October, 15, 2022
ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්රමුඛයා වන කදානේ, ස්වදේශී කර්මාන්තායතනය විසින් පසුගිය දා කඳාන - කන්දේවත්ත සහ කඳාන නාගොඩ - මොරාවත්ත යන ග්රාම නිලධාරී වසම්වල අඩු ආදායම් ලාභී පවුල් සඳහා අත්යවශ්ය ද්රව්ය පරිත්යාග කෙරිණි. ස්වදේශී සමාගම සිදු කරන ප්රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් වූ මෙම ව්යාපෘතිය, 'ස්වදේශී කොහොඹ ප්රජා සත්කාරය' යන තේමාව යටතේ දියත් කෙරුණු අතර, එමගින් වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට පිළිසරණක් වීම අරමුණු කෙරිණි.
ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනිය වන අමරි විජයවර්ධන මැතිණිය සහ එම සමාගමේ නියෝජ්ය සභාපතිනිය හා කළමනාකාර අධ්යක්ෂිකා චූලෝධරා සමරසිංහ මැතිණිය පැවසුවේ දේශීය සමාගමක් ලෙස, උපන් නගරයේ ජීවත් වන පාරිභෝගික ජනතාවට මෙවැනි දුෂ්කර කාලවකවානුවක සහය වීම සිය ආයතනික වගකීමක් ලෙස සලකන බවයි.
100%ක් දේශීය සමාගමක් ලෙස ස්වදේශී, සියලු ශ්රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්යාපෘති ක්රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් "ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය" ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය - කොහොඹ පැළ වගා කිරීමේ ව්යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්රී ලංකාවේ වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්රදානය වැනි සත්කාරයන් සිදු කරයි.
ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 - 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්රිය වෙළඳ නාම අතර කොහොඹ හර්බල්, රාණි සඳුන්, කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.
ශ්රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්රව්යවල ක්රියාකාරී ප්රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්රව්යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්රිතාන්ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගිකයා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.
මෙම සෑම කොහොඹ බේබි නිෂ්පාදනයක්ම, සෞඛ්ය අමාත්යාංශයට අනුබද්ධ ශ්රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ සහතික කළ නිෂ්පාදන පෙළකි. එමෙන්ම, ස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වන, ජාත්යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතර, සෑම නිෂ්පාදනයක්ම ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ.
ඡායාරූප විස්තරය - ස්වදේශී කර්මාන්තායතනයේ ප්රධාන විධායක නිලධාරී අමිල උඩවත්ත මහතා ඇතුළු ස්වදේශී නිළධාරීන් විසින් කඳාන, කන්දේවත්ත සහ නාගොඩ, මොරවත්ත යන ප්රදේශවල ජනතාව වෙත අත්යවශ්ය ද්රව්ය පරිත්යාග කරමින්
October, 15, 2022
Rakuten Viber විසින් අඛණ්ඩව දෙවන වසරටත් විනෝදයෙන් පිරි ක්රීඩා සහ නව Cricket Superbot සමඟ ආකර්ෂණීය ත්යාග සහ තවත් බොහෝ දේ සමඟින් ක්රිකට් ලෝක කුසලානය වෙනුවෙන් මාසයක් පුරාවට පැවැත්වෙන සැමරුම් රැසක් ක්රිකට් රසිකයින් වෙත ගෙන එයි.
Rakuten Viber, පසුගිය වසර දෙක තුළ ක්රිකට් ක්රීඩාව සඳහා අඛණ්ඩව සහය දක්වනු ලැබූ අතර එම සමාගම විසින් මේ වන විට Cricket Fiesta හරහා එම සහයෝගය දෙගුණ කරමින් රසිකයින්ට වඩාත් විනෝදාශ්වාදයෙන් පිරි අත්දැකීම් ලබා දීමට සුදානමින් සිටියි. ඒ අනූව එම වැඩසටහනේ කොටසක් ලෙස බොහේ දෙනා කැමැත්තෙන් බලා සිටි, App එක හරහා එකිනෙකා අතර ක්රීඩා කළ හැකි Games ඇතුළත් Cricket Superbot විශේෂාංගය හඳුන්වාදීමට එම සමාගම පියවර ගෙන ඇත. නව Superbot විශේෂාංගය යනු Cricket Vibes Channel හිම කොටසක් වන ස්වයංක්රීය විශේෂාංගයක් වන අතර එමගින් ක්රිකට් රසිකයින්ට Games වෙත සම්බන්ධ වීමට, සජීවීව තරගවල විස්තර දැනගැනීමට, තරඟ පිළිබඳ අනාවැකි පළ කිරීමට සහ තවත් බොහෝ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
ක්රිකට් රසිකයන් ප්රිය කරන එක් තරඟ අංගයක් වන්නේ තරඟ පිළිබඳව පුරෝකථනය කිරීමය. එහිදී ඔවුන්ට තරඟයේ කාසියේ වාසිය ලබා ගැනීමේ සිට කණ්ඩායමක් වාර්තාකරණ ලකුණු ප්රමාණය සහ ජයග්රාහී කණ්ඩායම ඇතුළුව මුළු ක්රීඩා තරඟයම කුමන ආකාරයකට සිදුවේද කියා අනුමාන කිරීමට අවස්ථාව හිමි වේ. ක්රිකට් තරඟාවලිය අවසන් වන විට ශ්රී ලංකාව, නේපාලය, බංගලාදේශය සහ ඉන්දියාව යන රටවල ක්රිකට් රසිකයන් අතරින් පුරෝකථනය කිරීම හරහා වැඩිම ලකුණු ලබා ගනු ලබාගන්නා රසිකයින් තිදෙනා සඳහා Viber වෙතින් ආකර්ෂණීය ත්යාග දිනා ගැනීමට ද හැකියාව ලැබේ.
