• Ada Derana BIZ Sinhala
  • Siyambalapitiya
  • sri lanka
  • State Minister

සීනි කරිඤ්ඤං අල්ලන්න හදපු නීති ඊසි කෑෂ් යුගයට ගැලපෙන්නෙ නෑ – රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

October, 7, 2022

මද්‍යසාර සහ දුම්වැටි මත බදු පැනවීමේ රජයේ අරමුණ වන්නේ භාවිතය අවම කිරීම මිස බදු ආදායම ඉහළ නංවා ගැනීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සුරා බද්ද යනු, මග පෙන්වීම සඳහා යොදා ගන්නා බද්දක් මිස හුදු රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් පැනවූවක් නොවන බවයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් අවහන්හල් වෙත මෘදු මත්පැත් අවසර පත්‍ර ප්‍රදානය සඳහා සංචාරක අමාත්‍යාංශයේ අද (07) පැවැති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

සියඹලාපිටිය අමාත්‍යවරයා එහි දී මෙසේ ද පැවැසීය.

“අපි දන්නව අද අපි ඉන්නේ ආර්ථික අභියෝගයක් හමුවේ. ඉස්සර අපි කිවුවෙ ඉදිරි මාස කිහිපයක් සඳහා අපට අවශ්‍ය ඩොලර් සංචිත තියෙනව කියල. නමුත් ඇත්තට ම අද අපට තියෙන්නෙ ඩොලර් බිලියන 1.8ක් විතර. ඒකෙනුත් භාවිත කළ හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 300ක් වගේ ප්‍රමාණයක් තියෙන්නෙ.

මම සංඛ්‍යා ලේඛන ටිකක් කියන්නම් අපි අද ඉන්න තත්ත්වය තේරුම් ගන්න. 2018 දී අපේ සංචාරක පැමිණීම 2,333,769ක්. ආදායම ඩොලර් මිලියන 3,925යි. 2019 දී සංචාරක පැමිණීම 1,913,702යි. ආදායම ඩොලර් මිලියන 4,381යි. 2020 දී ගැටලු රාශියක් මධ්‍යයේ සංචාරක පැමිණීම සටහන් වෙන්නෙ 570,704ක් විදියට. ආදායම ඩොලර් මිලියන 3,607යි. 2021දී නැවතත් එය 194,495 දක්වා පහළ ගියා. ආදායම දැක්වුණේ ඩොලර් මිලියන 682ක් විදියට. මේ අවුරුද්දෙ අගෝස්තු 31 වෙද්දි යම් ප්‍රගතියක් ලබමින් 496,430ක් සංචාරකයන් ඇවිත් තියෙනවා. ආදායම ඩොලර් මිලියන 893ක් ලැබිල තියෙනවා.” යැයි අමාත්‍යවරයා පැවැසීය.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා යම් යම් උත්තේජන සැපයිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරා කියා සිටියේ එසේ වුව ද සුරා බදු ප්‍රතිපත්තිය මධ්‍යසාර භාවිතය ප්‍රවර්ධනය සඳහා කිසි සේත්ම යොදා නොගන්නා බවයි.

“සුරාව පාලනය කිරීමේ පැත්තේන් අපි නව නීති රාශියක් ගේන්න යන්නෙ. මම පසුගිය දවසේ සුරා බදු දෙපාර්තමේන්තු සංචාරයේ දීත් මට දැන ගන්න ලැබුණ අපේ තියෙන නීති යාවත්කාලීන මදි කියන කාරණාව. අපේ සමහර නීති තාමත් අවුරුදු 60කට 70කට කලින් සීනි කරිඤ්ඤං අල්ලන හදපු ඒව. දැන් සුරා බදු නිලධාරීන්ට හැප්පෙන්න වෙලා තියෙන්නෙ ඊසි කෑෂ්වලින් ගනුදෙනු කරන අයත් එක්ක. ඒවට නීති අලුතෙන් ගේනවා.” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, සංචාරක අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

