October, 18, 2022
සණස ව්යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව දිවයිනේ ගම්මාන 5000 ක් සංවර්ධනය කිරීමේ අරමුණින් ''වැය අඩු කරමු - අය වැඩි කරමු'' මැයෙන් දියත් කරණු ලැබු ජාතික වැඩසටහන පළිබඳව සණස සමූහයේ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන සැප්තැම්බර් මස 19 වන දින කොළඹ කිංග්බරි හෝටලයේ දී පවත්වනු ලැබීය. රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යාංශයේ අතිරේක ලේකම් ධම්මික මුතුගල මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මෙම අවස්ථාව සඳහා සණස ව්යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මහතා, සණස ජීවිත රක්ෂණ සමාගමේ සභාපති, විශ්රාමික පොලිස්පති ආචාර්ය ජයන්ත වික්රමරත්න මහතා ඇතුලු සණස සමූහයේ ඉහළ නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගි විය.
ශ්රී ලාංකීය ගැමි ජනතාවගේ ශක්තිය තුළින් සමූපකාර ව්යාපාරයක් ලෙස නිර්මාණය වූ සණස ව්යපාරය, දේශීය සමූපකාර ව්යාපාර ක්ෂ්ත්රය තුළ සුවිශේෂ සංධිස්ථාන රැසක් සනිටුහන් කරනු ලැබූවකි. ජනතාව සමඟ ඉපිද, ඔවුන් සමඟ වර්ධනයව වර්තමානය වන විට ජනතාවට දිරියෙන් නැඟීසිටීම උදෙසා නායකත්වය ලබාදෙන මෙම ආයතනයට නායකත්වය ලබා දෙමින් ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මැතිඳුන් සිදුකර ඇත්තේ ජාතික කාර්යයකි. එහිදී ලද අත්දැකීම් ඔස්සේ වර්තමානයේ නිර්මාණය වී ඇති අර්බුධකාරී තත්වය තුළ පුද්ගලයෙක් ලෙස, ආයතනයක් ලෙස වගේම සමස්ත රටක් ලෙස අප මේ අර්බුධයෙක් මිඳීම සඳහා කෙසේ අපගේ දායකත්වය ලබා දිය යුතුද? යන්න සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමේ අරමුණින් දියත් කරනු ලබන වැඩසටහන ලෙස ''වැය අඩු කරමු - අය වැඩි කරමු'' ජාතික වැඩසටහන් දැක්විය හැකිය.
මෙහිදී අදහස් දක්වමින් සණස ව්යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා මෙසේ පැවසීය. "මේ වෙලාවෙ රට පත්වෙලා තිබෙන අර්බුධයෙන් ගොඩඑන්න නම් අපට සාම්ප්රදායික විදිහට හිතලා ක්රියාත්මක වෙලා නම් බැහැ. ඒ සඳහා ගම් මට්ටමේ සිට ජාතික මට්ටම තෙක් සියල්ලෝම මේ සඳහා එක්ව කටයුතු කල යුතුයි. ''වැය අඩු කරමු - අය වැඩි කරමු'' වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිත වන්නේ මේ සඳහා වන මතවාදය ප්රචලිත කිරීමටයි. මෙහිදී අපි සියල්ලන්ටම පුද්ගලිකව කළ හැකි දේ සහ කණ්ඩායමක් ලෙස එක්ව කළ හැකි දේ බොහෝමයක් තිබෙනවා. මේ දේවල් ගැන නිසි අවබෝධයක් ලබාගැනීම සහ ඊට අදාළ පරිදි ක්රියාත්මක වීම ඉතා වැදගත්. ලෝකය පුරා සාර්ථකව ක්රියාත්මක වන සමූපකාර සංකල්පය වන්නේම එක්ව ක්රියාත්මකවීමයි. රටක් හැටියට ජයගන්න නම් එක්ව නැගීසිටීම හැර විකල්පයක් නැහැ. මේ කර්තව්ය ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට තරුණයන්ට කරන්න වශාල කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා මම මේ තරුණයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබට මේ මොහොතේ කළයුතු කාර්යභාරය මැනවින් අවබෝධ කරගෙන ඒ කාර්යයේ නිරතවෙන ලෙස.''
මෙම වැසටහන දිස්ත්රික්ක මට්ටමින් ක්රියාත්මක වීමේ සමාරම්භය සනිටුහන් කරමින් කුරුණෑගල දිස්ත්රික්කයේ ඉබ්බාගමුව මහා විද්යාලයීය ශ්රවරණාගාරයේ දී පළමු දිස්ත්රික් ජාතික වැඩසටහන දෙදිනක් පුරා පවත්වනු ලැබූ අතර, එ් සඳහා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දිස්ත්රික්ක 16ක සණස සමිති සාමාජිකයින් සජීවීව සම්බන්ද විය. මෙහි දෙවන වැඩසටහන කලුතර දිස්ත්රික්ය කේන්ද්ර කර ගනිමින් පසුගියදා ක්රියාත්මක වූ අතර, මීළඟ වැඩසටහන මාතර දිස්ත්රික්කය දියත් කරමින් පැවැතුවීමට සැළසුම් කර ඇත. මෙි ආකාරයට සෑම මසකම එක් දිස්ත්රික්කයක් ආවාරණය කරමින් දිවයිනේ සෑම දිස්ත්රික්කයක් වෙතම මෙම වැඩසටහන ගෙන යමින් සණස සමාජිකයින් සහ පොදුවේ තරුණ ප්රජාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම මූලිකම අරමුණ වේ.


October, 17, 2022
2022 මැයි මාසය අවසන් වන විට ශ්රී ලංකා රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්රමාණය රු. බිලියන 24,051.3 ක් හෙවත් රු. ට්රිලියන 24.05 ක් ලෙසින් වාර්තා වේ.