Cricket Vibes නාලිකාව හා එක්වෙමින් දිනපතා විනෝද වීමට, ජයග්රහණ ලැබීමට සහ වවුචර දිනා ගැනීමට පරිශීලකයින්ට අවස්ථාව හිමි වේ. ඔවුන්ට මාර්ගගත (virtual) ක්රමවේදය හරහා ක්රිකට් Games ක්රීඩා කළ හැකි අතර ඔවුන්ගේම නිවහන් තුළ රැදෙමින් ලකුණු එක්රැස් කිරීමට ද හැකියාව ඇත. ක්රිකට් ලෝක කුසලානයේ මුළු කාල සීමාව පුරාවටම සැබෑ තරගයකදී මෙන්, ඔවුන්ට ඔවුන්ගේම ප්රියතම ක්රිකට් ක්රීඩකයන් ලෙස සිතා Cricket Superbot හරහා පන්දුවකට පහර දීමේ අවස්ථාව උදා කරගත හැකිය.
''අපගේ පළමු Cricket Fiesta එක තුළින් අපි කොයිතරම් විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කර ගත්තාද කිව්වොත්, ඒ හරහා දෙවැනි වසරේදී එය දෙගුණ කිරීමට අපට අපහසු කාර්යයක් වුණේ නැහැ. පසුගිය වසරේ නිර්මාණය කළ අවස්ථාවන් රසිකයින් විසින් මහත් උද්යෝගයකින් පිළිගනු ලැබුවා. එම නිසා අපි Cricket Superbot සමඟින් මේ වසරේදී එම අවස්ථාවන් තවත් පුළුල් කිරීමට සහ තවත් හොඳට සිදුකරන්න තීරණය කළා. එය මේ වන විටත් අපගේ තරු පන්තියේ පෙළගැස්ම සඳහා විශිෂ්ඨ වූ එකතුවක් වන අතරම මෙම වසරේ දී සහ ඉදිරි වසරවලදී ද ක්රිකට් නාලිකාව සමඟ මෙම උද්යෝගිමත් තරඟාවලිය සැමරීමට අපි බලාපොරොත්තු වෙනවා.'' යැයි Rakuten Viber හි ආසියානු ශාන්තිකර කලාපයේ (APAC) ජ්යෙෂ්ඨ අධ්යක්ෂ ඩේවිඩ් ට්සේ පැවසීය.
Viber හි 2022 වසරේ ක්රිකට් ලෝක කුසලාන ප්රචාරණ වැඩසටහනට ඇතුළත් අනෙකුත් විශේෂාංග සහ අවස්ථාවන් අතර කැමතිම කාච (Custom Lenses), ස්ටිකර් (Sticker Packs), ක්රිකට් Vibes නාලිකාවේ ක්රිකට් පිළිබඳව විශේෂ වූ Cricket Fixtures සහ ක්රිකට් පිළිබඳ කතා බහ (Cricket Talks) වැනි දෑ ඇතුළත් වේ. රසිකයින් හට දැන් Cricket Superbot අත්විඳීමට අවස්ථාව හිමිවී ඇති අතර මෙම වසර පුරා පැවැත්වෙන තරඟාවලි සියල්ලෙහිම එම අත්දැකීම අඛණ්ඩව ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
October, 15, 2022
සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ (Ceylon Cold Stores PLC) ප්රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ යටතේ, රණාල ආදර්ශ කනිෂ්ඨ විද්යාලයේ දරුවන් 600 කට වසරක් පුරා දිනපතා දිවා ආහාරය ලබාදීමට පියවර ගෙන තිබේ. අධ්යාපන අමාත්යාංශය හඳුන්වා දුන් පාසල් දිවා ආහාර වැඩසටහනට සමගාමීව පසුගිය අගෝස්තු මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන වසරක කාලයක් ක්රියාත්මක වනු ඇත. එමෙන්ම මෙය ජෝන් කීල්ස් සමූහ ව්යාපාරය රටේ දරු පරපුරේ යහපත වෙනුවෙන් ක්රියාවට නංවන ‘පාසල් දිරිය’ දිවා ආහාර වැඩසටහනේ කොටසක්ද වේ.
“සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම මෙන්ම සමස්ත ජෝන් කීල්ස් සමූහ ව්යාපාරයම, රටේ දැනට පවතින ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු පිළිබඳව දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. එම නිසා පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීම සඳහා ආරම්භ කළ ‘පාසල් දිරිය’ වැඩසටහනට සහයෝගය දැක්වීමට අප තීරණය කළා. මෙහි ආරම්භක පියවරක් වශයෙන් පාසල් දරුවන් 600 කට දිවා ආහාර ලබාදීමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා. ඉදිරියේදීම පාසල් වලම මුළුතැන් ගෙවල් ඉදිකර දරුවන් වෙනුවෙන් ආහාරපාන පිළියෙල කිරීමට අවස්ථාව ලබාදීම අපගේ අරමුණයි. එලිෆන්ට් හවුස් යනු 1866 වසරේ සිටම ශ්රී ලංකාවේ දොරින් දොර කියැවෙන නාමයක්. ශ්රී ලාංකිකයන්ගෙන් අපට ලැබෙන මේ ආදරයට හා ගෞරවයට කෘතගුණ සැලකීමක් වශයෙන්, මේ දුෂ්කර අවස්ථාවේදී රටටත් ජනතාවටත් හැකි උපරිමයෙන් ශක්තියක් වීම සඳහා අප කටයුතු කරමින් සිටිනවා.” ජෝන් කීල්ස් සමූහ ව්යාපාරයේ පාරිභෝගික ආහාරපාන අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා පැවසී ය.