  • Ada Derana BIZ Sinhala
  • August
  • Fuel
  • import cost
  • sri lanka

අගෝස්තු මාසයේ ඉන්ධන ආනයන වියදම 10%කින් ඉහළට

October, 7, 2022

අන්තර් භාණ්ඩ ආනයන වියදම, 2021 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව, 2022 වසරේ අගෝස්තු මාසයේ දී සියයට 2.6කින් ඉහළ ගිය අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් ඉන්ධන, රෙදිපිළි හා රෙදිපිළි උපාංග (ප්‍රධාන වශයෙන් රෙදි වර්ග) සහ පොහොර (ප්‍රධාන වශයෙන් යූරියා) හේතු විය.

තවත 2022 අගොස්තු මාසයේ දී රසායනික නිෂ්පාදිත, දියමන්ති, අගනා ගල් වර්ග හා ලෝහ වර්ග (මූලික වශයෙන්, කාර්මික කටයුතු සඳහා යොදා ගන්නා දියමන්ති), කඩදාසි, ඝන කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත, සහ රබර් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත මත ආනයන වියදම ද 2021 අගෝස්තු මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කළේය.

මේ අතර මූල ලෝහ (ප්‍රධාන වශයෙන් යකඩ හා වානේ), තිරිඟු, කෘෂිකාර්මික යෙදවුම් (ප්‍රධාන වශයෙන් සත්ත්ව ආහාර), රථවාහන හා යන්ත්‍රෝපකරණ කොටස් ඇතුළු වෙනත් බොහෝ අන්තර් භාණ්ඩවල කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා විය.

කෙසේ වෙතත් බොරතෙල්, පිරිපහදු කළ ඛනිජ තෙල් සහ ගල් අඟුරුවලින් සමන්විත ඉන්ධන ආනයන වියදම2022 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 389 ක් දක්වා සියයට 10.2 කින් (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත) ඉහළ ගිය අතර, බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන පරිමාවන් පහළ ගියද, ආනයන මිල ගණන්වල සාමාන්‍ය ඉහළ යෑම, මෙම ඉහළ යෑම සඳහා හේතුවිය.

2021 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 74.88 ක් වූ බොරතෙල් බැරලයක ආනයන මිලෙහි සාමාන්‍ය, 2022 වසරේ අගෝස්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් 114.71 ක් විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2022 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවහෙි මේ බව සඳහන් වේ.

  • Ada Derana BIZ Sinhala
  • Demo Day
  • Spiralation
  • sri lanka
  • Startup

නව ඩිජිටල් විසඳුම් හතකට මෙවර ‘Spiralation’ Demo Day හිදී ව්‍යාපාරිකයන්ගේ සහාය

October, 7, 2022

නව්‍ය  ඩිජිටල් තාක්ෂණික විසඳුම් හතක් සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සංවිධානය කළ 'Spiralation Demo Day' හිදී හැකිවි තිබේ. මෙය තුන්වන Demo Day වැඩසටහනයි. නව්‍ය  තාක්ෂණික නිමැවුම් (Startup ecosystems) සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් 2010 සිට මෙම Spiralation වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙමගින් නව්‍ය ව්‍යවසායකයින් (Startup) දැනුවත් කිරීම්, නව ව්‍යවසායකයන් හඳුනාගැනීම්, වෙළඳපල අවස්ථා උදාකරදීම්, ආරම්භක අවස්ථාවන් Startup සදහා අරමුදල් සැපයීම, උපදේශනය සහ උපදේශනය මගින් ආරම්භක පරිසර පද්ධති (Startup ecosystems) සංවර්ධනය සඳහා  සහාය දක්වයි.

