• Ada Derana BIZ Sinhala
  • CB
  • interest rates
  • policy
  • sri lanka

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි – මහ බැංකුව

October, 6, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2022 ඔක්තෝබර් 05 ) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව  පවතී.

  • Ada Derana BIZ Sinhala
  • COPA
  • sri lanka

COPA සභාපති කබීර් හෂීම්

October, 5, 2022

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නිතරඟයෙන් අද (05) තේරීපත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා විසින් ඒ මහතාගේ නම කාරක සභාවේ සභාපතිවරයා ලෙස යෝජනා කරන ලද අතර එය ස්ථිර කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝශන් පෙරේරා මහතා විසිනි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කළේ මෙම කාරක සභාවේ හිටපු සභාපතිවරුන්ගේ සහ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගෙන කාරක සභාවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටුකිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, (ආචාර්ය)  සුරේන් රාගවන්, විමලවීර දිසානායක, ඩයනා ගමගේ, කාදර් මස්ථාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී. දිසානායක, (ආචාර්ය) සරත් වීරසේකර, නිරෝෂන් පෙරේරා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අශෝක අබේසිංහ, බුද්ධික පතිරණ, ජයන්ත සමරවීර, හේෂා විතානගේ, ඉසුරු දොඩන්ගොඩ, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උදුගොඩ, වසන්ත යාපාබණ්ඩාර, ශානක්කියන් රාසමානික්කම්, සහන් ප්‍රදීප්, ඩී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, (මහාචාර්ය) චරිත හේරත් සහ (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

  • Ada Derana BIZ Sinhala
  • special interest
  • sri lanka

විශේෂ පොලියක් දුන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ක්‍රමය අහෝසියි

October, 5, 2022

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලියක් ලබා දෙමින් හඳුන්වා දී තිබූ ස්ථාවර තැන්පත් ගිණුම් ක්‍රමය අහෝසි කිරීමට තීරණය වී තිබේ.

මෙම යෝජනා ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර ඇත.

මේ අනුව 2022 ඔක්තෝබර් 01 දින සිට විශේෂ පොලියක් ලබා දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීම හෝ අලුත් කිරීම (renewing) නවතා දැමෙනු ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සියලුම බලපත්‍රලාභී වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.

විශේෂ පොලියක් ලබා දෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ගිණුම් ක්‍රමය හඳුන්වා දීමේ දී නියම කළ පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයන් මේ වන විට වෙළෙඳපොළ තුළ තීරණය වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

  • Ada Derana BIZ Sinhala
  • Roshan Mahanama
  • sri lanka

රොෂාන් මහානාම භාරය එළිදකී

October, 5, 2022

ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය තරුවක් මෙන්ම මානව හිතවාදියෙකු ලෙස විශාල කීර්තියක් දිනා සිටින රොෂාන් මහානාම මහතා පසුගියදා රොෂාන් මහානාම භාරය නිල වශයෙන් දියත් කළේ ය. රටේ අඩු වරප්‍රසාදලාභී දරුවන්ගේ යහපත උදාකර දීම සඳහා විවිධ පාර්ශ්වයන් සමග එක්ව කටයුතු කළ හැකි වේදිකාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වී ඇත. පුණ්‍ය භාරයක් ලෙස ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි කර ඇති රොෂාන් මහානාම භාරය නිල වශයෙන් මෙරට ජනතාවට හඳුන්වා දීමේ උත්සවය, ‘Spreading Humanity Beyond Boundaries’ යන තේමාපාඨය යටතේ 2022 ඔක්තෝබර් 04 දින කොළඹදී පැවැත්විණි.

මෙම භාරයේ ප්‍රධාන තේමාව වන ‘We Promise’ යන්න, මෙරට දරුවන්ගේ යහපත වෙනුවෙන් කැපවීම උදෙසා රොෂාන් මහානාම මහතා විසින්ම ලබාදෙන ලද ප්‍රතිඥාවකි. දරිද්‍රතාවෙන් පෙළෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී ජීවිතයක් සහ තම අනාගතය කැමති පරිදි හැඩගස්වා ගැනීමට අවස්ථාව ලැබෙන සුරක්ෂිත පරිසරයක් හිමි විය යුතු බව ඒ මහතා දැඩි ලෙස විශ්වාස කරයි.