රටේ පවතින ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු සහ අනෙකුත් අර්බුද හමුවේ දරුවන්ගේ සහ තරුණ පරපුරේ අධ්යාපන අවශ්යතාවන්ට මුල්තැන දෙමින්, කෙටිකාලීන හා දීර්ඝකාලීන විසඳුම් හඳුනාගෙන ඒවා ක්රියාත්මක කිරීම සඳහා ජෝන් කීල්ස් සමූහ ව්යාපාරය කැපවී සිටී. මෙහි එක් අදියරක් වශයෙන් ජෝන් කීල්ස් සමූහ ව්යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම, රජයේ පාසල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අධ්යාපන අමාත්යාංශය සමග අත්වැල් බැඳගැනීමට කටයුතු කළේ ය.
දැනට රජය විසින් ක්රියාත්මක කරනු ලබන පාසල් දිවා ආහාර වැඩසටහන මගින් ආවරණය නොවන පාසල් වලට දිවා ආහාර සැපයීමටත්, ඉදිරියේදී ඒ අතරින් තෝරාගත් පාසල් වල මුළුතැන් ගෙවල් ඉදිකර සිසුන්ට ආහාර පිළියෙල කිරීමට අවශ්ය පහසුකම් ලබාදීමටත් අවශ්ය ප්රතිපාදන වෙන්කළ හැකි ආකාරයට පාසල් දිරිය වැඩසටහන සැලසුම් කර තිබේ.
එලිෆන්ට් හවුස් යනු ශ්රී ලාංකිකයන්ගේ නොමඳ ආදරය හා විශ්වාසය දිනූ, වසර 150 කට අධික ඉතිහාසයක් සහිත සුවිශේෂී සන්නාමයකි. මෙම ආදරය හා විශ්වාසය තුළින් පන්නරය ලබමින්, රටේ ජනතාවගේ රුචිකත්වයන්ට ගැළපෙන ආකාරයට තම නිෂ්පාදන පෙළ පුළුල් කිරීමට එලිෆන්ට් හවුස් දිගින් දිගටම කටයුතු කර තිබේ. එමෙන්ම ජනතාවගේ සහ පරිසරයේ යහපත වෙනුවෙන් කාලෝචිත වැඩසටහන් ක්රියාවට නැංවීමට එලිෆන්ට් හවුස් නිරන්තරයෙන් කැපවී සිටී.
සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමේ (Ceylon Cold Stores PLC) කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී (JKH) හි පරිපාලිත සමාගමක් වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 70කට වැඩි ප්රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 14,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 17 ක් පුරා ශ්රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්යවසායකත්ව වැඩසටහන හරහා ශ්රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්රේරකයක් ලෙසින් ද ක්රියා කරයි.



October, 15, 2022
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්යන්තර අරමුදල (IFAD) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) එක්ව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් සිකුරාදා (14) පැවති උත්සවයකදී ලෝක ආහාර දිනය සමරන ලදී. "වඩාත් හොඳ නිෂ්පාදනයක්, වඩාත් යහපත් පෝෂණයක්, වඩාත් යහපත් පරිසරයක් සහ වඩාත් යහපත් ජීවිතයක් සඳහා සාමුහිකව ක්රියා කරමු” යන තේමාව යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී.
මෙම අවස්ථාව වෙනුවෙන් වීඩියෝ පණිවිඩයක් හරහා එක් වූ ශ්රී ලංකාවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා, ලෝක ආහාර දිනය සැමරීම වෙනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයට, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්යන්තර අරමුදලට සහ ලෝක ආහාර වැඩපිළිවෙලට සිය සුබපැතුම් එක්කළ අතර ආහාර සුරක්ෂිතතාවය සවිමත් කිරීමට ශ්රී ලංකාවේ කැපවීම යලිත් තහවුරු කළේය. "ශ්රී ලංකාව ආහාර අනාරක්ෂිතභාවයේ ඉහළ මට්ටමක පවතින තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටී. වත්මන් අර්බුදකාරී තත්වය විසඳීම සඳහා ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇතිකර ගෙන සිටින එක්සත් ජාතීන්ගේ පද්ධතියට, බහුපාර්ශවික සහ ද්වීපාර්ශවික හවුල්කරුවන්ට සහ, පරිත්යාගශීලී ප්රජාවට අපි ස්තූතිවන්ත වන්නෙමු” යැයි ඔහු පැවසීය.