මෙවර  'Spiralation Demo Day' හිදී ඩිජිටල් තාක්ෂණික විසඳුම් හතක් ඉදිරිපත්විය. Expoloader ඉදිරිපත්කළ (space optimization software) අවකාශය ප්‍රශස්තිකරණ මෘදුකාංගය, Billable ඉදිරිපත්කළ  (All in One Business Management Toolkit)සියල්ල එකම ස්ථානයකින්  කළමනාකරණය කල හැකි  ව්‍යාපාර කළමනාකරණ මෙවලම් කට්ටලය, Eimsky ඉදිරිපත්කළ (one-stop vendor for all your RFID/Access management needs) එකම රේඩියෝ තරංග පද්ධතියක් මගින් විවිධ දේ හදුනා ගැනීමේ මෘදුකාංග විසඳුම්), Helios  ඉදිරිපත්කල  (peer-to-peer) එකිනෙකා අතර ණය දීම සහ විකල්ප මූල්‍යකරණ වේදිකාව,  QBus ඉදිරිපත්කල මාර්ගගත බස් ටිකට් වෙන්කරවා ගැනීමේ සේවා මෘදුකාංග විසඳුම ), AnyBanq ඉදිරිපත්කළ ඩිජිටල්  බැංකු තොරතුරු වේදිකාව, සහ  Superb Business Solutions (Pvt) Ltd.ඉදිරිපත්කළ ශිෂ්‍ය MIS මෘදුකාංගය මෙම නව්‍ය ව්‍යවසාය හතට ඇතුලත්විය.  මෙම නව්‍ය තාක්ෂණ නිපැයුම් කරුවන් ට තාක්ෂණ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ   ප්‍රමුඛයන් සමග සබඳතා ගොඩනගා ගැනීමට   ද මෙහිදී අවස්තාව ලැබින.  මෙවර Spiralation Demo Day' සදහා ප්‍රධාන  අනුග්‍රාහකයන්  ලෙස Bhasha Lanka Pvt Ltd, Direct Pay, Loops Digital Pvt Ltd, Nanosoft  Global Pvt Ltd (Smart COOP), SenzMate Pvt Ltd, සහ  Univiser.io,  යන ආයතන එක්විය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි  (ICTA) සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න මහතා මෙහිදී  ප්‍රකාශ කළේ, "මෙම වැඩසටහනේ ප්‍රමුක අරමුණ වන්නේ  නව්‍ය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම බවයි.  අභියෝග රැසක් මධ්‍යයේ වුවද දේශීය ආර්ථිකය ප්‍රවර්ධනයට  ‘Spiralation Demo Day'  දායක වන බැවින් එය දිරිමත් කළ යුතුයි.” එමගින්  සාර්ථකත්වය ලබාගත් සමාගම් පිළිබද  අත්දැකීම් රැසක් අප සතුව පවතියි.  එය ට හේතුව වසරින්  වසර වැඩි දියුණු කරගත්  විශ්වාසයයි. සැඟවුණු මැණික් වැනි නව්‍ය ව්‍යවසායකයින් සොයාගනිමින්   ඔවුන්ගේ ව්‍යාපාර ඊළඟ මට්ටමට ගෙන යාමට උපකාර කිරීම සඳහා Spiralation වැඩසටහන මගින්  පහසුකම් සැලසීමට හැකිවීම පිළිබද  අපි ආඩම්බර වෙමු." මෙම සමාරම්භය පිළිබඳව අදහස් දක්වමින් Fintech Digital Pvt Ltd හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී හිතේෂ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, "අපගේ සාර්ථකත්වයට සහ පැවැත්මට ICTA ආයතනය  විශාල වශයෙන්  සහාය විය. එනිසා අපට ආරම්භක පරිසර පද්ධති සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකි වී තිබේ. එමෙන්ම  ලොව පුරා වෙලඳපොලවල් රාශියක දොර විවරකර දීමට ද අපට හැකිවිය. "

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය නව්‍ය ව්‍යාපාරික ප්‍රජාව දිරිමත් කිරිම හා Spiralation  වැඩසටහන හා සම්බන්ද වීමට startups@icta.lk  හා සම්බන්ධ වන්න.