2022 අප්රේල් මාසය අවසානයේ දී මෙම අගය රු. බිලියන 23,310.1 ක් ලෙසින් දැක්වුණු අතර 2021 වසර අවසානයේ දී මධ්යම රජයේ සමස්ත ණය ප්රමාණය රු. බිලියන 17,589.4 ක් ලෙසින් සටහන් විය.
මේ අනුව මැයි මාසය තුළ දී පමණක් රජයේ ණය ඉහළ ගොස් ඇති ප්රමාණය රු. බිලියන 741.2 කි.
2022 මැයි මාසයේ දී සමස්ත ණය ප්රමාණයෙන් රු. බිලියන 12,522.1 ක් දේශීය ණය ලෙසත් රු. බිලියන 11,529.2 ක් විදේශීය ණය ලෙසත් වාර්තා වේ.
2022 අප්රේල් මාසයේ දී දේශීය ණය රු. බිලියන 12,442.3 ක් හා විදේශීය ණය රු. බිලියන 10,867.8 ක් ලෙසින් වාර්තා වී තිබුණි.
මේ අනුව මැයි මාසය තුළ දේශීය ණය රු. බිලියන 79.8කින් හා විදේශීය ණය රු. බිලියන 661.4කින් ඉහළ ගොස් ඇත.
මේ අතර ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ, 2014 වසරේ දී ජාත්යන්තර මූල්ය අරමුදල විසින් ප්රකාශයට පත් කරන ලද රාජ්ය මූල්ය සංඛ්යාලේඛන සම්පාදනය කිරීමේ මාර්ගෝපදේශවලට අනුව, අනේවාසිකයන් සතු ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන සහ ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජන විදේශීය ණය යටතේ වර්ගීකරණය කර ඇති බවත්, නේවාසිකයන් සතු ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කරවල ආයෝජන සහ ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජන දේශීය ණය යටතේ වර්ගීකරණය කර ඇති බවත්ය.
October, 17, 2022
ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්රකාශයට පත් කරනු ලබන මාසික දරිද්රතා රේඛා සටහනෙහි නවතම වාර්තාව නිකුත් කර තිබේ. ඒ 2022 අගෝස්තු මාසයට අදාළවයි.
මෙම වාර්තාවට අනුව මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්යතා සපුරාලීම සඳහා මසකට අවශ්ය අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) රු. 13,460 ක් වේ. මෙම අගය 2022 ජූලි මාසය තුළ රු. 13,138 ක් වශයෙන් වාර්තා වී තිබුණි.
2022 අගෝස්තු මාසයේ ඉහත අගයයට අනුව සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්ය අවම වියදම රු. 53,840 ක් වනු ඇත.
පෙර මාසයට සාපේක්ෂව 2022 අගෝස්තු මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය මෙම නිල දරිද්රතා රේඛාවේ වැඩිවීමට හේතුවී ඇති බව බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.
ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වාර්තාවට අනුව සිය මූලික අවශ්යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්රික්කය තුළ ජීවත් වන අයෙකුටයි. එය රු. 14,517 කි. මෙහි අවම අගය වාර්තා වන්නේ මොණරාගල දිස්ත්රික්කයෙන් වන අතර එම අගය රු. 12,870 ක් වේ.
2022 අගෝස්තු මාසයට අදාළ මෙම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

October, 17, 2022
ව්යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවයේදී (Global Performance Excellence Award) කොමර්ෂල් බැංකුව හැදෑරිය යුතු ව්යාපාරික ආකෘතියක් ලෙස ඉහළම ඇගයීමට ලක්වී ඇත.
ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නවසීලන්තය පදනම් කරගත් ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනය (APQO) විසින් සංවිධානය කළ 2022 වසරේ ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවයේදී ‘World Class’ සම්මානය දිනාගත් ජාත්යන්තර ආයතන 08 අතර විය.
කොමර්ෂල් බැංකුව වෙත ‘World Class’ සම්මානය ලබාදීමට පදනම් වූයේ ශ්රී ලංකා ප්රමිති ආයතනයේ ජාතික ගුණාත්මක තත්ත්ව සම්මාන ප්රදානෝත්සවය (SLNQA) සඳහා Baldrige විශිෂ්ටතා රාමුව පදනම් කරගනිමින් දැක්වූ විශිෂ්ටත්වය පිළිබඳව ඉදිරිපත් කර තිබෙන කරුණුය. ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනයේ තරගය සඳහා එම ඉදිරිපත් කිරීම යෝග්ය යැයි ශ්රී ලංකා ප්රමිති ආයතනය විසින් නිර්දේශ කර ඇත.
මීට අමතරව, කොමර්ෂල් බැංකුව සිය බැංකු සේවකයින්ට ලබාදුන් පද්ධති ප්රවේශය කළමනාකරණය කිරීම වෙනුවෙන් APQO ජාත්යන්තර යහ ක්රමවේද (AIBP) රන් සම්මානයද දිනාගන්නා ලදී.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ සේවා, කි්රයාවලි හෝ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය අභියෝගාත්මක සමයක වුවද අඩු නොකළ යුතු යැයි අපගේ විශ්වාසයයි. අපගේ කාර්ය සාධනයට බාහිර සාධක බලපෑම් එල්ල කරන විට ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවයේදී World Class අංශයේදී සම්මානයක් දිනාගත් පළමු සහ එකම ශ්රී ලාංකේය බැංකුව වීම තුළින් පිළිඹිබු වන්නේ කොමර්ෂල් බැංකු පවුලේ සෑම මට්ටමකම මෙම විශ්වාසය තිබෙන බවයි.’