උත්සවයේ ප්රධාන දේශනය පැවැත්වූ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා, ජනගහනයෙන් 30% සිට 35% අතර සංඛ්යාවක් ඍජුව හෝ වක්රව කෘෂිකර්මාන්තයෙන් යැපෙන ශ්රී ලංකාවේ, කෘෂිකර්මාන්තය නවීකරණය සහ සංවර්ධනය සඳහා විශාල ආයෝජනයන් සිදුකළ යුතු බව පැවසූ අතර, මෙම දැවැන්ත කාර්යභාරය සපුරා ගැනීම සඳහා තම රජය සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත්, කෘෂිකර්මය සහ ආහාර සුරක්ෂිතතාවය ජාතික ප්රමුඛතාවයක් ලෙස සලකන බවත් පැවසීය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා, කෘෂිකර්ම ක්ෂේත්රයට මුහුණ දීමට සිදුවන අනාගත අර්බුද ජය ගැනීම සඳහා නවීකරණය සහ ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරවන නව කෘෂිකාර්මික ප්රතිපත්තියක් පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන බවත්, ශ්රී ලංකාව තුල නවීන සහ ඔරොත්තුදීමේ හැකියාව ඇති කෘෂිකාර්මික අංශයක් ගොඩනැගීම සඳහා ලබා දෙන තාක්ෂණික සහාය වෙනුවෙන් ආහාර හා කෘෂිකර්ම සංවිධානයට සිය ස්තූතිය පිරිනමන බවත් පවසා සිටියේය.
මෙම කාලය තුල ශ්රී ලංකාව වඩාත් හොඳින් නැවත ගොඩනැගීමට උපකාර කිරීම සඳහා තම සංවිධානයේ කැපවීම පිළිබඳව අවධාරණය කළ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා වන නියෝජිත විම්ලේන්ද්ර ශරන් මහතා, ර්ණඅපගේ හවුල්කරුවන්ගේ උපකාර ඇතිව බීජ සහ පොහොර වැනි අත්යාවශ්ය කෘෂිකාර්මික යෙදවුම් ලබාදෙමින් ශ්රී ලංකාව ආහාර සුරක්ෂිතතාවය සහිත රටක් බවට පත් කීරීම සඳහා නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කරන අතර, ශ්රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වන වඩාත් අවදානමට ලක්විය හැකි ධීවරයින් සහ ගොවීන් අර්බුදයේ දරුණුතම බලපෑම් වලින් ආරක්ෂාකර ගැනීම සහතික කිරීම සඳහා රජය සමග එක්ව කටයුතු කිරීමට ආහාර හා කෘෂිකර්ම සංවිධානය කැපවී සිටී” යනුවෙන් පැවසීය.
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්යන්තර අරමුදලෙහි ශ්රී ලංකා සහ මාලදිවයින් අධ්යක්ෂිකා ෂෙරීනා ටබස්සම් මහත්මිය, ප්රජාවකගේ සහ රටක ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීමේදී කුඩා ඉඩම් හිමි ගොවීන්ගේ මූලික කාර්යභාරය පිළිබඳව අවධාරණය කරමින් මෙසේ පැවසූවාය, "අපගේ අරමුණ වන්නේ ආහාර පද්ධතියේ ප්රධාන සම්පත වන කුඩා ඉඩම් හිමි ගොවියන් ගෝලීය වසංගතය, දේශගුණික විපර්යාස සහ වෙනත් බාහිර බලපෑම් සඳහා සූදානම් කිරීම සහ ඔවුන්ට ඒවා ජයගත හැකි බව සහතික කිරීමය. සෑම කෙනෙකුටම ප්රතිලාභ ලැබිය හැකි පරිදි ශ්රී ලංකාවේ ආහාර පද්ධතිය තිරසර පරිවර්තනයකට ලක් කිරීම සඳහා රජය සමග අපගේ කටයුතු කරගෙන යාමට අපි කැපවී සිටින්නෙමු”.
ශ්රී ලංකාවේ ලෝක ආහාර වැඩපිළිවෙල භාර නිලධාරී ජෙරාඩ් රෙබෙල්ලෝ මහතා, අර්බුදයේ බලපෑමෙන් වඩාත් අවදානමට ලක්විය හැකි මට්ටමේ පසුවන ප්රජාවන් ආරක්ෂා කිරීම සඳහා කඩිනම් ක්රියාමාර්ග ගැනීමේ අවශ්යතාවය අවධාරණය කරමින් මෙසේ පැවසීය, ර්ණමිලියන 3.4 ක ජනතාවට ආහාර සහ පෝෂණ ආධාර සැපයීම සඳහා ලෝක ආහාර වැඩපිළිවෙල සිය හදිසි මෙහෙයුම් අරඹා ඇත. අර්බුදකාරී කාලවලදී පවා බාධාවකින් තොරව ගොවිපලෙන් කෑම මේසයට ආහාර ලබාගත හැකිවන පරිදි ආහාර පද්ධති වඩාත් ශක්තිමත් සහ දේශගුණික විපර්යාස වලින් ඇතිවන කම්පනවලට ඔරොත්තුදිය හැකි තත්වයකට පත්කිරීම සඳහා කුඩා ඉඩම් හිමි ගොවියන් සමග අපි අඛණ්ඩව කටයුතු කරමින් සිටින්නෙමු”.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්යන්තර අරමුදල (IFAD) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමග එක්ව බලපෑමට ලක්ව දිස්ත්රික්කවල වඩාත් අවදානමට ලක්වියහැකි ප්රජාවන්ට හදිසි මුදල් ආධාර, අත්යාවශය පොහොර සහ ජීවනෝපාය ආධාර ලබා දෙමින් ක්ෂේත්රයේ කටයුතු කරයි.
ඡායාරූපය - එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්යන්තර අරමුදල (IFAD) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිකුරාදා (14) පැවති උත්සවයකදී ලෝක ආහාර දිනය සමරන ලදී. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා, කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා, ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ වැඩබලන නේවාසික සම්බන්ධීකාරක සරත් දාෂ්, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා වන නියෝජිත විම්ලේන්ද්ර ශරන්, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්යන්තර අරමුදලෙහි (IFAD) ශ්රී ලංකා සහ මාලදිවයින් අධ්යක්ෂිකා ෂෙරීනා ටබස්සම් සහ ලෝක ආහාර වැඩපිළිවෙල කාර්යභාර නිලධාරී ජෙරාඩ් රෙබෙල්ලෝ.