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • world gold price

ලෝක රන් මිල වැඩි වෙද්දී හෙට්ටි වීදියේ මිලත් ඉහළට

October, 7, 2022

මේ වන විට ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යමින් තිබෙන ප්‍රවණතාවයක් දක්නට ලැබේ.

අද (07) පෙරවරුවේ දැක්වුණු ආකාරයට ගෝලීය වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 1,710 මට්ටමට පැමිණ තිබුණි.

මීට සමගාමීව මෙරට රන් මිල ද ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

මේ වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 163,800 ක් ලෙසත් කැරට් 24 රන් පවුමක මිල රු. 177,000 ක ලෙසත් සටහන්ව ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Human Rights Council
  • IMF
  • sri lanka

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා IMF වැඩසටහනට බලපෑම් කරයි ද?

October, 6, 2022

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති නව යෝජනාවේ ඡන්ද විමසීම අද (06) සිදුකෙරිණි.

මෙරට වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුම් සේවීමේ දී ඊට මුල් වූ වර්තමාන හා හිටපු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ෂන සිදුකොට නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවත්, එහිදී ස්වාධීන අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවත් එහිදී යෝජනා කර තිබුණි.

මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ මෙම තීරණ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා බලපෑමක් එල්ලවන්නේ දැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ මෙම කරුණු දෙකෙහි සම්බන්ධයක් නොමැති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු කිසිම දෙයක් ඔවුන් (මානව හිමිකම් කොමිසම) සමඟ සන්නිවේදනය කරන්නේ නැති බව අපි දන්නවා.

එසේ බලපෑමට ලක්වන කිසිම කරුණක් ගැන මහ බැංකු බලධාරීන් දැනුවත් කර නැහැ.

එක්සත් ජාතීන්ගේ කවුන්සලය වෙනමම එකක්.

මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ක්‍රියාපටිපාටිය වෙනමම එකක්.

ඒ ගැන කිසිම සම්බන්ධයෙක් අපි දකින්නේ නැහැ.

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • Governor
  • sri lanka

බිස්නස් වැටෙන්නේ පොලී වැඩි නිසාද? මහ බැංකු අධිපතිගේ පිළිතුර මෙන්න

October, 6, 2022

මේ වන විට පවතින ඉහළ පොලී අනුපාතික නිසා සිය ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි බවට කර්මාන්තකරුවන් කරුණු දැක්වුව ද සැබෑ ලෙසම ඊට හේතු වී ඇත්තේ ඉහළ උද්ධමනයක් පැවතීම බවත්, ව්‍යාපාර ස්ථාවරව පවත්වාගෙන යාමට නම් උද්ධමනය පාලනය කළ යුතු බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (06) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් යම් යම් කරුණු දක්වලා තියෙනවා මේ පොලී අනුපාතය නිසා කරගෙන යන්න බැහැ කියලා. ඒක නිසා තමයි අපි කිව්වේ, විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ පිරිවැය බැලුවාම, ඒ ගොල්ලන්ගේ ණය ගෙවීමේ පිරිවැය 4%-5% ක් පමණ. වැඩිම වුණොත් 7%ක් 8%ක්. 95%ක්ම තියෙන්නේ අනෙකුත් අමුද්‍රව්‍යවලට, ප්‍රවාහන, වැටුප් ගෙවීම් යනාදියේ වැඩිවීම්. ඒ වැඩිවෙන්නේ උද්ධමනය නිසා.

සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් හිතාගෙන සිටිනවා නම්, පොලී වියදම දැන් තියෙන එකෙන් භාගයක් කළා කියලා, පොලිය නිසා වුණු වියදම ඉතුරු කර ගන්න පුළුවන්. අනෙක් 95% යන වියදම දෙගුණ වෙනවා. අපි අඩු කළොත් පොලී අනුපාතය උද්ධමනය 100% ක් වෙයි.  එතකොට පඩි වැඩිකරන්න වෙනවා ඒ ප්‍රමාණයෙන්, අමුද්‍රව්‍ය වියදම වැඩිවෙනවා, විනිමය අවප්‍රමාණය කරන්න වෙයි. අනෙකුත් 95%ක් වියදම් දෙගුණයක් වෙන්න පුළුවන්, උද්ධමනය පාලනය කළේ නැත්නම්.

උද්ධමනය පාලනය කිරීමෙන් අපි ඒගොල්ලන්ට කරන්නේ ලොකු උදව්වක්. පොලී අනුපාතය ඉහළ තබා ගැනීම තුළින්, උද්ධමනය පාලනය කිරීම තුළින් තමයි ඒ අයගේ 90% ක් පමණ අනෙක් වියදම් පාලනය කර ගන්න පුළුවන් වෙන්නේ.

ඒක නිසා තමයි වැදගත් දේ, පළවෙනි කාරණය සියලුම කර්මාන්තවලට, සියලුම සේවාවලට, සියලුම ව්‍යාපාරවලට, උද්ධමනය පාලනය කර ගැනීම. ඒක කරගන්න බැරිවුණු නිසා තමයි පහුගිය කාලේ, පොලී අනුපාතය ඕනෑවට වඩා අඩුවෙන් තියාගෙන හිටියානේ කාලයක්, මුදලුත් අච්චු ගැහුවානේ ඇතිවෙන්න පහුගිය කාලේ, ඒකේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ආයෙත් අඩුවෙන් තියාගන්න ඕනේ නම් ඒ ප්‍රතිඵලයම තමයි ලැබෙන්න පුළුවන්. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ පොලී අනුපාතය ඉහළ තබා ගන්නේ ඒ හැමෝගේම ව්‍යාපාර යම්කිසි ආකාරයක ස්ථාවරව පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙන්නේ උද්ධමනය පාලනය කළොත් පමණයි.

 

  • Ada Derana BIZ Sinhala
  • Hemas
  • Sonduru Diriyavanti
  • sri lanka

“සොඳුරු දිරියවන්ති’ කේශ පළඳනා පරිත්‍යාග කිරීමේ ජාතික ව්‍යාපෘතියට වසරක් සපිරෙයි

October, 6, 2022

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගී කාන්තාවන්ගේ ස්වාභාවික කේෂ පළඳනා අවශ්‍යතාවයන් සපුරාලමින් ඔවුන්ට දිරියක් වීම සඳහා දියත් කළ 'සොඳුරු දිරියවන්ති’ වැඩසටහනේ අති සාර්ථක වර්ෂ පූර්ණ සැමරුම පසු ගිය දා පවත්වන ලදි. මෙම වැඩසටහන හේමාස් මැනුෆැක්චරින් සමාගමෙහි ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ  ප්‍රමුඛතම හිසකෙස් සත්කාරක නිෂ්පාදනයක් වන කුමාරිකා, ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම බෙන්තොට හා  ගල්කිස්ස සිංහ සමාජ, ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාලය හා සෞඛ්‍යය අමාත්‍යාංශය යන සියලු පාර්ශවකරුවන්ගේ දායකත්වය සහ කැපවීම් මධ්‍යයේ 2021 ඔක්තොම්බර් 05වන දින ආරම්භ කෙරිණි. පිළිකා ප්‍රතිකාරකයක් ලෙස ලබා දෙන රසායන චිකිත්සාවන් නිසා හිසකෙස් අහිමි වූ කාන්තාවන් හට පිරිපුන් කෙස් කළඹක සිහිනය සැබෑ කරමින් ඔවුන් බල ගැන්වීම සඳහා ස්වභාවික කේෂ පළඳනා පරිත්‍යාග කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 80%කට රසායනික චිකිත්සාව අවශ්‍ය වන අතර, මෙහි අතුරු ඵලයක් ලෙස හිසකෙස් සම්පූර්ණයෙන් ම ගැලවී යාම සිදුවේ. මේ නිසා  බොහෝ කාන්තාවන් කායික, මානසික හා සමාජීය පීඩනයට පත් වේ.  දිනෙන් දින වර්ධනය වන කේශ පළඳනා ඉල්ලුම සපුරාලීම මෙන් ම, හිසකෙස් අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාවන් දුරු කරමින්,  ආත්ම විශ්වාසයෙන් යුතුව සමාජය සමඟ මුහු වීමට කාන්තාවන් දිරිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම සමාජ සත්කාරක ජාතික ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. 