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා අන්තර්ජාලය ඔස්සේ පැවති ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවය ඇමතූ ආකාරය සේයාරුවේ දැක්වේ.
October, 17, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) එහි නවතම යාවත්කාලීන කළ ජාතික විද්යුත් ව්යාපාරික නාමාවලිය (eDirectory) සහ වෙබ් අඩවිය (Website) එළිදක්වා තිබේ.
ශ්රී ලංකාවේ වඩාත්ම යාවත්කාලීන වූ ඉලෙක්ට්රොනික ව්යාපාරික නාමාවලිය වන මෙය මෙරට සාමාන්ය පාරිභෝගිකයන්ට මෙන්ම ව්යාපාරික පාරිභෝගිකයන්ට ද අතිශයින් වැදගත් වනු ඇත. දැනටමත් www.rainbowpages.lk වෙබ් අඩවියට දිනකට 10,000කට අධික පිරිසක් පිවිසෙන අතර, එය ශ්රී ලංකාවේ වඩාත්ම ප්රශස්තකරණය වූ සෙවුම් යන්ත්රය ලෙස සැලකේ.
විශේෂයෙන්ම මෙරට ක්ෂුද්ර, සුළු හා මධ්යම පරිමාණ ව්යාපාරවල තහවුරු කරන ලද සම්බන්ධතා තොරතුරු මීට ඇතුළත් වී තිබීම, එම ව්යාපාරවලට සහ ගනුදෙනුකරුවන්ට බෙහෙවින් ප්රයෝජනවත් ය. Business to Business (B2B) ව්යාපාර ඇතුළු සියලුම කාණ්ඩවල ව්යාපාරවලට Search Engine Optimization (SEO) සහ Search Engine Marketing (SEM) ක්රමවේද භාවිතා කළ හැකි වීම නිසා ඔවුන්ට වැඩි පාරිභෝගික පිරිසක් ආමන්ත්රණය කරමින් තම අලෙවිය වැඩි කර ගැනීමට අවස්ථාව ලැබේ.
විද්යුත් නාමාවලියෙහි ලියාපදිංචි වී ඇති සියලුම ව්යාපාරවලට අමතර සහායක් වශයෙන්, සියලු ආකාරයේ ඩිජිටල් අලෙවිකරණ, වෙබ් සංවර්ධන සහ ප්රචාරණ විසඳුම් එකම ස්ථානයකදී ලබාගත හැකිය. මෙම ලැයිස්තුවෙහි ලියාපදිංචි වී සහ ලැයිස්තුගත වී සිටින ව්යාපාරවලට රජයේ ටෙන්ඩර් සඳහා ද සැපයුම්කරුවන් ලෙස ඉදිරිපත් විය හැක. මෙම ව්යාපාර මහා භාණ්ඩාගාරයේ අනුමත ලියාපදිංචි සැපයුම්කරුවන් ලෙස සලකනු ලබන නිසා, මධ්යගත රාජ්ය ප්රසම්පාදන කටයුතුවලට දායක වීමට ඔවුන්ට වැඩි වශයෙන් අවස්ථා හිමි වේ.
විද්යුත් ව්යාපාර නාමාවලියේ ලියාපදිංචි සමාගම් හා ආයතනවලට මාධ්ය කිහිපයක් ඔස්සේ තම නිෂ්පාදන හා සේවා ප්රදර්ශනය කිරීමට අවස්ථාව ලැබෙන නිසා, පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් එම තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතී. මුද්රිත නාමාවලිය, ඩිජිටල් නාමාවලිය, ජංගම යෙදුම, විද්යුත් පොතක්, ඇමතුම් මධ්යස්ථාන සේවාව (SLT 1212, Mobile 444), IVR ප්රවර්ධන සේවා, ඩිජිටල් අලෙවිකරණය, සමාජ මාධ්ය දැන්වීම්කරණය සහ වෙබ් නිර්මාණය ඇතුළු බොහෝ ක්රමවේද හරහා ව්යාපාරවලට තම තොරතුරු සන්නිවේදනය කළ හැකි වේ.
SLT-DIGITAL යනු ඩිජිටල් අලෙවිකරණය, ව්යාපාර නාමාවලි ප්රචාරණය, ඩිජිටල් නාමාවලි විසඳුම්, වෙබ් සංවර්ධන විසඳුම්, උත්සව කළමනාකරණය, ප්රවර්ධන හා සන්නාම සේවා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් ඇතුළු විසඳුම් හා සේවා රාශියක් ලබාදෙන සමාගමකි. රටේ ක්ෂුද්ර, සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර කාණ්ඩය තුළ ජනප්රියම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ අලෙවිකරණ විසඳුම් සම්පාදකයා බවට පත්වීම එහි අරමුණයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.rainbowpages.lk, සහ www.rainbowpages.lk/ebook වෙතින් හෝ 1212 (ඇමතුම් මධ්යස්ථානය) සහ 0112 399 399 (ක්ෂණික ඇමතුම්) අංක හරහා ලබාගත හැකි වේ.
October, 17, 2022
වෙළෙඳ පරිමාව අනුව ලොව විශාලතම ක්රිප්ටො මුදල් හුවමාරුව වන Binance විසින් පත් කරන ලද, රාජ්ය ප්රතිපත්ති, රාජ්ය, මූල්ය, ආර්ථික විද්යාව සහ ආයතනික පරිපාලනය යන ක්ෂේත්ර සම්බන්ධ කීර්තිමත් විශේෂඥයින් කණ්ඩායමකගෙන් සමන්විත සිය නව ගෝලීය උපදේශක මණ්ඩලය පිළිබඳව පසුගිය දා නිවේදනය කෙරිණි.