October, 15, 2022
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, ශ්රී ලංකාවේ මූල්ය ඇතුළත්කිරීම් ප්රවර්ධනය කිරීමෙහිලා සහ ගණුදෙනුකරුවන් ඉහළ මට්ටම් කරා ළඟාවීමට බලගැන්වීමෙහිලා විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කරනු ලබන ප්රමුඛ පෙළේ බැංකු නොවන මූල්ය ආයතනයකි.
ක්ෂුද්ර, කුඩා සහ මධ්ය පරිමාණ ව්යවසායක (MSMEs) ප්රජාවගේ සාර්ථකත්වය සදහා පීපල්ස් ලීසිං සමාගම විසින් මූල්ය විසඳුම් පිරිනමනු ලබයි. බැංකු අංශයේ වඩාත් විධිමත් මූල්ය විසඳුමක් ලබාගැනීමට නොහැකි වන පුද්ගලයෙකුට වුවද පීපල්ස් ලීසිං සමාගම තුළින් පහසු මූල්ය ප්රවේශයක් ලබාගැනීමට හැකියාව ලැබේ. එසේම අභියෝගාත්මක කාලපරිච්ඡේදයන්හිදී සමාගම සිය ගණුදෙනුකරුවන්ට ඔවුන්ගේ මූල්ය අසීරුතාවයන් මඟහරවා ගැනීමටත් ජීවනෝපායන් උසස් කරලීමට සහ බිඳවැටුණු ව්යාපාර යළි නගා සිටුවීමටත් උපරිම සහාය නිරතුරුව ලබා දී ඇත. ගෝලීය කොවිඩ්-19 වසංගතයේ අතුරු ප්රතිඵලයක් ලෙස වර්තමානයේ ශ්රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අවපාතය හේතුවෙන් බලපෑමට ලක් වූ ජීවනෝපායන් සහ ව්යාපාර ගණනාවක් සඳහා මූල්ය සහන/ විසදුම් සහ උපදේශන සේවා සමාගම විසින් සපයා තිබීම විශේෂත්වයකි.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සි සමාගමේ නව සභාපති ලෙස පත්වූ ප්රදීප් අමිර්තනායගම් මහතා පැවසුවේ, ජීවනෝපාය සහ ව්යාපාර සවිබල ගන්වමින් ජාතියේ උන්නතියට දායකවීම පීපල්ස් ලීසිං සමාගමේ ඒකායන අරමුණ බවත් හා සමාගම ඉහළ අවධානයක් යොමු කරන්නේ ක්ෂුද්ර, කුඩා සහ මධ්ය පරිමාණ ව්යවසායක අංශයට බවත්ය. එසේම සමාගමේ විශ්වාසනීය පාරිභෝගික හිතකාමී මූල්ය විසඳුම් සහ සේවා විශිෂ්ටත්වය තුළින් අපි ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායන් ශක්තිමත් කරන අතර එමඟින් ආර්ථික වර්ධනයට සෘජුව දායක වන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
අමිර්තනායගම් මහතා පවසන පරිදි, ජව සම්පන්න සේවක පිරිසකින් සමන්විත දිවයින පුරා පිහිටි පීපල්ස් ලීසිං ශාඛාවන්ට ඩිජිටල් තාක්ෂණ සහයත් සමගින් තම ගණුදෙනුකරුවන්ට අවශ්ය කඩිනම් මූල්ය විසදුම් සේවාවන් පිරිනැමීමට හැකියාවක් පවතින බවයි.
පාස්කු ප්රහාරය, කොවිඩ්-19 වසංගතය සහ මූල්ය අර්බුදය ඇතුළු අභියෝග රාශියකින් ව්යාපාර යළි නැගී සිටීම සඳහා සහයවීමේදී වගකීම් සහගත මූල්ය ආයතනයක් ලෙස පීපල්ස් ලීසිං සමාගම මූලික වී කටයුතු කර ඇති බව සමාගමේ ප්රධාන විධායක නිලධාරී/ සාමාන්යාධිකාරී, ෂමින්ද්ර මර්සිලින් මහතා පැවසීය. “මූල්ය අභියෝගවලට මුහුණ දී සිටින ජීවනෝපායන් මාර්ග සදහා සහන සැලසීමට හා ව්යවසායන් යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්රියාමාර්ගවලින් එය තවදුරටත් පැහැදිලි වන බව ඔහු අවධාරණය කළේය.” අප සමාගම ශක්තිමත් ප්රාග්ධන තත්ත්වයක් සහ ශේෂ පත්රයක් සමඟින් 2019 වසරේ සිට ක්ෂුද්ර, කුඩා සහ මධ්ය පරිමාණ ව්යවසායකයන් සඳහා රුපියල් බිලියන 85ක සහන සහ 105,000කට අධික ගණුදෙනුකරුවන්ට ප්රතිලාභ ලැබෙන මූල්ය සහනයන් ලබා දී ඇත.