“දශක ගණනාවක් තිස්සේ විවිධ සමාජ සුභසාධන සහ පුණ්‍ය කටයුතුවල නියැළී සිටින අයෙකු ලෙස, පිළිසරණක් අවශ්‍ය පුද්ගලයන්, විශේෂයෙන් දරුවන් වෙනුවෙන් මගේ උපරිමය කිරීමට මා කිසි විටෙකත් පසුබට වන්නේ නැහැ. අද දවසේ දරුවන් හෙට දවසේ වැඩිහිටියන් මෙන්ම පුරවැසියන් බවට පත්වෙනවා. ඔවුන් යහපත් සිතිවිලි සහිත පුද්ගලයන් බවට පත්කිරීම සඳහා පාසල් අධ්‍යාපනය ඇතුළු අනෙකුත් සාධක සපුරාලීම අත්‍යවශ්‍යයි. මේ අලුත් ගමන ආරම්භ කරන මොහොතේ, අපගේ අනාගත පරම්පරාවට වඩාත් යහපත් අනාගතයක් උදාකර දීම සඳහා මා සමග එක්වන මෙන් මා සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා.” රොෂාන් මහානාම මහතා පැවසී ය.

අවංකභාවය, විශ්වාසනීයත්වය විනය, පක්ෂපාතීත්වය සහ මිත්‍රත්වය යන සාරධර්ම මත පදනම් වී ඇති රොෂාන් මහානාම භාරය ප්‍රධාන ඉලක්ක කිහිපයක් මුල්කරගෙන ක්‍රියාත්මක වේ. ශිෂ්‍යත්ව පිරිනැමීම, අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් සහ යටිතල පහසුකම් නැංවීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම, විවිධ අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම සහ කුසලතා සංවර්ධනය ඔස්සේ තරුණ තරුණියන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, අත්වැලක් අවශ්‍ය දරුවන්ට එම අත්වැල ලබාදීම, බරපතළ රෝගාබාධ වළක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකිරීම, ස්වාභාවික හෝ මිනිසුන් විසින් ඇතිකරනු ලබන ආපදා වලදී සහනයක් වෙමින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, දරිද්‍රතාව, ආබාධ, ජාතිය, ආගම, සහ ස්ත්‍රී පුරුෂ භාවය වැනි සාධක නිසා කොන්වීමට ලක් වී සිටින සියලුම පුරවැසියන් යළි සමාජගත කිරීම, සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවම කිරීම ආදිය මීට අයත් ය.

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පමණක් නොව ඕනෑම ක්‍රීඩා ක්ෂේත්‍රයක සුප්‍රකට ක්‍රීඩකයෙකු තමන්ගේම පුණ්‍ය භාර අරමුදලක් පිහිටවූ ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ අතින් රොෂාන් මහානාම මහතා ජනප්‍රිය පුද්ගලයන් සමාජ සත්කාර වල නියැළීම සම්බන්ධයෙන් තවත් ආදර්ශයක් ලබා දී තිබෙනවා. දරුවන්ගේ හැකියාවන් අවදි කර ඔවුන්ගේ යහපත උදාකර දී ඒ ඔස්සේ රට පෙරට රැගෙන යාම සඳහා කැපවුණු මෙවැනි උදාර මෙහෙවරකට දායක වීමට ලැබීම මට මහත් සතුටක් සහ ආඩම්බරයක්.” රොෂාන් මහානාම භාරයේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය පැවසුවා ය.

රට තුළ සාධනීය වෙනසක් ඇති කිරීම සඳහා රොෂාන් මහානාම භාරය 'අධ්‍යාපනය හා වර්ධනය, සෞඛ්‍යය හා යහපැවැත්ම, සහ සුරක්ෂිත පරිසරයක්' වැනි ප්‍රධාන අංශ කිහිපයක් හඳුනාගෙන ඇති අතර, එම අංශ වලට අදාළව තිරසාර වෙනස්කම් ඇතිකිරීම සඳහා විවිධ පාර්ශ්වකරුවන් සමඟ අත්වැල් බැඳගැනීමට අපේක්ෂා කරයි. ඉදිරියේදී මෙම භාරය හේමාස් අවුට්රීච් පදනමේ පියවර පෙරපාසල් වැඩසටහන, SOS ළමා ගම්මාන වැඩසටහන, රොෂාන් විජේරාම පවුල් භාරය, ඉන්දිරා පිළිකා භාර අරමුදල, සුව අරණ, ‘Community Meal Share’ භාරය, ආයති භාරය, Sri Lanka College of Pediatricians (Feed a Child සහ ළමා පියස වැනි වැඩසටහන්) යනාදී පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කරනු ඇත.