හිටපු එක්සත් ජනපද සෙනෙට් සභික, චීනයේ ඇමරිකානු තානාපති මැක්ස් බවුකස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ගෝලීය උපදේශක මණ්ඩලය පසුගිය දා ප්රංශයේ පැරිස් නුවර දී රැස්විය. එම මණ්ඩලයේ පරමාර්ථය වන්නේ සමස්ත ක්රිප්ටෝ කර්මාන්තය වේගයෙන් වර්ධනය වන විට මුහුණ දෙන වඩාත් සංකීර්ණ නියාමන, දේශපාලනික හා සාමාජීය ගැටලු හා ඒවා නිරාකරණය කරගැනීම පිළිබඳව Binance සමාගම වෙත උපදෙස් ලබා දීමයි.
Binance නිර්මාතෘ හා ප්රධාන විධායක නිලධාරී චැංග්පෙංග් සාඕ මහතා පැවසුවේ "පසුගිය වසර පහ තුළ Binance සමාගම crypto, blockchain සහ Web3 යන නව සේවාවන් ආශ්රිතව ලෝකයේ ඉදිරියෙන් ම සිටිනවා. ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ, අපි සංකීර්ණ ගැටලු රාශියකට මුහුණ දුන්නා. ඒ නිසා ම ක්රිප්ටෝ පරිශීලකයින්ට ප්රයෝජනවත්, ආරක්ෂිත වගේ ම වේගවත් සේවාවක් නිර්මාණය කිරීමට අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. ඒ හරහා නවතම මූල්ය හා බ්ලොක්චේන් ප්රතිලාභ සමස්ත ලෝකය ම සමඟ බෙදා ගැනීම අපගේ අරමුණයි" යනුවෙනි.
කොරියාවේ හ්යුංග් රින් බෑන්ග් මහතා "ක්රිප්ටො මුදල් සහ බ්ලොක්චේන් කර්මාන්තය ගෝලීය වශයෙන් නව අදියරකට පිවිසීමත් සමඟ ම විවිධ ක්ෂේත්රවල ප්රවීණයන් සමඟ මෙම කර්මාන්තයේ තිරසාරභාවය පිළිබඳව සාකච්ඡා කිරීමට වෙනුවෙන්, Binance සමාගමේ ගෝලීය උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙකු වීමට ලැබීම ගැන ඉතාමත් සතුටුයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන කොරියාව සිය දේශීය ක්රිප්ටො මුදල් සහ බ්ලොක්චේන් ක්ෂේත්රය සැලකිය යුතු මට්ටමින් වර්ධනය කරගැනීමට සමත් වෙලා තිබෙනවා. මගේ වෘත්තීය ජීවිතය පුරාවටම තාක්ෂණයේ වර්ධනය සම්බන්ධ මගේ දැනුම හා අත්දැකීම් තුළින් මෙම ගෝලීය උපදේශක මණ්ඩලය වෙත සේවය කිරීම වෙනුවෙන් මා නිරන්තරයෙන් කැප වෙනවා." යනුවෙන් පැවසුවේය.
Crypto, blockchain සහ Web3 යන සේවාවන් මුහුණ දෙන නියාමන සහ අනුකූලතා ගැටලු පිළිබඳව සිය ගෝලීය උපදේශක මණ්ඩලය හරහා අවධානය යොමුකිරීම මගින් Binance සමාගම සමස්තයක් ලෙස මෙම කර්මාන්තයේ තිරසාර වර්ධනය වෙනුවෙන් සිය සහයෝගය ලබා දෙයි.
"අපි සෑම විට ම අපගේ පරිශීලකයින්ට මූලිකත්වය ලබා දෙනවා. එය පසුගිය වසර පහ තුළ අප සමාගම ලබා ඇති වර්ධනයට බෙහෙවින් බලපා තිබෙනවා. ගෝලීය උපදේශක මණ්ඩලය සමඟින්, අපි ලෝකයේ ඕනෑ ම තැනක පවතින විශේෂඥතාවන් වෙත පිවිසෙමින්, සුවිශේෂී සේවාවක් ලබා දීමට කටයුතු කරනවා. Binance සමාගම සහ ගෝලීය උපදේශක මණ්ඩලය අතර පවතින සහයෝගීතාව අප මෙම ක්ෂේත්රය වෙත දක්වන අවධානයට ඉතා හොඳ උදාහරණයක්." යනුවෙන් සාඕ මහතා වැඩි දුරටත් අදහස් දැක්වුවේය.
Binance ගෝලීය උපදේශක මණ්ඩලයෙ හි සාමාජිකයින් වන්නේ Max Baucus (ඇමරිකාව) - හිටපු එක්සත් ජනපද සෙනෙට් සභික, Ibukun Awosika (නයිජීරියාව) නයිජීරියාවේ පළමු බැංකුවේ ප්රථම කාන්තා සභාපතිනිය, , HyungRin Bang (කොරියාව) කොරියානු ජනාධිපති කමිටුවේ උපදේශක, Bruno Bezard (ප්රංශය) ප්රංශ අගමැතිවරයාගේ හිටපු ආර්ථික උපදේශක, Leslie Maasdorp (දකුණු අප්රිකාව) ගෝල්ඩ්මන් සැක්ස් හි හිටපු ජාත්යන්තර උපදේශක, Henrique de Campos Meirelles (බ්රසීලය) බ්රසීල මහ බැංකුවේ හිටපු සභාපති, Adalberto Palma (මෙක්සිකෝව) මෙක්සිකෝවේ නාගරික බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ, David Plouffe (ඇමරිකාව) ධවල මන්දිරයේ හිටපු ප්රචාරක කළමනාකරු සහ ජනාධිපති බරක් ඔබාමාගේ ජ්යෙෂ්ඨ උපදේශක, Christin Schäfer (ජර්මනිය) ඩොයිෂ් බැංකුවේ ප්රමාණාත්මක විසඳුම් පිළිබඳ හිටපු ගෝලීය ප්රධානී, Lord Vaizey (එක්සත් රාජධානිය) හිටපු අමාත්ය හා පාර්ලිමේන්තු සාමි මන්ත්රී, David Wright (යුරෝපය) යුරෝපීය කොමිසමේ මූල්ය වෙළෙඳපොළ පිළිබඳ නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් යන විශේෂඥ වෘත්තිකයන් වේ.