හේමාස් මැනුෆැක්චරින් හි අලෙවි ප්‍රධානී, අස්මාරා මනන් මහත්මිය “ශ්‍රී ලංකාවේ කාන්තාවන් නිරන්තරයෙන් බල ගැන්වීම “කුමාරිකා" සන්නාමයේ ප්‍රධාන අරමුණක්. පිළිකා රෝගයෙන් පීඩා විඳින කාන්තාවන්ට ලබා දෙන ප්‍රතිකාර ක්‍රමවේදයන් හේතුවෙන් ඔවුන්ගේ හිසකෙස්  ගැලවී යාම ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බව අප අවබෝධ කර ගත්තා. මේ හේතුව නිසා ඔවුන්ට ඇති වන චිත්ත පීඩාවන් දුරු කරමින්, ශක්තිමත් මනසකින් සමාජය වෙත මුහුණ දීමේ හැකියාව ලබා දීම වෙනුවෙන් හේමාස් මැනුෆැක්චරින් සමාගමෙහි කුමාරිකා සන්නාමය, ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම, බෙන්තොට හා ගල්කිස්ස සිංහ සමාජ, ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාලය හා සෞඛ්‍යය අමාත්‍යාංශය සමඟ එක්ව  'සොඳුරු දිරියවන්ති’ සමාජ සත්කාරක ව්‍යාපෘතිය දියත් කළා. ඒ වගේ ම ඉදිරියේ දී මෙම වැඩසටහන දීපව්‍යප්තව ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කර තිබෙනවා." යනුවෙන් මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්විය.

ඉන්දිරා පිළිකා භාරයේ සභාපති, වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක "පිළිකා රෝගීන් දිනෙන් දින ඉහළ යමින් සිටින අතර ඔවුන් කායික හා මානසිකව ද පීඩා විඳීම කණගාටුදායක කරුණක්. කීමෝ ප්‍රතිකාර නිසා හිසකෙස් අහිමි වීම තුළින් කාන්තාවන් තව දුරටත් අභියෝගයන්ට මුහුණ දෙන අයුරු අපි දුටුවා. මෙවන් තත්වයක් මත අනෙක් පාර්ශව සමඟ එක් වෙමින් ක්‍රියාත්මක කළ මෙම ජාතික වැඩපිළිවෙළ ඉදිරියටත් සිදු කිරීමට අපි බැඳී සිටිනවා සහ සියලු පාර්ශවයන් හට ස්තූතිවන්ත වනවා" යනුවෙන් සඳහන් කළාය.

අලුත්ගම බෙන්තොට, සිංහ සමාජයේ හිටපු දිස්ත්‍රික් සිංහාධිපතිනි, සිංහ චාන්දනී විතාන මහත්මිය "මීට වසරකට පෙර කුමාරිකා සහ ඉන්දිරා පිළිකා භාරය සමඟ මෙම ජාතික වැඩසටහනෙහි පාර්ශවකරුවෙකු වීමට සිංහ සාමාජිකයින් හැටියට අපට  හැකි වුණා. එදා සිට අද දක්වා ශ්‍රී ලංකාවේ පිළිකාවෙන් පෙළෙන කාන්තාවන් දිරි ගන්වමින් ඔවුන්ගේ සුබසෙත උදෙසා කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව අපි ඉතා සතුටට පත් වෙනවා. අපගේ අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව කාලීනව වටිනාකමක් ඇති මෙම වැඩසටහන අඛණ්ඩව  ඉදිරියට ගෙන යෑමට අපි අපේක්ෂා කරනවා" යනුවෙන් අදහස් දැක්විය.