රොෂාන් මහානාම භාරය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයේදී එම භාරයේ ලාංඡනයද එළිදක්වන ලදි. ලොවටම ආදරය පිරිනමමින්, ක්‍රිකට් ක්‍රීඩාවේ සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත්කිරීම අරමුණු කරගත් රොෂාන් මහානාම මහතාගේ ආකල්ප නියෝජනය වන පරිදි මෙම ලාංඡනය නිර්මාණය කර තිබේ.

රොෂාන් මහානාම භාරයේ භාරකරුවන්

ඉදිරිපෙළ වමේ සිට: ජීවා මහානාම, රේණුකා සේනාධීර

පසුපෙළ වමේ සිට: මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, රොෂාන් මහානාම (සභාපති), අශාන් පීරිස්

රොෂාන් මහානාම භාරයේ භාරකරුවන් සහ අධ්‍යක්ෂ

ඉදිරිපෙළ වමේ සිට: ජීවා මහානාම, රොෂාන් මහානාම (සභාපති)

පසුපෙළ වමේ සිට: මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, ශිරෝමි මාසකෝරාළ (මෙහෙයුම් අධ්‍යක්ෂිකා), රේණුකා සේනාධීර, අශාන් පීරිස්

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • Oba Venuwen Api
  • pregnant mothers
  • sri lanka

HNB ගැබිණි මව්වරුන් සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහන දියත් කෙරේ

October, 5, 2022

කුඩා දරුවන් අතර බහුලව දක්නට ඇති පෝෂණ ඌණතාවයක් වන මන්දපෝෂණයට එරෙහිව සටන් කරමින්, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගිකයා කේන්ද්‍රකොට ගත් බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස අත්‍යවශ්‍ය පෝෂණ වැඩසටහනක් පසුගියදා දියත් කළේය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දී මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගෙන පීඩාවට පත් ප‍්‍රජාවන් අතර සිටින ගැබිනි මව්වරුන්ට සහාය වීම මෙම කාලෝචිත මැදිහත් වීමේ අරමුණයි. දිවයින පුරා පිහිටි තෝරාගත් පාරිභෝගික ඒකක 56ක් වෙත ගැබිනි මව්වරුන් දහසක් කැඳවා බැංකුව මෙම වැඩසටහන උත්සවාකාරයෙන් දියත් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී, CHRO/CTO, එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවේ ”ඔබ වෙනුවෙන් අපි අරමුදල අප පිහිටුවනු ලැබුවේ කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම සඳහායි. මෙම අරමුදල සහ එහි අරමුණු වසර පුරාවට සෑම තරාතිරකම පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට සහ ඔවන්ට හැකි සෑම විටම සහයෝගය ලබා දීම සඳහා ක‍්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා. එනිසා විශේෂයෙන්ම දකුණු ආසියාවේ වයස අවුරුදු 5 ට අඩු ළමුන් අතර ඇති උග‍්‍ර මන්දපෝෂණ තත්වයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. මේ නිසා ගැබිණි මව්වරුන් වෙනුවෙන් මේ අවස්ථාවේදී කටයුතු කිරීම ඉතා වැදගත් බව අපි විශ්වාස කරනවා. මෙම මුලපිරීම මගින් සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහිවනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා,” යනුවෙනි.

සැප්තැම්බර් මාසයේ සිට අඛණ්ඩව මාස තුනක් සඳහා පෝෂණ මල්ලක් ලබා දිය යුතු ගැබිණි මව්වරුන් 1,000ක් තෝරා ගැනීමට බැංකුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල (MOH), ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සමඟ සුහදව කටයුතු කළේය.