මර්සිලිං මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, වඩාත් නම්යශීලී, පුද්ගලාරෝපිත සහ පාරිභෝගික හිතකාමී සේවාවක් ලබාදීමෙන් ව්යාපාරය එහි තරඟකාරීත්වය පවත්වාගනු ඇති බවත්, පීපල්ස් ලීසිං සමාගම, ඩිජිටල් නව්යකරණයත් සමගින් පාරිභෝගික හිතකාමීත්වය, පහසුව සහ ප්රවේශ්යතාව වැඩි දියුණුකිරීම සඳහා කටයුතු කරන බවයි. ඒ අනුව ”අපගේ ප්රධාන අරමුණ ගණුදෙනුකරුවන්ට බාධාවකින් තොරව සහ අපහසුතාවකින් තොර නවමු අත්දැකීමක් ලබාදීම” බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
වර්ෂ 1996 දී පුද්ගලික මගී ප්රවාහන බස් රථ සඳහා කල්බඳු සේවා සපයමින් සිය ව්යාපාරික මෙහෙයුම් කටයුතු ඇරඹු පීපල්ස් ලීසිං සමාගම අද වන විට මූල්ය සේවා සපයමින් පුද්ගලික මගී ප්රවාහන ක්ෂේත්රයේ ගූණාත්මකභාවය වැඩි දියුණු කිරිම සඳහා සිය දායකත්වය ලබා දෙයි. එහෙත් පැවැති කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ පුද්ගලික මගී ප්රවාහන සේවා සපයන බස්රථ හිමිකරුවන්ගේ ජීවනෝපාය සහ ව්යාපාර පසුගිය කාලසීමාවේදි අඩාල විය.
එවන් පසුබිමක පීපල්ස් ලීසිං සමාගම විසින් “හිත මිතුරු” මූල්ය සහන සේවාව හඳුන්වා දෙමින් මූල්ය අසීරුතාවයට ලක්වූ පුද්ගලික මගී ප්රවාහන බස් රථ හිමි ගණුදෙනුකරුවන්ට සහන සලසන ලදී.
“හිතමිතුරු” සහන යෝජනා ක්රමය සහනදායී පොළී අනුපාතිකයක් සහිත ගෙවීම් කල්දැමීමේ වැඩසටහනක් ලෙස පිරිනමනු ලැබු අතර මාස 6 - 12 ක ගෙවීම් කල් දැමීමේ කාලයක් ද පිරිනමනු ලැබීය. සහන ගෙවීමේ කාලයෙන් පසුවද ආපසු ගෙවීමේ අනුපාතයට තම වාරික ගෙවීම කරගෙන යාමට ගණුදෙනුකරුවන්ට අවකාශය සලසා දෙනු ලැබීය.
දිවයින පුරා 100කට අධික පුළුල් ශාඛා ජාලයක් සහ 2,400 ක පමණ අභ්යන්තර ශ්රම බලකායක් සමඟින්, පීපල්ස් ලීසිං සමාගම වර්ෂ 1996 සිට අද දක්වා විවිධ අභියෝගතා රැසක් හමුවේ නොසැළී පැමිණි අකණ්ඩ ගමන්මගේ සංධිස්ථානයක් ලෙස වර්ථමානය වන විට පීපල්ස් ලීසිං සන්නාමය ශ්රී ලාංකිකයන්ගේ හදවතේ නොමැකෙන නාමයක් බවට පත් වී තිබේ. පීපල්ස් ලීසිං සමාගමට දක්ෂ සුහදශිලි කාර්යය මණ්ඩලයක් මෙන්ම නවීන තාක්ෂණික හැකියාවන්ට අමතරව, සමාගමට විචක්ෂණ කළමනාකරණ පද්ධති සහ ශක්තිමත් ප්රාග්ධන පදනමක්ද ඇත. වර්තමානය වන විට සමාගම විශ්වාසනීය පාරිභෝගික හිතකාමී මූල්ය සේවා සපයන්නෙකු ලෙස සිය කීර්ති නාමය ගොඩනඟා ගෙන ඇති අතර සිය ගනුදෙනුකරුවන්ගේ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ නොසැලෙන පක්ෂපාතිත්වය සහ විශ්වාසය සුරක්ෂිත කර ඇති වගකීම් සහගත මුල්ය සමාගමකි.
පීපල්ස් ලීසිං සමාගම යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්රමුඛ රාජ්ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

ඡායාරූප විස්තරය
October, 14, 2022
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) අද (14) ලොව ප්රමුඛතම ඒකාබද්ධ බලශක්ති සහ රසායනික ද්රව්ය සමාගමක් වන Aramco සමඟ ගෝලීය හවුල්කාරිත්වයක් ප්රකාශයට පත් කළේය.
2022 ඕස්ට්රේලියාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානය, දකුණු අප්රිකාවේ ICC කාන්තා T20 ලෝක කුසලානය, එක්සත් රාජධානියේ පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟය, 2023 ඉන්දියාවේ දී පැවැත්වෙන ICC පිරිමි ක්රිකට් ලෝක කුසලානය ඇතුළුව 2023 අවසානය දක්වා පැවැත්වීමට නියමිත සියලුම ප්රධාන පිරිමි සහ කාන්තා ICC ඉසව් සඳහා Aramco අනුග්රහය මෙම හවුල්කාරිත්වයට ඇතුළත් වේ.
October, 14, 2022
ජාවාරම් කිරීමේ අරමුණෙන් ප්රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මේ හේතුවෙන් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 30ක් පමණ ආදායමක් රටට අහිමි වන බවයි අමත්යවරයා පෙන්වා දෙන්නේ.
දැනටමත් මෙම ජාවාරම්කරුවන් හඳුනාගැනීම සිදු කර ඇති බවත් කඩිනමින් ඒ සඳහා අවශ්ය නීතිමය පියවර ගන්නා බවත් පවසන අමාත්යවරයා මේ හේතුවෙන් සාමාන්ය මගීන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන බව ද අවධාරණය කරයි.