මෙම වැඩසටහන මඟින් හඳුනාගත් පිළිකා රෝගී තත්වයන් මත හිසකෙස් අහිමි වූ කාන්තාවන් හට ස්වභාවික කේෂ පළඳනා සමඟ කුමාරිකා Care Pack 2,000කට අධික ප්‍රමාණයක් ගෙවුණු වසර තුළ පරිත්‍යාග කිරීමට  සොඳුරු දිරියවන්ති ව්‍යාපෘතිය සමත් වී ඇත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ශික්ෂණ රෝහල, මහරගම අපේක්ෂා රෝහල, අනුරාධපුර, මහනුවර, බදුල්ල, කරාපිටිය, තෙලිප්පලයි, රත්නපුර, මඩකලපුව කුරුණෑගල යන මහ රෝහල්, ශික්ෂණ රෝහල් සහ පළාත් මහ රෝහල් වෙත අදියර කිහිපයක් ඔස්සේ මෙසේ කුමාරිකා Care Packs පරිත්‍යාග කිරීම  සිදු කර ඇත.

  • Ada Derana BIZ Sinhala
  • overseas sector
  • Positive growth
  • sri lanka

විදේශීය අංශයේ ධනාත්මක වර්ධනයක්

October, 6, 2022

අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබිඹු කරමින් මෙන්ම අපනයන ඉපැයීම් ඉහළ යෑම හේතුවෙන් 2021 වසරේ අනුරූප කාලයට සාපේක්ෂව 2022 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වන මාස අට තුළ වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස අඩු විය.

විදේශ සේවා නියුක්තිකයන්ගේ මාසික ප්‍රේෂණවල වර්ධනයක් මෑතකදී දක්නට ලැබුණ අතර ඉදිරි කාලයේදී සංචාරක ක්ෂේත්‍රය යතා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අපනයන ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලෙස ලැබෙන විදේශ විනිමය ලැබීම් ඉහළ යෑම හේතුවෙන් දේශීය බැංකු පද්ධතියෙහි විදේශ විනිමය ද්‍රවශීලතාව යම් වර්ධනයක් වාර්තා කළේය. විදේශ විනිමය වෙළඳපොළ තුළ පවතින පීඩන මධ්‍යයේ වුවද විදේශ විනිමය ද්‍රවශීලතා තත්ත්වයන්හි එවැනි වැඩිදියුණු වීම් මගින් ඉදිරි කාලය තුළ ඉන්ධන, ගල් අඟුරු සහ අනෙකුත් වෙළඳ භාණ්ඩ ඇතුළු අත්‍යවශ්‍ය ආනයන අඛණ්ඩව සැපයීම සඳහා පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ.

මේ අතර අන්තර් බැංකු එතැන් වෙළඳපොළේ සිදු වූ සාපේක්ෂ අඩු ගනුදෙනු ප්‍රමාණය හේතුවෙන් 2022 සැප්තැම්බර් මස මැද සිට බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය නොවෙනස්ව පවතී. 2022 සැප්තැම්බර් මස අවසන් වන විට‌ දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 1.8ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, භාවිතා කිරීමේ කොන්දේසි වලට යටත්ව චීන මහජන බැංකුවෙන් ලබා ගත් එ. ජ. ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම ද මෙයට ඇතුළත් වේ.