October, 17, 2022
ශ්රී ලංකාවේ ඇඟලූම් ක්ෂේත්රයේ ඉහළම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF), ILO හි Better Work වැඩසටහන සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවට පොරොන්දු විය. ILO විසින් මෑතකදී Better Work (BW) දියත් කරන ලද්දේ Better Work හි අත්දැකීම්, මෙවලම් සහ හවුල්කාරිත්වයන් තුළින් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ මානව සම්පත සවිබල ගැන්වීමටයි. ශී්ර ලංකාව දැනටමත් ඇඟලූම් කර්මාන්තයේ නියැලෙන සේවක ප්රජාවට උසස් ජීවන තත්වයක් ලඟා කරදීම වෙනුවෙන් ඉහළ දායකත්වයක් දක්වන අතර ශ්රී ලංකාවටම සුදුසු පරිදි සකස් කල මෙම BW වැඩසටහන මඟින් ඇඟලූම් කර්මාන්ත සේවකයින් වෙනුවෙන් අනුගමනය කරන සුබසාධන වැඩපිළිවෙල තව තවත් දියුණු කිරීමට අවශ්ය මාර්ගෝපදේශයන් සපයනු ලබයි.
දිවයින පුරා පිහිටි නිෂ්පාදන කම්හල් 350 ක් හරහා සෘජුව සහ වක්රව මිලියනයකට ආසන්න සේවක පිරිසකට රැුකියා අවස්ථා ලබාදෙන ශ්රී ලංකාවේ විශාලතම අපනයනකරු වන ඇඟලූම් කර්මාන්තය කෙරෙහි Better Work හි අවධානය යොමු වී ඇත. වෘත්තීය සුරක්ෂිතාව සහ සෞඛ්යය, කාන්තා ශ්රමිකයින් සඳහා නායකත්ව කුසලතා පුහුණු වැඩසටහන් සහ වෘත්තීය සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳව මෙන්ම කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් (SMEs) දිරිගන්වමින් ඔවුන්ට නායකත්ව, මූල්ය සාක්ෂරතා පුහුණුව සහ SME කර්මාන්තශාලා වැඩිදියුණු කිරීමේ මෙවලම් කට්ටල ලබාදීම ඇතුළුව ස්ත්රී පුරුෂ සමානාත්මතාවය සහ ඇතුළත් කර ගැනීම පිළිබඳව Better Work හි අවධානය යොමුවෙයි.
ඇඟලූම් කර්මාන්තය ජාත්යන්තර වශයෙන් දිනාගත් විශ්වාසය සහ කීර්තිය මානව සම්පත සඳහා වන ආචාරධාර්මික ප්රතිපත්ති සමඟ බැඳී පවතී. ස්ත්රී පුරුෂ සමානාත්මතාවය, සේවක ආරක්ෂාව සහ සෞඛ්යය මත ගොඩනගා ඇති යහපත් සේවා පරිසරයක් සහතික කිරීම වෙනුවෙන් වූ කැපවීම ශක්තිමත් කිරීම සඳහා දේශීය හා ජාත්යන්තර පාර්ශවකරුවන් සමඟ හවුල් වීමට Better Work කදිම අවස්ථාවක් බව JAAF තරයේ විශ්වාස කරයි.
මෙම මුලපිරීමට සහය දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා ප්රකාශ කළේ, ”මෙම වැඩසටහන ඇඟලූම් ක්ෂේත්රයේ දැනටමත් ඉහළ ප්රමිතීන් ඇති කිරීම සඳහා වඩා හොඳ OSH භාවිතයන් සහ ප්රමිතීන් ප්රවර්ධනය කිරීමේ තවත් එක් වැදගත් පියවරක් ලෙස හදුන්වාදිය හැකියි. මෙමගින් කර්මාන්තයේ ප්රධාන පාර්ශවකරුවන්ට ඇඟලූම් කර්මාන්තය සඳහා වූ අපගේ කැපවීම මනාව පෙන්නුම් කරනවා.” යනුවෙනි.
වසංගතයේ ආරම්භය සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ ඇඟලූම් කර්මාන්තය සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සහතික කිරීම සඳහා පුළුල් පරාසයක වැඩසටහන් ක්රියාත්මක කළේය. එහිදී කර්මාන්තශාලා සේවකයින්ට ඔවුන්ගේ පවුල් පෝෂණය කිරීම සඳහා නිවසට ගෙන යාමට අමතර ආහාර පාන ලබා දෙයි. එමෙන්ම සේවකයින්ගේ ළමුන් සඳහා නොමිලේ පාසල් පොත්පත්, වෛද්ය පහසුකම් සහ ගර්භනී කාන්තාවන් සඳහා විශේෂ ආහාර පැකේජ ලබා දීම ද සිදු කරයි. මෙම වැඩපිළිවෙල කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයින් විසින් ද කි්රයාත්මක කරයි.
ඇඟලූම් කර්මාන්තශාලා හිමියන්ව ඔවුන්ගේ සේවකයන්ගේ අවශ්යතාවලට වඩාත් ගැලපෙන සුබසාධන ක්රියාමාර්ග ක්රියාත්මක කිරීමට දිරිමත් කරයි. 2022 ජූනි මස වන විට ඇඟලූම් නිෂ්පාදකයින්ගෙන් 80% ක් පමණ වාර්ෂික වැටුප් වර්ධකවලට අමතරව ජීවන වියදම් සම්බන්ධ ගෙවීම් ඉහළ දමා තිබෙනවා. එය 25% ක වැඩිවීමක් වන අතර මෙම වර්ධක 2021 සිටම කි්රයාත්මක වෙනවා.