තවද, සෞඛ්‍ය වෘත්තිකයන් සමඟ එක්ව ගර්භණී කාලයේදී කටයුතු කළ යුතු ආකාරය මෙන්ම අලූත උපන් බිළිඳෙකුගේ අවශ්‍යතාවන් පිළිබඳව සහභාගීවූවන් දැනුවත් කිරීම සඳහා සම්මන්ත‍්‍රණ ද සංවිධානය කර තිබුණි. එමෙන්ම අලූත උපන් තම දරුවා වෙනුවෙන් බැංකුව විසින් ලබාදෙන රුපියල් 1,000 ක තැන්පතුවක් සමඟ HNB සිඟිති කිරිකැටියෝ ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමට ද බැංකුව මෙහිදී ගැබිනි මව්වරුන් දිරිමත් කළේය.

මෑතකදී බැංකුව රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා අලූත උපන් බිළිඳුන් සහ ගැබිනි මවුවරුන්ට අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමෙන් සහාය දැක්වූයේය.

HNB හි තිරසාර පදනම මගින් මෙහෙයවනු ලබන ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහනට අරමුදල් සපයනු ලබන්නේ පසුගිය වසරේ වසංගතය ආරම්භයේදී සිය දිනක වැටුප ස්වේච්ඡාවෙන් ලබාදුන් HNB සේවකයින් විසිනි. මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ මුදල හා සමාන මුදලක් බැංකුවද පරිත්‍යාග කළ අතර එතැන් පටන් සෞඛ්‍ය සේවා නගා සිටුවීම අරමුණු කරගත් විවිධ ව්‍යාපෘති සඳහා එම අරමුදල් වෙන් කෙරිනි.

 

Image 01 - HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී, CHRO/CTO, එල්. චිරන්ති කුරේ මහත්මිය නිට්ටඹුවේ ගැබිනි මවකට පෝෂණ මල්ලක් ප‍්‍රදානය කරමින්.

Image 02 - HNB පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම මහතා බණ්ඩාරගම ගැබිනි මවකට පෝෂණ මල්ලක් ප‍්‍රදානය කරමින්.

Image 03 - මොණරාගල ගැබිණි මව්වරුන්ට පෝෂණ මලූ බෙදා දෙමින්

Image 04 - නුවරඑළිය ගැබිණි මව්වරුන්ට පෝෂණ මලූ බෙදා දෙමින්

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • Sysco LABS

Sysco LABS විසින් ‘Share a Meal, Share a Moment’ වැඩසටහනේ 5 වන අදියර සම්පූර්ණ කරයි

October, 5, 2022

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය හරහා 35,000කට වඩා වැඩි පිරිසක් පෝෂණය ලබා ඇත.

Sysco LABS Sri Lanka විසින් අඩු ආදායම් ලාභී හා වරප්‍රසාධ නොලත් ප්‍රජාවන්ගේ ආහාර සහ පෝෂණ අවශ්‍යතා සඳහා සහාය ලබා දෙමින් 'Share a Meal, Share a Moment' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන සිය ප්‍රමුඛ සමාජ සත්කාර වැඩසටහනෙහි 5 වන අදියර පසුගියදා අවසන් කරනු ලැබීය. එම අදියර ගාල්ල දිස්ත්‍රික්කයට අයත් බෙන්තර, බලපිටිය, අම්බලන්ගොඩ සහ කඩවත් සතර යන ප්‍රදේශයන්හිදී  ක්‍රියාත්මක වූ අතර එම ප්‍රදේශවල පවුල් සඳහා වියළි සලාක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් භාණ්ඩ ප්‍රදානය සිදු කෙරිණි.