October, 14, 2022
ශ්රී ලංකා සමුද්රීය කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සමාරම්භක රැස්වීම පසුගියදා (ඔක්තෝබර් 11) ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ප්රමුඛ බෝට්ටු හා නැව් නිෂ්පාදන, නාවික සංචාරක, සමුද්රීය සහ අක්වෙරළ කර්මාන්ත සහ අදාළ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්රයේ දී පැවැත්විණි.
ශ්රී ලංකා සමුද්රීය කර්මාන්ත අංශය අන්තර්ජාතික වෙළෙඳපොළට විවිධ නිෂ්පාදන සහ සේවා ලබා දෙන ඉහළ විභවයන් සහිත නැගී එන අපනයන අංශයකි. 2018-2022 ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම (NES) මගින් මෙම අංශය කේන්ද්රීය අංශයක් ලෙස හඳුනාගෙන ඇති අතර සමුද්රීය කර්මාන්තය සඳහා කැප වූ ශක්තිමත් කර්මාන්ත වාණිජ මණ්ඩලයක් පිහිටුවීම කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජාතික අපනයන උපායමාර්ගික සැලැස්මේ (NES) එක් ක්රියාකාරකමකි.
එබැවින් සියලුම පාර්ශ්වකරුවන් සාමූහිකව ක්රියාකිරීමෙන් ලබා ගත හැකි ප්රතිලාභ සැලකිල්ලට ගනිමින් අපනයන සංවර්ධන මණ්ඩලය සහ බෝට්ටු නිෂ්පාදන තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ආයතනය (BTI) එම අංශය සඳහා වන වාණිජ මණ්ඩලයක් පිහිටුවීමට අදාළ කටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව, 2020 වර්ෂාවසානයේ පැවති පළමු පාර්ශ්වකරුවන්ගේ රැස්වීමේ දී පැවති සාකච්ඡාවල ප්රතිඵලයක් ලෙස “ශ්රී ලංකා සමුද්රීය කර්මාන්ත වාණිජ මණ්ඩලය” පිහිටුවන ලදී.
මෙහිදී අදහස් දක්වමින් ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ, අභිනව වාණිජ මණ්ඩලයට සමස්ත කර්මාන්තය වෙනුවෙන් ක්රියා කළ හැකි අතර, ඕනෑම සංසදයක සමුද්රීය කර්මාන්තයේ ඉහළම ආයතනය ලෙස සියලුම පාර්ශ්වකරුවන් නියෝජනය කිරීමටත්, කර්මාන්තය නංවාලීම සඳහා උපායමාර්ගික සහ ප්රවර්ධන සැලසුම් සකස් කිරීමටත් හැකි බවයි.
සමුද්රීය කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉන්ද්ර කෞෂාල් රාජපක්ෂ මහතා පත් කෙරුණු අතර, ලේකම්වරයා ලෙස ඉසුරු ගුණතිලක මහතා ද, භාණ්ඩාගාරික ලෙස අංජලිකා පෙරේරා මහත්මිය ද තේරී පත් විය. නැව් නිෂ්පාදනය සහ අලුත්වැඩියා කිරීම (Ship Building & Ship repairing), යාත්රා මෙහෙයුම් සහ සේවා සැපයීම (Vessel Operations & service providers), සැපයුම් සේවා (Logistic), නාවික සහ සමුද්රීය සේවා (Shipping & Marine Services), අක්වෙරළ සේවා (Offshore Services), සහතික කිරීම් (Certifications), රසායනික සැපයුම් (chemical Suppliers), නාවික සැපයුම් සහ ප්රධාන කිමිදුම්කරුවන් (Supply of Seafarers and Master Divers) යනාදී අංශවලින් අධ්යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් තෝරා පත්කෙරිණි.
ශ්රී ලංකා සමුද්රීය කර්මාන්තයට අදාළ සියලුම පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් එකම ආයතනයක් ලෙස නැගී සිටීමට හැකිවන බවත්, එමගින් කර්මාන්තය යටතේ ඇති සියලුම ක්ෂේත්රවල දියුණුව සඳහා සාමූහික ප්රයත්නයක් දැරිය හැකි බැවින් රටට අත්යවශ්ය නීල ආර්ථිකයක් ඇති කර ගැනීම සඳහා එය කාලෝචිත වන බව ද සහභාගී වූවන්ගේ අදහස විය.



October, 13, 2022
කොළඹ කොටස් වෙළෙඳපාළ මිල දර්ශක අද (13) දිනයේ දී කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරන ලදී.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 295.28 කින් හා S&P SL20 දර්ශකය ඒකක 117.30 කින් දිනය තුළ දී ඉහළ ගිය අතර එය පිළිවෙලින් 3.34% ක හා 4.36% ක වර්ධනයක් වේ.
මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,148.55 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,805.11 ක් ලෙසින් වාර්තා විය.
රුත බිලියන 2.57 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.29 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.55 ක් ලෙසින් සටහන්ව තිබුණි. දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 278.68 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 20.25 ක් ලෙසින් වාර්තා විය.
පසුගිය දින කිහිපය පුරාවට සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට ප්රබල ලෙස හේතු වුණු සමාගම් කොටස් දෙකක් වන ලංකා අයි ඕ සී සහ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල අද දිනයේ දී සුවිශේෂී වර්ධනයක් වාර්තා කරනු ලැබීය. ඊට අමතරව හේලීස්, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි සහ සම්පත් බැංකුව යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.