October, 17, 2022
ශ්රී ලාංකීය හරිත වාණිජ වන වගා ක්ෂේත්රයේ ප්රමුඛයා වන සදාහරිත සමූහ ව්යාපාරයේ අභිමානවත් 20 වන සැමරුම 2022 වසරටයෙදී ඇත. සිය සංවත්සරය වෙනුවෙන් සදාහරිත සමාගම ශ්රී ලාංකික ජනතාවට නවතම හරිත ආයෝජන සැලසුම් සහ විශේෂ වරප්රසාද රැසක් පිරිනමන බව සතුටින් නිවේදනය කර සිටි.
ශ්රී ලංකාවේ වාණිජ වන වගා කර්මාන්තයේ දශක දෙකක සාඩම්බර අත්දෑකීම් සහිත සදාහරිත සමූහ ව්යාපාරය මෙරටට නව්ය හරිත ආයෝජන සැලසුම් හඳුන්වා දුන් සමාගමක් වන අතර වර්තමානයේ අතිශය ජනප්රිය අගාවුඩ් වන වගාව ශ්රී ලංකාවට හඳුන්වා දුන් පොරෝගාමියා වශයෙන් එහි ගෞරවය හිමිකර ගෙන සිටි. 2002 වසරේ ආරම්භ කෙරුණු සදාහරිත සමාගම මෙරට වැවිලි කර්මාන්තය, අපනයන කර්මාන්තය සහ ආයෝජන ක්ෂේත්රයේ ප්රමුඛතම සමාගමක් ලෙස ජාතික ආර්ථිකයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. විශේෂයෙන්ම රටට ඩොලර් උත්පාදනය කරනු ලබන සමාගම් අතර හරිත ආයෝජන ක්ෂේත්රයේ ප්රමුඛයා වෙමින් යුරෝපය, මැදපෙරදිග ඇතුළු ගෝලීය අගාවුඩ් වෙළඳ පොලේ ශ්රී ලාංකේය නාමය ඉහළින්ම සනිටුහන් කිරීමට සමත් වීම සිය වසර 20ක දිගු ව්යාපාරික ගමන් මගේ සමාගම ලද විශිෂ්ඨ ජයග්රහණයකි.
මේ වන විට සේවකයින් 1300 කට වැඩි පිරිසකට සෘජු රැකියා අවස්ථා උත්පාදනය කර දී තිබෙන සදාහරිත සමුහ ව්යාපාරය වක්ර රැකියා ජනනය හරහා මෙරට රැකියා වියුක්තිය අවම කිරීමට ඉහළ දායකත්වයක් ලබා දී ඇති දේශීය සමාගමකි. සමාගමේ ස්ථාවර වර්ධනයේ පදනම ගනුදෙනුකරුවන් 35,000 කට අධික සංඛ්යාවකගේ විශ්වාසනීයත්වය මගින් ශක්තිමත් වී තිබේ. සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශ්වාසයේ ප්රතිලාභ හිමිකර දෙමින් ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වරට අගාවුඩ් ආයෝජකයන් වෙත මුදල් ප්රතිලාභ පිරිනැමීම සිදු කල එකම අගාවුඩ් ආයෝජන සමාගම සදාහරිත වන අතර එහිදී මෙරට ප්රථම වරට අගාවුඩ් සඳහා මුදල් ආයෝජනය කරන ලද ආයෝජකයින්ට සහතික වන ලද ප්රතිලාභ මුදල මෙන් දෙගුණයක ප්රතිලාභ මුදල් පිරිනැමීමට සදාහරිත සමාගම කටයුතු කළේය.
ජාතියේ හරිත සන්නාමය ලෙස මෙරට පාරිසරික තිරසරභාවය පවත්වාගැනීමට සිය ව්යාපාරය හරහා සෘජුව දායකත්වය සපයන සදාහරිත සමාමේ ප්රථම අගාවුඩ් වතුයාය කළුතර දිස්ත්රික්කයේ නෑබඩ පිහිටා ඇති අතර ආසියාවේ විශාලතම අගාවුඩ් පැල තවාන වන සදාහරිත පැල තාවාන සහ පර්යේෂණ මධ්යස්ථානය ඉංගිරිය ප්රදේශයේ ස්ථාපිතව ඇත. අක්කර 3000කට අධික භුමි ප්රමාණයකින් යුතු සදාහරිත වාණිජ වන වගා ව තුල අගාවුඩ් අක්කර 1100 ඉක්මවා ඇත. පාරිභෝගික ප්රතිලාභ වඩාත් සුරක්ෂිත කරමින් සිය වතු යායන් අවදානම් කළමනාකරණය කිරීමේ ක්රමවේදය අනුව දිවයිනේ ප්රදේශ රැසක් ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට සමාගම කටයුතු කර ඇත. මේවන විට පාරිභෝගික ප්රතිලාභ වඩාත් ඉහළ නැංවීම සහ වෙනස්වන සුළු දේශීය ආර්ථික පසුබිම තුල ස්ථාවරත්වය වඩාත් තිරසාර කිරීමේ අරමුණින් මැඩගස්කර රාජ්යයේ වැනිලා සහ ඔයිල් පාම් අක්කර 5500ක වතු යායකට සදාහරිත සමාගම ආයෝජනය කර තිබේ.