අභියෝගාත්මක සමාජ ආර්ථික තත්ත්වයන් හේතුවෙන් වඩාත් පීඩාවට පත් වූ පුද්ගලයින් සඳහා ආහාර පාර්සල් සහ ආහාර මලු සපයමින් 'Share a Meal, Share a Moment' වැඩසටහන 2020 වසරේ දී ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන හරහා අද වන විට කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල 35,000 කට වැඩි පිරිසක් පෝෂණය ලබා ඇත. Sysco LABS විසින් මෙම වැඩසටහනෙහි ඉදිරියෙදී පවත්වනු ලබන අදියරවලදී අනෙකුත් ග්‍රාමීය දිස්ත්‍රික්කවල අඩු ආදායම් ලාභී හා වරප්‍රසාධ නොලත් ප්‍රජාවන් වෙත ළඟා වීමට අපේක්ෂාකර ඇත.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් Sysco LABS හි සහකාර අධ්‍යක්ෂ ගැවී පෙරේරා මෙසේ පැවසීය. '' Share a Meal, Share a Moment වැඩසටහන කියන්නේ අපේ හදවතට ඉතා සමීප ව්‍යාපෘතියක්. මෙය අඩු ආදායම් ලාභී හා වරප්‍රසාධ නොලත් ප්‍රජාවන්ට ඔවුන්ගේ කඩිනම් පෝෂණ අවශ්‍යතා සඳහා උපකාර කිරීම වෙනුවෙන් ආරම්භ කරපු ව්‍යාපෘතියක්. හඳුනාගත් ප්‍රජාවන් වෙත ආහාර ලබා දීම වෙනුවෙන් සමාගම සෑම මොහොතකම උපරිමයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම අප හා සම්බන්ධ විවිධ පාර්ශව විසින් ද මේ සඳහා උපරිම ආකාරයෙන් ඔවුන්ගේ පෞද්ගලික අරමුදල් පරිත්‍යාග කරනවා. මේ වසරේ දී පවතින විවිධ අභියෝගයන් හමුවේ වුවද, කොළඹින් පිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. එමෙන්ම ඉදිරියේදී රටේ අනෙකුත් දුෂ්කර ප්‍රදේශවල සිටින ප්‍රජාවන් වෙත ළඟා වීමට අප බලාපොරොත්තු වෙනවා.''

Sysco හි ගෝලීය ප්‍රජාවන් හරහා අවශ්‍යතා ඇති පිරිස් වෙත උපකාර කිරීම අරමුණු කරගත් 'Share a Meal Share a Moment' මුලපිරීම Sysco හි ‘200 million meals’ තිරසාර අරමුණ ඇතිව ක්‍රියාත්මක වේ.

Sysco හි ගෝලීය වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Sysco LABS හි අලෙවි අධ්‍යක්ෂිකා කුෂානි කල්පගේ මෙසේ පැවසුවාය. ''ලෝකයේ විශාලතම ආහාර සේවා සමාගමක නවෝත්පාදන මධ්‍යස්ථානය වශයෙන් ප්‍රජාවන් පෝෂණය කිරීමේ  කාර්යය අපගේ හද පතුලෙන්ම ඉටු කරන නිසා අප හට ඉදිරි පැවැත්මක් තිබෙනවා.ආහාර බෙදා ගැනීමට සහ එකිනෙකා  රැකබලා ගැනීම වෙනුවෙන් ලෝකය එක් කිරීමේ, අපගේ උදාර අරමුණ ඇතිව අවශ්‍යතා පවතින පවුල්වලට උපකාර කිරීම සඳහා අපි 'Share a Meal Share a Moment' වැඩසටහන ආරම්භ කළා. එය විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදෙන ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා අප සියලු දෙනාම දැඩි උනන්දුවකින් යුතුව සහ අපගේ අනෙකුත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිවලට සමගාමීව ක්‍රියාත්මක වන වැඩසටහනක්. අපගේ ප්‍රජාවන් රැකබලා ගැනීමට සහ ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා අපගේ සම්පත් තීව්‍ර කර ගැනීමට අපි කැපවී සිටිනවා.''

Sysco LABS හි 'Share a Meal Share a Moment' වැඩසටහනෙහි මුල් අදියරයන් පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට syscolabs.lk/csr වෙත පිවිසෙන්න.

 

  • Ada Derana BIZ Sinhala
  • Hummer
  • sri lanka

රාජසන්තක කළ Hummer රථයක් වෙන්දේසි කරද්දී ගෙන්වපු කෙනාටම දීලා – මුදල් රාජ්‍ය ඇමති වාර්තාවක් ඉල්ලයි

October, 5, 2022

නීති විරෝධී ලෙස ආනයනය කළ හමර් රථයක් ආනයනකරුට ම වෙන්දේසි කිරීම ගැන සතියක් ඇතුළත වාර්තාවක් කැඳවයි - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් (Hummer) වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරු පැවැති වෙන්දේසියක දී එය ආනයනය කළ පුද්ගලයාට ම ලබා දීම සහ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු දෙපාර්තමේන්තුවට නියෝග කරයි. අදාළ වාහනය තවත් වාහන තුනක් සමග මෙම වසරේ පෙබරවාරි මස 22 වැනි දා ශ්‍රී ලංකාවට ආයනයක කර තිබේ.