October, 13, 2022
රුපියල් මිලියනයේ ජයග්රාහකයින් 06 දෙනෙකු සහ තවත් ජයග්රාහකයින් 1050 දෙනෙකු බිහිකරමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ 15 වන ෆැමිලි සවාරි වැඩසටහන පසුගියදා අවසන් වූ අතර සමාගම සඳහන් කරන්නේ මෙම වැඩසටහනේ ඊළඟ අදියර තවත් ආකර්ශනීය ත්යාග සමගින් ලඟදීම නිවේදනය කරන බවයි.
මෙම දැවැන්ත වාර්ෂික ප්රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වූ අවසන් දිනුම් ඇදීමේදී කුලියාපිටිය ප්රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු රුපියල් මිලියනයේ සුපිරි ත්යාගය දිනාගත් අතර වව්නියාව සහ බණ්ඩාරවෙල ප්රදේශවල වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමියන් දෙදෙනෙකු රුපියල් 250,000 බැගින් දිනාගන්නා ලදී. මීට අමතරව, පදවිය, වෙන්නප්පුව, පැල්මඩුල්ල, අකුරැස්ස ඇතුළු දිවයින පුරා විසිරී සිටින සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන් මෙම දිනුම් ඇදීමේදී ත්යාග දිනාගන්නා ලදී. මේ අනුව, අවසන් ෆැමිලි සවාරි 15 දිනුම් ඇදීමේදී සමස්තයක් ලෙස ජයග්රාහකයින් 176 දෙනෙකු තේරී පත්වූ අතර ඔවුන්ගෙන් 76 දෙනෙකුට මුදල් ත්යාගද 100 දෙනෙකුට සුපිරි වෙළඳසැල් ත්යාග වවුචරද හිමිවිය.
ෆැමිලි සවාරි 15 වන වැඩසටහන යටතේ මාස දෙකකට වරක් පැවැත්වූ දිනුම් ඇදීම් 06 තුළින් රක්ෂණ ඔප්පුහිමියන් 1056 දෙනෙකුට ප්රතිලාභ හිමිවූ අතර ඔවුන්ට රුපියල් මිලියන 24 ක මුදල් ත්යාග සහ රුපියල් මිලියන 06 ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර හිමිවිය. මේ අනුව, මෙවර ලබාදුන් සම්පූර්ණ ත්යාගවල වටිනාකම රුපියල් මිලියන 30 කි.
15 වන ෆැමිලි සවාරි වැඩසටහනේදී බිහිවූ රුපියල් මිලියනයේ ජයග්රාහකයින් 06 දෙනාට අමතරව සමාගම විසින් තවත් ජයග්රාහකයින් 450 දෙනෙකු තෝරාගත් අතර ඔවුන්ට ලබාදුන් මුදල් ත්යාගවල වටිනාකම රුපියල් මිලියන 18 කි. මීට අමතරව, එකක් රුපියල් 10,000 ක් වන සුපිරි වෙළෙඳසැල් වවුචර 600 ක්ද සමාගම විසින් සැනසිලි ත්යාග ලෙස ලබාදෙන ලදී.
‘ෆැමිලි සවාරි’ ප්රවර්ධන වැඩසටහනේ දිනුම් ඇදීම් වලට සහභාගීවීමට සුදුසුකම් ලැබීම සඳහා පවතින ජීවිත රක්ෂණ ඔප්පුව අඛණ්ඩව සක්රීයව පවත්වාගෙන යාම හෝ සමාගමේ විශ්රාමික සැලසුමේ අවම ශේෂයක් පවත්වාගෙන යාම සිදුකළ යුතුය. මීට අමතරව, සමාගම වෙත සෘජුවම රක්ෂණ වාරික මුදල් ගෙවන ඔප්පුහිමියන්ට අමතර දිනුම් අවස්ථාවන් හිමිවන අතර ඔවුන් සමාගමේ ගනුදෙනුකරුවෙකු වී සිටින කාල සීමාව අනුව එම අමතර දිනුම් අවස්ථාවන් සංඛ්යාව වැඩිවන බව සමාගම සඳහන් කරයි.
ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් ඇතිකිරීමට මෙන්ම රක්ෂණ ඔප්පු හිමියන්ට තම රක්ෂණ ඔප්පු සක්රීයව තබාගැනීමට දිරිගන්වන මෙම වැඩසටහනින් මේ දක්වා ප්රතිලාභ ලැබූ සංඛ්යාව 27,650 කට වැඩි බව සමාගම සඳහන් කරයි. මෙම ප්රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ටේ්රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප්රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.
2022 වසරේ දී බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ්රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ්, 2021 වසරේ අඛණ්ඩව තෙවැනි වරටත් ශී්ර ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ (Great Workplace) ලෙසද, ශ්රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ්රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසද, SLIM Kantar ජනතා සම්මාන ප්රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ්රී ලංකාවේ වඩාත්ම ජනප්රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසද, නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ්රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ‘වඩාත් ජනප්රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්යන්තර වාණිජ මණ්ඩලයේ ශ්රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්රේණිගත කළ ‘ශ්රී ලංකාව තුළ වඩාත්ම ප්රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ්රී ලංකාවේ බැංකු, මූල්ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත්රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්රේණිගත කර ඇත.
සක්රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

සේයාරු සටහන - සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා (වමේ) සමාගමේ ජ්යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයින් ඉදිරිපිටදී අවසාන මහා දිනුම් ඇදීම ඉලෙක්ට්රොනිකව සිදුකළ ආකාරය.
Video Story