වැඩසටහන් ගණනාවක් අනුගමනය කරන පරිදි සැළසුම් කර ඇත. එම වැඩමුළුවලට සමගාමීව උපදේශන වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට නියමිත අතර, එහි න්යායික ඉගැන්වීම් ප්රායෝගිකව භාවිත කිරීමේ අවස්ථාව ද සහභාගිවන්නන්ට ලබා දීම විශේෂිතය. එමෙන් ම එහි දී සමාගමේ ජ්යේෂ්ඨ වෘත්තිකයින්ගේ සහයෝගය මගපෙන්වීම සහිතව සිය වෘත්තීය ජීවිතයේ ඉදිරියට ම යාමට මෙම වැඩසටහනට සහභාගි වන සාමාජිකාවන්ට අවස්ථාව ලැබේ.
‘Powerfully You’ වැඩසටහන DIMO හි සමානාත්මතාව හා කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ ක්රියාවලියේ තවත් එක් වැඩසටහනකි. එමෙන් ම සිය සාමාජිකාවන්ගේ සිහින හා අභිලාෂයන් බල ගැන්වීමට DIMO කැපවීම ද මෙම වැඩසටහන මගින් සංකේතවත් කෙරේ.

ඡායාරූය : DIMO හි කළමනාකරණ නියෝජිතයින් හා 'Powerful You' වැඩසටහනට සහභාගී වූ පිරිස.
Video Story