පසුව ඒවා රාජසන්තක කර ප්‍රසිද්ධ වෙන්දේසියේ දී විකුණා ඇති අතර එමගින් ශ්‍රී ලංකා රජයට කිසිදු අලාභයක් සිදුව නොමැත. එහෙත් එම වාහන අතර තිබූ හමර් වර්ගයේ රථයක් වෙන්දේසි කිරීමේදී අනුගමනය කර ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් නිශ්චිත පිළිතුරක් ලබා දීමට අපොහොසත් වූ බව අමාත්‍යවරයා පැවැසීය.

අදාළ වාහනයේ තක්සේරු මිල රුපියල් මිලියන 40ක් ලෙස සඳහන්ව තිබුණ ද එය දෙවැනි අවස්ථාවේ වෙන්දේසි වී ඇත්තේ රුපියල් මිලියන 27.5කට ය. එනම් තක්සේරු වටිනාකමින් 33.75%ක අඩු මිලක් යටතේ ය. නමුත් රේගු අඥා පනත යටතේ ටෙන්ඩර් මණ්ඩලයකට බලය ඇත්තේ තක්සේරු වටිනාකිමින් 10%ක් නොඉක්ම වූ අඩු මිලක් යටතේ වෙන්දේසි කිරීමට පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති මෙවැනි අවස්ථාවක රජයට අය විය යුතු මුදල් අය නොවීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඡායාරූපය - අන්තර්ජාලෙයන් උපුටා ගන්නා ලද Hummer වර්ගයේ රථයක ඡායාරූපයකි.

  • Ada Derana BIZ Sinhala
  • Multifunctional Cultural Center
  • Royal Thai Embassy Building
  • Siam Nivasa
  • sri lanka

බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් වූ පැරණි රාජකීය තායි තානාපති කාර්යාලය

October, 5, 2022

මීට පෙර කොළඹ රාජකීය තායිලන්ත තානාපති කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල තායි තානාපති කාර්යාලය විසින්ම "සියම් නිවාස" නමින් බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත. සියම් නිවාස - හෝ තායි භාෂාවෙන් 'සියම් නිවාස්' යන්නෙන් අදහස් වන්නේ තායි ජනයාගේ නිවහනයි: නිවාස් යනු සංස්කෘත-මුල් වචනයේ තේරුම ගෙදර, නිවස, ගෘහය යන්නයි.  සියම් යනු තායි හෝ තායිලන්තය සඳහා පැරණි නමයි. මෙම ඉඩම සහ ගොඩනැගිල්ල 1980 ගණන්වල තායි රජය විසින් මිලදී ගෙන ඇති අතර, එතැන් සිට එය තායි තානාපති කාර්යාලය ලෙස භාවිතා කර ඇත. පසුව, දේශපාලන වාතාවරණය සහ ආරක්ෂක ගැටළු හේතුවෙන්, කොළඹ නගරාධිපතිනි රෝසි මහත්මියගේ නිවසට යාබද ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ වර්තමාන ස්ථානයේ පිහිට වූ අතර ඊට පෙරත් කිහිප වාරයක්ම තානාපති කාර්යාලයේ ස්ථාන මාරු කිරීමට සිදු විී ඇත. වර්තමානයේ තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු කරමින් පවතින අතර  මෙමඟින් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති ඓතිහාසික මිත්‍රශීලී සබඳතාව ශක්තිමත් වේ.  එමෙන්ම දෙරට අතර සම්බන්ධය ශක්තිමත් කිරීමේ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා තෝතැන්නක් වනු ඇත.