විස්තීර්ණ ණය පහසුකම් වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා බලධාරීන්, මූල්‍ය හා නීති උපදේශකයින්ගේ සහාය ඇතිව රටේ බාහිර ණය හිමියන් සමඟ සාකච්ඡා කඩිනම් කරමින් සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2022 අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

  • Ada Derana BIZ Sinhala
  • Asia Siyaka Commodities PLC
  • record Price
  • sri lanka

තේ අලෙවියේ නව වාර්තාවක්

October, 6, 2022

2022 ඔක්තෝම්බර් මස 04 වෙනි දින කොළඹ තේ වෙන්දේසියේදි, ඒෂීයා සිියක කොමොඩිටීස් පී එල් සී සමාගම (Asia Siyaka Commodities PLC.) නව වාර්තාවක් පිහිට විය.

දේශබන්දු අරුණ ද සිල්වා මහතාට අයත් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පිටිගල ප‍්‍රදේශයේ පිහිටා ඇති බ්‍රොම්බිල් (Brombil) තේ කර්මාන්තශාලාවෙහි නිපදවා බ්‍රොම්බිල් (Brombil) වෙළඳ නාමය යටතේ කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ "බී ඕ පී එෆ්" (BOPF ) වර්ගයේ තේ කිලෝවක් ප‍්‍රකට තේ ගැණුම්කරුවකු වන ජැෆර්ජි බ‍්‍රදර්ස් (Jafferjee Brothers.) සමාගමට රු. 3,300.00 අලෙවි කරමින් මෙම නව වාර්ථාව පිහිට විය. මෙයට ප‍්‍රථම පහත රට "බී ඕ පී එෆ්” (BOPF ) වර්ගයේ තේ කිලෝවක් සඳහා පැවති උපරිම මිල රු. 2,950.00 කි. මෙම තේ කර්මාන්තශාලවේ කළමනාකාර අධ්‍යක්‍ෂක ලෙස ආචාර්්‍්‍ය ඉන්දික නල්ලපෙරුම මහතා කටයුතු කරන අතර, සෙනාල් ද සිල්වා මහතාද එහි අධ්‍යක්‍ෂකවරයකු ලෙස කටයුතු කරයි.

  • Ada Derana BIZ Sinhala
  • August
  • dollar
  • sri lanka

අගෝස්තු මාසයේ දී ඩොලර් ආ ගිය හැටි

October, 6, 2022

2022 වසරේ අගෝස්තු මාසයේ දී ආනයන වියදම්, 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා වුවද, අඛණ්ඩව සයවන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය හමුවේ අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමුඛතාවය ලබා දීමේ අවශ්‍යතාවය සලකා බලමින්, රජය විසින් 2022 වසරේ අගෝස්තු මාසයේ දී හදිසි නොවන ආනයන සීමා කිරීමේ ක්‍රියාමාර්ග දැඩි කළ ද, 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී එම සීමා තරමක් දුරට ලිහිල් කරන ලදී. මේ අතර, 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිරීක්ෂණය කරන ලද වර්ධන ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් අපනයන ඉපැයීම් 2022 වසරේ අගෝස්තු මාසයේ දී ඉහළ ගියේය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2022 වසරේ අගෝස්තු මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස පහළ යෑමක් වාර්තා කළේය. 2022 වසරේ ජූලි මාසයට සාපේක්ෂව, 2022 වසරේ අගෝස්තු මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ ගියේය. සංචාරක ඉපැයීම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසදීමේ දී 2022 වසරේ අගෝස්තු මාසයේ දී වැඩිවීමක් වාර්තා කළේය.

2022 වසරේ අගෝස්තු මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළ අතර, කොළඹ කොටස් වෙළඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා විය. ද්‍රවශීලි දළ නිල සංචිත මට්ටම අඩු වුව ද, අත්‍යවශ්‍ය ආනයන මූල්‍යකරණය සඳහා මහ බැංකුව විදේශ විනිමය ද්‍රවශීලතාව අඛණ්ඩව ලබා දුන්නේය. මේ අතර, අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එ.ජ. ඩොලරයට රුපියල් 361ක මට්ටමක පැවතුණි.