සදාහරිත සමූහ ව්යාපාරයේ විසි වසරක සාර්ථකත්වය පිළිබඳව එහි සභාපති සතිස් නවරත්න මහතා මෙසේ අදහස් දැක්විය.' ඇත්තෙන්ම අපි ජනතාවට මේ වසර විස්සක ගමන් මගේ වාණිජ වන වගා ආයෝජන අලෙවි කිරීමටට වඩා විශ්වාසය අලෙවි කරන ලද සමාගමක්. සැබෑම විශ්වාසය සුරක්ෂිත කිරීම නිසා තමයි අපගේ පාරිභෝගික ගනුදෙනුකාර පාර්ශවයන් අප සමඟ වසර විස්සක් පුරා රැඳී සිටින්නේ. අපේ ව්යාපාරය මුල්යමය ලාභ ඉක්මවා ගිය ජාතියක් වශයෙන් පාරිසරික තිරසරභාවය ආරක්ෂා කිරිම විශාල කැපවීමක් සිදු කරන සමාගමක්. මුල්ය සුරක්ෂිතභාවය, අනෙකුත් මුල්ය ආයෝජනයන්ට වඩා ඉහළ ප්රතිලාභ සහ රට වෙනුවෙන් සිය වගකීම ඉටුකරන ලද බවට වන අභිමානය අපේ පාරිභෝගිකයන්ට තිබෙනවා. අපගේ සෑම සේවකයෙක්ම සිය පවුලට දක්වන්නාවූ හෘදයාංගම බව සදාහරිත අපේ පවුලටත් එසේම දක්වමින් සිය උපරිම කැපවීම ලබා දීමත් පාරිභෝගික ප්රජාවට උසස්ම සේවාවක් පිරිනැමීමත් අපගේ මේ සාර්ථකතත්වයේ මුලිකම පදනම බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම පාරිභෝගික ප්රතිලාභ තවත් ඉහළ නැංවීමේ අරමුණින් ලෝකය පුරා සදාහරිත අපගේම අගාවුඩ් වෙළඳසැල් 100ක් ආරම්භ කීරීම සැලසුම් කර තිබෙනවා. සමූහ ව්යාපාරයක් වශයන් අද දවසේ අප සාර්ථකත්වය වෙනුවෙන් මනා මුල්ය විනයක් පවත්වා ගනිමින් සිය කැපවීම ආයතනය වෙනුවෙන් ලබා දුන් සියලුම අපගේ සියලුම සේවක මණ්ඩලයට මේ අවස්ථාවේ මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින අතර අප කෙරෙහි විශ්වාස තබමින් අප ආයතනය හා සම්බන්ද වූ සියලුම ගනුදෙනුකරුවන්ට සහ සියලුම පාර්ශවකරුවන්ට බෙහෙවින්ම ස්තුතියි.
ලෝකයේ ඉහළම මිලෙන් යුතු අංක එකේ සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අගාවුඩ් නිමි නිෂ්පාදන සඳහා අපනයනය කිරීමට අමතරව ශ්රී ලාංකීය සුවඳ විලවුන් සන්නාමයක් ප්රථම ලොවට හඳුන්වා දීමටද 2018 වසරේ සදාහරිත සමාගම කටයුතු කළේය. අගාවුඩ් තෙල් නිස්සාරණය කිරීමේ සහ චිප්ස් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවද ඉංගිරියේ ස්ථාපිත කර ඇත.
October, 17, 2022
ශ්රීලංකන් ගුවන් සේවය , ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරයට සහය දැක්වීමේ අරමුණින්, නොවැම්බර් මාසයේ දී වාණිජ සමුළුවක් සහ සංචාරක වෙළඳපොළක් සඳහා ජාත්යන්තර සංචාරක නියෝජිතයින් 150 කට අධික සංඛ්යාවක් සඳහා ගුවන් සේවා සත්කාරකත්වය ලබාදීමට කටයුතු යොදා තිබේ. මෑත ඉතිහාසයේ ජාත්යන්තර සංචාරක වෙළඳ කර්මාන්තයේ නිරතව සිටින නියෝජිතයන් මෙතරම් විශාල ප්රමාණයක් ශ්රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්රීලංකන් ගුවන් සේවයේ ප්රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් මහතා මෙසේ පැවසීය, “දැන් දිනෙන් දින රට ඉදිරියට යනවා. සංචාරක මාර්ගෝපදේශ ඉවත් කර තිබෙනවා වගේම රටේ ඉන්ධනත් තිබෙනවා. ශ්රී ලංකාවේ ආශ්චර්යයන් අත්විඳීමට නැවත සංචාරක ව්යාපාරය පුනර්ජීවනය කිරීමට අපට කාලය උදාවෙලා තියෙනවා. ජාතික ගුවන් සේවය ලෙස අපගේ ජාලය පුරා විසිරී සිටින අපගේ වටිනා හවුල්කරුවන්ට සංචාරය කිරීමට සහ කර්මාන්තය පුරා දැනුවත් කිරීමට කාලය පැමිණ තියෙනවා. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව, මෙම සමුළුව ශ්රීලංකන් ජාලය පුරා සිටින සංචාරක වෙළඳ නියෝජිතයන් ඔවුන්ගේ නිෂ්පාදන මෙන්ම ශ්රී ලංකාවට සැලකිය යුතු ලෙස පිරිනමන සේවාව කෙරෙහි අවධානය යොමු කිරීමක් මෙන්ම ඔවුනොවුන් අතර ඇති සහෝදරත්වය වර්ධනය කිරීමක් වනු ඇත. මේ සඳහා පැමිණෙන නියෝජිතයන් ශ්රී ලංකාවේ සංචාරක අභිලාෂයන්, ගුවන් සමාගමේ වාණිජ දැක්ම පිළිබඳව දැනුවත් කෙරෙන අතර, ඕනෑම වර්ගයක සංචාරකයකුට සත්කාරකත්වය සැපයීමට දිවයිනේ සූදානම සහතික කිරීම සඳහා අත්දැකීම් ලබා දෙනු ඇත.