2022 සැප්තැම්බර් 26 වන දින සියම් නිවස විවෘත කිරීම සනිටුහන් කරමින් විශේෂ සමාරම්භක උත්සවයක් පවත්වන ලදී. මෙම අවස්ථාවට හූන්-ක්‍රා-බෝර්ක් හෙවත් සම්ප්‍රදායික තායි රූකඩ සංදර්ශනයක්, සාම්ප්‍රදායික තායි සංගීත ප්‍රසංගයක් සහ තායි රූකඩ කලාවේ වැඩමුළුවක්ද ඇතුළත් විය. මීට අමතරව, වැඩමුළුව අවසානයේ සාම්ප්‍රදායික තායි ආහාර සහ අතුරුපස භුක්ති විඳීමටද  සහභාගිවන්නන්ට අවස්ථාව හිමි විය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රාජකීය තායිලන්ත තානාපති ගරු පොජ් හාන්පොල් මහතා පැවසුවේ, 1955 සිට ශ්‍රී ලංකාව සමඟ පැවති සුවිශේෂී මිත්‍රශීලී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා භුක්ති විඳිමින්, ශතවර්ෂ ගණනාවක බෞද්ධ සබඳතාද පැවත්වූ බවයි. එමෙන්ම ඔහු පැවසුවේ ශ්‍රී ලංකා - තායිලන්ත සබඳතාවට නව මුහුණුවරක් එක් කළ මෙම සියම් නිවාස බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමට ලැබීම පිළිබඳ ඔහු ආඩම්බර වන බවයි. මෙය ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට සහ තායි ජාතිකයින්ට සංස්කෘතික අවස්ථාවන් සඳහා ක්‍රියාකාරී ස්ථානයක් සපයන අතරම, දෙරට අතර සුහද මිත්‍රත්වය වැඩිදියුණු කිරීමට කැපවූ අවකාශයක් වන බවත් සමාරම්භක උත්සවයට සහභාගී වූ සියලුම දෙනාට, විශේෂයෙන් ආසියාන් තානාපතිවරුන්ට සහ දූත මණ්ඩල ප්‍රධානීන්ට, ඔවුන්ගේ ගෞරවනීය පැමිණීම වෙනුවෙන් ඔහු ස්තූතිය පළ කළේය.  එමෙන්ම ඔවුන් තායි සංස්කෘතිය පිළිබඳව ලොව පුරා දැනුවත් කිරීම් අඛණ්ඩව සිදු කරන බැවින්, ශ්‍රී ලංකාව සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට ඔහු බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.

රාජකීය තායිලන්ත තානාපති කාර්යාලයේ සියම් නිවාස බහුකාර්ය සංස්කෘතික ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රටවල මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ප්‍රභූන් රැසක් සහභාගී වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සහ තායි-ශ්‍රී ලංකා මිත්‍රත්වය ප්‍රදර්ශනය කරමින් හූන්-ක්‍රා-බෝර්ක් තායි රූකඩ සංදර්ශනයේ විශේෂ සංදර්ශනයක් සහ තායි සංගීත සංදර්ශනයක් ද සැප්තැම්බර් 27 වන දින කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාවේ ටවුන් හෝල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

  • Ada Derana BIZ Sinhala
  • Ritzbury
  • Rugby Carnival
  • sri lanka

රිට්ස්බරි අනුග්‍රාහකත්වයෙන් ‘ සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය’ සාර්ථකව නිමාවට පත් වේ

October, 5, 2022

ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ 'රිස්ට්බරි' අනුග්‍රහකත්වයෙන් පවත්වනු ලැබූ 2022 රිට්ස්බරි ‘සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය' (‘Ritzbury Super 16 Junior Rugby Carnival 2022’) මෙවරත් සාර්ථකව නිමාවට පත් විය. මෙවර 12 වන වරටත් සංවිධානය වූ මෙම තරගාවලිය සඳහා රිට්ස්බරි අනුග්‍රහකත්වය හිමිවුයේ අඛණ්ඩව දෙවැනි වරට යි. නිරන්තරයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතියට උරදෙන දේශීය සන්නාමයක් වශයෙන් සිලෝන් බිස්කට් සමාගමේ කැපවීම මෙම අනුග්‍රාහකත්වය හරහා තව දුරටත් පිළිබිඹු කරයි.

මෙවර තරගාවලියට වයස අවරුදු 10 න් පහළ සහ 12 න් පහළ කාණ්ඩ යටතේ පාසල් 23 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 112 ක් සහභාගී විය. තරගාවලිය වට 4කින් සමන්විත වූ අතර එය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී පවත්වන ලදී.

අනාගත පරපුරේ රග්බි ක්‍රීඩකයන්ට විනෝදාත්මක හා තරගකාරී පසුබිමක් තුළ තම කුසලතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබාදීම මෙම තරගාවලියේ ප්‍රධානතම අරමුණ විය. උද්‍යෝගයෙන් යුතුව ක්‍රීඩා කිරීමට සියලු දෙනා දිරිගැන්වීම සහ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීම උදෙසා තරගාවලියේ ශූරතාව දිනූ කණ්ඩායමක් නම් නොකරන ලදී.

CBL Foods International සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ “මෙය අනාගත පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම සඳහා අප ගන්නා උත්සාහයේ තවත් එක් පියවරකි. රිට්ස්බරි කවදත් රටේ යොවුන් දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් දියුණු කිරීමට කැපවී ක්‍රියා කරනවා.එබැවින්, නැවත වරක් සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළියට සත්කාරක දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබද අප බෙහෙවින් සතුටට පත් වනවා. මෙවරත්, තරගාවලිය තුළදී සියලු කණ්ඩායම් තම උපරිම දක්ෂතාවන් ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරගාවලියේ සංවිධායක කමිටුවේ ලේකම් ෂහිඩ් සංගානි මහතා පැවසුවේ, “දෙවැනි වරටත් මෙලෙස රිට්ස්බරි සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් ශක්තියක්. මේ හවුල්කාරීත්වය මෙරට රග්බි ක්‍රීඩාවේ නියුතු ළමා පරපුරේ කුසලතා තවදුරටත් නංවාලීමට හේතු වනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ වසරේදී පාසල් 23 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 112 ක් මෙම තරගාවලියට එක්වී සිටියා. ඒ නිසා මෙය අතිශයින් සාර්ථක බව කියන්නට පුළුවන්," යනුවෙනි.

රග්බි ක්‍රීඩාවට අමතරව රිට්ස්බරි තවත් ක්‍රීඩාවන් රැසකට අනුග්‍රාහක දායකත්වය ලබා දී ඇත. රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලිය, විදුදය රිට්ස්බරි පිහිනුම් ක්‍රීඩා තරගාවලිය, රිට්ස්බරි කනිෂ්ඨ ජාතික ස්ක්වොෂ් ශූරතාවලිය සහ SLTA Tennis Tens All Island School Kids Tennis Play Day වැඩසටහන ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

CBL Foods International සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා 2022 රිට්ස්බරි පවර් සුපර් 16 රග්බි තරගාවලියේ අනුග්‍රාහකත්වය නිල වශයෙන් එම තරගාවලියේ සභාපති සුම්මා නවරත්නම් මහතා වෙත භාරදුන් අවස්ථාව. (වමේ සිට) CBL Foods International සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ප්‍රසම්පාදන) අසේල හේරත්, තරගාවලියේ සංවිධායක කමිටුවේ ලේකම් ෂහිඩ් සංගානි, රිට්ස්බරි කාණ්ඩ කළමනාකරු අරුණ ලියනපතිරණ සහ ප්‍රවර්ධන සහ ප්‍රචාරණ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පංචමය රත්නායක යන මහත්වරුද ඡායාරූපයෙහි වෙති.

  • Ada Derana BIZ Sinhala
  • SLT-MOBITEL
  • sri lanka
  • World Children's Day

විනෝදයෙන්  සහ දැනුමෙන්  සපිරි ක්‍රියාකාරකම් රාශියක් සමඟින් SLT-MOBITEL ලෝක ළමා දිනය සමරයි

October, 5, 2022

SLT-MOBITEL විසින් ලෝක ළමා දිනය සැමරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ විනෝද වැඩසටහනක් පසුගියදා මෝදර මුතුවැල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට මෝදර සහ ඒ අවට ප්‍රදේශවල ළමුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී විය.

මෙහිදී, චිත්‍ර තරඟ, e- Sports, මැජික් සන්දර්ශන, නාට්‍ය සහ අධ්‍යාපනික වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම්වල නිරත වීමට දරුවන්ට අවස්ථාව උදා විය. තව ද, SLT-MOBITEL eChannelling සේවාව හරහා වැඩිහිටියන් සඳහා නොමිලේ වෛද්‍ය පරීක්‍ෂණ පහසුකම් සැපයීමට ද සමාගම කටයුතු කරන ලදී.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන, SLT-MOBITEL අනාගත පරපුර තුළ යහපත් පුරුදු ඇති කිරීමට මෙන්ම ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කරමින් ඔවුන් ජාතියට සම්පතක් බවට පත් කිරීමට කැපවී සිටී.