මෙම සම්මන්ත්රණයෙන් අනතුරුව සුහද හමුවක් පවත්වනු ලබන අතර, එහිදී ශ්රී ලංකා සංචාරක ක්රියාකරුවන්ට සහ ගමනාන්ත කළමනාකරණ සමාගම්වලට ව්යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා පැමිණෙන නියෝජිතයන් සමඟ අන්තර් ක්රියා කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.
ගුවන් සේවය දැනට එක්සත් රාජධානිය, ජර්මනිය, ප්රංශය, ඉන්දියාව සහ ඕස්ට්රේලියාව වැනි ප්රමුඛ සංචාරක වෙළඳපොලවල් ඇතුළත් ගමනාන්ත ගණනාවක් ශ්රී ලංකාවට සම්බන්ධ කරයි. ජාතික ගුවන් සේවය මෑත කාලීන සියලු අභියෝග හමුවේ රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්රයත්නයන් සඳහා අඛණ්ඩව සහාය ලබා දී ඇති අතර ශ්රී ලංකාව කෙරෙහි සංචාරකයින්ගේ විශ්වාසය රඳවා තබා ගැනීම සඳහා ඵලදායි ලෙස සහ ක්රියාකාරීව බොහෝ මුල පිරීම් මෙහෙයවා ඇත.
October, 17, 2022
ඇමරිකාව පදනම් කරගත් වෙබ් මාර්කටිං ඇසෝසියේෂන් (WMA) විසින් ක්ෂේත්ර 86 ක ලෝකයේ හොඳම වෙබ් අඩවි ගෞරවාදරයට පාත්ර කරන 2022 WebAwards සම්මාන ප්රදානයේදී කොමර්ෂල් බැංකුව ‘Bank Standard of Excellence’ නම් කීර්තිමත් සම්මානය දිනා ගන්නා ලදී.
කීර්තිමත් ස්වාධීන අන්තර්ජාල වෘත්තිකයින් කණ්ඩායමක් විසින් මෙම සම්මානය සඳහා කොමර්ෂල් බැංකුව තෝරාගත් අතර කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ තිබෙන නිර්මාණශීලි විශිෂ්ටත්වය, නව්යබව, අන්තර්ගතය, තාක්ෂණය, සංවාදශීලි ලෙස අදහස් හුවමාරුව, හිමිකම් ඇවිරීම සහ පහසුවෙන් භාවිතාකිරීමට හැකිවීම යන කරුණු ඇගයීමට ලක් කෙරුණි. මෙම විනිශ්චය මණ්ඩලයට මාධ්ය, වෙළඳ ප්රචාරණය, වෙබ් අඩවි නිර්මාණය, නිර්මාණශීලී අධ්යක්ෂණය, ආයතනික අලෙවිකරණය, අන්තර්ගත සම්පාදනය සහ වෙබ්මාස්ටර්ස් යන ක්ෂේත්ර නියෝජනය කරමින් සාමාජිකයින් ඇතුළත් විය.
‘වාණිජ අරමුණු වෙනුවෙන් වෙබ් අඩවි භාවිතා කිරීමේ සහ නිර්මාණය කිරීමේ ලොව ප්රමුඛතම අධිකාරියක් විසින් අපගේ වෙබ් අඩවිය සම්මානයට පාත්ර කිරීම පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්ය සාමාන්යාධිකාරී - අලෙවිකරණ, හස්රත් මුණසිංහ මහතා පැවසීය. ‘මේ වනවිට බැංකුකරණය සඳහා වෙබ් අඩවි ඉතාමත් අත්යවශ්ය අංගයක් බවට පත්වී තිබෙනවා. මේ නිසා, අපි කොමර්ෂල් බැංකු වෙබ් අඩවියේ භාවිතා කිරීමේ පහසුව වර්ධනය කිරීම සඳහා අඛණ්ඩවම නවෝත්පාදනයන් සිදුකරනවා. මෙම සම්මානය මගින් අපි නිවැරදි දිශාවට ගමන් කරන අතරම එම ගමන් කිරීම ලෝක තත්ත්වයේ තිබෙන බව සහතික කරනවා.’
කොමර්ෂල් බැංකුව විසින් පසුගිය වසරේදී www.combank.lk වෙබ් අඩවිය භාෂා තුනෙන්ම අන්තර්ගතයන් ඇතුළත් කරමින් ඉතාමත් පහසුවෙන් භාවිතා කිරීමට හැකි ලෙස බොහෝ තොරතුරු සහිතව නැවත එළි දැක්වූ අතර එහි පෙනුම සහ අංගද මෙහිදී වැඩිදියුණු කරන ලදී.
නවතම වෙබ් සංඛ්යා දත්ත වලට අනුව මෙම වෙබ් අඩවියට වසරකට පැමිණීම් මිලියන 6.4 ක් පමණ වාර්තා වන අතර අන්තර්ගතයන් මිලියන 4.5 ක් නිදහසේ හුවමාරු (organic searches) වෙයි. එසේම, මෙම වෙබ් අඩවියට වසරකට මිලියන 10 ක පමණ පේජ් වීව්ස් තිබේ. මෙය ශ්රී ලංකාවේ බැංකුවක් සතු වැඩිම පිරිසක් පැමිණෙන ආයතනික වෙබ් අඩවිය වේ.
ශ්රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ්රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක්රීය යන්ත්ර 940 ක් ක්රියාත්මක කරයි. ශී්ර ලංකාවේ සුළු සහ මධ්යම පරිමාණයේ ව්යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්ර මූල්යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.
Video Story